26.1 C
Colombo
Sunday, April 19, 2026
spot_img

Subscribe

Date:

Share:

සිත්තරා

Related Articles


ප්‍රේමයේ නෙක නෙක පාට ගෙන
අඳියි නුඹ සිත්තමක්ම
හද බිත මත
ඇවැසි වෙද ඊට වෙන අයිතියක්
පිරී තිරී යන පෙම් සිතක්,
ලයාදර හැඟීමක් හැරෙන්නට…..


ආලයේ නේක වර්ණාලේපිතව
බලන් ඒ දිදුළන සිත්තම
නුඹම පාදන උල්පතකින් ගලා එන
ස්නේහයේ දිය සීරාව
පොහොණි කොට හද බිජුවට
ලොවට ආලය දන් දෙන අපූරුව……


දිනෙක පන්හිඳ තුඬඟ පුරවා
නුඹම දුන් ඒ සියළු රස රැස
ලියා තබනෙමි ලොවට
නුඹේ බෝසත් පෙම ගැන
උනුන් පරදා නැගෙන්නට නොව
අත්වැලක් වී එක්ව යන්නට
මට කියා දුන් 
නුඹේ සෙනෙහස් වපසරිය ගැන..

උල්පතද පසු කොට ගලා ගොස්
සියක් සියපත් පිපෙන
වැවක්  වනට මඟ කියූ
නුඹේ ආලය ගැන….


අනෝමජී රාජපක්ෂ

Previous article
Next article
Anomaji Rajapaksha
Anomaji Rajapaksha
Former teacher, Award winning poet, lyricist, and a writer. Anuradhapura, Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles