28.4 C
Colombo
Sunday, February 15, 2026
spot_img

Subscribe

Date:

Share:

කඳුළු

Related Articles

අම්බපලියේ
නුඹ හමුවුනා නම්
අසන්නට තිබුනා
අන් අයගේ
කය පිනවන
හිත සනසන
නුඹේ හිත හඬන හැටි
කිසිවෙකුත් නැති වෙලේ
වැටෙන කඳුලැලි වල
ලවන රසය
කෙතරම් කටුකදැයි
අභිසාරිකාවකගේ
සිතෙහි ඇති විලාපය
රළු සිරුරු පිරිමදින
නුඹේ සිනිදු අත්
වෙව්ලන අයුරු
තලි පේලි යන
සිරුරු මතින්
අඹු දරුවන් සමග
පැලක බතක
බිරිඳකගේ සුවය ඉල්ලා
හඬා වැටෙන
දෑස් වල කාන්තිය
ඇයි දැයි කියා

Previous article
Next article
Mallika Silva
Mallika Silva
Diploma in Education, Teacher Instructor at Zonel Education

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles