සුදු පාට රැළි ගවුමක් ඇදන්
ලස්සනට ටයිපටියක් බැදන්
පුංචි සුදු සපත්තුවේ හැඩ බලන්
පාසලට පියමැන්නා අපි තුටින්
දහතුන් වසරක් පුරා
දෙවැනි මව් තුරුලට වෙලා
අ යනු ආ යනු හුරුවෙලා
රහසේම අපි ලොකු වෙලා
ඉස්කෝලේ නැමැති අප නෞකාව
නිසිමඟට රැගෙන ගිය නියමුවා
නොසිටින්න මේ දිවියේ කිසිම දා
ගොඩබිමක් දැකගන්න බැරි වෙලා
ලොකු සර්ගෙ වේවැලේ රස විඳපු
පිටිපස්සේ පේළියේ බොරු ගොතපු
බත් ගෙඩිය ලෙහාගෙන පොර කාපු
සුන්දරයි අතීතය අපි හිටපු
හැර දමා ගියත් අප විදු පහස
කිසිදාක නොමැකේවි ඒ මතක
සුවහසක් මිනිසුන්ව බිහි කෙරුව
විදුහල් මව්නි සැමදා සැරදෙන්න
නුවන්ති මධුෂානි සුබසිංහ
කොළඹ විශ්වවිද්‍යාලය – ශ්‍රීපාලි මණ්ඩපය