2019 වසර අග භාගයේ දී චීනයේ වුහාන් නගරයන් ආරම්භ වූ Covid – 19 ෛවරසය හා වසංගත තත්වය මුළු ලෝකයම අද උඩු යටිකුරු කර ඇත.
මෙයට පෙර ලිපියෙන් සාකච්ජා කල පරිදි ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයට එය විශාල බලපෑමක් සිදුකර ඇති අතර එවැනි බලපෑම්වලට ලක්වූ අනෙකුත් රටවල් ද විශාල වශයෙන් ඒ සදහා පිළියම් යොදා ඇත.
ඇමරිකාවේ පාසල් වලට ඇතුලත් කරගැනීමේදී සලකා බලන SAT හෝ ACT ලකුණු නොමැතිව වුවද මෙම වසංගත තත්වය යටතේ පාසල් තුලට ඇතුලත් කරගනීමට ඔවුන් ක්‍රියාකර තිබේ. අඩු අදායම් ලාභී දරුවන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමට වැඩි ඉඩකඩක් මෙමගින් ලැබේ. තවද සිසුන්ගේ නිර්මන්ශ්ලිත්වය වැඩිදියුණු කිරීමේ නව ක්‍රමෝපායන් වර්ධනය කිරීමට හා හදුන්වා දීමට කටයුතු කර ඇත. උසස් පෙළ කළා අංශයේ සිසුන් සඳහා Graphic Design හා ගෘහනිර්මාණ මෘදුකාංග භාවිතයට ඔවුන් නිවස්සේ සිටම හුරුක්රලීමේ වැඩසටහන් ආරම්භ කර ඇත. එමගින් අරමුණු කර ඇත්තේ ඔවුන්ව අනාගත වද්ලෝකයට හුරු කරවීමයි. මේ කාලය තුල දරුවන්ගේ කායික හා මානසික සෟඛ්‍ය තත්වයන්ගේ යහපැවැත්ම පිලිබදව වැඩිදුර අවධානය යොමු කිරීම සදහා විවිධ වැඩසටහන් නිවසේ තුලදීම සිදු කිරීමට අවකාශය සැලසීම වඩාත් කැපී පෙනේ.
වසංතය ආරම්භවූ අවධියේ අධ්‍යාපන බලධාරීන් අතර විවිධ විවාදයන් පැවතියද පසුව ජනපද 50 හිම පාසල් ඉක්මනින් ආරම්භ කර යථා තත්වයට පත් කරන ලදී.
ජපානයද 2020 ජුනි මාසය වනවිට යලි පාසල් ආරම්භ කරන ලද ආතර ප්‍රථමයෙන් පංති කාමරයක් තුල 50% ධාරිතාව මත පාසල් පවත්වාගෙන යන ලදී. සමාජ දුරස්ථභාවය රැකීමේ වැදගත්කම අවධාරණය කර ඇත. 2020 මාර්තු මාසයේදී ජපන් තාක්ෂණ දැවැන්තයා වන රකුටෙන් , වේගවත් අධිවේගී අනිතර්ජලය ස්ථාපනය කිරීමට සහ අවශ්‍යතාවය ඇති සිසුන්ට ලැප්ටොප් හෝ ටැබ්ලට් පරිගණක ලබා දීම සඳහා ගිගා හෙවත් සැමට ගෝලීය සහ නවීකරන ද්වාරය, MEXT සමග හවුල්කාරිත්වයක් ප්‍රකාශයට පත් කළේය. අගමැති යෝශිහ්යිඩ් සුගගේ ප්‍රමුඛතාවය ද මේ සඳහා ලණි ඇත. ස්ථාවර හා සමුර්දිමත් අනාගතයක් සඳහා අඩිතාලමක් ගොඩ නැගීමට අධ්‍යාපන ව්ෂමතව අවම සම්බන්ධීකරණය කෙරෙහි ල විශාල අවධානයක් යොමු කර ඇත. එමෙන්ම ලෝකයේ ඕනෑම භාෂාවකින් පවතින් අධ්‍යාපන වැඩසටහන් ජපන් භාෂාවට හැරවීමේ පහසුකම් සැලසීමටත් ජපාන රජය කටයුතු කර ඇත.
බ්‍රතාන්‍යයේ මෙහි ලා කැපී පෙනෙන වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමට International British Online School ( IBOS) ආයතනයයි. මේවා Ed tech හෙවත් ගුවන්විදුලි, රුපවාහිනී, කෙටි පණිවිඩ සේවා ආදී සියල්ලෙහිම එකතුවක් සහිත වැඩසටහන් මාලාවකින් සාන්විත විය. IBOS හි වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ බ්‍ර්තාන්‍ය විෂයමාලා පිළිබද මන පුහුණුවක් ලත් රජයේ පිළිගත් ගුරුභ්වතුනය.
ඔවුන් 1;15 යන වැඩිහිටි ළමා අනුපාතය පවත්වාගනිමින් වැඩසටහන් මෙහෙයවා ඇත. මෙමෙ පාසල් සමග සම්බන්ධ වූ සිසුන්ගේ අදාල වසංගත කාලය තුල අනෙක් පාසල් වල ළමුන් සමග සැසදීමේදී 30% ක වර්ධනයක් දක්නට ලැබී තිබිණ. අවුරුදු 8 සිට 19 දක්වා මධ්‍යම ලන්ඩනය මුලික කර ප්‍රථමික හා ද්විත්යික පාසල් ළමුන් සඳහා මෙම අයත්ය වැඩසටහන් මෙහෙයවා විශාල ප්‍රගතියක් ඇත කරගෙන ඇත. සදුදා සිට සිකුරාදා දක්වා 100% ක්ම ඉගෙනුම් ආවරණය මෙහිදී සිදුවේ. IGCSEs 10ක් දක්වා සහ ජාත්‍යන්තර් උසස් පෙළ විෂයන් 5 ක් දක්වා ඉගෙනුම් කටයුතු මෙම ආයතනය මගින් සිදු කරයි.
ෆින්ලන්තය මෙම වසංගත සමයේදී සිය ගුරුවරුන්ගේ හා සිසුන්ගේ පරිගණක සාක්ෂරතාව ඉහල නැංවීම ට විශේෂ වැඩමුළු සංවිධානය කරන ලදී. දෙමවුපියන් හා පාසල් අතර සම්බන්ධීකරණය ඉහළ නැංවූ අතර එමගින් දරුවා නිවසේ සිට අදාල අධ්‍යාපන ක්‍රියාකාරකම් වලට යොමු කරව ඔවුන්ගේ ප්‍රගතිය නිරන්තරව දෙමවුපියන් විසින් පාසල් බලධාරීන් වෙත ලබා දෙන අතර ඒවා විශ්ලේෂණය කිරීම මගින් අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට ඔවුන් පියව ගන්න ලදී. පාසල් වලින් පවරන් ලද වැඩ කටයුතු නිසි පරිදි දරුවන් සිදුකර ඇත්දැයි වෙනම කණ්ඩායම් යොදවා පරික්ෂ කරැණු ලබයි. දරුවනට ප්‍රයෝගිකව ගැටළු වලට මුහුණදෙන ආකාරය පිළිබද වෙනම වැඩසටහන් ඉදිරිපත් කිඉරිම ද විශේෂත්වයකි.
ඊශ්‍රායලය, උරුගුවේ, ට්‍රිනිදෑඩ් හා ටුබැගෝ වැනි රටවල පවා Webinar මගින් ඉගැන්වීම හා ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීමේ වැඩසටහන් ක්‍රියාත්මකවිය. ශ්‍රී ලංකාවද බහුල වශයෙන් Webinar ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක වන zoom us, Microsoft teams, google meet වැනි දෑ භාවිතයෙන් මාර්ගගත අධ්‍යාපනය සිදුකරමින් පවතී. එවැනි Webinar ක්‍රමවේද ඉදිරියට පැමිණුනේ මෙම කොවිඩ් වසංගත තත්වය සමගය.
ශ්‍රී ලංකාව සමග සසදා බැලීමේදී ලෝකයේ බොහෝ රටවල අධ්‍යාපන බලධාරීන් වඩාත් සැලසුම් සහගතව පාසල් තුල විවිධ අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවීමට වගබලා ගත්හ. නමුත් ශ්‍රී ලංකා රජය හෝ අධ්‍යාපන බලධාරීන් විසින් රටේ මතු පරපුරේ අධ්‍යාපන කටයුතු අඩාල නොවීම සඳහා මෙම වසර එකහමාරක කාලය තුල කිසිදු පිළිගත හැකි ක්‍රමවේදයක් ඉදිරිපත් කර නොමැතිවීම කනගාටුවට කාරණයකි. නමුත් සිසුදරුවන් වෙනුවෙන් ගුරුවරුන් අසිමිත කැපවීමෙන් තම පුද්ගලික වියදමින් Webinar ක්‍රමවේදය යොදා ගනිමින් පැවරුම් ප්‍රශ්න පත්‍ර අඩිය යොදාගෙන ඉගැන්වීම් කටයුතු නොකඩවා සිදුකරගෙන යනුයේ දරුවන්ගේ අධ්‍යාපනය එන ඇන හිටීම නැවැත්වීමේ අරමුණිනි. මේ සඳහා අවම වශයෙන් දත්ත පහසුම හා සංඥා පහසුකම් හෝ අවශ්‍ය දෘදාංග පහසුකම් හෝ ලබාදීමට රජය විසින් කටයුතු නොකිරීම නිසා ගුරුවරු පමණක් නොව ශිෂ්‍යන් ද ඉතාමත් අපහසුතයට පත් වී ඇත, එවැනි දැඩි ගැටළු මධයේ වුවද දරුවන්ට ඔවුන්ට මුහුණ දීමට නියමිත විභාගවල කිසිදු ලිහිල් බවක් නැති වීම නිසාවෙන් ඔවුන් තවදුරටත් අපහසුතාවයට පත්වී ඇත. පවතින තත්වය මත දරුවන්ට මෙම අභියෝග වලට මුහුණ දෙමින් ඉගෙනුම් කටයුතු කරගෙන යාම ඔවුන්ට දැඩි මානසික පිඩාවන්ට ලක් කිරීමට සමත් වනු ඇත. එහෙයින් අනෙකුත් රටවල සාපේක්ෂව ශ්‍රී ලංකාවේ දරුවන්ට හා දෙමවුපියන් දැඩි මානසික පිඩනයකින් පෙලෙන බව සමීක්ෂණ වාර්තා වලින් හෙළි වී තිබේ.