29 C
Colombo
Monday, June 5, 2023
spot_img

Subscribe

Date:

Share:

අත නොහැර අත හැරීම

Related Articles

නෙත කියූ දේ මග හැරුණු හමු වීමය
දැක දැකම අත ලඟම පිපි යුගයේමය
සිත බැඳුනු බව කියන්නට බිය වීමය
අත නොහැර අත හැරීමද මේ ප්‍රේමය..!


කල්පයක් කල් ගියත් අමතක නෑමය
නැවුම් සිතුවිලි එදා මෙන් අද බෝමය
යදම් අතරින් පෙනෙන්නෙත් එක හීනය
අත නොහැර අත හැරීමද මේ ප්‍රේමය…!


සසර බැඳි ලෙස යලි යලිත් හමුවීමය
අතර මග මේ වගේ අහිමි ද වීමය
සයුරු හතකට එහා වුව ලඟ වීමය
අත නොහැර අත හැරීමද මේ ප්‍රේමය…!

Nalika De Silva
Nalika De Silva
Dental Surgeon Dental Hospital, Peradeniya

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles