25 C
Colombo
Saturday, December 2, 2023
spot_img

Subscribe

Date:

Share:

A determined pursuit of victory

Related Articles

Emma Reducanu- British Tennis Player

අධිෂ්ටානයෙන් ජයග්‍රහණය සොයා යාම

Emma Raducanu in position to cash in after U.S. Open triumph | The Japan  Times

මේ දවස් වල ලෝකයේම කතා බහට ලක් වෙන්න පටන් අරගෙන තියන දෙයක් තමයි කාන්තා ජනප්‍රියත්වය. නවසිලන්ත අගමැතිනිය ජසින්ඩා, ෆින්ලන්ත අගමැතිනිය සැනා මැරීන් වගේම ශ්‍රී ලංකාවේ ගායිකාව යෝහානි (යෝහානි ව මෙතනට සම්බන්ධ කරන්නේ ජනප්‍රියත්වය නිසා පමණයි) වගේ ය ගැන ලෝක අවධානය යොමු වෙමුනුයි පවතින්නේ. ඒ අතර ජනප්‍රියත්වයට පත්වන කෙනෙක් තමයි එමා රදුකානු කියන්නේ. එමා රදුකානු කියල කියන්නේ මේ වන විට ලෝකයේ කතා බහකට ලක්වෙන ලාබාල ටෙනිස් ක්‍රීඩිකාවක්. එමා ගැන කතා කිරීමට හේතුව වන්නේ ඇයගේ වයස අවුරුදු 18 දී, 1977 විම්බ්ලේඩන් (Wimbledon) වල වෙඩ් (Wade) තරගයට පසුව ග්‍රෑන්ඩ් ස්ලෑම් (Grand Slam) කේවල ශුරතාවය දිනාගත් ප්‍රථම බ්‍රතානය කාන්තාව ලෙස ඉතිහාස ගතවීම හා 2016 විම්බ්ලේඩන් ශුරතාවලියේදී ඇන්ඩි මරේ ගෙන්  පසු ප්‍රථම බ්‍රතාන්‍ය ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශුරතාවය දිනාගත් ලාබාලම කාන්තාව ලෙස ඉතිහාස ගත වීම හේතුව නිසාය.

Elis Amendola /AP

එමා උපත ලබන්නේ 2002 වසරේ නොවෙම්බර් 3 වන දින කැනඩාවේ ටොරෙන්ටෝ වලදීය. ඇගේ පියා රුමේනියානු ජාතික ඉයන් වන අතර මව චීන ජාතික රෙනී වේ. එමා සහ පවුලේ සාමාජිකයන් එමාට වයස අවුරුදු 2 ක් වන විට ලන්ඩනයට සංක්‍රමණය වෙයි. ඇය වයස අවුරුදු 5 දී තමයි ටෙනිස් ක්‍රීඩාව ට අවතීර්ණ වෙන්නේ. මේ කාලයේදී එමා  මුද්‍රා නාට්‍ය හදාරමින්නුයි ඉන්නේ. ඇගේ පියා තමයි ඇයව යම්කිසි හෝ ක්‍රීඩාවක් කිරීමට කියා ටෙනිස් ක්‍රීඩාව කිරීමට යොමු කරනු ලබන්නේ. ඒ හේතුව නිසාම එමා ටෙනිස් ක්‍රීඩාව ට අමතරව අශ්වයන් පැදීම, පිහිනීම, ටැප් නැටුම්, පැසිපන්දු, හිම ම ඇත ලිස්සා යාම, ගොල්ෆ්, ගෝ කර්ටින් සහ මොටෝ ක්‍රොස් වැනි දේවලුත් ඇය උත්සහා කළාය.

Emma Raducanu Romanian Father & Chinese Mother - Parents Nationality 2019

පසුගිය අප්‍රියල් මාසයේදී නිවුස්ටිඩ් වුඩ් Newstead Wood පාසලේ එමා තම උසස්පෙළ අවසන් කරන්නේ ගණිත විෂයට A සාමාර්ථයක් හා ආර්ථික විද්‍යා විෂයට A සාමාර්ථයක් ලබාගනිමිනුයි. එම පාසලේ විදුහල්පති වරයා ටයිම්ස් පුවත් පතට ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ එමා තමන් කරන සෑම දෙයක්ම ඉතා අධිෂ්ටානයෙන්, වෙහෙස මහන්සි වී වැඩකිරීමෙන් හා උත්සාහයෙන් කරන බවයි. ඇගේ සම්පුර්ණ ශක්තිය තමන් කරන දේ වෙත යොදා ක්‍රියා කරන බවයි. මේ වනවිට සමාජ ජලා දෙකක් වන Instagram හා twitter සම්බන්ධව ඇයව අනුගමනය කරන්නන් මිලියන බාගයකටත් වැඩි පිරිසක් සිටි. මේ වන විට ලෝකයේ සිටින අලෙවි කරුවන් ඇගේ සිනහව පවුම් මිලියන 3ක් දක්වා අගය කර තියන බව තමයි වාර්තා වන්නේ.

Image from tennistonic.com

මේ කතාබහ කරගන යන අතර තමයි අපට හමුවන්නේ කවුද ඇත්තටම මේ එමා කියල කියන්නේ කියලා. එමාට එහෙම වෙන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා. එතන තියෙන්නේ ඇගේ විදුහල්පති වරයා කියන විදිහට අධිශ්ටානය, වෙහෙස මහන්සි වී වැඩ කිරීම, නොපසුබට උත්සාහය කියන කරුණු කිහිපයයි. මේවා හරිම සරල දේවල්. නිතර දෙවේලේ මන්ත්‍ර වගේ  මතුරන දේවල්. එත් ගැටලුව තියෙන්නේ මෙන්න මෙතන. මම අපේ රටට සාපේක්ෂය කතා කලොත් අපේ රටේ බොහෝ කොටසක් මේ දේවල් දැනගෙන හිටියත් ඒවා ක්‍රියාත්මක කරන්නේ බොහොම අඩුවෙන් කියලයි මට හිතෙන්නේ. ඒක එහෙම වෙලා තියෙන්නේ චින්තනයේ දුර්වල තාවය කියල තමයි හිතන්නේ. සමාජ අවකාශය විසින් මේක පසු පසට තල්ලු කරනාවා වෙන්න පුළුවන්. ස්පෝට්ස් ED tv එක එමා මේ විදිහට ක්‍රීඩා කරන්නේ කොහොමද කියල අහන ප්‍රශ්නයට එමා දෙන පිළිතුර ගැන බලන්න.

“ තමන් සිටින වර්තමාන තත්වය පිළිබඳව තහවුරු කරගැනීමක් කරගන්න ඕනි උදාහරණය ක් විදිහට, මම අයිති මෙතනට, මම සුදානම්, මට එය කරන්න පුළුවන්, මම ඉන්නේ  මේ මොහොතේ, මම මෙතන මේ දැන්” කියලා හිතන එකයි. ඔබ ඔබේ සිතුවිල්ලෙන් ඉවත් කලයුතු වන්නේ “ මම ව්ශිෂ්ටයි එහෙම නැත්නම් මම තමයි මේක දිනන එකම කෙනා” යන අදහසයි. මේ කියමන ටිකක් සංකීර්ණ කතාවක් හොඳට හිතල බලන්න ඕනි කාරණාවක්. මේක තුල තියන දර්ශනය තමයි වැදගත් වන්නේ.  නම්‍යශීලි භාවය තරගය සමග ආදරයෙන් බැඳීම ඉතා ශ්‍රේෂ්ට දර්ශනයක් විධිහට තමයි එමා පවසන්නේ. ඇය පවසන ආකාරයට ලෝකයේ බොහොමයක් ජයගත පුද්ගලයින් තුල මේ කාරණාව තියන බවයි.

Image from Evening Stand

මේ තරග වාර අතර තුරදී එමා කරන දේවල් තියනවා ඒ කියන්නේ ඇය යම් යම් දේවල් මග හැර සිටින්නට තීරණය කරනවා. සමාජ මාධ්‍ය පරිහරණය කිරීම නතර කර දැමීම, තරගයට පෙර මාසය පුරාවට ප්‍රවුර්ති මගහැර සිටීම, තම ජංගම දුරකතයනය භාවිත නොකිරීම එය තම භෞත චිකිත්සකයා භාරයේ තබා තිබීම, ගුවන් විදුලි නිවේදකයන් වන පියර්ස් මෝගන් හා ජෝන් මකන්රෝ වැන්නවුන්ගේ ප්‍රකාශයන් මගහැර සිටීම වැනි කාරනා ඇය අනුගමනය කර තිබීම දැකිය හැකි විශේෂ කාරණා ලෙස පෙන්වා දිය හැකිය. මේ සියල්ල තුල තිබෙන්නේ කුමක්ද? තරගය සඳහා මානසික ඒකාග්‍ර තාවය සදා ගැනීම නොවේද ? ඔබට යමක් ජය ගැනීමට අවශ්‍ය නම් ඔබ ඒ දෙය කරන්නේ කොහොමද යන්නට හොඳම වර්තමාන උදාහරණය එමා නොවේද?  අවුරුදු 44 කට  පසු අවුරුදු 18 කෙල්ල ග්‍රෑන්ඩ් ස්ලෑම් Grand Slam කේවල ශුරතාවය දිනා ගන්නේ මෙන්න මේ අකාරයටයි.

මුලාශ්‍ර

www.tennis365.com

au.sports.yahoo.com

tennistonic.com

www.tatler.com

Dewondara Arachchi
Dewondara Arachchi
Social and Political Analyser, Writer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles