24.5 C
Colombo
Wednesday, June 18, 2025
spot_img

Subscribe

Date:

Share:

අච්චු කියන්නේත් පුනරුත් දෝෂයක්

Related Articles


“අච්චු අකුරු ඇහිඳීමත්
අච්චු කිරීමකි දෑහට”
අච්චු අකුරු හැමිනවූ
අච්චු සිතිවිලි වින්නඹූ පියා, සිය අත්දැකීම්
උක්ත උද්ධෘත කොමාතුල බහාලූවේ බෝම ඉස්සර

අච්චු ලැබූවෝ සිටින
ආංඩුවේ බෝඩිමට කිට්ටු ම
අච්චු කන්තෝරුවේ
ඩේ  ඇන්ඩ් නයිට්
නයිට් ඇන්ඩ් ඩේ

සාස්තරේ අල්ලාගෙන
සූත්තරේ දල්වාගෙන
අච්චු කෙටූ
අච්චු සිතිවිලි වින්නඹු පියා, මුද්රණද්වාරයෙන්
එළියට බැස්සේ
ටාගට් එකකට

ඉදින් ඒ දිග දුර
අච්චු මග ගෙවාගෙන
අච්චු කෙටූ
අච්චු සිතිවිලි වින්නඹු පියා
පහරුව කෙළින්කර එසෙව්වේ
යට ම පා පුවරුවේ හිටගෙන

ඩිජිටල් දිණුම් කණුව පහුකළේ
අච්චු කෙටූ වින්නඹු පියාගේ
අච්චු අකුරු නොවිඳවපු
ස්මාට් පොඩි පුතා ඉසුරුබර
වර්තමාන පහරුවාධිපතිගේ
ස්වයං වාචික උජාරුව
“අහස උසට,
නෑ
අහස පරයා ‘පහරුව’
වැදගත් ම දේ බිනර සැණකෙළිය
මීය කඩන්නේ අත නොලොවින්නට “
කාලත් අහිමි වුණ
අඥාත කත්රුකයෙක් කීය,
“ජයමඟුල් හබන් කුකුළන්ට ම බව,
ඒ විතරක් ද
පොළොවෙන් උඩගිය
පොළොව නාඳුනන
අහසින් වැස්සක්”

පහරුවාධිපතිගේ පුනරුච්චාරනය
“අච්චු කියන්නේත් පුනරුත් දෝෂයක්”

Sarathchandra Walpola
Writer, Director, Journalist

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles