30.6 C
Colombo
Sunday, July 13, 2025
spot_img

Subscribe

Date:

Share:

ද බොල ?

Related Articles

නාග මැණිකක් ද බොල ?
තිගෙ සෙනේ වටින…..
වමාරපු තැන කොහෙද ?
පිහදාලා ගන්ට…….


හිරි ඔතප් නැද්ද බොල ?
මහ දවල් ලන්ට ….
යක්කු ගස් නගින හැටි 
උඹ අහල නැද්ද ?


ඔඩු දුවපු තුවාලෙට 
විස බැඳපු කටුව….. 
හමස් පෙට්ටිය
උඹේ මිටි තුඹසේ අරුත…..


කෙම්මුර ට ඒ දොහේ  
බැඳපු වෙස් මුහුණ 
නටපු නැටුමකුත් නෑ 
බෙරේ නෑ පලුව …….


හෙප්පුවෙන් බිම වැටිල
මං ඉම්බ  මැණික 
ජප කරපු මන්තරේ 
හද්ද කුණුහරුප 


යකදුරෙක් හිත අස්සේ
විලක්කුව ගත්ත
ගුජ තකුන් හුකුන් තංභූ
කම්පා වෙන්ට 


ආතුරය මං  බොලං 
දියන්  මට බොටුව 
කිළි නැතිව බිල්ල දුන්
තී මාර උගුල ……


තලගොයා  හම බැඳපි 
යක් බෙරේ ඇහැට 
ගරායක් නැටුමකට 
ගොරකා ගස මදි ද ?


රීරි යකු වෙන්නේ මොට ? 
පෙම හොරා කන්ට…. 
මට දීපු පිනම ඇති 
උඹට බුදු  වෙන්ට ……….

Dewaka Pahalawatte
Dewaka Pahalawatte
BACHELOR OF FINE ARTS (BFA), University of visual Art & Performing Arts, Sri Lanka Writer, Director, Cinematographer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles