29 C
Colombo
Monday, June 5, 2023
spot_img

Subscribe

Date:

Share:

සත්‍ය පිටපත අහිමි කළ ගුවන් තොටේ සෙලියුලෝඩ් අරුමය

Related Articles

තම පියාගේ අවසන් කැමත්ත ඉටු කිරීම සඳහා නැගෙනහිර යුරෝපයේ ප්‍රබන්ධ රාජ්‍යක් වන ක්‍රකෝෂියා සිට ඇමෙරිකා එක්සත් ජනපදය වෙත පය තබන වික්ටර් නැමැති සංචාරකයෙකු හට තම උපන් රට තුළ සිදුවන බල පෙරළියක් නිසා ඇමරිකාවට ඇතුල් වීමේ දොර වැසී යන්නේ නොසිතු පරිද්දෙනි. ඇමරිකාවේ ආගමන විගමන නීතියට අනුව ඔහුට ඇමරිකාවෙන් පිටවීමට වීසා නිකුත් කිරීමේ බලය ද මේ සමගින් නිළධාරීන්  හට ඇහිරී යයි. අකැමැත්තෙන් හෝ ඔහුව ගුවන් තොටුපළ තුළ රදවා ගැනීමට ඔවුනට සිදුවේ. මෙි අර්බුදය විසඳෙන තුරැ ඔහුගේ එකම නවාතැන මෙි නිවියෝර්ක් නගරයේ ජෝන් එෆ් කෙනඩි ගුවන්තොටුපොළ පර්යන්තය(The Terminal) පමණි. වික්ටර්ට ඉංග්‍රීසි බස එතරමිම හැසිරවීමට නොහැකි ය. වික්ටර් අපුරැ මිනිසෙකි. නිරහංකාරයෙකි. සරල මිනිසෙකි. විනෝදකාමීයෙකි. ආදරවන්තයෙකි.

මේ සිදුවීම් නිසා කැළඹ්මට පත්ව සිටින වික්ටර්ගේ ජීවිතයට අළුත් බලාපොරොත්තුවක් සහ ආදරයක් සමගින් ඇමලීයා නම් ගුවන් සේවිකාව හමුවේ. එතැන් පටන් වික්ටර් දිවියේ සුවිශේෂි මොහොතක් බවට මෙම ගුවන්තොටුපොළ පත්වෙනු ඇත. මෙකී සිද්ධීන් සමූහය වටා ගෙතුනු මේ අපූරු සිනමාත්මක කතාන්තරය මුළුමනින්ම පාහේ ස්ථානගත වන්නේ ගුවන්තොටුපොළක මගී පර්යන්තය තුළ ය. සැබැවින් සිනමා ප්‍රේක්ෂකයාට මෙය නවමු අත්දැකීමක්. මන්ද ගුවන්තොටුපොළක අභ්‍යන්තර අත්දැකීමක් පොදුවෙි සැමටම නොමැති හෙයිනි. ඒ නිසාම චිත්‍රපටය තදින්ම සිත් ඇඳබැඳ ගන්නවා නොඅනුමානයි.

ඉරාන ජාතික මෙහෙරාන් කරීමි නසේරී අඩු පහසුකම් යටතේ වසර 18ක් ගුවන් තොටුපොළක ගත කළේය. එනමි 1988 සිට 2006 දක්වාය. ඒ ප්‍රංශයේ(Digole) ඩිගෝල් ගුවන් තොටුපොළේ ය. මෙි අපුරැ සිදුවීම පාදක කරගනිමින් හොලිවුඩයේ මහා සිනමාකරැ ස්ටීවන් ස්පීල්බර්ග් ” ද ටර්මිනල්” නමින් චිත්‍රපටයක් නිපදවීය. ගුවන්තොටුපොළක් අතිශය සංකීර්ණවුත් කාර්යබහුලවුත් ස්වරෑපයක් ගනී. එය තුළ අපට දැනෙන අපහසුව, තනිකම කියාගත නොහැකි තරමි වු එකකි. වික්ටර්ට වුවා සේ අපට එතෙර ⁣ගුවන්තොටකදී අන්තර් සන්නිවේදනය තුළ කොතරමි නමි අපහසුවක් දැනෙනවාද? විවිධ භාෂා සංස්කෘතිය නිසාම මිනිසුන් අතර එකිනෙකා සන්නිවේදනය කිරීමෙි අපහසුව පවතී. මිනිස් සබඳතා සැමවිටම සංකීර්ණ ය. “ද ටර්මිනල්” චිත්‍රපටය තුළ යටිපෙළ තුළින් ස්පර්ශ කරන්නේ මිනිසුන් අතර සිදුවන සන්නිවේදනය සඳහා භාෂාව කෙතරමි දුරට සංකීර්ණ ස්වරෑපයක් ගන්නවා ද යන්න පිළිබඳවයි. රැවටිලිසහගත දෘෂ්ටිවාදයන් විසින් මනුෂ්‍ය අසරණභාවයන්, මනුෂ්‍යත්වයේ මුල් පිටපත අහිමි කර ඇත.

ගුවන්තොටුපොළක ක්‍රියාකාරිත්වය, නිළධාරිවාදය, ආගමන විගමන නිළධාරින්ගේ හැසිරීම, කමිකරැවන් පර්යන්තයේ බිමි සෝදා, අතුගා මගීන් වෙනුවෙන් සුදානමි කිරීම, කුසගින්න නිවාගැනීමට සොචිචමි මුදලක් උපයාගැනීමට දරණ මෙහෙය, බල දේශපාලනය, සත්‍ය පිටපත අහිමි කරන ජනමාධ්‍ය, රෑපවාහිනිය ස්පීල්බර්ග්ගේ සිනමා කොලාජයේ අලවා තිබෙි. තත්පරයකට ප්‍රේක්ෂක ඇස චිත්‍රපටයේ එකදු රෑප රාමුවකින් ඉවතට ගන්නට ප්‍රේක්ෂකයාට ඉඩ නොතබමින් අති ශූර ලෙස අධ්‍යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග් චිත්‍රපටය නිර්මාණය කර තිබෙි. අප ද වික්ටර් සමඟ අනන්‍ය වීමු. ස්පීල්බර්ග්ගේ සුපිරි අධ්‍යක්ෂණය යටතේ රගපෑමටම උපන් Tom Hanks ගේ විශිෂ්ට රංගනය තුළ දිවෙන චිත්‍රපටය අපට කියා පාන්නේ සරළ සංකල්පයක තුළ වුවත් අති දක්ෂයින් සමූහයක් මුණ ගැසුනු විට බිහිවන නිර්මාණය කොතරම් විශිෂ්ට ද යන්නයි. එකවර හැකි තරමි හඬන්නට සිනාසෙන්නට හැකි විශිෂ්ට චිත්‍රපටයක් ස්පීල්බර්ග් තනා තිබෙි. එය නැරඹීම වටී.

Malintha Vithanage
Malintha Vithanage
Undergraduate, University of Peradeniya, Sri Lanka. Writer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles