පණ්ඩුල

ඔයාට මතකද පණ්ඩුල
අපි යාළුවෙච්ච මුල් දවස්වල
චිකන්පොක්ස් හැදුනා මට,
ජම්බු ගහෙන් වැටිච්ච ගෑණු ළමයෙක් වගේ එක්ටැම් ගේක මම
කටහඬ අහන්න තියෙන දොලදුකට ම
ඉක්මවා තුන්වේල කෝල් කළා මං ඔයාට,
වාතයක් වුණාට ඒක තමුසෙට
ඒකට කියන්නේ ආදරය
ඔයා එදා නයිට් ඩියුටි,
කොල්ලයි කෙල්ලයි
ගුඩ් නයිට් කියලා මට, නිදාගන්න ගියාම
රෑ එකොළහට විතර මං ගත්ත ඔයාට
හිතාගෙන ඉන්නැත්තෙ
ගෙදරින් කියලා වෙන්නැති නේද?
මුල්ම සප්රයිස් නයිට් කෝල්ලෙක
මං ඔයාට අණකළා පණ්ඩුල
මෙහෙම ගත්තට අද(එදා)
ආයෙමත් රෑට කෝල් කරනකම් එහෙම
බලාගෙන ඉන්නෙපා හැමදාම
මගේ ඒ සොඳුරු අණ කිරීම
තේරුණාද දන්නෑ නේද මෝඩයෝ ඔයාට
පෙම්වතියන්ගෙ ගණන් ඉස්සීම කියන්නෙත් ආදරේට ම බව
අපි දෙන්නා රණ්ඩු වුණ තරමක් රණ්ඩු වුණේ
ටෙක්නිකල් දෝෂ නිසා මොබයිල් ෆෝන්වල
මං ඔයාට ගද්දී බිසී නම් ඔයාගේ ෆෝන්නෙක,
ඔයාගේ බොටුව මිරිකන තරමට
පරලවෙන යකින්නක් මම
නිවුණ හඬකින් ඔයා කියයි එතකොට
මතක් වෙන්නෙම මට(ඔයාට)
වෙඩ්ඩාගේ නවකතාවක නම’
මගේ ආදරණීය යක්ෂණී’
ඔයා මට ගද්දී බිසී නම් ෆෝන්නෙක මගේ,
ඔයා අපේ ලොකු අයියටත් වඩා වැඩිමල් වුණාට
මං බලාපොරොත්තු වුණ පැසුණු මිනිහා නම් නෙවේ එතකොට
තමුසෙ නම් යකෙක් ඕයි මිනීකන
දිරවන්නෙ ම නැත්තෙ මට
තමුසෙගෙ වාමාංශික දේශපාලනය බම්බුව
කොහොමත් පිරිමි දේශපාලනයෙ වේදිකාව තියෙන්නෙ ම
ගැහණියෙක්ගෙ බඩ උඩ
කොළඹ කැම්පස්සෙකෙන් ගත්ත මගෙ බයෝ ඩිග්රිය කුස්සියේ පැන්ට්රියක මකුළු දැල්
බැඳෙනකොට
ඔයා තමයි එන්ලාජ් කරලා ගෙනත් දුන්නෙ මට මගෙ කොන්වකේෂන් ෆොටෝ එක
අපේ විජේගෙ කා එක විකුණන්න දැම්මම,
ගන්න ආපු මිනිහා කොන්වකේෂන් ෆොටෝ එක දිගේ එල්ලිලා ඇවිත්
මට පැණි හැලුවට මං පලිද හලෝ ඒවට
මං අහුවෙයි ඌට
හැබයි පණ්ඩුල මට තමුසෙට රිද්දන්න ඕන වුණ හැම මොහොතෙම
මං කළේ ඒ පැණිඇඹලයට කෝල් කරපු එක
මං දන්නවා එතකොට
තමුසෙට ඇතිවෙන ඉරිසියාව
මට තියෙන ආදරේට ද?
ඒ ටිකත් ඇති මට නිවෙන්න
ඒත් මං ආදරේ තමුසෙට තමයි පණ්ඩුල