27 C
Colombo
Monday, September 25, 2023
spot_img

Subscribe

Date:

Share:

අඳුරු තුසිතෙක

Related Articles

 
නෑඹුල්ම කටරොලු පියන් කෙවෙනි
සළෙලුන් ට අවනත වීම යෙහෙකී 
පෑව කෙළිදොල් මතින්  සැනසී
නිශාචර ඇම නුබයි ළදුනී……..


සම්භෝග ගින්නේ
හිම පැහෙන සීතේ
මනිමේකලා මිණි සැලුනේ
හසුන් මුකුලිත වෙලා පවනේ ….


අනුරාගයේ  හෝරා….
සදකැන් හොරෙන් මිරිකා
දෙනෙතින් දෙනෙත්  සනහා
දොඩමළු වීය ද්වාර කිතිකැවිලා……


වීදියේ  සිළු අදුරු  තුසිතෙක
මොණර පිල් තුට්ටුවක් හැඩුවා
පාපි කුණුකය දොළදුකක් වී
ප්‍රභාතය කළු දුමෙන් වැසුනා …

Dewaka Pahalawatte
Dewaka Pahalawatte
BACHELOR OF FINE ARTS (BFA), University of visual Art & Performing Arts, Sri Lanka Writer, Director, Cinematographer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles