

ශ්රී ලංකාව කාන්තා යහපැවැත්ම පිළිබඳ සිය පළමු නිල සමීක්ෂණය සිදු කළේ 2018 දී ය. ශ්‍රී ලාංකික කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු (සියයට 24.9) සහකරුවෙකු හෝ හවුල්කරුවෙකු නොවන අයෙකු විසින් කායික හා ලිංගික හිංසනයට ලක්ව ඇති බවත්, සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුම (සියයට 40ක්) ශාරීරික, ලිංගික, චිත්තවේගීය සහ ආර්ථික පීඩාවලට ලක්ව ඇති බවත් එහි සඳහන් විය. කාන්තාවන්ගෙන් තුනෙන් එකක් කායික හිංසනයට මුහුණ දුන් වතු කම්කරුවන් අතර කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනයන් ඉහළ යාමේ ප්‍රවණතාවය වතුකරයේ වඩාත් ප්‍රමුඛ වී ඇත.
2009 සහ 2013 අතර ලිංගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධ පොලිස් පැමිණිලි සංඛ්‍යාව සියයට 34 කින් වැඩි විය. උතුරු පළාතේ යාපනය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පවසා ඇති පරිදි 2012 වසරේ මුල් මාස තුන ඇතුළත ස්ත්‍රී දූෂණ හා දරුණු ප්‍රචණ්ඩත්වයන් 56ක් වාර්තා වී තිබේ. මෙය 2010 වසරේ වාර්තා වූ සිද්ධීන් 102 හා සැසඳීමේ දී තැතිගන්වන සුළු වැඩිවීමක් සහ 2011 වසරේ මෙවැනි සිදුවීම් 182 ක් වාර්තා වී තිබේ (Balachandran, 2022).
කාන්තාව පදනම් වූ පවුලක්,සමාජයක් මේ රට තුළ පවතී. එම කාන්තාවට දුක් විඳීමට නොදී සෞඛ්‍යමය සහ සමාජභාවය සමතැනට ගෙන ඒමට සියළු දෙනා එක්ව කටයුතු කළ යුතුව ඇත. මේ සඳහා පවුල් සෞඛ්‍ය කාර්යාංශය විශාල දායකත්වයක් ලබා දී ඇත. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සැලකිල්ලට ගැනීමේ දී, කාන්තාවන් හිංසනයට පත් වීම සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත ශාරීරිකව හෝ මානසිකව කාන්තාවන් හිංසනයට පත් වීම වළක්විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවසා ඇත. ඉහත සදහන් කල පරිදි පසුගිය වසර (2018) වන විට 17% ක් කාන්තාවන් හිංසනයට ලක් වී ඇත්තේ තමන්ගේ සහකරුවන්ගෙන් බව කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇති බව ස්ත්‍රී / පුරුෂ සමාජභාවය පිලිබඳ ජාතික වැඩසටහන් කළමණාකාරිණි විශේෂඥ වෛද්‍ය නේතාංජලී මාපිටිගම මහත්මිය වැඩසටහනක් අතරතුරදී අවධානරණය කර ඇත. එපමණක් නොව එවැනි හිංසනයට ලක්වන කාන්තාවන් සිටින පවුල් වල දරුවන් මෙහි දී නිහඬ වින්දිතයින් බවට පත් වන බවත් අවධාරණය කරන ලදී. පුරුෂයා සහ කාන්තාව එක් රාමුවකට කොටු කර ඇති අතර ඉන් නිතරගයෙන් ම පුරුෂයාට ඒකාධිකාරී බලය ලැබී ඇත. පුරුෂාධිපත්‍යය සහිත ශ්‍රී ලංකාව වැනි රටක බලවත් වූ පුරුෂයාට ගැහැණියට දඬුවම් දීමට හැකියාව එකී බලය මඟින් ලැබී ඇත. එහෙත් එය සමාජය ද වක්‍රව අනුමත කරනු ලබන අතර කිසිවිටෙක එය වැරද්දක් ලෙස නොසලකයි. දරුවකු උපතේ සිටම මෙම ස්ත්‍රී / පුරුෂ වර්ගීකරණයට ලක් කිරීම මත මනසට කාවැද්දීම සිදු කරයි. මෙම හේතුන් නිසා සිදුවන බලවත්ම පිඩාව වන්නේ ස්ත්‍රී පුරුෂසමාජභාවය මත සිදුවන හිංසනයයි (News.lk, 2019).
ඒ අනුව මහාචාර්ය සිරි හෙට්ටිගේ වත්මන් සමාජය තුළ කාන්තාවන් කෙරෙහි පවතින සුරක්ෂිතතාව, නීති පැනවීම් තුළින් පමණක් වෙනස් කළ නොහැකි බවත් ලාංකික ජන සමාජ තුළ එකිනෙකා කෙරෙහි පවතින ගෞරවය ඉතා පහළ මට්ටමක පවතින බව පෙන්වා දෙන අතරම, පවතින අධ්‍යාපන ක්‍රමය තුළ ඇති දුර්වලතා ඊට මූලික හේතුව බවද ඔහු පෙන්වා දෙයි.
“අපේ රටේ අධ්‍යාපන ක්‍රමය මුල් වෙලා තිබෙන්නේ සහතිකවලට පමණයි. විභාග පාස් වෙන්න විතරයි ඉගෙන ගන්න ඕන කියල අපි හිතන්නේ. එත් ඒ විදිහ වැරදියි. අපේ අධ්‍යාපන ක්‍රමය දියුණු වෙන්න ඕනි එකිනෙකාට ගරු කරන සමාජයක් ගොඩ නගන්න. කාන්තාව විතරක් නෙවි කිසි ම මනුස්සයෙක්ට කිසි ම ගරුසරුවක් නැතිව හැසිරෙන්න වෙන සමාජ ක්‍රමයක අපි ජීවත් වන්නේ. ඉතින් කාන්තාවක් මේ ක්‍රමය ඇතුළේ සුරක්ෂිත නෑ.”
එමෙන්ම කාන්තාවන්ගේ සුරක්ෂිතතාව කෙරෙහි ආකල්පමය වෙනසක් ඇති කිරීමට ජනමාධ්‍යයෙන් ද නිසි මැදිහත් වීමක් නොලැබෙන බව ඔහු පෙන්වා දෙයි.
“කාන්තාවක් ඇගේ කැමැත්තකින් තොරව වැළඳ ගැනීම, හේත්තු වීම, තට්ටු දැමීම, මිරිකීම විතරක් නොවෙයි කෙනිත්තීමක් වුව ද දණ්ඩ නීති සංග්‍රහයේ 345 වන වගන්තියට අනුව ලිංගික හිරිහැරයක්. ඒ විතරක් නෙවෙයි, බරපතළ වැඩ සහිතව හෝ රහිතව වසර පහක් සිර ගෙට යවන්න පුළුවන්. ඒ, අප්‍රසාදජනක සමීප වීම කියන කරුණ යටතේ,” යනුවෙන් නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය සාකච්චාවක් අතරතුරදී ලිංගික හිරිහැරවලට අදාලව පවතින නීතිමය තත්ත්වය විස්තර කර දක්වා තිබේ. එමෙන්ම ඊට අදාලව ඇය දැක්වූ අදහස් අතර ඉතා වැදගත් කරුණක් මෙසේ උපුටා දක්වමි.
“දැන් සමහර නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ගියා ම අසරණ වුණ කාන්තාවක්… තවත් අසරණ වෙන්න පුළුවන්. සමහරු හිතනවා එම කාන්තාවට මේක සිද්ධ වුණේ එයාගේ ඇඳුම නිසා කියල. සමහරු සිතනවා මේක මේ විහිළුවට කරපු වැඩක් වෙන්න ඇති කියල. කොල්ලෝ ඔහොම තමයි කියනවා. මේකෙන් වෙන්නේ කාන්තාව තවත් අසරණ වෙන එක. වෙන්න ඕන ආකල්පමය වශයෙන් වෙනසක්. නීතියෙන් ම හැම දේ ම කරන්න බෑ.” (බීබීසී සිංහල සේවය, 2019).
ඉතා දියුණු රටවල පවා නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින් විනයගරුක සමාජයක් මෙන්ම අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකාට ගරු කරන්න කාන්තා අයිතිවාසිකම් සුරකමින් ඔවුන්ට ලැබිය යුතු ගරුත්වය හා රැකවරණය ලබා දීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ක්‍රියාවට අවධියක ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට ඉතා දැඩිව කණගාටු විය යුතු සහ අවධානය යොමු කලයුතු පැතිකඩක් ඉතිරිව තිබෙන බව හොදින්ම පැහැදිලිය.
අබේකෝන් මහත්මිය දක්වා ඇති පරිදි කාන්තාවක් යම් තැනක තම අයිතිවාසිකම් උල්ලංගනය වෙනුවෙන් හඬ නඟන අවස්ථාවක ඇයව අන් අයට විහිළුවක් ලෙස සලකන, ඒ වෙනුවෙන් ඇහුම්කන් නොදෙමින්, ඇය කියන්නේ මොකද්ද යන්න ගණනකටවත් නොගෙන අන්ධ ගොළු බිහිරින් මෙන් ක්‍රියාකරන නිලධාරින් බහුතරයක් සිටීම සැබවින්ම අප සතු අභාග්‍යකි. විය යුත්තේ එයද? උදවු උපකාර අවශ්‍ය තැනකදී තරාතිරම නොබලා ගැහැණු පිරිමි බාල මහලු භේදයකින් තොරව ඕනෑම කෙනෙකුටම උපකාර කිරීමට සහ ඒ වෙනුවෙන් හඬ නැගීමට හැකි වීම නියම මනුස්සකමයි.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (Gender Base Violence) යන්නෙන් අදහස් කරන්නේ පිරිමින් සහ කාන්තාවන් අතර වෙනස්කම් පැනවීම මත පදනම්ව, ඔවුන්ගේ ලිංගභේදය මත පදනම්ව පුද්ගලයෙකුට එරෙහිව කරන ලද ක්‍රියාවන් ය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය යනු කාන්තාවක් හෝ පිරිමියෙකු වීම නිසා පුද්ගලයෙකුට සිදුවන ශාරීරික සහ/හෝ මානසික හානියකි
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳ පුළුල් සංකල්පයට කාන්තාවන්ට සහ පිරිමින්ට එරෙහි ක්‍රියා ඇතුළත් වේ, නමුත් මෙම ප්‍රශ්නය ඓතිහාසිකව අවධානය යොමු කර ඇත්තේ එම කාන්තාවන්ට එරෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට සමාජයේ කාන්තාවන්ගේ අවදානම කෙරෙහි ය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය කායික, මනෝවිද්‍යාත්මක සහ ලිංගික වශයෙන් කාණ්ඩ තුනකට බෙදා ඇත.
- ශාරීරික හිංසනය:
එය දෘශ්යමාන වේ. තර්ජන, අවප්‍රමාණය කිරීම් සහ අපිරිසිදුකම මනෝවිද්‍යාත්මක ස්වභාවයකි. උදාහරණ කිහිපයක්:
- හිතාමතා වැඩ වර්ජන.
- වැඩිහිටි අපයෝජනය.
- ස්ත්‍රී පුරුෂ භාවය හෝ ස්ත්‍රී පුරුෂ භාවය නිසා ස්ත්‍රීන් ඝාතනය කිරීම වළක්වා ගත හැකිය.
- මනෝවිද්‍යාත්මක අපයෝජනය:
ඒවා බොහෝ විට ගෘහස්ථ හිංසනයේ පළමු සලකුණු වේ. ආක්‍රමණිකයා ඔවුන්ගේ ප්‍රතිචාර හෝ ආකල්ප හසුරුවන අතර වින්දිතයාට අනාරක්ෂිත සහ බල රහිත බවක් දැනෙන පරිදි ආධිපත්‍යය පතුරුවයි. ඒවා ආර්ථික ප්‍රචණ්ඩත්වය සහ සමාජ ප්‍රචණ්ඩත්වය ලෙස ද බෙදිය හැකිය. උදාහරණ කිහිපයක්:
- පුද්ගලයාගේ ක්ෂය වීම.
- හිතාමතාම නිහඬයි.
- උදාසීනත්වය
- වාචික ආක්රමණශීලීත්වය.
- අපහාස කිරීම
- ලිංගික අපයෝජනය:
එය කායික ප්‍රචණ්ඩත්වය තුළ රාමු කළ හැකි වුවද, ලිංගික සබඳතාවයක් හෝ ලිංගික හැසිරීමක් බල කිරීමට ශාරීරික හෝ මානසික පීඩනය හරහා මානසික සංරචකයක් ද ඇත. කායික ප්‍රචණ්ඩත්වය ව්‍යංගයෙන් ඇතත් එය කාන්තාවන්ගේ ලිංගික නිදහස උල්ලංඝනය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. උදාහරණ කිහිපයක්:
- ලිංගභේදය අනුව ගබ්සා කිරීම.
- ලිංගික අපයෝජනය හෝ අපයෝජනය.
- ගැහැණු ලිංගික අවයව විකෘති කිරීම.
කෙසේ වුවද ලංකාවේ නීති පද්ධතිය කෙතරම් ශක්තිමත් වුවත් මෙවැනි සාපරාධි බරපතල ගණයේ අමානුෂික කාන්තා හිංසනයන් සිදුවීම සම්බධයෙන් කිසිදු දැඩි පියවරක් නොගැනීම නිසා මෙවැනි ක්‍රියා බහුලව සිදුවීම හා ඒ ආශ්‍රිත පුවත් නිතර නිතර අසන්නට දකින්නට හේතුවක් වී තිබේ. කාන්තා හිංසනය යන මාතෘකාව අද ඊයේ අප අතරට පැමිණි කතාබහට ලක් වුන මාතෘකාවක් නොවේ. ඉතා අතීතයේ පටන්ම මේ පිලිබදව නොයෙකුත් අයුරින් කතාබහට ලක්වී තිබේ. නමුත් කාන්තා හිංසනයට සාපේක්ෂ අයුරින්ම පිරිමි හිංසනයන්ට අදාළ සිදුවීම්ද මේ වන විට ලංකාව තුළ බහුලව අසන්නට ලැබේ. ඇත්තෙන්ම එවැනි සිදුවීම් කෙතෙක් වාර්තා වුවත් ඒ පිලිබදව කිසිදු ලිපියක් හෝ ගත් ක්‍රියාමාර්ගයක් පිලිබදව මේ වෙන තෙක් දැනගැනීමට හැකිවී නොමැත. පොදු ප්‍රවාහනය තුළ ගෘහස්තව මෙන්ම මානසික වශයෙන් පුරුෂ හිංසනයද ව්‍යාප්ත වෙමින් පවතින කාල වකවානුවක ඔවුන් වෙනුවෙන්ද හඬක් නැගිය යුතුය. ඒ වගේම කාන්තාවන්ගේ මෙන්ම පුරුෂයන්ගේද අයිතිවාසිකම් සමාන අයුරින් සුරැකිය යුතුය. ස්ත්‍රී පුරුෂ වර්ගවාදයෙන් තොරව ස්ත්‍රීන්ද පුරුෂයින්ද යන දෙපිරිසම මිනිසුන්ය, අනෙකාව තමාට සමාන කොට ගනිමින් ඔවුන්ටද මානුශියව සැලකීම තුලින් මෙවැනි හිංසනයන් බොහෝදුරට වලක්වා ගැනීමට අපට හැකියාව ලැබේ. වෛද්‍ය තුෂ් වික‍්‍රමනායක මහත්මිය සමග සිදුකරන ලද සාකච්ජාවකදී ඇය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම අදාලව හිංසනය මැඩපවත්වා ගැනීමට හැකි පියවර ලෙස දක්වා ඇත්තේ (කළුබෝවිල, 2022)
‘‘කාන්තාව සහ පිරිමියා අතර ඇති බලතුලනයේ අසමතුලිතතාව, කාන්තාව සහ දරුවන් තමන්ට පාලනය කළ හැකි අය ලෙස පිරිමි අය සිතා සිටීම, ගැටලූවක් ආවා ම ඒක මනා සන්නිවේදනයකින් යුතුව කතා බහ කරලා විසඳා ගැනීමට දෙපාර්ශ්වය ම පියවර නොගැනීම සහ ඒ පිළිබඳ අවබෝධයක් නොමැතිවීම, ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා ජනතාව තමන්ගේ සාමූහික වගකීම් පැහැර හැරීම, ගෘහස්ථව හෝ සමාජීය වශයෙන් කාන්තාවන්ට දරුවන්ට සිදු වන හිංසනයන් සාධාරණීකරණය කරමින් එය ඉදිරියට පවත්වාගෙන යෑමට සැලැස්වීම යනාදී කාරණා නිසා ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් දිගින් දිගට ම හිංසනයට, ප‍්‍රචණ්ඩත්වයට ගොදුරු වෙනවා. අපේ රටේ කාන්තාවන් විසින් පිරිමින් ව යටත් කරගෙන හෝ පිරිමින් විසින් කාන්තාවන් යටත් කරගෙන හෝ සිටිය යුතු නැහැ. මේ දෙපාර්ශ්වය ම සුහදශීලීව දුක සැප බෙදා ගනිමින්, මේ රටේ සංවර්ධනයට සහයෝගයෙන් උර දෙනවා නම් ගෘහස්ථ සතුට, සමාදානයත් ආරක්ෂා වෙනවා. අපේ පවුල් සංස්කෘතිය අනාදිමත් කාලයක පටන් පැවතියේ එලෙසයි. වෙනත් බලවේගවල මෙහෙයවීම් නිසා මුළාවට පත්ව ඇති ශ‍්‍රී ලාංකික සාමකාමී පවුල් සංස්කෘතිය යළි නගා සිටුවිය යුතුයි. ඒ සඳහා අත්‍යවශ්‍යම දේ වන්නේ පුද්ගල හා සමාජ ආකල්ප යථාවත් කිරීමයි. මෙවැනි සංවාද, කතිකා, දැනුවත් කිරීම් ඒ සඳහා අවශ්‍ය යි.”
ක්ෂණික කෝපය හෝ ආත්ම තෘප්තිය වෙනුවෙන් ගන්නා හදිසි තීන්දු තීරණ සහ ක්‍රියාකලාපයන් ඔබව ජිවිත කාලෙටම පසුතැවීමට ලක්කරන විනාඩි කීපයක් විය හැක. එබැවින් මෙවැනි අවස්ථා වලදී ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත් වේ. ඇත්තෙන්ම මේ හිංසනයන් වලක්වා ගැනීමේ මුලික පියවර තමන් සතු වේ. ඔවුනොවුන්ට ගරු කරමින් හා එකිනෙකාගේ අයිතිවාසිකම් සුරකිමින් හොද සවන්දෙන්නෙක් සහ අවබෝධයෙන් කටයුතු කිරීම වැනි සුළු ක්‍රියාමාර්ග තුලින් අපිට හිංසනයන්ගෙන් තොර ලස්සන පවුලක් සමාජයක් වගේම රටක් ගොඩනැගීමට හැකියාව ලැබේ.
මුලාශ්‍ර
Balachandran, P. (2022). Roots of gender-based violence and discrimination in Lanka. Ceylon Today. https://ceylontoday.lk/2022/11/21/roots-of-gender-based-violence-and-discrimination-in-lanka/#:~:text=It found that one in,controlling behaviour by a partner.
News.lk. (2019). කාන්තාවන් 17% ක් හිංසනයට ලක් වී ඇත්තේ තමන්ගේ සහකරුවන්ගෙන් – හිංසනය වළක්වාලීම පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය එළිදකියි. Sinhala News. https://sinhala.news.lk/news/political-current-affairs/item/36127-17
කළුබෝවිලතුෂාරී. (2022). කාන්තා හිංසනයට එරෙහි නීති ප්‍රමාණවත් නෑ…ඒ වෙනුවෙන් ඉදිරියේදී කරයුතු කරනවා. Divaina.Lk. https://divaina.lk/කාන්තා-හිංසනයට-එරෙහි-නීත/
බීබීසී සිංහල සේවය. (2019). කාන්තා හිංසනය: අසැබි වචන පාවිච්චිය හෝ අනවශ්‍ය ස්පර්ශ නිසා ලැබෙන දඬුවම්. බීබීසී සිංහල සේවය. https://www.bbc.com/sinhala/sri-lanka-47655950