

සුවඳ තිබුනට පාට නැති එක
තමයි උන්දැගෙ කසු කුස
උන්ගෙ ඇස්දෙක නැවතුනෙම
රතු කටු පිරුණු නටුවක් අඟ
ආදරෙන් මා බලාගෙන උන්
එකිනෙකා නික්මෙන දින
පිපුනෙ මං එහෙම දවසක
පාළු සොහොනක හරි මැඳ
මතකයේ පස් අහුරු ගෙන
එක එකා වලදැමු නුබ ලඟ
පිපුනෙ ඒකයි හැරිලා නොගිහින්
දාල යන්නම බැරි තැන
කටු දරාගෙන රතුත් නොවුනට තරහා නැති බව දන්නවා
උබේ සුවඳත් තුරුළු කරගෙන හෙටත් මෙතනම ඉන්නවා
පරව වැටෙනා මලක හෙමිහිට නුබට රහසක් තියනවා
සුදු පාට අරලියා මලකුත් ආදරේ සුව දන්නවා..
නදීෂා උඩකුඹුර
සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය