30 C
Colombo
Sunday, May 28, 2023
spot_img

Subscribe

Date:

Share:

අමල්බිසෝ

Related Articles

රාත්‍රිය තුරුළු කරගෙන
හාල් සිල්ලර ද අරගෙන
අඩියට දෙකට පැනගෙන
වැඩ ඇරී ආමි දුවගෙන

ඔෆිස් ගිය ඇඳුම ගුලිකර
ගලවා දොරට විසිකර
අරිමි ෆ්‍රිජ් එකේ ලෙන් දොර
ප්ලේන්ටියකට දිය ලිපට කර

දහවලට බොජුන් සැකසුන
හැලි වළං කට ඇරගෙන
පොඩි එකාත් ‘ජෝ’ අරගෙන
කාපු බීපුවා දාලා තැන තැන

පොඩි දේකට වුව පරල වෙමි
කපමි – කොටමි – තම්බමි
දුම්මල වරම අරගමි
රෑ අඩුක්කුව තනිව සකසමි

අමල්බිසෝ දොර ඇරියේ විනාසෙට
දීගෙක ආවෙ මං නුඹෙ බෝසත්කමට
ලේන කුලේ සිට එක මඟ ආවාට
මතු ජාතියේ දුක ජයගමු තනිව සිට

Pushpalal Perera
Pushpalal Perera
B.A. University of Peradeniya. Diploma in Teaching, Siyane college of Education. Teacher at St. Johns National School, Panadura, Sri Lanka. Writer.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles