28.9 C
Colombo
Friday, July 11, 2025
spot_img

Subscribe

Date:

Share:

සුදු ළූණූ (White Big  Onion )

Related Articles

සුදු ළූණූ කියල කියන්නේ ඉතා රසවත් වගේම ගුණ සම්පන්න අප විසින් ආහාරයට එක්  කරගන්න ලෝකයේ බොහෝ රටවල ආහාරය ගන්න එළවලු වර්ගයක් කිව්වොත් නිවැරදියි. අපි මේ ගැන ටිකක් විමසා බලමු. සුදු ළූණූවල ඇති ක්වෙසේරටින්  (Quercetin ) සහ ෆ්ලෙවනොයිඩ් (Flvonoids) අඩංගු නිසා ඔක්සිකාරක ආතතිය (Oxidative Stress ) යට එරෙහිව ක්‍රියාකිරීමේ හැකියාව ඇත. ශරීරයේ ඇති හානිකර නිදහස් රැඩිකල් (Radicals ) උදාසීන කිරීම මගින් නිදන්ගත රෝග අවදානම අඩුකිරීමට මෙම සංගයෝගය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. දැන් අපි අපේ සෞඛයට කොතරම් උපකාරී වනවාද යන්න ගැන විඅමසා බලමු. හදවත් සෞඛය සඳහා සුදු ළූණූ ඔබේ අහාර වේල සඳහා එකතු කරගැනීම නිසා ඔබට විශාල ප්‍රතිලාභ රැසක් ලැබේ. එහි ඇති සංයෝග ගුණ නිසා රුධිරයේ ඇති මේදය පහල මට්ටමක පවත්වාගෙන යාමට උපකාරීවේ. තවද රුධිර සංසරණය මැනවින් පවත්වාගෙන යාමට උදවු වන අතර රුධිර පීඩන තත්වය අඩුකිරීමටත් මැනවින් පවත්වාගෙන යාමටත් බෙහෙවින් උපකාරී වේ. තවද ආතරිටිස් වැනි රෝගී තත්වයන් සම්බන්ධ රෝග ලක්ෂණ පාලනය කිරීමේ හැකියාවක් සුදු ළූණූවලට ඇති අතර මෙය ශාරීරයේ සන්ධිවල සෞඛය තත්වය මැනවින් පාලනය කිරීමටත් පවත්වාගන යාමටත් උදවු වේ. ඒ වගේම තමයි දියවදියා තත්වය පාලනය කිරීම සුදු ළූණූ වල බලපෑමක් දැකිය හැකිය. මෙය රුධිරයේ ඉන්සියුලින් වල සංවේදීතාවය ඉහල දැමීමට උපකාරිවේ. මෙය සෑම විටම දියවදියව සමග අත්වැල් බැඳගත් මිතුරෙකු ලෙස (Diabetic – Friendly ) ආහාර වෙලා සමග නිරන්තරයෙන් සම්බන්ධවේ. තවද සුදු ළූණූ ප්‍රතිශක්තිකරණය ඉහල මට්ටමක පවත්වාගෙන යාමට (Immune System Boost ) මහත් උපකාරී වේ. විටමින් C සහ අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් සුදු ළූණූ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සැලකිය යුතු ලෙස ඉහල නංවයි. නිතිපතා පරිභෝජනය කිරීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව පවතින කාලසීමාව හා එහි බරපතල කම අඩුකර වසර පුරා ඔබව නිරෝගී ව තබයි.

ඊළඟට සුදු ළූණූ වල සුපෂස්ත්‍ර භාවිතය හා ඒවා ඔබගේ ආහාර පිසීමට උපකාරී වන්නේ කෙසේද යන්න විමසා බලමු.

ඉවුම් පිහුම් වල බහු කාර්ය තාවය නම් සුදු ළූණූ භාවිත කර අපට සිතන්නටවත් බැරි තරම් කෑම  වර්ග රස කරගත හැකිය. නැවුම් සලාද වල සිට සුප් සිට ස්ටු දකවා ඕනෑම සුපෂස්තරා නිර්මාණයකට සුදු ළූණූ ගැලප ගත හැකිය. නැත හොත් ඒවායේ ස්වාභාවික පැණිරස ස්මතු  කිරීම සදහා තම්බා ගත හැකිය. ඒවායේ අනුවර්තනය වීමේ හැකියාව නිසා ලොව පුරා ඇති මුළුතැන්ගෙයි ප්‍රධාන ආහාරයක් බවට පත්වී අවසන්ය. තවද ආහාරවල රස උද්ධීපනය (Flavor Enhancement) කිරීමේ හැකියාව ඉතා ඉහල මට්ටමක පවතියි. සුදු ළූණූ වල කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ඒවායේ මෘදු පැණි රසයයි. මෙම සියුම් රසය අනෙකුත් රසයන් ඉක්මවා නොයා සුපෂස්ත්‍ර වට්ටෝරුවල රසය උද්ධීපනය කිරීම සිදුකරයි. ඒවා විවිධ ආහාරවලට අනුපුරක වන අතර ඔබේ කෑම වල සමස්ත රසය වැඩිකරයි. ඔබ ඔබේ කෑම වට්ටෝරුව සමග කෙසේ සංයෝග ගත කලත් ඒවායේ රස සිත්ගන්නා සුළුය.

සුදු ළූණූ ගැන විමසා බැලීමේදී අපට දැකගත හැකි කාරණයක් වන්නේ විවිධ සංස්කෘතීන් සමග ඇති සබදියාවයි. සුදු ළූණූ විවිධ සංස්කෘතීන් හරහා ගැඹුරු සංකේත වාදයක් ගෙනයයි. ඒවා බොහෝවිට සමුර් ධිය, ආරක්ෂාව සහ සෞඛය නියෝජනය කරන අතර බොහෝ සම්ප්‍රධයන්හි ප්‍රධාන අංගයක් ගනී. චාරිත්‍ර වාරිත්‍ර හා සැමරුම් වලදී මෙම සුදු ළූණූ බොහෝ විට වාසනාව කැදවීමට භාවිතා කරයි. රැස්වීම් වලදී ඒවායේ  සමුර් ධිය සහ යහපැවැත්ම සඳහා ඇති ආශාව පෙනුම් කරයි.

සුදු ළූණූ වල එයිතිහාසික භාවිතය ගැන සලකා බලන විට පුරාන වත් පිළිවෙත් තුල සුදු ළූණූ සැලකිය යුතු කාර්යයක් ඉටුකර ඇත. පුරාණ ඊජිප්තුවේ ඒවා අවමංගල්‍ය චාරිත්‍ර වාරිත්‍ර පුජා ලෙස භාවිතා කර ඇත. මරණින් මතු ජීවිතයේදී මියගිය අයට  උපකාරී කරනු ඇතැයි විශ්වාසයක්ද පවතී. ඒවායේ ස්ථිර ව්‍යුහය සදාකාලිත්වය සංකේතවත් කරන අතර මරණයෙන් ඔබ්බට ජීවිතය පිලිබඳ විශ්වාසය පිළිබිඹු කරයි. මෙම අද්විතීය බලය ඉතිහාසය පුරාම සුදු ළූණූ බලවත් සංකේතයක් බවට පත්කර ඇත.

සුදු ළූණූ වල පෝෂණ අගයන් – විටමින් සහ ඛනිජ ලවණ අන්තර්ගතයන්

සුදු ළූණූ යනු පෝෂ්‍ය පදාර්ථ රැසක බලාගාරයක් වැනිය. ඒවායේ විශේෂයෙන් විටමින් C බහුල වන අතර එය ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහය වන අතර ශක්තිය නිපදවීමට අවශ්‍ය B විටමින් ද ඉහල අගයක් ගනී. ඊට අමතරව පොටසියම් සහ මග්නීස් වැනි අත්‍යවශ්‍ය ඛනිජ ලවණ ඒවායේ අඩංගු වන අතර එමගින් සමස්ත සෞ ඛයට සහ පැවැත්මට දායක වේ. මෙම පෝෂ්‍ය පදාර්ථ ශාරීරික ක්‍රියාකාරකම් පවත්වා ගැනීමට සහ සමබර ආහාර වේලක් ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ. සුදු ළූණූ වල ඇති හොඳම දී නම් අඩු කැලරි ප්‍රමාණය. එය ඔබේ අහාර වේලට රසයක් එක කරන අතර කැලරි වැඩි නොකර බර කළමනාකරණය සඳහා උදවු කරයි. තවද සුදු ළූණූ තන්තුමය ආහාරයක් වන අතර මෙම තන්තු අහාර දිරවීමට උපකාරී වන අතර බඩවැල් වල සෞ ඛය ද වර්ධනය කරයි. තෘප්තිය සහ ප්‍රාණවත් බව ඇති කරයි.

Senaka Dinesh
Senaka Dinesh
Sound designer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles