25 C
Colombo
Thursday, December 7, 2023
spot_img

Subscribe

Date:

Share:

මායා වී – 02 කොටස

Related Articles

තනි සිතක අඳුර මැකූ සිහින අප්සරාව

   ඔරලෝසුවේ කටු කැරකෙනවද දන්නේ නෑ.. ඒත් දැනෙන්නේ මොහොතකට කාලය නැවතුනු බව.. සිගිත්තියක් වාගේ පියාගේ ගෙලෙහි වෙලී සුරතල් වෙමින් ඇය මොන මොනවාදෝ කියවනවා..ඒ හඩ ඇහෙන්නේ එහා ලෝකෙන් ඇහෙන හඩක් වාගේ..

“.. තාත්ති... ටෙහානිගෙ බර්ත් ඩේ එක... නෙක්ස් ප්‍රයිඩේ.....”

“.. ඔන්න ඔයාට ඕන තැනක යන්න මම ඩ්‍රයිවර් කෙනෙක් ගත්තා.......”

  එය ඇසෙද්දි ආයෙමත් මගෙ හිත ගැහෙන්න පටන් ගත්තේ මගෙ දැසේ ගැටෙන ඒ දෑසේ එලිය දරන්නට අසීරු වේදැයි ඇති වූ බයට..ඒත් ඇය නිකමටවත් මා දිහා බැළුවේ නෑ... 

“... තාත්ති මට දැන් යන්න ඕන....ටෙහානිට බර්ත් ඩේ ගිප්ට් එකක් ගන්න...”

“.. නෑ දැන් කොහෙවත් යන්නේ නෑ... පාටි එක සැටඩේ නේ... හෙට උදේ 
   මමත් එක්ක යමු බර්ත් ඩේ ගිප්ට් එකක් ගන්න.......”......

  පිපිනු මලක් සැනින් මිලිනව යන්නා සේ ඒ සොදුරු වත බිමට බරවුනා.. ඊලග නිමේෂයේ ඇය පිටව ගියේ මා දිහා යාන්තමට බැල්මක් හෙලමින්.. ඒ අපි දෙදෙනාගේ දෑස් ගැටුනු පළමු අවස්ථාව.. ඒ නිල් නෙතු තුල හැංගිලා තිබුනේ තේරුම් ගන්න බැරි නෝක්කාඩුවක්..මට හිතුනා මම කරපු වරද මොකක්ද කියල අහන්න...

  “.. තමුන්ගේ නම....ආ සන්දේශ් නේද....?....”

. මගේ සහතික අතර දිවගිය දෑස් යලි මා වෙත එල්ල වුනා….ඒත් ඒ දෑස දෙස කෙලින් බලන්නට ශක්තියක් මට නෑ.. මා ඉදිරියේ සිටින්නේ මා විසින් මහ ලොකු වරදක් කල අයෙකු යයි සිත මොරදෙනු මට ඇසුනා… තම දියණිය සහ මා අතර ඇති සම්බන්ධය මොහු දන්නවා නම් මේ මොහොත කෙබදු අවස්ථාවක් වේදැයි සිතෙන විට ඇති වන්නේ විශාල බියක්.. අඩුම තරමින් ඇයවත් නොදන්නා ඒ සම්බන්ධයේ හෙට දවස කුමනාකාර එකක් වේදැයි මට සිතුනා..

“..මගෙ දුව පිංකි ටිකක් හිතුවක්කාරයි.. සන්දේශ්ට මගෙ උපදෙස් වලට ගැලපෙන විදියට එයත් එක්ක වැඩ කරන එක ටිකක් අමාරු වෙයි.. සමහර විය පිංකි කියන කරන දේවල් හිංද සන්දේශ්ගේ හිත රිදෙන්නත් බැරි නෑ.. කැමතිද රාජකාරිය භාරගන්න….”…….
.
“..කැමතියි සර්…..”
“.. සන්දේශ්ට මෙහෙ නවතින්න වෙනවා…..නිවාඩු නම් ටිකක් අඩුවෙයි…..”

“.. කමක් නෑ සර්…….”

“අලුත් රස්සාවකට එනකොට සූදානම් වෙලා එන්න ඕන නිසා හෙට නෙවෙයි
අනිද්ද වැඩ භාර ගන්න …හෙට හවස් වෙද්දි එන්න ඕන…..”…

“.. හොදයි සර්…..”

සම්මුඛ පරික්ෂනයකට පැමිනි අයෙකුට දින දෙකකට පසුව රැකියාව හිමි වේ නම් එය කෙතරම් අගනේද.. මට ගෙවන්නට සූදානම් වන වැටුපත් හිතුවට වඩා ඉහලයි.. ඒත් පවරන්නට යනවා කී රහස් පරික්ෂක රාජකාරිය තවමත් හෙලිකලේ නැති නිසා හිතේ තියෙන්නේ විශාල කුතුහලයක්.. ඒ ගැන විමසනවාද නැද්දැයි මටම සිතාගන්න බෑ……

“.. මම කිව්ව නේද සී අයි ඩී වැඩක් කරන්න තියෙනවා කියලා… ජොබ් එකට
කැමති වුන නිසා දැන් ඒක කියන්නම්…..”

ආයෙමත් ඒ ඇස්දෙක තුලට ගලාගෙන ආවේ ගුප්ත බැල්මක්.. තත්පර කීපයක විරාමයකින් පසු නැවත ඒ ගැඹුරු හඩ අවධි වුනේ වඩාත් ගැඹුරු බවක් එක් කරමින්…

“ …තමුන් මගෙ දුව යන එන තැන් ගැන හොද අවබෝධයකින් ඉන්න ඕන..ඒ විතරක් නෙවෙයි දුව ආස්‍රය කරන අය ගැන ලොකු අවධානයකින් ඉන්න වෙනවා……”…..

“.. හොදයි සර්….”

“..මම දැන් සන්දේශ්ට පොටෝ එකක් දෙනවා…..මගෙ දුව ඉන්න කොතන හරි තැනක මේ මනුස්සය හිටියොත් ඒ වෙලාවෙම මට කෝල් කරන්න ඕන….තේරුනාද..”……

  “.. ඔවු  සර්....”

මේ මොකක්ද වෙන්න යන්නේ.. ඒ කියන පුද්ගලයා කවුද…පිංකිව ඔහුගෙන් ආරක්ෂා කරගත යුත්තේ ඇයි….ප්‍රශ්නාවලියක් හිත පුරා ගලාගෙන ආවත් මම නිහඩයි..ඒ අතරේ ඡායාරූපයක් මා වෙතට දිගුවුනා…ඡායාරූපයේ සිටින්නේ පිංකිගේ සතුරෙක්ද..එසේනම් ඔහුව නීතිය ඉදිරියට ගෙන යා හැකි නොවේද.. එසේ නම් මේ තැනැත්තා පිංකිගේ පෙම්වතා විය නොහැකිද…උඩු හිතට එන සිතිවිල්ල යටි සිතින් තද කරන්නාක් සේ මට දැනුනා.. තවමත් පිංකිට පෙම්වතකු නැතිව ඇතැයි සිතා හිත හදාගන්නට උත්සහ කලත් සිත පවසන්නේ පිංතූරයේ සිටින නාදුනන තැනැත්තා මගේ පරම සතුරා බවයි…වෙව්ලන දෑතින් මම පින්තූරය අතට ගත්තේ ඒ සතුරාව දෑසින්ම දැනගන්නට….
හිතට තවත් අකුනක් කෙටුවා.. මේ සිදුවන්නේ කුමක්ද.. අද දවස මගේ ජීවිතේ දෛවා්පගත දවසද..

“.. දැකල තියනවද එයාව…?..”

“….නෑ සර්….”

“..පොටෝ එක අනිත් පැත්තේ එයා ගැන විස්තර තියනවා…”

සිත කුනාටුවක් වගේ.. ජීවිතය කියන්නේ අපි නොසිතන සිදුවීම් දාමයක්..ඊලග නිමේෂය කෙබදුදැයි අපි කිසිවකු දන්නේ නෑ.. උදේ නිවසින් පිටව එද්දී මේ තරම් දෛවෝපගත සිදුවීම් වලට මුහුන දෙන්නට වේයැයි මම නිකමටවත් සිතුවේ නෑ.. මම ඡායාරූපය අනිත් පැත්තට හරවලා බැළුවා..“ අඛිල වීරසේකර ” කියලා එහි ලියා තිබුනා.. ඊට යටින් ඔහුගේ දුරකතන අංක ලිපිනය වැනි විස්තර සදහන් වී තියෙනවා..

“… හරි එහෙනම් ගිහින් වැඩ භාරගන්න එන්න…”

අසුනින් නැගී සිටි මා එම දැවැන්ත නිවසින් පිටව ආයේ යන්ත්‍රානුසාරයෙන් ක්‍රියා කරන රොබෝවක් විලසිනුයි.. සිදු වූ කිසිවක් හිතාගන්නට බෑ.. හෙට දවස ඊටත් වඩා ගුප්තයි.. උහුලනු බැරි බරක් හිසට ගන්නට කිසිදා ඉදිරිපත් නුවූ මා අසීමාන්තික සංවේදී අයකු ලෙස මිතුරන්ගේ උසුළු විසුලු වලට ලක් වූ අවස්තා එමටයි.. පැවරුනු රාජකාරියේ සැගවුන කතාන්දරය අබිරහසක්.. මින් පෙර මෙවැනි තත්වයක් උදාවිනි නම් මවිසින් මෙම රැකියාව ප්‍රතික්ෂේප කිරීමට කිසි සේත්ම පසුබට වෙන්නේ නෑ….එහෙත් පිංකි විසින් මා ඒ දැවැන්ත මාලිගයේ සිරකරුවකු බවට පත්කොට අවසන්.. කවරාකාර අභියෝගයක් එල්ලවූවත් දැන් ඉතින් ඉන් මිදී යන්නට මට බෑ..

   මහමගට පිවිසුන මම ඊලගට කලයුත්තේ කුමක්දැයි සිතමින් වටපිට බැළුවා.. සම්මුඛ පරික්ෂනයකට පැමින ඉන් සමත් වී රැකියාව ලද අයකුගේ ඊලග අරමුන හැකි විගසින් නිවැසියන්ට ඒ ආරංචිය පැවසීම.. ඒත් නිවසට යන්නට පෙර යා යුතු සුවිශේෂ ගමනක් මට තියෙනවා...එහෙත් ඒ ගමන යන්නේද නැතිදැයි දෙගිඩියාව යලිත් මදකට මගේ දෙපා නතර කලා...

“ඔක්කොටම කලින් කරන්න තියෙන්නේ අඛිලව බලන්න යන එක..ඒත් ඒ ගමනින් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇතිවෙයිද.. අද දවසෙ වෙච්ච හැමදේම පුදමාකාර දෛවෝපගත සිද්දි… සමහර විට මේ යන ගමනින් අඛිල ගැන මම නොදන්න දෙයක් දැනගන්න ලැබෙන්නත් පුලුවනි……”

  දැඩි තීරනයකට පැමිනි මම අඛිල වෙත යන්නට බස් නැවතුමට ලංවුනා...

තුන්වැනි කොටසින් – අඛිල සන්දේශ්ගේ කවුද……

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles