

මේ මහා විශ්වයමයි මවන්නේ …
නිවා සනහන නෙක දසුන්..
මේ මහා විශ්වයමයි මවන්නේ
අසෙනි වැසි මැද සුලි සුලං…..
නෙත් පලා වැගිරුන කඳුලු බිදුවට
කෝ කොහෙද සිහිලැල් වදන්
ඔබ එදා දිගුකල දෑත මා වට
වේය අද පිසලන සුසුම්
තාම නැවතුන තැනම
ඉන්නෙමි වෙලා හදවත සුව හැඟුම්..
දොස් ..කියා පල නැත ඒ සරදමට
ඉරණමයි තෙත් කලෙ නුවන්
මා පතා උන් තැන
ඔබත් තනිවම විඳිනවා අද පෙම් රිදුම්
ආදරය මිස අන් කිසිත්
නැත ඉතිරි වූයේ අප නමින්…