Home Arts Poetry සැඳෑ කළ පෙම්වතිය

සැඳෑ කළ පෙම්වතිය

0

දවසක් දා හැන්දෑවක
දාහක් දුක් ගැහැට අතර
හෙම්බත් වී හිඳිනා සඳ
හතර අතින් කළු කරගෙන
වහින වෙලාවේ
කර කියා ගන්න දෙයකුත් නැති
හවස් වෙලාවේ
ආවා බොලේ කෝල් එකක්… .

ඉතිං ඉතිං…!
උඹ ගෙදර ද?
හවස මොකද?
හරි එහෙනං
‘රොස්මරියට’
මං එන්නං උඹව ගන්න
විනාඩි දෙක තුනක් දෙන්න. .
අතුරු මිතුරු දඹදිව තුරු
අපි පාගලා යමු සුමිතුරු
වෙරළ මතින්
වැස්ස යටින්
හනික ආවා
‘රොස්මරියට’
අපි ආවේ බීර බොන්න
රෑ වෙනකන් ගී ගයලා
පන යනකං හිනා වෙන්න .

‘එන්න එන්න වාඩිවෙන්න!’
ඇතිවෙන තුරු
ප්‍රීති වෙන්න
දුකක් එහෙම තියෙනවා නං
පෙන කැටියක පා කරන්න… .


ඇසිල්ලකින් මං දැක්කා
සැඳෑ හිරුගෙ රැස් නැහැවුනු
මංගල රථ පේලියක්
උස් කොල්ලෝ පේලියයි
මල් කුමරියො පේලියයි
උසුළු විසිළු සිනා කැකුලු
ඒ අතරින් ඔබේ මුහුණ
එදා ලෙසම මම දුටු වෙමි
මධු සමයට පිය ඔසවන
අඩවන් නෙත් නුවන් සඟල .

‘හෙනයක් සේ පතිත වූ
අහසින් හිස මතට
දෙදරුම් දී බමවාම
ඉඳුරන් අඳුරු කරමින්
පහරිනා රුදුරු…
‘ සිංහබාහු අපි බැලුවේ
ටවර් එකේ එකට
සිංහයාගෙ ලතැවිල්ල ම
හිත පෙලනවා දුකට .

ඒ අතරේ…
ඔබේ දයාබර කට හඬ
අතීතයෙන් ඇසෙන්න විය
මං ඔයාට එන්න කිව්වෙ
රහසක් තියෙනවා කියන්න
මට හිතන්න බැහැ මොකවත්
ඔයා මොනවා හරි කරන්න
නැත්තන් මට සිද්ධවෙනවා
ගෙදර කියන දේ අහන්න .

කැලිප්සො තාලෙට ගැයෙනවා
“ප්‍රියංගිකා මගෙ ප්‍රියංගිකා
ලස්සන ඇස් ඇති ප්‍රියංගිකා
යන්න ගියා ඈ යන්න ගියා
දෑසට නොපෙනී යන්න ගියා…!”

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here