
කලින් ලිපිය නතර කරපු තැනින් පටන් ගත්තොත්, පරිකල්පනය කියන්නේ අප දකින දේ තියන රටාවයි. සංකෙතිත්වය කියන්නේ දෘශ්‍යමය ලෝකයට සහය වන සහ එය නියාමනය කරන ව්‍යූහයයි. එකෙන් සිද්දවෙන්නේ අපට අපගේ ලෝකය පැහැදිලි කිරීමට වචන සපයනවා විතරක් ම නෙවෙයි අපට අපගෙම විදිහට අපට රැකවරණය දෙන පරම අනන්‍යතාවය අපට ලබා දීමෙන්. ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයෙකු, ගුරුවරයෙකු, ඉංජිනේරුවරයෙකු එහෙම නැත්නම් දෙමාපියෙක් විදිහට වූ සංකේතිය අනන්‍යතාවයන් ලබාදීමයි. මම කවුද යන්න පිළිබඳව මට හැඟීමක් ලබා දීමයි. එහෙම නැත්නම් සරලව මම එහෙම නැත්නම තමා වෙනුවෙන් ම නිර්මාණය කරන ලද්දක් නොවේ. ඒක අපවෙතට එන්නේ තනා නිමකළ දෙයක් විධිහට තමයි. ඒ කියන්නේ අප කතා කරන විෂය තුල දී පුද්ගලයා “විෂය” බවට පත්වීමේදී මම මා දෙස බලන්නේ මෙමෙ අනන්‍යතාවය තුල අවබෝධයෙන් කියන එකයි. මෙතැනදී සිද්දවෙන දෙයක් තමයි මා ගේ අනන්‍යතාවය සංකේතිය රටාව තුල ඇති බලයත් එය සම්පුර්ණයෙන්ම ඇතිකිරීමට ඇති නොහැකියාව ත් යන දෙකම මේ පරිකල්පනය මගින් සගවාලිමයි. මේක හැමවෙලේම පරිල්පනය මගින් වසන් කරනවා. තවදෙයක් තමයි ලැකාන් පවසන අත්දැකීම පිලිබඳ තෙවන ප්‍රවර්ගය වන යථ, මේ පරකල්පනය මගින් වසන් කරන බවයි.
ලැකානියානු යථ කියල කියන්නේ සංකේතිය රටාවේ අසම්පුර්ණත්වය ගැන කෙරෙන නිරුපනයක් විදිහට තායි ගනේනේ. හැගවුම් කරණය කියන එක ඛණ්ඩනය වෙන ලක්ෂ්‍ය ද එයයි. මේ යථ කියන එක අප සමාජ වියුහයේ හිඩැසක් විදිහට තමයි තියෙන්නේ. මෙතැනදී ලැකාන් කරන දෙයක් තමයි යථෙහි වැදගත්කම පැහැදිලි කිරීම තුලින් මේකට භාෂාවෙන් ගැලවීමට ඇති හැකියාවයි යථ යනු කුමක්ද කියන එකයි ගැන නොපවසා සිටිනවා. ඒ වෙනුවට ඔහු කරන්නේ භාෂාවේ සීමාකම් තහවුරු කිරීමයි. ඒ කියන්නේ මේ සියල්ල සහ සමස්ත සත්‍ය පැවසීමට භාෂාවට ඇති නොහැකියාව ගැන පැවසීමයි. ඒ වගේම තමයි යථ පැහැදිලි කිරීමට එහෙම නැත්නම් තහවුරු කිරීමට කිසිම බාධාවකින් තොරව සිදුවන දෘෂ්ටිවාදයේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කිරීමට සිද්දවෙනවා කියලා තමයි කියන්නේ. ඒක මෙන්න මේ විදිහට ගන්න පුළුවන් හැමවෙලාවෙම සෑම දෘෂ්ටිවාදයක් තුලම විස්තර කල නොහකි හෝ නියෝජනය කල නොහැකි ලක්ෂයක් තියනවා කියන එක තමයි එහි අදහස වෙන්නේ. මෙන්න මේකට තමයි යථෙහි ලක්ෂ්‍ය කියල කියන්නේ. එතැනදී තමයි දෘෂ්ටිවාදය කියන එක පිටතට විවර වෙන්නේ. මෙන්න මේ අවස්ථාවේදී යථ, දෘෂ්ටිවාදයට අවස්තාවක් ලබලදෙනවා නව ප්‍රපංචයක් ඇතුල් කරගන්න. එත් එක්කම ඒක දෘෂ්ටිවාදයේ අවදානම් සහගත බවද සටහන් කරනවා. ඒ කියන්නේ අප ගැටලුව වෙතට දෘෂ්ටිවාදය කැඳවන විට එක කරන්නේ ඒක තුල ඇති යථෙහි ලක්ෂ්‍යයේ සිට නිසාවෙනි. යථ ගැන කතාකරනකොට කිවයුතු දෙයක් තියනවා 1970 දශකයේදී මනොවිශ්ලේෂනාත්මක සිනමා න්‍යාය තුල යථ කිසිවිටෙකත් අපට මුණ නොගැසීමයි.
සිනමාත්මක රූප ගැන කතාකරන කොට අපට මෙන්න මේ වගේ කතාවක් ඒ කියන්නේ බෝද්රි වැනි දාර්ශනිකයන්ට අනුව ඔව්හු කියන්නේ සිනමාත්මක රුප ක්රියත්මකවන්නේ පරිකල්පන ප්‍රයෝගයක් ලෙස කියන එකයි. සිනමා රුප යටින් දිවෙන සංකේත හා ද්‍රව්වයම සිනමාත්මක මෙවලම් කියන්නේ අපව අනිධ කරවන ඇමක් කියන එකයි. ප්‍රේක්ෂකයා චිත්රල්පටය නැරබිමේදී චිත්‍රපටයේ රුප නිර්මාණයක් කරන නිෂ්පාදන කාර්යය පිළිබඳව ප්‍රේක්ෂකයාට අවබෝධයක් නැත. ඒ ආකාරයට ගත්විට සිනමාත්මක අත්දැකීම අපව රවටනවා. මේ පිලිබඳ ඔබටත් අත්දැකීම ඇති. මෙතැනදී සිද්දවෙන දෙයක් තමයි මේ මායාවට අප ගොදුරු වන විට සිනමා තිරය මත දකින දේ පිලිබඳ එහෙම නැත්නම් දකින දේ පිලිබඳ පාලනයක් වගේ දෙයක් ඒ කියන්නේ පුර්න වශේයෙන්ම පාලනයක් පිලිබඳ හැගීමක් අපට දැනෙනවා. මේකට අපි කියන්නේ අනෙකාගේ බැල්ම (Gaze) කියලා. මේ අනෙකාගේ බැල්ම ගැන මම ඉදිරියේදී කතා කරන්න සුදානම්. මේක ලැකානියානු සිනමා න්යයතුල ඉතා කැපී පෙනෙන සංකල්පයක් වෙනවා. මෙම න්‍යායාත්මක එලෙබුඹ සිනමාවේ සිදුවන පරිකල්පන ප්‍රයෝග වෙත පිවිසෙන යතුර විදිහද අපට ගන්න පුළුවන්. මුල් කාලයේදී සිද්දවුන දෙයක් තියනවා එක තමයි මේ අනෙකාගේ බැල්ම කියන එකට ලැකානියානු සිනමා න්‍යාය තුල ලැකානියානු චින්තනයේ කැපිපෙනෙන මුල් නොමැතිවීම නිසා මේ අනෙකාගේ බැල්ම හදුනාගත්තේ ප්‍රේක්ෂකයාගේ නොමග ගිය දැකීමක් ලෙසයි. ක්‍රිස්ටියන් මෙට්ස් මේක මනෝවිශ්ලේෂණාත්මක සිනමා න්‍යායේ අභිමතාර්ථය කියල තමයි කියන්නේ. හැබයි ක්‍රිස්ටියන් මෙට්ස් අනෙකාගේ බැල්ම කියන යෙදුම භවිත කරන්නේ නැහැ. මේ පිළිබඳව ඔ ඉදිරියේදී කතා කිරීමට බලාපොරොත්තු වෙමු. ලැකානියානු අර්ථයෙන්ම නිර්වචනය කරනාවනම් “මනොවිශ්ලේෂනාත්මක ප්‍රත්යවෙක්ෂණයක් යනු පරිකල්පනයෙන් සිනමා වස්තුව ඛණ්ඩනය කිරීමට ගන්නා උත්සහයක් සහ සංකෙතිත්වය වෙනුවෙන් එය ජය ගැනීමට ගන්නා උත්සහයක්” කියන්න පුළුවන්.
1980 සහ 1990 දශකවල විවේචන රැල්ලක් ලැකානියානු සිනමා න්‍යායට අභිමුකවිය. ලෝරා මල්විගේ Visual Pleasure and Narrative Cinema යන කෘතිය මේකට හුඟක් බලපානු ලබනවා. අවසානයේදී 1996 දී ලැකානියානු කේන්ද්‍රීය මනොවිශ්ලේෂනාත්මක සිනමා න්‍යායේ අභාවය ප්‍රකාශ කරනා රචනා රාශියක් පලවෙන්නට පටන් ගන්නවා. ඊටපස්සේ සිනමා අධ්‍යනය පිලිබඳ එම න්‍යායේ හෙජමොනිය අවසන් වෙනවා එහෙම නැත්නම් නිමාවෙනවා. මේකේ සංස්කාරක වරුන් වෙන්නේ ඩේවිඩ් බෝද්වෙල් සහ නොයෙල් කැරොල් කියන අයවලුන් වේ. එක සරලව “න්‍යාය” කියල තමයි හදුන්වනු ලබන්නේ. බෝද්වෙල් සහ කැරොල් ඒ කාලයේ දී ම සිය Post Theory කියන කෘතියේ මෙන්න මේ විදිහට ලියනවා, “සිනමා අධ්‍යනය පවතිනුයේ තීරණාත්මක මන්සන්ධියකය. එය න්‍යායේ මලනිකවිම කියල හඳුන්වන්න පුළුවන්.” ඔවුන්ගේ දැක්ම තුල මේ න්‍යායේ මලානික වීම විශාල වශයෙන් දිස්වූයේ මනොවිශ්ලේෂණය සහ ශාක් ලැකාන් හා සම්බන්ධ චිත්‍රපට න්‍යායේ විශ්විකරණය වෙමින් පවත්නා අයිතිය කියා පෑමට ප්‍රතිචරය වශයෙනි.