

රෑ මැද්දෙ රහසින්ම කවුළුවෙන් පැන
අම්මගේ තුරුල්ලෙන් මං උදුර ගෙන
ලෝකෙ ඇති හැම දුකම විඳින්නට දෙන
මා මාලා මේ ලෝකෙ නැත්නම්….
ඉස්කෝලෙ යන මඟදි මං අල්ලගෙන
සුදු ගවුමෙ මඩ පාරවල් තියා දෙන
ලෝකෙටම මගේ දුක දී හිනාවෙන
අයියලා මේ ලෝකෙ නැත්නම්….
එක ගෙදර එකට හිඳ ලොසින්ජර ගෙනත් දී
මගේ හිරි ඔතප් බිඳ දමන්නට සිතද්දී
ඇසින් වට කඳුළු බිඳු ගසින් දළු මල් නෙලන
නෑදෑයෝ මේ ලෝකෙ නැත්නම්….
කොයි තරම් සුන්දරද අපේ ලෝකය
මල් පිපෙයි හැමදාම දකින හීනය
එක දිනක කුමකටද ආලවට්ටන
හැම දිනම අපෙ සතුට අපට දුන මැන….
අනෝමජී රාජපක්ෂ