

හීන මල් නොපිපුණ
කළුවර උදෑසන ළග
ශිල්ප ගොළු වී ඇත
පිටු නැති පොත් අතර
අනුහස් සිඳුන දෙවියන්
කෙදිරි ගානා ඔත්පලව
කැණිමඩල පලාගෙන
පිපුනි මහ තල මල
ගිනි දළු උණුහුමට තැවෙනා
තාල නැති නැලවිලි ගීතයට
පද පේළි අමුණන්න
නිල් මොණරු මත දුවයි ඉදිකටුව
බොඳ නොකර නෙතු යුගල
කඳුළු ලේ වී රහසින්
පුරවමින් හදවතේ හිස්තැන්
මැෂිම ළඟ ඉකිබිඳියි
හරවමින් ජීවිතය