25 C
Colombo
Thursday, December 7, 2023
spot_img

Subscribe

Date:

Share:

Riverdale ගැන කියවමු

Related Articles

රිවර්ඩේල් යනු ආචී කොමික්ස් හි චරිත පදනම් කරගත් ඇමරිකානු යෞවන  නාට්‍ය මාලාවකි. මෙහි IMDb අගය සදහන් වන්නෙ 7/10  ලෙසයි.Crime/thriller/Romance ගනයට අයත්  මෙම කතා මාලාව සී.ඩබ්ලිව් සඳහා අනුවර්තනය කරන ලද්දේ ආචී කොමික්ස් හි ප්‍රධාන නිර්මාණ නිලධාරි රොබර්ටෝ ඇගුවර්-සකාසා විසිනි. එය නිෂ්පාදනය කරනු ලබන්නේ බර්ලර්ටි ප්‍රොඩක්ෂන්ස් සහ ආචී කොමික්ස් සමඟ එක්ව වෝනර් බ්‍රදර්ස් ටෙලිවිෂන් සහ සී.බී.එස් රූපවාහිනී චිත්‍රාගාරය විසිනි.  මුලින් සංකල්පනය කළේ වෝනර් බ්‍රදර්ස් පික්චර්ස් සඳහා වූ චිත්‍රපට අනුවර්තනයක් ලෙස ය.  2015 දී ව්‍යාපෘතියේ සංවර්ධනය සී.ඩබ්ලිව් වෙත ගෙන යන ලද අතර එහිදී මාලාව නියමුවෙකු සඳහා ඇණවුම් කරන ලදී.  රූගත කිරීම් බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ වැන්කුවර් හි සිදු වේ.
                 රිවඩේල් කතාමාලාව season 4 යුක්ත වේ. මහි පලමු කතා මාලාව 2017 CW ආයතනය විසින් ප්‍රචාරය කරනු ලබයි. පසුව Netflix ආයතනය විසින්ද මෙම කතා මාලාව ප්‍රේක්ෂකයන් වෙත ගෙන එන ලදි. හුදෙක් රසිකයින් මෙහි පලමු කතාමාලවට බෙහෙවින් ප්‍රිය කරයි.
මෙම කතාමාලාව සදහා රංගනයෙන් දායක වන්නෙ නව යව්වනයේ තරුණ තරුණියන් රැසක් වීම හේතුවෙන් මෙය නැරබීමට හුදෙක් රසකාමීන් දැඩි උනන්දුවක් දක්වයි. මෙහි ජනප්‍රියත්වය කොතෙක්ද කියනවනම් මේ සදහා මීම්ස් පවා සෑදෙන්නට විය. අපි දැන් කතා කරමු මේ සිත් ගන්නා සුලු ප්‍රධාන චරිත පිලිබදව.

Liliy Rienhart           –           Betty Cooper
Cole Sprouse           –           Jugjead Johnes
K J Apa                   –           Archi Andrews
Camila Mendes        –           Veronica Lodge
Madeline                 –           Cheryl Blossom
Casey Cott              –           Kevin Keller
Jayson Blossom


       කතාව ගෙතෙන්නෙ ඉහත සදහන් කරන ලද චරිත අනුවයි .මෙහි plot  එක නැත්නම් වස්තු භිජය වන්නෙ ජේසන් බ්ලෝසම් ය. රිවඩේල් උසස් පාසල ගැන මට පෙරදී සදහන් කිරීමට අතපසු විය. ජේසන් බ්ලෝසම් ඇත්තටම කතා මාලාව තුල අපට දැක ගනීමට හැකි වූවත් ඒ ඔහුගේ අතීත සිදුවීම් පමනයි. ඒ මන්දයත් ඔහු මේ කතාව තුල මියගිය පුද්ගලයෙකු පමනයි. එය ඉතා අභිරහස්  ලෙස සිදු වූ මරණයක් .මෙම කතා මාලාව එකින් එක පැටලුම් ලිහෙන්නෙ ජේසන්ගේ මරණය සිදු වූයේ කසේද එය සිදු කරේ කවුරුන්ද ඔහුට එම සිදුවීමට මුහුන දීමට සිදුවන හේතුව කුමක්ද  යන්නයි . මේ සදහා ඉහත සදහන් කරන චරිත හා රිවඩේල් උසස් පාසල තුල සිදුවන යම් යම් සිද්දීන්ද උපකාරි විය.
                Betty cooper තරැණිය සහ Archi Andrews යන දුඹුරු පැහැ කෙස් ඇති යොවුන් ආදරවන්තයා අසල්වැසි නිවසියන් ය (ආර්චි රංගනයෙන් දායක වූ මෙම වසරේ නිකුත් වූ I still believe  චිත්‍රපටය ද මග නොහැර නරබන්න කියල මන් කියනව .ඒක නම් දුක් බර  කතාවක්). මොවුන් ඉතා හොද යහලුවන් උවත් බෙටී ට අවශය වන්නේ ඔහු සමග  ප්‍රේමයෙන් වෙලීමටයි . නමුත් ආර්චිට ඇත්තෙන්ම ඇය ගැන ආදර බර හැගීමක් නොමැත. ඇත්තෙන්ම කියනව නම් ආර්චි ඒ වෙද්දිත් පෙම් කරන්නෙ උසස් පාසලේ සංගීත ගුරුවරියක් සමගයි . ඒ සම්බන්දය    ආදරය /කාමය මුසු වූවක් උනා. නමුත් මෙම සම්බන්දය දිගු කල් පැවතුනේ නැහැ. දිනක් රිවඩේල් උසස් පාසලට සුවිසේශී දිනයක් උනා ඒ වෙරෝනිකා ලොඩ්ජ් නම් සිත් වසග කරවන කලු පැහැ හිස කේ ඇති මන බන්දන රැවක් ඇති යුවතිය රිවඩේල් නගරයට පැමිණීමයි. ඇය උසස් අධ්‍යාපන කටයුතු සදහා පැමිණෙන්නේ රිවඩේල් උසස් පාසලටයි. මෙම යුවතිය ආර්චිව දකින පලමු දිනයෙදීම ඇගේ හද පතුලම මන්මත් කරන්නට විය. ආචිටත් එසේමයි.වෙරොනිකා පැමිණෙන්නේ නිව්යෝක්  සිටයි. සැමදෙනාගේම කතා බහට ලක්වන්නෙ ඇය කුමක් නිසා නිව්යොක් වැනි නගරයක් හැර දමා රිවඩේල් වැනි නගරයකට පැමිනුනාද යන්නයි. ජේසන්ගේ මරණයට ඇයත් හවුල්ද ? සෑම තැනකම ඇත්තෙ ප්‍රශ්නාර්ථයන් ය. වෙරෝනිකා රිවඩේල් වෙත පැමිණෙන්නේ තම මව සමගයි ඇයගේ පියා සිර ගත කොට ඇත. එතනද ඇත්තේ ප්‍රශ්නයක්.
                             ආචි සහ උසස් පාසලේ සංගීත ගුරුතුමිය ඒක හරි අමුතු ආදර කතාවක් දිනක් මොවුන් පෙම් හමුවක් සදහා ගගක් අසබඩට වී සිටින විට ඔවුන්ට  ඇසුනේ වනාන්තරය පුරා සිසාරා යන වෙඩි ශබ්දයක්. භීතියට පත් මොවුන් එම ඉසව්වෙන් පිටත්ව යනවා.


        කතාවේ මීලගට  හමුවන සුන්දර තරුණයා වන්නෙ වන්නෙ jughead ය. (ඔබට මතක ඇති ලොකප්‍රසිද්ධ Five feet apart චිත්‍රපටය හී ප්‍රධාන නලුවා වන්නෙද ඔහුයි). ඔහුගේ පියා සපන්ට්  කෙනෙක්. සපන්ට කෙනෙක් යනු මත්ද්‍රව්‍යවලට වැඩි වශයෙන් ඇබ්බැහි වූ  කුලියට යම් කොන්ත්‍රාත් බාර ගනු ලබන .කුලියට  මිනී මරන නිතර ක්ලබ් ඇසුරු කරන පිරිසක් ය. එ තුලද අපේ සිත තුල ප්රශනයක් ගෙන එයි.                                                                                          

කතා මාලාවේ පේනෙන්ට නොතිබුනද නමුත් කතාව තුල සෑම මිනිත්තුවකට සැරයක් ඇසෙන නම නම් ඒ ජේසන් බ්ලෝසම් ය. ඔහුගෙ සහොදරිය වන්නෙ cheryl blossom. ඇය ඉතා සුන්දර යුවතියක්. දිනක් තම සහොදරය  සහ cheryl blossom ගගකින් එගොඩ වීමට ඔරුවක් උපයෝගි කරගනු ලැබේ දෙදෙනාම ඒ මොහොතේ සුදු ඇදුමින් සැරසී සිටියි ඇත්තෙන්ම ඒකෙන් අධ්‍යක්ෂකවරයා කුමක්ද පෙන්වන්නෙ?. කතා මාලාවේ පලමු කොටසෙහි සැමදෙනාම හමුවේ අධ්‍යක්ෂක වරයා තබන්නෙ ප්‍රශ්නාර්ථයක් . දිනක් බෙටී කුපර් හට මෙ සංගීත ගුරුතුමිය පිලිබද සැකයක් මඛතුවිය. වෙරෝනිකා සහ බෙටී දිනක් ගුරුවරියගේ මෝටර් රථය පරික්ෂා කිරීමෙන් හමුවන්නේ ගිනි අවියක්.

                              cheryl blossom හැඩූ කදුලින් ගග ඉවුරේ ඇති  ගලක් මතට වී සිටියි. පොලිසිය/පවුලේ උදවිය/ පොලිස් කාර් තුලින් පරිසරය දිදුලවන නිල් රතු එලි පමනක් අපට දකින්නට ඇත. සුවිශේෂී කරුණ ආර්චි  සහ සංගීත ගුරුවරිය පෙම් හමුවටද යනු ලබන්නෙ ද  ජේසන් ඔරුවෙන් එගොඩ වීමට ගිය ගන් ඉවුර අසබඩට යි.  ජේසන් මිය ගියේද එදිනම වීම,ගුරුවරියගේ මෝටර් රථය තුලින් හමු වූ ගිණි අවිය සහ බ්ලෝසම්ගේ මරණය අතර කුමක් හෝ සම්බන්දයක් ඇතිද? ජග්හෙඩ් ගේ පියාද එතරම් හොද පුද්ගලයක් ද නොවේ. සර්පන්ට්ස්ල පිලිබදව මන් ඉහතින් සදහන් කරන ලදි. එසේ නම් මෙය  ජග්හෙඩ්ගෙ පියා අතින් සිදු වූවක්ද?

ජේසන් බ්ලෝසම්ට ඇත්තෙන්ම කුමක් සිදු උනාද? ඔහුව ඝාතනය කරාද? ඔරුව පෙරලීමෙන් ඔහු මිය ගියාද? cheryl blossom ඔහුව ඝාතනය කරාද? යන ප්‍රශ්න ගොන්න අපගේ කුතුහලය තව තව වැඩි කරන්නට විය?  කතා මාලාවෙ ඉදිරිය කුමක් සිදුවේද? ජේසන් මිය ගියේ කුමක් නිසාද?

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles