31 C
Colombo
Friday, June 9, 2023
spot_img

Subscribe

Date:

Share:

නුඹ

Related Articles

තෙත බරිත දෑස නුඹ
කඩතුරාවෙන් වැසුනු
කඳුලු හිරිකඩ මකා
දුක ලඟින් මුවාවුනු

උනුසුම් වු සිත
නුඹ සුසුම් රැලි එකතුකර
වලාකුළකින් ඔතා
දුක වසා සිනාසුන

මියුලැසියමයි නුඹ
වැව් දියේ රැලිමතට
විරහ දුක දියකර
අසෙනිය මල් සොයන

අනෝරා වැසියටින්
පහුරු බැඳ මග සොයන
උත්තුංග සෙනේ ගිර
ඇස් මායිමට බෝ දුර…..

Kumari Mullegamgoda
Kumari Mullegamgoda
B.Sc. University of Jayawardanapura, Sri Lanka Teacher at Gurulugomi Vidyalaya, Kaluthara, Sri Lanka. Writer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles