දිනක් කඩහිමියෙක් ඔහුගේ දොරට උඩින් දැන්වීමක් එල්ලූවේ, බලූපැටවුන් විකිණිමට ඇත, කියාය.
එවැනි සලකුණු වලට කුඩා දරුවන් ලේසියෙන්ම ආකර්ශණය කිරීමේ හැකියාවක් ඇති නිසාම, එය දුටු පිරිමි ළමයෙකු අයිතිකරු සොයා පැමිණිම පුදුමයක් වූවේ නැත. —ඔයා මේ බලූ පැටවු විකුණන්න යන්නේ කීයටද?˜ ඔහු ඇසුවේය.
—ඩොලර් 30 ත් 50 ත් අතර ගාණකට තමයි,˜ කඩ හිමියා පිළිතුරු තැබුවේය.
සාක්කුවේ තිබූ මාරු සල්ලි කිහිපයක් ඉවතට ගත් පිරිමි දරුවා ඇසුවේ, —මං ල`ග ඩොලර් දෙකයි සත තිස් හතක් තියෙනවා. කරුණාකරලා මට එයාලව බලන්න පුළුවන්ද?˜ කියාය.
කඩහිමියා සිනාසුනේය. විසිල් නාදයක් කළේය. බලූකූඩුව සිටි දෙස සිට පැමි‚යේ යුවතියකි. ඇය පසු පසින් ඉතා කුඩා, ලොම් බෝල වැනි බලූ පැටවුන් පස්දෙනෙකි.
එක් බලූ පැටවෙකු සැලකිය යුතු දුරක් පසුපසින් පැමි‚යේය. ඒ සැ‚න්ම පිරිමි දරුවා නොන්ඩි ගසමින් පැමි‚ එම බලූ පැටවා වෙත සලකුණු කළේය. —මේ පුංචි බලූ පැටියගේ ප්‍රශ්නේ මොකක්ද?˜
කඩ හිමියා කියා සිටියේ පශ= වෛද්‍යවරයා බලූ පැටියා පරීක්ෂ කර බැලු බවත්, බලූ පැටවාගේ උකුලූ ඇටය නිසි අයුරින් වර්ධනයව නැති බවත්ය. ඌට හැමදාම නොන්ඩි ගසමින් සහ කොරගසමින් සිටීමට සිදුවනු ඇති බවද ඔහු කීවේය.
පුංචි පිරිමි දරුවා බොහෝ විමතියට පත්වූවේය, —මට ගන්න ඕනි අන්න ඒ බලූ පැටියව.˜
—නෑ, ඔයා ඒ බලූ පැටියව මිලදී ගන්න ඕනි නැහැ. ඔයාට ඒ බලූ පැටියව ඇත්තටම ඕනි නම් මම ඔයාට ඒ පැටියව දෙන්නම්,˜ කඩහිමියා කීවේය.
—මම කැමති නෑ ඔයා ඒ පැටියව මට නිකං දෙනවට. අනික් බලූ පැටව් වගේම මේ බලූ පැටියත් හැම අතින්ම වටිනවා. ඒ හින්දා මම ඔයාට මුලූ ගානම දෙනවා. ඇත්තෙන්ම කිව්වොත් මම ඔයාට දැන් දෙන්නේ ඩොලර් දෙකයි සත තිස්හතයි. හැම මාසෙම මම සත 50 ගානේ ගෙවන්නම් මුලූ ගානම ගෙවලා ඉවරවෙනකම්.˜
නමුත් කඩ හිමියා පැවසුවේ. —ඇත්තටම ඔයා මේ බලූ පැටියාව මිලට ගන්න ඕනි නැහැ. එයාට කවදාවත් ඔයා එක්ක දුවන්න බෑ, පනින්න බෑ, සෙල්ලම් කරන්න බෑ අනෙක් බලූ පැටවු වගේ.˜
කඩහිමියා පුදුමයට පත්කරමින්, මදක් පහලට නැමුණු පුංචි කොලූවා ඔහුගේ කලිසම් කකුලේ පහල කොටස ඉහලට නමා පෙන්නූවේ ලොකු යකඩ පතුරක් දමා ආධාර කර තිබූ ඔහුගේ ඇඹරී ගිය කකුලය. යලිත් කඩහිමියා දෙස බැලු කොලූවා හෙමින් පැවසුවේ, —හො`දයි ඉතිං මටත් හරියට දුවන්න බැහැ, පුංචි බල්ලටත් එපැයි එයාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්.˜
සම්පාදනය – දිමුතු සමුද්‍ර ලියනගේ