

පරන මතක අතරට ඇවිද යමි
කලකට පසුව යලි හමු වූ ඔබ සමග
තෙත බරිත තණ පලස මත මල් පෙති….
මිලින වී තිබුනත් ඉතිරිව තිබුනි
සිප ගන්න එදා බැරිව ගිය සුවඳ බිඳ…..
ඉල් මහේ වැසි දියට සේදිලා බොඳව ගිය
හීන් හෙවනැලි අතර සසලව
හදවතින් විතරක්ම දැකිය හැකි
ඔබෙ සිහින් සිනා බර දෑස් දෙස
මොහොතකට ගල් ගැසී බලා ඉමි……
එක මගක යන්න බැරි වුනු අපට
ජීවිතේ බොහෝ දුර ආපසුත්
තවම අමතක වී නොමැති
ඒ සිනා අද මගේ ඉදිරිපිට….
එහෙත් අප අන්සතුව…!
මිය නොගිය ආදරේ අප සතුව..!
ඉතින් අපි යලි කුමට දුක් වෙමුද…?