තනි සිතක අඳුර මැකු සිහින අප්සරාව
“...පිස්සුද සන්දේශ් අයියේ...මොන සිහියෙන්ද පාර පනින්නේ....”
නෙතුකි මා ලගට දුවගෙන ආවේ මහ හඩින් කෑ ගහගෙන.. පාර පනින්න යද්දී මාව මෝටර් සයිකලයක හැප්පෙන්න ගිහින්.. සිදුවීමටත් වඩා වටා පිටාවේ අයගෙ අවධානය යොමු වුනේ නෙතුකිගේ විලාපයට..
“... තවම මාව ගැහෙනවා....දෙන්න හිතෙනව අලි ටොක්කක්...”
“.. පලයං යන්න බතලි...”
මම එහෙම කියද්දි පාර අයිනේ හිටපු තරුනයින් කීප දෙනෙක් හිනාවුනා.. නෙතුකිගේ මුහුන ලැජ්ජාවෙන් රතු වෙද්දි ඒ දිහා නොබලාම මම බූන්දි වෙලෙන්දා ලගට ගියා..නෙතුකිත් මගෙ ලගට දුවලා ආවා....
“..මටත් ඕන....”
“..එක එක්කෙනාට බූන්දි කවන්න මට පිස්සුවක් නෑ....”
බූන්දිත් අරගෙන මම ගෙදර එන්න පිටත් වුනා.....නෙතුකිත් මගෙ පස්සෙන් ආවේ සුරතල් පුංචි දැරියක් වගේ..වෙනදාටත් වඩා ඇයව මහතට මහතේ පෙනුන නිසා ඇගේ හුරතල්කම මට නම් ඇතිකලේ හාස්‍යයක්..
“.මමත් එනව බූන්දි කන්න……මම කොහොමත් එන්න තමයි හිටියේ.. මොකක්ද මේ කරන්න යන පිස්සු වැඩේ….ඇඩ්වාන්ස් ලෙවල් බයෝ කරලා ඩ්‍රයිවිං ජොබ් එකකට යන්න හදන්නේ පිස්සුද…..අන්න අම්ම කිව්ව එහෙ එන්න කියලා…….
“...මොකටද.....”
“...බනින්න වෙන්න ඇති...”.
නෙතුකිගෙ අම්මා මගෙ තාත්තගෙ නංගි...ඇවැස්ස නෑනා හිංදා පුංචි කාලෙ ඉදන් අපි දෙන්නගෙ නම් කියලා හැමෝම විහිලු කලා...ඒ වෙලාවට මට හොදටම කේන්ති ගියාට නෙතුකි නම් ඒ විහිළුවලට ගොඩක් කැමති බව මට තේරුනා....විසි හතර පැයේම මගෙ වටේ දැවටි දැවටි ඉන්න තියනව නම් ඇයට වෙන කිසි දෙයක් ඕන නෑ....ඒත් මගෙන් ඇයට හිමිවුනේ හිරිහැර විතරයි.. පුංචි සන්දියෙදි නෙතුකි මගෙන් කොයි තරම් ගුටිකාලා ඇද්ද.....තරුන වයසට ආවට පස්සේ අතපය විසි කරන්න නොගියට මගෙ වචනවලින් ඇගේ හිත තැලිල පොඩිවෙලා ගිය අවස්තා අනන්තයි.....අප්‍රමානයි.....
හිතේ තියෙන පීඩනය කාගේ හෝ පිටින් යවන්නට කැමති අය තෝරාගන්නේ ආසන්නම කෙනාව... නෙතුකි මුළු හදවතින්ම මට ආදරේ බව මම දන්නවා....මොන විදියෙ හිරිහැරයක් කලත් ඇය සියල්ල ඉවසා සිටින බවත් දන්නවා...මේ මොහොතේ හිත පුරා නැගෙන පීඩනය නිවාගන්න මම නරුම විදියට නෙතුකිව රිදෙව්වා....
“....මම හෙට යනවා....අනිද්ද ඉදන් වැඩ බාරගන්න තියනවා......”
“.....මම කැමති නෑ.......”
“.ඉතින් මට මොකද..අම්ම තාත්ත එපා කිව්වත් මම යනවා..ඉතින් කොහෙවත් නැති අය කියන දේවල් මම මොකටද අහන්නේ.......තමුසෙ මගෙ කවුද.....”
නෙතුකිගෙ මුහුන බිමට බරවුනේ මගෙ වචනවලින් හිත රිදුන නිසා බව දැනුනම මට දැනුනේ වියරු සතුටක්......ඒ සතුටත් එක්ක මම දිගින් දිගටම ඇයට එල්ල කලේ පිහිපාරවල් වැනි වදන් .....
“..රිචඩ් අල්පොන්සෝ කියන්නේ කෝටිපතියෙක්.....ඒ ගෙදර හැමෝටම කාර් තියනවා......මට තියෙන්නේ එයාගෙ දුවගේ වාහනේ එලවන්න.....ඒ ගෑනු ළමය සුරංගනාවක් වගේ.....බුදු අම්මෝ....එච්චර ලස්සන කෙල්ලක් මම ජීවිතේට දැකල නෑ.......”
“...කොච්චර ලස්සන උනත් එයා ඔයාව ගනන් ගන්නේ නැතිවෙයි....ඔයා යන්නේ එයාට ඩ්‍රයිවිං වැඩේ කරන්න......”
“..ගෙදර මිනිස්සු ලස්සන හිංදද දන්නෑ ලස්සන අයව වැඩට ගන්නේ.....ගෙදර වැඩ කරන වැඩකාරි අපේ අක්කටත් වඩා වැඩිමල්....හරියට හිංදි නිලියක් වගේ...තමුසෙ වගේ පිටි ගෝනියක් ලග තිබ්බොත් ඒ ගෑනිගෙ ලස්සන තවත් වැඩිවෙලා පෙනෙයි..”
මම කිව්ව අමූලික බොරුවක්.. අල්පොන්සෝ නිවසේ මේ අත ඇදුනු මෙහෙකාරියන් කීප දෙනෙකුම මගේ ඇස ගැටුනත් රූමතියක් ඒ අතර සිටියේ නෑ..මා කී කතාවට නෙතුකිගෙ හිත හොදටෝම රිදුන බව මට දැනුනා...ගිරවියක් වගේ කියවපු නෙතුකි බිම බලාගෙන නිහඩ වුනා..ඒත් හැරිල යන්නේ නැතුව පුංචි කාලේ වගේම මගෙ පස්සෙන් එද්දි හිතට දුකක් ගලාගෙන ආවා.....මම ඇයට රිදවූයේ සිතේ පීඩනය නිවාගන්න නොවේද....ඊට කදිම මෙවලමක් වූයේ ඇගේ සිතේ මා ගැන වූ අප්‍රමාන ආදරය නොවේද.....?...
නෙතුකි පමනක් නොවේ අම්මා තාත්තා අක්කා තිදෙනාත් රිදවමින් මම ගමනට සැරසුනා..අම්මා ඉකිබිද හඩද්දි අක්කා නම් කාමරයට ඇවිත් කිව්වේ තීරනය වෙනස් කරන ලෙසට.. හැමදාමත් ගොළුවත රකින තාත්තා ගැඹුරු හඩින් කතා කලේ හිතේ හිරකරගෙන හිටපු කතාවක්.....
“….වයස 21 ක් වෙලා රස්සාවකට ගියාට කමක් නෑ..හැබැයි ඒ රස්සාවේ නවතින්න එපා…එතනින් එහාට යන්න හිතන්න…..අතට ගානක් එකතු කරගෙන තමුන් කැමති පාරක ගිහින් දියුනු වෙන්න හිතන්න…..චිත්‍ර ඉගෙන ගන්න…. ඒවා වැඩි දියුනු කරගන්න තැන් ඇතිනේ……”
උසස් පෙල පටන් ගනිද්දි ගත්තු වැරදි තීරනේ ගැන තාත්ත යටි හිතින් පසුතැවෙන බව ඒ වදන් තුල හැංගිලා තිබුනා.....මට දැනුනේ හදවත් කඩා වැටුනා බදු හැගීමක්....
මගේ අලුත් නවාතැන වන අල්පොන්සෝ බංගලාවට යද්දි නිවැසියන් කිසි කෙනෙක් දකින්න ලැබුනේ නෑ...ඒ සියල්ල ඒ මාළිගය තුල විය යුතුයි..මුරකරු විල්සන් සහ මෙහෙකාර සරනපාල මට නවතින්නට අවශ්‍ය සියල්ල සකසා දුන්නා..සියලු පහසුකම් සහිත රියදුරු කාමරය මෙහෙම නම් මේ මාලිගය තුල කෙබදු පසුබිමක් ඇද්ද කියලා මට හිතුනා...
පසුදින උදෑසන සූදානම් වී මම අල්පොන්සෝගේ කාර්යාල කාමරයට ගියා..තව මොහොතකින් පිංකි හමුවට යන්නට ඇති නිසා සිතේ සතුට දෝර ගලනවා..
“..අද තමුසෙ මාත් එක්ක ගමනක් යන්න ලෑස්ති වෙනවා.....”
රිචඩ් කියද්දි හිත කීතුවලට බිදී ගියත් ඉන් පිංකිව දැක ගැනීමේ නොතිත් ආශාවත් ඈ පිලිබද වූ ආදරයත් තව තවත් වැඩි කලා.....රිචඩ් මහත්තයා සමග යන ගමන කුමක්ද යන්න ගැටළුවක් නුවුනත් ඔහු හා යන්නට ලැබීම දෛවෝපගත දෙයක් ලෙස මට සිතුනා.. මේ උදාවූයේ අඛිල අද සිටින තත්වය ගැන රහස රිචඩ් හට පැවසීමට සුදුසුද අවස්ථාක්...ඉන් ප්‍රයෝජන ගත යුතු යයි මට සිතුනා....
සැනින් සිත බියෙන් සැලී ගියා.....අඛිලගේ ජීවිතය විනාශ කර දමන්නට රිචඩ් මෙය අවස්තාවක් කරගනීවිද...එසේ වුවහොත් මටද එහි වග උත්තර කරුවකු වන්නට සිදුවනු ඇත....රිචඩ් යනු ශූර බුදධියක් ඇති ව්‍යාපාරිකයෙක්....මිනිසකු විනාශ කර දමන්නට ඇවැසි නම් එය සූක්ෂම ලෙස එය සිදු කරනු විනා ශාක්ෂි ඉතිරිකොට එවැන්නක් කරන්නට තරම් ඔහු අනුවන අයකු නොවේ...අඛිලව මරා දමන්නට මෙය අවස්තාවක් කර ගන්නේ නම් ඔහු එය සැලසුම් සහගතව සිදු කරාවි...ඒ නිසා බිය වන්නට කාරියක් නැහැ...එහෙත් ගිලන් ඇදේ ජීවිතය යදින අයකු විනාශයක පමුනුවන්නට සිතීම පවා කෙබදු පාපයක්දැයි නේදැයි විලාප දෙන සිත කල යුත්තේ කුමක්ද යන පැනය ඉදිරියේ මා අසරන කරලා.....
අවසානයේ මම දැඩි තීරනයකට එලැඹුනා...පිංකි අඛිල සතුවීම වලකනු හැර විකල්පයක් නැහෑ......ඊට එකම විසදුම සත්‍යය රිචඩ් හට හෙලිකිරීම පමනයි...අඛිල ගැන සියළු තතු රිචඩ් හට හෙලිදරව් කරන්නට අවසානයේදී මම තීරනය කලා.....
පස්වැනි කොටසින් අඛිල ගැන ආරංචිය ඇසූ රිචඩ්ගේ තීරනය කුමක්ද