28 C
Colombo
Sunday, September 24, 2023
spot_img

Subscribe

Date:

Share:

වසර පනහකට පසුව පමා වී පැමිණි, සඳ ගමන ගැන ඔබ නොදත් කතාව

Related Articles

First Man චිත්‍රපටය ගැන

1969 ජුලි 21 දිනය කියන්නේ ඇමරිකානුවන්ට නමි අමතක නොවන දිනයක්. ඒ එගේම පෟථවි වාසීන්ට. ඒ පෘථිවි වාසියෙක් ප්‍රථම වරට සඳ මත පා තැබු දිනය ලෙස ඉතිහාස ගත වු හින්දා. මේ සඳ මත පා තැබීමේ ගෙෳරවය නීල් අල්ඩන් ආමිස්ට්‍රෝංග්ට හිමි වුනා. ඔහු සඳමත පා තබා පෘථිවියට නැවත පැමිණි පසු එක රැයින් වීරයෙකු බවට පත් වුනා කීවොත් නිවැරැදි.ඉතින් මෙි සඳ ගමනට නීල් ඇතුළුව තවත් අජටාකාශගාමීන් සමිබන්ධ වුවා. ඒ එඩිවින් බස් ඔීල්ඩ්‍රින් සහ මයිකල් කොලින්ස් යන අජටාකාශගාමීන් දෙදෙනාත් සමඟින්.

1969 දී සිදුවුණු මෙි අපුරැ සිදුවීම ඩෙිමියන් චාසෙල් කියන අධ්‍යක්ෂක්වරයා චිත්‍රපටයකට පෙරළනවා.ඒ “First Man”නමින්. ඩෙිමියන් මෙි චිත්‍රපටය සඳහා කතාවෙි වීරයාගේ චරිතය වන නීල් අල්ඩන් ආමිස්ට්‍රෝංගේ චරිතය සඳහා යොදාගන්නේ කැනේඩියානු ජාතික අති දක්ෂ නළුවකු වන රයන් ගොස්ලින්. ඒ එගේම නීල්ගේ බිරිය වන ඡැනටිගේ චරිතය සඳහා පණ පොවන්නේ ක්ලෙයාර් ෆෝයි ව්සිනි.රයන් ගොස්ලින් සහ ක්ලෙයාර් ෆෝයි First man වෙනුවෙන් අපුරැ රංගනයක නියැලෙනවා.
ඡෝස් සින්ගර් විසින් first man චිත්‍රපටයේ තිරරචනය සඳහා යොදාගන්නේ,ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයකු වන ජෙමිස් ආර්.හන්සන් විසින් රචිත 2005 වසරේදී එළිදැක්වූ First Man:The Life of Neil A.Armstrong නමි නීල් ආමිස්ට්‍රෝන්ගේ චරිතාපදාන කෘතියයි.

සැබැවින්ම First Man යනු අපුරැ චිත්‍රපටයකි. චිත්‍රපටය නරඹන විට මෙවර ඹස්කාර් සමිමාන උළෙලේ හොඳම සිනමාපටය වෙනුවෙන් නිර්දේශ වීමට ඉඩක් පවතින්නට හැකි යැයි සිතුනි. සඳ ගමන පිළිබඳ බොහෝ දෙනා දකින්නේ වීර චාරිකාවක් වශයෙනි.නීල් මහා වීරයෙකු ලෙස අප අසා තිබුන ද, First Man චිත්‍රපටය තුල නීල්ගේ සැබෑ ඡීවිතය තුල ඔහුට සිදුවු විවිධ බාධකයන්, හැලහැප්පීම්, අසාර්ථක වීමි.ඔහුගේ වීර ප්‍රතිරූපය අඳුරට ඇද දමමින්, සඳ ගමන නමැති වීර චාරිකාව උඩු යටිකුරු කරන්නට චාසෙල් සමත් වෙනවා. චාසෙල් First Man තුල මෙි නීල්ගෙ චරිතය තුලින් දේශපාලන මානයන්,ජීව්තය පිළිබද දාර්ශනික මානයන්, මානුෂ සබඳතා මෙි වීර චාරිකාව අස්සේ හරි අපුරැවට රිංගවලා අපට පෙන්වනවා.

සඳ ගමන කතාවට අමතරව නීල්ගේ පෞද්ගලික ඡිවිතයේ සිදු වු විවිධ හැලහැප්පීම්, දුක් කමිකටොළු මැද සඳ ගමන සිදු වු අයුරැ සංවෙිදීව අධ්‍යක්ෂක චාසෙල් අපට පෙන්වනවා. නීල් -ජැනටි දෙදෙනාගේ දියණිය වු කැරන් වයස අවුරැදු දෙකෙදි මොළයේ පිළිකාවකින් මරණයට පත් වෙනවා.මෙය නීල් ඡිවිතයට දැඩි ලෙස බලපෑමි කරන සිදුවීමක් බවට පත්වෙනවා. කොහොමත් නීල්ගේ විවාහ ඡීවිතය එතරමි සාර්ථක එකක් නොවෙයි. නීල් සහ ඡැනට් අතර ඇතිවන බැඳිම සාර්ථක එකක් නොවන බවට චාසෙල් මෙි චිත්‍රපටය හරහා අපට කියනවා.නීල් නිරතුරුව ම අභ්‍යාවකාශ තරණය පිළිබඳ හීන තුළ ගිලි සිටිමින් ඉතා සංකීර්ණ ජිවිතයක් ගත කරයි.ඡැනටි තම දියණියගේ වියෝවත් දරාගෙන දරැවන් දෙදෙනා ගැන සිතමින් ඉදිරි ඡීවිතයට මුහුණ දෙන්න වෙර දරයි. නීල් සහ ඡැනට් සිට්න්නේ ලෝක දෙකකය.එකිනෙකට නොපෑහෙන චරිත දෙකකි. (පසුකාලයේ දෙදෙනා දිකකසාද වු බවට ද නෙරහසකි)
අවසානයේ නීල් සඳ ගමන සඳහා රාත්‍රියේ නිවසියැන්ගෙන් සමුගැන්ම අප බලාපොරොත්තු වු අන්දමෙි, ඉතා හැඟිමිබර, සංවෙිදී එකක් නමි නොවෙයි.ඒ වෙනුවට අප දකින්නෙ ඡැනටි කෝපයෙන් නීල්ට දොස් පවරන අවස්ථාවකි. ජැනටිගේ කෝපයට හේතුවන්නෙ නීල් මෙි යන අවිනිශ්චිත ගමන ගැන තම දරැවන් දෙදෙනාට කතාකර ⁣නොකර නිවසින් පිටවන්නේ මන්ද?යැයි අසමිනි. (ඒ වන විට දරැවන් දෙදෙනා නින්දට ගොසිනි)නමුත් අවසානයේ ඡැනටිගේ දෝෂ දර්ශනය හමුවෙි තම දරැවන් දෙදෙනාට කතා කරයි.නීල් සහ ඡැනටි මෙි තීරණාත්මක රාත්‍රියේ එකිනෙකාගෙන් සමුගන්නෙ හිත හොඳින් නමි නෙමෙයි. මෙය ඡැනටි සහ නීල් අතර පැවති සබඳතාව කුමන එකක්ද යන්න කදිමට පෙන්නුම් කරන අවස්ථාවකි.මෙි අඹු-සැමියන් අතර පවතින අර්බුදය මෙි වීර චරිකාව නමැති දීප්තිය නිසාම නරඹන වැඩිදෙනකුගේ දසුනින් ගිලිහි ගිය එක් කතාවකි.

එක් පසෙකින් සඳ ගමන විද්‍යාවෙි,තාක්ෂණයේ විශිෂ්ට ඡයග්‍රහණයක් ලෙස පෙන්වන අතර, තවත් පසෙකින් සොවියටි රැසියාව සහ ඇමරිකාව අතර පැවති දේශපාලනමය සහ අභ්‍යාවකාශ තරඟයේ පැවති අතුරු ඵලයක් ලෙස ද පෙන්වයි.

මෙි සියල්ලක්ම අතරේ නීල් ඇපලෝ 11 නමි චන්ද්‍ර යානයෙන් සඳ මතට ගොඬ බැස,තම ඉදිරියේ පෙනෙන දර්ශනය දෙස බලන පළමු අවස්ථාව නීල්ගේ ඡීවිතයේ සිදුවු සිදුවීම් පිළිබඳ හකුළුවා දක්වන අවස්ථාවක් ලෙස හඳුවන්නට පිලිවන්.ඔහු ඉදිරියේ පෙනෙන්නෙ කිසිදු ඡීවයක් නොමැති කාන්තාරවලින්, ආවාටවලින් ගහන හිස් කළු සුදු මුඩු බිමක දර්ශනයකි.⁣මෙි තරමි දුක් කමිකටොළු මැද,තම දරැවන් සහ බිරිඳගේ ආදරය, උණුසුම මඟහැර, විවිධ කැපකිරීම් කරමින් “ආවෙි මෙතනටද” වැනි අදහසක් මතුකරන්නට මෙම රෑපරාමුව සමත් වෙනවා.මේ මුඩුබිම් පිළිබඳ සිහිනය හේතුවෙන් නීල්ට තම දරැවන්ගේ ආදරය,සෙනෙහස අහිමි වෙයි.ඡැනටි ට තම සැමියාගේ උණුසුම මඟ හැරෙයි.එක අතකින් ඡනතාවගේ යහපත උදෙසා යොදන්නට තිබු, මෙි සඳ ගමන සඳහා වැය වු බිලියන ගණනක මුදල් අහිමි වෙයි.යානා අත්හදාබැලීම්වලදි ජිවිත රැසක් අහිමි වෙයි.නීල් සඳ මතට ගොඬ බැස නිසරැ දසුන හරහා මෙි සියල්ලහි අරැත කුමක්ද යන්න සැනෙකින් අප සිත්වලට දැනෙන්නට පටන් ගනි.

අනෙක නීල් ආමිස්ට්‍රෝංග් දෙස සානුකම්පිත අයුරින් බලන්නට,සිතන්නට නරඹන්නා තුල ඒ දේ රෝපණය කරන්නට චාසෙල් සමත්. මට සිතුනේ නීල් මෙි සියලු දේ මෙි සඳ ගමනට කැපකරන්නට ඇත්තෙ තම මියගිය දියණියගේ වියෝව යටපත් කරගැනීම සඳහා වන්නට ඇත.
First Man යනු සඳ ගමන මුලික කොටගෙන තැනු සිනමාපටයක් වුවද, ඉන් ඹබිබට ගිය සංකීර්ණ මානව සබඳතා කැටිකරගත් සානුකමිපිත දයාර්ද්‍ර නිරැපණයකි. විශේෂයෙන් First man තුල සංගීත භාවිතාව නමි මනරමි එකකි.ඒ ගැන කිව යුතුයි. first man තුල සඳ මතට ගොඬබස්වන දර්ශන ⁣පෙලෙහි සංගීතය යොදාගත් අන්දම අපුරැයි. අවසාන වශයෙන් කියන්නට තිබෙන්නේ ඔබ නීල් ආමිස්ට්‍රෝංග් ගැන නොදත් කතාව First Man හරහා විඳගන්න,හොද චිත්‍රපට නරබන්නෙක් අනිවාර්යයෙන්ම First man නැරඹිය යුතුමයි කියලයි.

Malintha Vithanage
Malintha Vithanage
Undergraduate, University of Peradeniya, Sri Lanka. Writer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles