

විදුලි බුබුලින් ඔපවත්
රඟහලකි මහා වෙස්ගත්
මතින් බමනා සිත්
දුටු අඩවන් දෙනෙත්
සින්ඩරෙල්ලා ඇයයි
අඟ හිඟකමින් පොහොසත්
බෝ දනන් පැමිණියත්
කළයුතුය සැම මන්මත්
සපත්තුව නොහැර අත්
දුව යන්න ඉගෙන ගත්
සින්ඩරෙල්ලා ඇයයි
රැඟුමින් දිවිය රැකගත්
දොළහේ කණිසම වැදුනත්
පෙණ බුබුළු මත රැඳී නෙත්
ආදරය දුන්නේ නැතිවත්
පලා යා ගත නොහැකි මුත්
සින්ඩරෙල්ලා ඇයයි
කඳුළු සඟවා ගත්
අසුන් බැඳී කරත්තත්
නොදුටු සිහිනෙන්වත්
කුමරෙක් සොයා නාවත්
කණකර සින්න කරගත්
සින්ඩරෙල්ලා ඇයයි
නොදුටු කැඩපතවත්
වංකගිරටත් එහා සතුටක්
සොයා ගන්නට නොවුනත්
අළු ගොඩේ කඳුළුත්
බෝ ඔච්චම් කරත්
සින්ඩරෙල්ලා ඇයයි
උරදරන මහ බරක් ………….