

ගෙදර යන ගමන් නැවතුණා වාහනේ
ෆුඩ් සිටියෙ දොරකඩ
බහින්න ට පෙර කවුළුවෙන් පෑ
ඒ අඳුරු සිනහව
දම්පාට විස්සෙ කොලයක් පෑ අතට
ගුලිකළා හෙමිහිට
ෆුඩ්සි ටියෙ රාක්ක අතර පාව ගිය
මගෙ දෙපා නැවතුණා ඒ හඬට
තරාදිය ළග කිරෙනවා ඇයට බඩු
හරි හෙමින් යන්තමින්
හාල් කිලෝ එකහමාරක් පරිප්පු ග්රැම් සීයක්
ලූනු දෙසිය පනහක්
කවුන්ටරයේ බිල ගෙවන මගෙ ලගින් හිටියා
ආයෙමත් ඇය
යට ගිලුණු ඇස් කළු ගැසුණු ඇට පෑදුණු
අඳුරු කැඩපතක් සේ
විළි වැදුනා හදවත මතක් වී දම්පාට විස්ස
ගුලි වු සුරත
ඇගෙ බඩුත් මගෙ බිලේ එල්ලුවා විගසින්
අමතක ව ගිය සිල් රෙද්ද
දරු දෙදෙනා එල්ලා මරා දමා පියාද ගෙල වැලලා ගත් පුවතක් අසන්නට ලැබුනේ ඊයේ පෙරේදා ය. හයක් හතර ක් නොදන්නා කිරි සප්පයෝ ලෝකයේ එළිය යාන්තමින් දැක නොකළ වරදකට ජීවිතයෙන් වන්දි ගෙවා ඇත. තෙවැනි ඇසකින් මෙම සමාජ ඛේදවාචකය බලන්න ට මේ කාලය වනු ඇත. කුටුම්භය නම් වූ මහා බලකොටුව ආසියානු සමාජය තුළ විවිධ හැල හැප්පීම් වලට භාජනය වෙමින් ඇති විටක මිනිස් හැගීම් මුල් කොටගෙන සිදුවන මෙවැනි විපත්වල මූලය අධ්‍යාපනය, පවුල, සමාජ සම්බන්ධතා තුළ පෙලගැසෙමින්, අන්තර්කරණය වෙමින් නොඇසිය යුතු ,නොදැකි ය යුතු සංසිද්ධීන් බවට පත් වේ.
ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රීය වෙත සම්පූර්ණ පවුල නම් වූ මහා වෘක්ෂය සිරිත් විරිත් තුළින් ම නීත්‍යානුකූල භාරකාරත්වය ට පත්කර ඇත. විවාහක කාන්තාව දරුවන් ලැබූ පසු එම පවුලේ අයිතිකරු වාවේ. අම්මා නම් වූ මහාමේරුව තුළ සංවේදී හදවත ක් ඇති ගැහැනිය බොහෝ විට පියවරුන් නොමැති ව හෝ තම දරුවන් වෙනුවෙන් බොහෝ කැප කිරීම් සිදු කරයි.
ආදරවන්තයන්ගේ දිනය හෙට අනිද්දා පැමිණෙමින් තිබේ. බොහෝ ප්‍රේම වන්තයින් අනාගත ජීවන සහකරු, සහකාරිය සොයා ගනිමින් ආදරවන්තයන්ගේ දිනය සමරනු ඇත. එහි අවසන් ප්‍රතිඵල ය බොහෝ දෙනාගේ විවාහය වේ. එසේ නැති නම් single mom (මව් වරු පමණක් ) බිහිවෙයි. ප්‍රේමයේ සොදුරු ප්‍රතිඵලයක් වන ළදරුවන් ලොවට බිහි කරන මව්වරු පියවරු තම යුයුතුකම් ඉටු කරන විට ගන්නා තීරණ නිවැරැදි ව නොගැනීම නිසා දරුවන් ගේ ලෝකය විනාශ කරන්නට දෙමාපියන් ගේ හැඟීම් කුරිරු වී තිබේ.
පැරණි ගම්බද සිංහල ගැහැනිය තම සැමියාගෙන් බොහෝ පීඩාවට පත්වුවද, තාඩන පීඩනවලට ලක්වුවද තම දරුවන් රැක ගැනීමට උත්සාහ කරයි. විවාහය අතැරයා යුතු වුවද සියලු දේ ඉවසා දරා ගනිමින් දරුවන් රකියි. ඒ මන්ද ඇය තම දරුවන් ගේ ජීවිතයට දක්වන අසීමිත රැකවරණය නිසාවෙනි .
යුරෝපීය සංස්කෘතිය තුළ වෙනස් ජීවන රටා හා මානව හිමිකම් ඉතා ඉහළ මට්ටමින් පවතින නිසා දරුවන් ගේ ජීවිත වෙනස් වේ. එසේ නම් අප කළ යුත්තේ කුමක් ද? මේ මරණ තුනට හේතුව වී ඇත්තේ පවුල නම් වූ සංස්ථාව තුළ අසරණවූ දරුවන් රකින්නට නොහැකි වීම යි. ඒ පියා දරුවන් සමඟ අතර මං වීම දරාගත නොහැකි මානසික මට්ටමකට පත් වන්නට ඇත. මවගේ වෙන්ව යෑම තුළ ඇති වූ මානසික පීඩනය මේ දරුවන්ට හා පියාට දරාගන්නට හැකි වී නැත .
අධ්‍යාපනය ලබා දීමේදී බොහෝ විට අප සිතිය යුතු විශේෂ කරුනක් මෙයින් විද්‍යාමාන වේ. ඕනේම අභියෝගයක් භාර ගත හැකි මිනිසුන් තැනීම අධ්‍යාපනයේ වගකීමකි. එය විභාග මූලික අධ්‍යාපන රටාවේ දී අත් හැරී ඇති බව පෙනීයයි. ඉන්ජිනේරුවෙකු සියදිවි නසා ගත් බව පුවත්පත්වල පළ වූයේ ඉතා මෑත කදීය. එසේ නම් අපේ අධ්‍යාපන ක්‍රමයද වෙනස් විය යුතුය. එය මිනිසුන්ගේ පෞරුෂ වර්ධනය ඉහළ මට්ටමකට ගෙන අභියෝග වලට මුහුණ දීමේ හැකි යාව ලබා දිය යුතුය .
එමෙන්ම සමාජය තුළ දියවෙමින් යන දෙමාපිය දූ දරු සම්බන්ධතා යහගුණ ආකල්ප ආගමික මධ්‍යස්ථානවලින් හෝ කුටුම්භ තුළට එක් කළ යුතු වේ. එමෙන්ම වත්මන් ජීවන අරගලයද මෙයට බලපාන්නට ඇත. ජීවිත රැක ගැනීමට නම් අප හැමටම වගකීම් ඇති බව පසක් කරගත යුතු කාලය එලඹ තිබේ. මේ නොදරුවන් අපට කියා දෙන්නේ සමාජ පරිහානියේ පැතිකඩ වේ.