27 C
Colombo
Wednesday, December 6, 2023
spot_img

Subscribe

Date:

Share:

ග්‍රහ තාරුකා සහ ඔබ – 4

Related Articles

පසුගිය කලාප වලින් ග්‍රහ තාරුකා ගැන මෙන්ම රාශි සහ ග්‍රහයින් පිළිබදව ඔබව දැනුවත් කලා. මෙවර සූදානම් වන්නේ, කේන්දරය පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි. කේන්දරය ගැන කතාකිරීමට පෙර රාශි සහ ග්‍රහයින් ගැන දැනුවත් විය යුතු නිසා පසුගිය කලාපවලින් ඒ ගැන කතා කළා.                                         මෙලොව යම් කිසි අයෙකු උපදින විට, එම වෙලාවට ක්ෂිතිජයෙන් මතුවන රාශිය හෝ ලග්නය මුල් කොට ගණන් ගෙන, පෘථිවිය අවට අනෙකුත් ග්‍රහයින් සිටින ආකාරය සඳහන් කිරීම, කේන්දරය ලෙස සරලව හඳුන්වා දිය හැකිය. ලග්නය යනුවෙන් හඳුන්වනු ලබන්නේ, පෘථිවිය අවට ඇති අහසෙහි දොලහෙන් කොටසක් බව, මා, මීට පෙර දක්වා තිබෙනවා. උදාහරණයක් ලෙස, ඔබ දන්නා අයෙකු, කොළඹ ඉන්නවායයි සිතමු. ඔහු සොයාගෙන යනවානම්  තවත් විස්තර ඔබ සතුවිය යුතුයි නොවේද?  එවිට ඔබ දැනගන්නවා ඔහු සිටින්නේ කොළඹ14 බව. නමුත් එයද තරමක් සංකීර්ණයි. නමුත් ඔබට ඔහු සිටින්නේ ග්‍රෑන්පාස් බව දැන ගන්නට ලැබුණත්, ඔහු සිටින වීදිය දැනගතහොත් ටිකක් විතර පහසු වෙනවා. නමුත් ඔහු සිටින මාවත, නිවසේ අංකය, කුමන තට්ටුවේ ද?, යන්න දැනගතහොත් ඔහු සොයාගැනීම ඉතා පහසු කාර්යයක් වවා නොවේද?. ඔබේ මිතුරෙක් කොළඹදී හමුවීමට මෙතරම් තොරතුරු අවශ්‍ය වනවා සේම, කෙනෙකු කෙනෙකු උපන් ලග්නයේ ග්‍රහයින් සිටින්නේ කුමන රාශිවලදැයි පැවසීම තුලින් අවශ්‍ය කරුණු සොයාගත නොහැකිය. එම කරුණු සොයාගැනීමට ත්‍රිංශාංශක දක්වා, ග්‍රහයා සිටින තැන් සහ ලග්නයේ කුමන කොටසට උදාවූවාද කියා සෙවිය යුතුයි

දොලොස්ථාන

                                        රාශිවල නම් වශයෙන් නොසලකා, පෘථිවිය වටා ඇති ආකාශය කොටස් දොලහකට බෙදා තිබේ. එම කොටස් 12න්, 1, 4, 7, 10 ප්‍රධාන කොටස් වේ. 2, 5, 8, 11 පණපර ස්ථාන ලෙස හඳුන්වනු ලබනවා. 3, 6, 9, 12 ආපොක්ලීම ස්ථාන ලෙසින් හඳුන්වනු ලබයි. නමුත්, 1, 4, 7, 10 ළඟට බලවත් ස්ථාන ලෙස ගණන් ගනු ලබන්නේ, 5 සහ 9 යන ස්ථාන දෙකයි. මෙය ත්‍රිකෝණස්ථාන ලෙසින් හඳුන්වනු ලබනවා. මෙම ස්ථාන දෙකෙන්, නරක හා අශුභ පලදීමක් නැත. 9වන ස්ථානය කිසිම අශුභ පලයක් දෙන තැනක් නොවේ. කේන්ද්‍ර ස්ථානවලට පාප ග්‍රහයින් සහ ත්‍රිකෝණස්ථාන වලට සුභ ග්‍රහයින් බලවත් වේ. එවිට, එළොව සහ මෙළොව යන දෙකටම ගැලපෙන ආකාරයෙන් ජීවත් විය හැකිය. කේන්දරයක් ගත් විට එහි නැගෙනහිර වන්නේ, ලග්නය යි. දකුණ දසවැන්නයි. බස්නාහිර හත්වැන්නයි. උතුර හතරවැන්නයි. පෘථිවායේ උඩ කොටසේ අහස, ලග්නයේ සිට 10 පැත්තෙන් 7 දක්වා භාගයයි. ලග්නයේ සිට 4 පැත්තෙන් 7 දක්වා භාගය වන්නේ, පෘථිවියේ යට කොටසේ අහසයි.

                                        ග්‍රහයින් අතරින් ලග්නයට වඩාත්ම බලවත් වන්නේ, බුධ සහ ගුරු යන දෙදෙනායි. 10 ට කුජ හා රවි දෙදෙනා වඩාත්ම බලවත්ය.  සෙනසුරු බලවත් වන්නේ 7 යි.සිකුරු හා චන්ද්‍ර යන දෙදෙනා 04 ට බලවත් වේ. මෙම ග්‍රහයින් අතරින් එකක් හෝ දෙකක් හෝ එම ස්ථාන වල සිටින විට, දිග්බලයෙන් සිටිනවායයි හඳුන්වයි. රවි, චන්ද්‍ර, සෙනසුරු තිදෙනා ට, සිටින ස්ථානයේ සිට 3වැනි, 10වැනි ස්ථාන දෙක හා බුධ, කුජ දෙදෙනාට, 4වෙනි, 8වෙනි ස්ථාන දෙක ද, ගුරු හා සිකුරු දෙදෙනාට, 5වෙනි හා 6වෙනි ස්ථාන දෙක ද පෙනේ. රාහු සහ කේතු ඇතුළු සියළුම ග්‍රහයින්ට ඔවුන් සිටින ස්ථානයේ සිට 7වැනි ස්ථානය පෙනේ. ඉහත සඳහන් කළ ස්ථාන 12 ට අනුව, මිනිසා සහ මිනිසා පිළිබඳව සියළු තොරතුරු ද  ස්ථාන 12කට පහත අයුරින් බෙදා ඇත. ඒ අනුව එම ස්ථාන වලින් කිව හැකි කරුණු දක්වා ඇත.

  •  පළමුවන ස්ථානය ;- පෙනුම, ශරීරය, ශරීර ශක්තිය, අඟ පසඟ, වාසනාව, කල්ක්‍රියාව, උසස්-පහත් බව, තත්වය,  හා අදහස් ගැන  සෙවිය හැක. හිසට බලපායි. කේන්දරයක ප්‍රධාන ස්ථානය ලෙස ලග්නය සළකන අතර, මිනිසාට ප්‍රධාන තැන වන්නේ හිසයි.
  •  දෙවන ස්ථානය ;- ලෞකික දේපල, මිළමුදල්, දියුණුව හා පිරිහීම, කතා කිරීමේ ශක්තිය, ඇස්වල පෙනීම, විවාහ ජීවිතය, විවාහයෙන් පසු ජීවිතය හා මරණය. පුරුෂයින්ගේ දකුණු ඇසට හා ස්ත්‍රීන්ගේ වම් ඇසට,මුහුණ කට, බෙල්ල ආදියට බලපානු ලබයි.
  •  තුන්වන ස්ථානය ;- සහෝදර සහෝදරියන්, ඉගෙනීමෙන් ලැබෙන ඥානය, ධෛර්යය, සුළු ගමන් බිමන්,ලියකියවිලි, කන්වල ඇසීමේ තත්වය, දෑත්, උරහිස් හා පපුවේ ඉහල කොටස, ආයුෂ ගැන කිව හැක.
  •  හතරවන ස්ථානය ;- දේපල, වතුපිටි, ගෙවල්-දොරවල්, සියළු නිෂ්චල දේපල, ගෘහ ජීවිතය, මව පිළිබඳව, නෑදෑයින් පිළිබඳව, පපුව, සිත, ජීවිතයේ අග භාගය හා සැප පිළිබඳව දැනගැනීමට පුළුවන.
  •  පස්වන ස්ථානය ;- දූ දරුවන්, ප්‍රේමය පිළිබඳව, ආත්මය, සතුට හා ප්‍රීතිය, පෙර ජීවිතය, නැටුම්-ගැයුම්-වැයුම් පිළිබඳව, බුද්ධිය, ආත්ම දමනය, චරිතය, පපුව සහ උදරය අතර කොටස, හෘදය වස්තුව පිළිබඳව දැනගැනීමට හැකි වේ.
  •  හයවන ස්ථානය ;- ලෙඩ රෝග, සතුරන්, සුරතල් සතුන්, ගව මහීෂාදීන්, මෙහෙකරුවන්, මවගේ සහෝදර සහෝදරියන්, බඩ, යටි බඩ, ගර්භාෂය ගැන දැනගැනීමට හැකි වේ.
  •  හත්වන ස්ථානය ;- විවාහය, විවහක සහකරු හෝ සහකාරිය, වෙළඳ ව්‍යාපාරවල කොටස්කරුවන්, තමන්ගේ හා මහජනතාව සමග ඇති සම්බන්ධය, සතුරන්, කාම්ය, මරණය, උකුල හ් ඒ අවට ප්‍රදේශය, යටිබඩෙහි පහළ කොටස පිළිබඳව දැනගැනීමට හැකිවේ.
  •  අටවෙනි ස්ථානය ;- මරණය, ආයුෂ, තමන්ට නොදැනී අයිත්වන අනුන්ගේ දේපල, මානසික කරදර, දුක, විවාහ සහකරු හෝ සහකාරියගේ මූල්‍ය තත්වය, මරණය සිදුවන ආකාරය, ශරීරයේ රහස් ස්ථාන ගැන සෙවිය හැකි වේ.
  •  නවවෙනි ස්ථානය ;- වාසනාව, උසස් සිතිවිලි, ආගම, සිහින පෙනීම, ආධ්‍යාත්මක බලය, උසස් අධ්‍යාපනය, පියාගේ තත්වය, ආත්ම දමනය, මතු ආත්මය, කලවා ප්‍රදේශය ගැන විමසා බැලිය හැක.
  •  දහවෙනි ස්ථානය ;- රක්ෂාව, ව්‍යාපාරය, ගෞරවය හා නම්බුව, දෛර්යය, පියාට සිදුවන හොඳ හෝ නරක, විවාහක සහකරු හෝ සහකාරියතේ දේපල හා මව, අවුරුදු 30 – 60 අතර ජීවිතය, දණහිස් ප්‍රදේශය ගැන විමසිය හැක.
  •  එකළොස්වෙනි ස්ථානය ;- ආදායම, මිතුරු – මිතුරියන් හා සමාජ සේවය, බලාපොරොත්තු සහ ආශාවන්, විවාහ සහකරු හෝ සහකාරියගේ ඡරිතය හා උගත්කම, කෙණඩා ගැන සෙවිය හැකිවේ.
  •  දොලොස්වැනි ස්ථානය ;- නඩුහබ, වියදම, දුක, සිතේ දුබල ස්වාභාවය, ක්‍රෑර කම, බන්ධනාගාරතවීම්, රෝහල් ගතවීම, රහස් කටයුතු, විනාශය, විදෙස්ගතවීම්, ප්‍රදේශයෙන් පලායාම, විවාහක සහකරු හෝ සහකාරියගේ ‍සෞඛ්‍ය තත්වය, කකුල්වල වළලුකරෙන්  පහල කොටස ගැන දැනගැනීමට හැකිවේ.

මෙම කරුණු වලට අනුව, 1, 5,‍ 6 යන ස්ථාන තුනෙහි සම්බන්ධයක් ඇති බව අවබෝධ කරගත යුතුය. චරිතය, උගත්කම, බුද්ධිය, චර්යාව, ආත්ම දමනය, පෙර, මෙලොව හා පරලොව ජීවිතය,  තමාගෙන් පසු උරුමක්කාරයින්, මොළය, වාසනාව, අවාසනාව, ගුණයහපත්කම යන්න ඉහත සඳහන් කළ ස්ථාන තුන මගින් සෙවිය යුතු වේ. 4, 8, 12 යන ස්ථාන තුනෙහිද සම්බන්ධකමක් ඇත. 4 න් ප්‍රධාන ලෙසට හිස ගැන, සිතෙහි සතුට ගැන, උරුමයෙන් දෙමාපියන්ගේ ඉඩම් ලැබීම බැලිය හැක. 8න් සිතෙහි දුක හා දැනගැනීමකින් තොරව ඉඩකඩම් ලැබේ, 12න් සිතට ඇතිවන දුක් දොම්නස් හේතුවෙන් වියහියදම් හා ඇවිදිලි ගැන ද, ඉඩකඩම් නැතිකරගැනීම හා නඩුහබ වලට පැටලීම් ගැන  දැනගැනීමට හැකි වේ.මෙම ස්ථාන තුනම ගුප්ත ස්ථාන වේ.    

                                        7, 11, 3 යන ස්ථානවලද සම්බන්ධයක් තිබේ.මෙමගින් අන්‍යයන්ට ඇති සම්බන්ධතාවයන් සෙවිය හැක. 7 මගින් විවාහ සහකරු හෝ සහකාරියගේ ඇති සම්බන්ධකම, වෙළඳ ව්‍යාපාර කොටස්කරුවන් සමග ඇති සම්බන්ධතා, මහජනතාව සමග ඇතිවිය හැකි සම්බන්ධතාවය හා ප්‍රදිස්ධිය, 11න් සමාජයට ඇති හිතවත්කම, යහළු යෙහෙලියන් සමග ආශ්‍රය, 3න් සහෝදර සහෝදරියන් ගේ ආශ්‍රය හා හිතවත්කම පිළිබඳව බැලිය හැකිය.

                                        10, 2, 6 යන ස්ථාන තුනේද සම්බන්ධකමක් ඇත.10න් රක්ෂාව, ක්‍රියාව, ගෞරවය හා නම්බුව ත්, 2න් රැකියාව, කථාව, ගෙදර දොර සාමය, රැකියාව මගින් ගෙදර දොර සතුට අඩුවේද වැඩිවේද යන බව දැනගත හැක. 6න් සතුරන්, ලෙඩරෝග, අනුන් නිසා රැකියාව කරගෙන යාමටහැකිවේද නැතිවේද කියා විමසිය යුතුය.

                                        මරණය ගැන බැලිය යුත්තේ, දෙවැනි හා හත්වෙනි ස්ථාන දෙකෙනි. එයින් හත්වැනි ස්ථානය ප්‍රධාන වේ. ආයුෂ ගැන බැලිය යුත්තේ 3වැනි හා 8වැනි ස්ථාන දෙකෙනි. ආයුෂ ගැන බැලීමේ දී 8 වැන්න ප්‍රමුඛ වේ.

                                        ගතිගුණ, ශරීරය, පෙනුම, ශරීර ශක්තිය, වාසනාව, අඟපසඟ, කල්ක්‍රියාව, තත්වය, උසස් – පහත් බව, අදහස් ගැන ලග්නයෙන් දැනගත හැකි වේ.  ලබන කලාපයෙන් එක් එක් ලග්නයෙන් උපන් අයගේ විස්තර කතා කරමු.

Pradeep Senadeera
Pradeep Senadeera
Dip. in Media Newspaper writer, Radio News editor & reporter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles