

අධි රුධිර පීඩනය කිසිදු පුර්ව ලක්ෂණයක් නොපෙන්වා කෙනෙකු තුල ඇතිවිය හැකිය. දවසේ පය 24 තුල විවිධ වේලාවන්හිදී කෙනෙකුගේ රුධිර පීඩනය රසදිය පොයින්ට් 30 – 40 අතර ප්‍රමාණයකින් වෙනස්විය හැකි බව ෛවද්‍ය විශේෂඥවරු පවසති.
සාමාන්‍යයෙන් දහවල් කාලය තුල රුධිර පීඩනය වැඩි වෙන අතර රාත්‍රී කාලයේ දී අඩු වී යයි. එම නිසා අධි රුධිර පිදනය් සැබවින්ම තමා තුල ඇත්දැයි නිවැරදිව දැනගැනීමට පය 24 ක් තුල දහවල් කාලයේ පැයක් තුල තුන් හතර වතාවක් හා රාත්‍රී කාලයේ පය බාගයකට වතාවක් රුධිර පීඩනය පරික්ෂා කලයුතු බව බටහිර ෛවද්‍ය විශේෂඥවරු පෙන්වා දෙති.
කෙනෙකු තුල අධිරුධිර පීඩනය ඇතැයි සැලකෙන්නේ සිස්තොලික් අගය 140 ක් හා ඩයස් ටෝලික් අගය 90 ක් වූ විටය. වයස අවු: 40 පන්න පසු රුධිර ධමනි දැඩි වීමේ ස්භාවය රුධිර පීඩනය වැඩි විය හැකි එක සාධකයක් ලෙස දැක්වේ. රුධිර පිදනය පාලනය කරගැනීමට ලුණු භාවිතය සිමා කිරීම, පෝෂ්‍යදායි ගුණයෙන් අනුන පලතුරු – එළවලු ආහාරයට ගැනීම් නිර්දේශ කෙරේ.
2016 දී ස්වීඩනයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් කරන ලද අධ්‍යනයකදී අධි රුධිර පීඩනය ඇති අයකුට ව්‍යායාම මගින් සිස්තොලික් අගය රසදිය පොඉන්ට්ස් 11 කින් පමණ අඩු කරගත් හැකි නව තහවුරු කරගෙන ඇත.
සිරුරේ බර අඩු කරගනිමෙන්ද රුධිර පීඩනය අඩු කර ගත හැකිය. අධ්‍යනයන්ගෙන් පෙනී ගොස් ඇත්තේ ක්‍රමවත් ව්‍යායාම් හා අහාර පලනය් මගින් සිරුරේ බර කිලෝ 4 කින් අඩු කර ගත හැකි බවයි.
කැලිෆෝනියාවේ ස්ටන්ෆාඩ් විශ්ව විධයාලයේ ෛවද්‍ය පිඨයේ මහාචාර්ය ගලෙන් එම. චර්ටෝච් පවසන්නේ “ඔබට ඉතා සුළු වශයෙන් හෝ ම මධ්‍යස්ථ මට්ටමින් අධි රුධිර පීඩනය ඇත්නම් ඖෂධ නොගෙන ව්‍යායාම මගින් හෝ අනෙකුත් සෞඛ්‍යයට හිතකර උපදෙස් පිලිපැදීමෙන් යථාතත්වයට පත්විය හැකි බවය. ඉහිල් වීම (Relaxation) හා ප්‍රනායම හෙවත් මෘදු අආස්වාස ප්‍රාස්වාස දිනපතා පුරුදු පුහුණු කිරීමෙන් ද අධි රුධිර පීඩනය පාලනය කරගත හැකිය.
ජිවන රටාව බිඳ දමන ආඝාතය වැනි රෝගවලට ම උල පුරන අධි රුධිර පීඩනය කිසිවිටෙකත් නොසලකා හැරිය යුතු නොවේ.
තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන්.

