

හැරී යන්නට උවමනානම්
අත අතැර මේ සබඳකම්
එපා කිසිදා බලා ඉන්නට
දකිනතුරු පෙර නිමිති නම්
මමත් රාහුල පොඩි පුතත් නෑ
හඬන්නේ වැළපී හිතින්
ඇගේ අතගෙන එතෙර වනු මැන
රුදුරු සැඬ පහරේ තුටින්…….//
නුවර තැන තැන ඇසෙන
නිබ්බුත පද අරන් කිරුලේ තියා
සොයා ප්‍රේමය ඇවිද යනවද
ගයාවේ ගිරිහිස බලා
නඳුන් උයනක තබා තුන්සිත
කඟපතින් මේ බැමි කපා
නිවෙන සැනසෙන තැන
එතැන නම් කුමට..?
මම දොරඟුලු පියා……//
දිනක් ආවොත් හඬන්නට හැකි
මතක සිහිවී අපෙ අතීතයෙ
දැනේවා නුඹටත්
වියෝදුක් , මැද,..
මගේ සිත උහුලාපු හැටී…
ලොවේ සක්විති වෙලා හිටිය ද
නුඹෙන් දායාද ඉල්ලා
නොඒවී කිසිදාක පසුපස
ඔහු නුඹේ සුලැගිල්ල අල්ලා………..//