
ධනාත්මක බලපෑම
සමාජ මාධ්‍ය, ළමා හා යොවුන් මානසිකත්වයට බලපාන අකාරය ගැන සලකා බලන විට අපට කරුණු කිහිපයක් ගැන විමසීමකට ලක් කිරීමට හැකිය. එය යම් අකාරයකට හෝ ආකාර කිහිපයකට සිදුවිය හැකිය. මෙය නිදර්ශන මගින් පැහැදිලි කළහොත්, තමන්ට ලගාවිය හෝ ප්‍රවේශවිය නොහැකි තොරතුරු වෙත සමාජ මධ්‍ය හරහා ලගාවිය හැකි වීම.තවද තම අදහස් කිසිම පැකිලීමකින් තොරව සමාජ මාධ්‍ය වෙදිකවන්ගේ සිමාවන් තුල ප්‍රකාශ කල හැකිවීම. ඒ වගේම යම්කිසි දුෂ්කර කාලවලදී ( කොවිඩ් 19 ) වෙනත් ප්‍රජාවන් සමග සම්බන්ධතා සොයාගැනීමට, පැවැත්වීමට උපකාරී වීම. ඒ වගේම සාමාන්‍ය සමාජය තුල ඇති බාධක බිද දැමීම. එනම් අනෙක වෙත ලගා වීම හෝ ලැජ්ජාව පිළිබද කුකුස සමනය කිරීම. තවද සමාජ මාධ්‍ය තුලින් උපකාර හා සයයෝගිතාවය සෙවීම සිදුකල හැකිය. නිදසුනක් ක්වශයෙන් විවිධ සමාජ මාධ්‍ය වේදිකාවන් උපකාර සෙවීමේ පුරුද්ද වර් ධනය කිරීමක් සිදුකරනු ලබයි. එනම්,
1. මානසික සෞ ඛය රැකගැනීමට
2. ලිංගික අනන්‍යතා තහවුරු කිරීම
3. සමාජ සහයෝගය ලබාදීම
4. ආතතියට එරෙහිව බැරියරයක් මෙන් ක්‍රියාකිරීම
සෘණාත්මක බලපෑම
සමාජ මාධ්‍ය තුල බොහෝ ප්‍රතිලාබ තිබියදීත් මෙය අධික ලෙස එසේත් නැත්නම් පාලනයකින් තොරව භාවිත කිරීමේදී ළමා හා යොවුන් මානසිකත්වයට එසේත් නැත්නම් මානසික සෞ ඛයට සිදුවියහැකි දේ පිලිබදව එක්සත් ජනපද ශල්‍යව්‍යිදය ජනරාල්වරයා සමාජ මාධ්‍ය හා මානසික සෞ ඛය පිළිබද සමාජ මාධ්‍ය උපදේශනයක් 2023 දී නිකුත් කළේය. එම උපදේශනයට අනුව දරුවන් ගේ සහ තම යොවුන් දරුවන්ගේ මානසික සෞඛය ට හානි කිරීමට සමාජ මාධ්‍යට හැකි බව සාක්ෂි ඇතිබව යෝජනා කරයි. උපදේශනය පෙන්නුම් කරන්නේ නිතර නිතර සමාජ මාධ්‍ය භාවිතය හැඟීම සහ ඉගෙනීම සම්බන්ධ මොලයේ කොටස්වල වෙනස්කම් සිදුවිය හැකි බවයි. මිට අමතරව එය අවේග පාලනය, සමාජ හැසිරීම්, චිත්තවෙගිය නියාමනය සමාජ දඩුවම් ස්න්වෙදිතාව කෙරෙහි බලපෑ හැකි බවයි.
සමාජ මාධ්‍ය භාවිතය සහ පොදු මානසික සෞඛය ගැටළු අතර සහසම්බිධයක් ද ඇත. සමාජ මාධ්‍ය හා මානසික ආතතිය අතර පොදු අන්තර් සම්බන්ධතාවයක් පවතී. ඉතා අඩු සමාජ මාධ්‍ය භාවිතයක් සහ අධික ලෙස සමාජ මාධ්‍ය භාවිතය සමග මානසික අතතියේ ඉහල අනුපාතයක් පෙන්නුම් කරයි. සෑම දරුවෙකුටම ඔහුගේ සංවර්ධන මට්ටම සහ ආරක්‍ෂිත සාධක වලට වෙන්වූ ” තෘප්තිමත් මිහිරි ස්ථානයක්” ඇතිබව පර්යේෂණ වලින් සොයගේගන ඇත.

සමාජ මාධ්‍ය හා මානසික ආතතිය
මෑත කාලයේ සිදුකරනු ලැබූ පර්යේෂණ වලින් පෙනී යන්නේ අධික ලෙස සමාජ මාධ්‍ය භාවිතය නිසා මානසික ආතතිය ඇතිවන බවයි. කෙසේවෙතත් මෙයට හේතු ගණනාවක් දැකිය හැකිය.
1. සමාජ හුදකලාව
වර්තමානයේදී සමාජ මාධ්‍ය හේතුකොටගෙන මානව සබදතා සිදුවී ඇති දේ කෙසේදැයි ගැටළු සහගතය. දරුවන්, නව යොවුන් වියේ පසුවන පරම්පරාව මේ වනවිට මිතුරන් හා තම පවුලේ සාමාජිකයින් සමග ඇති පෞද්ගලික සම්බන්ධතා පැවැත්වීමට ඔවුනට ඇත්තේ ඉතා අඩු කාලයකි. ඒ වෙනුවට ඔවුන් තෝරාගෙන ඇත්තේ සමාජ මාධ්‍ය සමග සම්බන්ධතාවයි. එමගින් ඔවුන් හුදකලා වීමට පටන් ගනී. මෙලෙස ඔවුන් මාර්ගගතව පවත්වන සමාජ සම්බන්ධතාවය හුදෙක් ප්‍රතිපලදායක විය නොහැකිය. මෙහිදී සිදුවන දෙය නම් පුද්ගලයෙකු ලෙස සමාජය තුල සිදු කරන හැසිරීම නිසා ඇතිකරගත් මානව සම්බන්ධත තුල ඇති අන්තර් ක්‍රියාකාරකම් හා කමාජ ක්‍රියාකාරකම් වල හැගීම් මාර්ගගත සමාජ මාධ්‍ය හැසිරීම් තුලින් ලබාගත නොහැකි වීම.
2. සෞඛය සම්පන්න ක්‍රියාකාරකම් නොමැති කම
දිගින් දිගටම සමාජ මාධ්‍ය තුල ක්‍රියා කිරිමතුලින් පුද්ගල සෞඛය සම්පන්න ක්‍රියාකාරකම් නොමැති වීමට, හීනවීමට හේතු විය හැකිය. අප ජිවත් වන පරිසරය , සැරිසරන සමාජ වටපිටාව තුල, එළිමහන් ක්‍රියාකාරකම් සිදුකිරීම නිසා මනසිම් ආතතිය නැති කරන එසේත් නැතිනම් සමනය කරන, කිරීමට උපකාරී වන “එඔෆරීන්” රසායනය නිපදවීම සිදුවන අතර හුදකලා පුද්ගලයෙකුගේ මෙම රසායන කිර්යවලිය සිදුවීම අඩුවිය හැකිය. ඒ වගේම සමාජ මාධ්‍ය මාධ්‍ය නිසා හුදකලා වීමෙන් තොර පුද්ගලයෙකු ඔවුන්ගේ ජයග්‍රහණය හා විශ්වාසය පිළිබද හැගීම ස්ථිර කරගනී.
3. නින්ද නොමැති කම
පර් යේෂණ වලින් අපට පෙනීයන කාරණයක් වන්නේ නින්ද නොයාම මානසික ආතතියට බලපාන ප්‍රධාන සාධකයක් වන බවයි. ඕනෑම පුද්ගලයෙකු සමාජ මාධ්‍ය වෙත පිවිසීමේදී සිතන්නේ මිනිත්තු කිහිපයක් සමාජ මාධ්‍ය තුල ටදෙනවා යන්නයි. එහෙත් ඔහු පැය ගණනක් කාලය ඒ තුල සිරවී සිටි. මෙයින් නිද්‍ර රටාව ට බාධා කරන ඉලෙක්ට්‍රොනික තිරවල ඇති නිල් පාට ආලෝක රටාවන් නින්දට බාධා කිරීමක් සිදුකරයි. ඒ නිසා නින්දට පෙර සමාජ මාධ්‍ය භාවිත කිරීම නින්දට බාධා කරන ප්‍රධානම් සාධකයයි, නින්ද නොයාමට හේතුවයි.
” සමාජ මාධ්‍ය භාවිත කිරීම තුලින් ම මානසික ආතතිය ඇති නොවන අතර මානසික ආතතිය ඇතිවුන් සමාජ මාධ්‍ය වෙත නැබුරු වීමේ ප්‍රවනතාවයක් දැකිය හැකිය. “
කෙසේ නමුත් අධික සමාජ මාධ්‍ය භාවිතය නිසා දුර්වල නින්ද, වැඩි සමාජ සන්සන්ධනය, ඉගෙනීමට ඇති බලපෑම සහ සයිබර් හිරිහැර කිරීම්, සෘණාත්මක අන්තර්ගතයන්ට සංකල්පයන්ට නිරාවරණය වීම මගින් මානසික ආතතිය සම්බන්ධ රෝග ලක්ෂණ උත්සන්න වීමට සෘජුවම බලපාන බව පෙනී යයි. තවද සමාජ මාධ්‍ය තුල පුද්ගලයන් වැඩි වීම හා සමාජ මාධ්‍ය වේදිකා වැඩිවීමත් තුලින් මානසික අතැති තත්වය උත්සන්න වී සියදිවිනසගැනීම් වැඩිවීමට හේතු විය හැකිය. කෙසේ නමුත් මෙම සිය දිවි නසාගැනීම් සමාජ මාධ්‍ය නිසාම සිදුවුව යයි පැවසිය නොහැකි නමුත් මෙය නොසලකා හැරීමට නොහැකි කාරණාවක් වෙයි.
දරුවන් හා නවයොවුන් දරුවන්හට පැහැදිලි මාර්ගය පෙන්වදීම.
සමාජ මාධ්‍ය නිවැරදිව භාවිතා කිරීම පිළිබද මධ්‍යස්ථභාවය ඇතිකිරීමට නම් දෙමාපියන් ඔවුන් සමග වැඩකළ යුතුය. ඔවුන්ගේ සෘණාත්මක සිතුවිලි, ආකල්ප ගැන සකච්චකල හැකිය. එමගින් සෘණාත්මක බලපෑම් කළමනාකරණය කලහැකිය. පහත කකෘතිය අපට අනුගමනය කල හැකිය,
1. ඩිජිටල් උපකරණ වලින් නිතිපත විවේකයක් ගැනීම
2. සමාජ මාධ්‍යවල ඇති දැනුම් දීම් නවතා දැමිය හැකිය
3. සමාජ මාධ්‍ය භාවිත කිරීම පිළිබධව සුදුසු සිමාවන් සහ හැසිරීම් සාකච්චා කල හැකිය
