27.2 C
Colombo
Monday, April 27, 2026
spot_img

Subscribe

Date:

Share:

තනි නොතනියට… හැමදාම නුඹ ළඟ..

Related Articles

සුවඳ තිබුනට පාට නැති එක

තමයි උන්දැගෙ කසු කුස 

උන්ගෙ ඇස්දෙක නැවතුනෙම

රතු කටු පිරුණු නටුවක් අඟ 

ආදරෙන් මා බලාගෙන උන්

එකිනෙකා නික්මෙන දින 

පිපුනෙ මං එහෙම දවසක 

පාළු සොහොනක හරි මැඳ 

මතකයේ පස් අහුරු ගෙන 

එක එකා වලදැමු නුබ ලඟ 

පිපුනෙ ඒකයි හැරිලා නොගිහින්

දාල යන්නම බැරි තැන

කටු දරාගෙන රතුත් නොවුනට තරහා නැති බව දන්නවා

උබේ සුවඳත් තුරුළු කරගෙන හෙටත් මෙතනම ඉන්නවා 

පරව වැටෙනා මලක හෙමිහිට නුබට රහසක් තියනවා 

සුදු පාට අරලියා මලකුත් ආදරේ සුව දන්නවා..

නදීෂා උඩකුඹුර

සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles