

ඔබ මේ වන විට මෙම ලිපි පෙළ ඇසුරු කළ නිසා, ජ්‍යොතිෂ් ශාස්ත්‍රය පිළිබඳව සහ එහි ඇති වැදගත්කම අවබෝධකරගෙන ඇතැයි සිතමි. රාශි, ග්‍රහයන් සහ කේන්ද්‍රය පිළිබඳවද මේ වන විට මනා දැනුමක් ලබාගෙන ඇත. මෙවර ලිපියෙන් ලග්න කීපයක ට අදාල ගතිගුණ කතාකිරීමට සූදානම්. ගතිගුණ යනුවෙන් හඳුන්වනු ලබන්නේ, පුද්ගලයෙකුගේ ශරීර ශක්තිය, වාසනාව, පෙනුම, ශරීරය, වාසනාව, උස් පහත් බව හා තත්වය ගැන උපන් නැකතට අදාල ලග්නය බලා ප්‍රකාශ කිරීමයි.
ඒ අනුව ලග්න කීපයකට අදාලව පොදුවේ කිව හැකි කරුණු මෙසේ පෙළගැස්විය හැක.
– මේෂ ලග්නය –
මෙම ලග්නය හිමි පුද්ගලයින් අළුත් දේවල් සොයාගැනීමට සහ කිරීමට ආශා ඇති අය වේ. එඩිතරකම හා ඉදිරියට යන ගතිය ඇති කරයි. සටන් කිරීමට ඉතා ප්‍රිය ඇත්තන් වන බැවින් ඉතා සුළු දේවල් වලට පවා සටන් කිරීමට පෙළඹීමක් ඇති කරයි. කළ යුතු දේ කළයුතුම වන අතර, යම් කිසි දෙයක් අවශ්‍යනම් ඒ මොහොතේම එය අවශ්‍ය වේ. සෑම දෙයකින්ම ජය ගැනීමට අවශ්‍ය බැවින්, කතාබහෙන් විසඳාගැනීමට නොහැකි වුවහොත් සටනක් කර හෝ ජය ගැනීමට සිත් ඇති අය වෙති. තීක්ෂණ නුවනක් ඇති බැවින් ඕනෑම දෙයක් ක්ෂණයෙන් අවබෝධකරගැනීම සිදුකරයි.


චර රාශියක් වන මේෂ මගින් සිතෙහි චංචල ස්වභාවයක් ඇති කරයි. එමෙන්ම ගිනි රාශියක් ද වන බැවින්, යම්කිසි දෙයක් කරගෙන යාමට අදිටන් කරගතහොත් එසේම සිදුකරයි. සිතෙහි ඇතිවන චංචල ගති කිසිවිටෙකත් පිටතට නොපෙන්වයි. තමන් වෙත පක්ෂපාතී වන සැමට බොහෝ සේ හිතවත්කම් පාන අතර විරුද්ධවීනම්, යටපත් කරගැනීම ට සිතයි. එතරම් මහත වූ ශරීරයක් හිමි නොවන අතර, ශරීරය ශක්තිසම්පන්න වේ. ආඩම්බරකාරී පවක් පෙන්වන අතර, තමන් ගැන සහ තමන් විසින් කරනු ලබන දේ පිළිබඳව අනෙක් සෑම දේටම වඩා සිතන බැවින් තමන් ගැන බලවත් විශ්වාසයක් තබයි. යම්කිසි වැඩකදී පසකට වී නොසිටින අතර කරන සෑම දේකම මූලිකත්වය ගනී.


නිතර කෑම බීම අවශ්‍ය වන අතර, ශරීරයේ සවි ශක්තිය ගැන සැළකිලිමත්ය. ඔපයක් සහිතව පෙනුමට ගමන් යාමට ආශාවන් ඇත. තමන්ගේ ඇති දුර්වලකම් අනුන්ට නොපෙන්වයි. මේශ රාශිය හිමි කුජ, තරුණයෙක් වන බැවින්, ඉතා දැඩි කාමාශාව ඇති අයෙකු වේ. කාහට යටත් නොවුනත්, විවාහක සහකරුට හෝ සහකාරියට විරුද්ධකම් නොපාන අතර ඔහු ඇයගේ අදහස් පිළිබඳව ඉතා සැළකිල්ලක් දක්වයි.
මේෂ ලග්න හිමියන්ට, ඔළුවේ, මොලයේ අමාරුකම් ඇති වන අතර, හිතේ ලෙඩ, කැක්කුම් – වේදනා අසනීප ඇතිකරයි. ලිංගේන්ද්‍රියන්ගේ රෝග ඇතිකරයි.
– වෘෂභ ලග්නය –
අළංකාරයට ආශාව ඇති, සැපය, විනෝදය ට ප්‍රිය කරන පුද්ගලයෝ වෙති.තිර රාශියක් සහ පෘථිවි රාශියක් වන වෘෂභය, ලග්න දොලහෙන් ම තිබෙන ස්ථීරම රාශිය ලෙස වෙන්කරගත හැකිය.තමන් ගන්නා ලද තීන්දු වෙනස් නොකරන, කලබල නොවන අය වෙති. වෙනත් අය තමන්ගේ මතයට හරවා ගැනීම සිදුකරනමුත්, අනුන්ගේ අදහස්වලට හැරීමට කැමති නැත.හොඳක් හෝ නරකක් සිදුවූ විට එය පහසුවෙන් අමතකකල නොහැක. කෙනෙකු තමන්ට කරන ලද වරදක් වෙනුවෙන් පලිගැනීම සිදුකරයි. තමන් කරන වැඩ කොටස සෙමින්, නිවැරදිවම පිළිවෙලට සිදුකරනු ලබයි. මෙලොව ජීවිතය පිළිබඳව කටයුතු වලදී, සුපරික්ෂාකාරී වෙයි. මිළ මුදල් අරපරිස්සමින් වියදම් කලත්, විනෝදය, සැපතට හා අළංකාරවෙනුවෙන් කිසිදු මැළිකමක් නොමැතිව වියදම් කරයි. තමන් ගන්නා ලද තීරණ බිඳක් හෝ වෙනස් නොකර අන්තිම මොහොත දක්වා එය ක්‍රියාවේ යෙදවීමට ගනු ලබන උත්සායහ මගින් වැඩකටයුත් බොහෝදුරට සාර්ථක කරගනී.


මුදල් හා ගෙර දොර ජීවිතය පිළිබඳව දැඩි සැළකිල්ලක් දක්වයි. ඔප්පු කිරීමට බැරි දෙයක් ගැන කතා නොකරන අතර, කරුණු සහිතව අදහස් ඉදිරිපත් කරයි. ඉක්මන් කමක් නැති වුවත්, කැළඹුන විට අනෙක් සෑම දෙනාටම වැඩි වේගයෙන් ඕනෑම දෙයක් සිදු කරයි. ඉවසිලිවන්ත වන අතර ඕනෑම අයෙක් සමග තරහ වන්නේ සහ මිත්‍ර වන්නේ සෙමින්ය. තරමක මහත ශරීරයක් හිමි වේ. එතරම් උස ශරීරයක් හිමි නොවන, ස්වභාවිකත්වයට ගරු කරන, නාගරික ජීවිතයට වඩා ගැමි, නිස්කළංක පරිසරයක ජීවත්වීමට ආශා ඇත්තන් වේ. සිතට එන දේ කිරීමට හැකි වුවත්, යුක්තියට පරිභාහිරව කිසිවක් සිදු නොකරයි. අනුන්ගේ උපදෙස් පිළිනොපදින අය වන අතර මෙලොව වශයෙන් උසස් දියුණුවක් ඇතිකරගැනීමට ආශාව ඇති අය වෙති. අන්‍යයන්ගේ සිත් වල තමන් කොරෙහි උසස් අදහස් ඇතිකර ගැනීම වෙනුවෙන් පෙනීසිටීමට ආශාකරන අතර, මිළ අධික ඇඳුම් වලට ප්‍රිය කරයි. එමගින් භාහිර පෙනුම මගින් අනුන් අතර ඉහළින් පෙනීසිටීමට ආශා ඇති අය වෙති.


සැප පහසුව ඉහලින්ම බලාපොරොත්තු වන ආත්මාර්ථකාමී ගති ඇති, හිතුවක්කාර අය වෙති. යම්කිසි කරුණකදී තමන් බැසගත් තීරණය නිවැරදිම තීරණය ලෙසින් සිතීම මගින් සමහර අවස්ථා වල දී, තමන්ට අයුක්තියක් සිදුවූවා යයි සිතීමට පුළුවන. බෙල්ල, උගුර සහ අවට ඇති වන වේදනා, සෙම්ගෙඩි, මලබද්ධය වැනි රෝග සෑදේ.
– මිථුන ලග්නය –
වැඩිම උභය රාශි ගතියක් තිබෙන්නේ මිථුන රාශියේය. එමගින් ගති දෙකක් ඇතිකරනු ලබයි. තරුණ කාළයේ දී වයසට වඩා පෙනුමක් දැකිය හැකි අතර, වයසට ගිය විට තරුණ පෙනුමක් ඇතිකරයි. මිථුන යනු මනුෂ්‍ය රාශියක් බැවින්, මනුෂ්‍ය ජීවිතය හා මිනිසා පිළිබඳව ඉතා පහසුවෙන් අවබෝධයක් ඇතරගත හැකිය. ලිවීමට, කියවීමට, පොතපතට ආශා ඇත්තන් වේ. නැටුම් – ගැයුම් – වැයුම් වලට පියකරයි. සාමාන්‍ය දැනීම ඉතා ඉහළ අගයක පවතින බැවින් ඕනෑම කරුනකදී ඒ පිළීබඳව ඉතා හොඳින් දන්නා අයෙකු මෙන් කතා කිරීමේ හැකියාවඇත. ස්ත්‍රියක් නම්, පුරුෂ පක්ෂය සමග සම්බන්ධකම් ඇතිකර ගැනීමෙන් කරදර ඇතිවීම හා වියදම් පක්ෂය ඉහළයාමක් දැකිය හැක. පුරුෂයෙක් නම්, ස්ත්‍රී පාර්ශවයෙන් එවැනි කරදර ඇති වේ. කැටයම් කළාවට හා චිත්‍ර කළාවට දක්ෂයින් වේ. සෑම වැඩක්ම ආරම්භ කරනුයේ අවසන් කිරීමේ අදහසින් වුවත්, ටික දුරක් ගමන් කර වෙනත් දෙයකට යොමු වෙයි. අදහස වෙනස්කර ගනී.


කිසිදු පළපුරුද්දක් නැති වුනත්, ඕනෑම අළුත් වැඩක් පැකිලීමකින් තොරව සිදුකරන අතර යෙදී සිටින වැඩ කටයුත්ත ඉතා දක්ෂ අයුරින් කරගෙන යාමට හැකියාව ඇත. සෑම දෙයක් පිළිබඳවම මද වශයෙන් හෝ අවබෝධයක් ලබාගනී. ආදරය මහ අනුකම්පාව නොමදව ඇති බැවින්, කිසිම අයෙකුගේ මුහුණට විරුද්ධවිය නොහැකිය. අවශ්‍ය මොහොතට අවශ්‍ය දේ කීමට සහ කිරීමටහැකියාව ඇත. විවිධ දේ පිළිබඳව සිතීමේ හැකියාව ඇතත් සෘජු තීන්දුවකට පැමිණිය නොහැකිය. ඕනෑම අයෙක් සමග ඉතා පහසුවෙන් මිතුවිය හැකි නමුත් වැඩි කාළයක් මිතුදම පවත්වාගෙන යා නොහැකිය.


මිථුන රාශි හිමියන්ට, දිගැටි මුහුණක් සහිත, තරමක උස් වූ ශරීරයක් සහ දිගු නාසයක් ද සමග දික් වූ අත් හා ඇඟිලි පිහිටනු ලබයි. ඇවිදීමට ප්‍රියතාවයක් දක්වයි. අනුන්ගේ සිත සතුටු කිරීමේ ආශාව ඇති අය බැවින්, අනුන්ට විරුද්ධවීමේ හැකියාව ඉතා අඩු වේ. මිථුන රාශි හිමියන්ගේ අඩුපාඩුකම් අතරට, නිතර වෙනස්වන සුළු ගතිය, කරනු ලබන වැඩක් අතහැර දැමීම හෝ පිළිවෙල වෙනස් කිරීම, විවේක නොගැනීම, අඩු ඉවසිලිවනත් කම පෙන්වා දිය හැකිය.
සෙම් අමාරුව, නිව්මෝනියාව වැලඳීම, අත්වල හා පෙනහැලිවල අමාරු ඇතිවීම රෝග වශයෙන් දැකිවිය හැක.
– කටක ලග්නය –
ජල රාශියක් හා චර රාශියක් වන කටකය, රාශි දොළහ අතරින් වඩාත්ම උතසාහවන්ත ගතිය ඇතිකරවන රාශිය ලෙස හැඳින්විය හැක. අනුකම්පාව, කරුණාව, පරිස්සම සහ සාරවත් අදහස් ඇතිකරවයි. සිතෙහි භය හා චංචල ගති ඇති කරන බැවින් උවමනාවටත් වඩා පරිස්සම්වීමක් ඇති කරයි. සිතීමට දක්ෂ බැවින්, යන මාර්ගය වැරදුනහොත් වෙනත් මාර්ගයකින් හෝ අවශ්‍ය තැනට යාමට පසුබට නොවේ. කටක ලග්න හිමියන් පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇතිකර ගැනීම ඉතා අපහසු කරුනකි.දේපලවලට, ගේ දොරට ආශාකරන අතර, නිවසෙහි ජීවත්වීමට ප්‍රිය කරයි. කඩිසරකමින් හෙබි, නිවසෙහි වැඩකටයුතු වලට දක්ෂ ය. විපතක් ඇතිවීමට පෙර භය වන බැවින්, විපත සිදුවූ විට ඊට ඇති භිය තුරන්වන නිසා විපතින් ගැලවීමට අවශ්‍ය කටයුතු සිදුකළ හැකිය.


ප්‍රවේසම් ගතිව වැඩි බැවින්, සිදුවීමට ඇති දේ කලින් දැනහඳුනාගන්නා ශාස්ත්‍රයන්ට ප්‍රිය කරය. අවශ්‍ය ප්‍රමාණයට වියදම් කිරීම, සකසුරුවම හා නාස්ති නොකිරීම නිසා ධනවත් විය හැක. කොතරම් පරීක්ෂාකාරීව කටයුතු කළ ද, ඉතා ඉක්මනින් කෝප වන බැවින්, එයට පයින්ගැසීමට තරම් ඉක්මන්කාරී වේ. අනුන්ගේ විපතේ දී ඉතා තදින් කම්පාවට පත් වේ. මෙම ලග්න හිමියන්ගෙන් අනුන්ට ප්‍රයෝජන රැසක් ගතහැකි සේම, අනුන්ගේ දියුණුවට සහ පැවැත්මට බොහෝ උපදෙස්, මහා සාගරයෙන් මිනිසුන් ලබාගන්නා ප්‍රයෝජන සේ, ලබාගත හැකිය. එමෙන්ම අනුන්ට උපසේ හා අවවාද දෙන්නට ගන්නා උත්සාහය තරම් තමන් ගේ ගමන් මග සාදා ගැනීමට උත්සාහ නොගනී. වැඩ කිරීමට වඩා අනුන්ගෙන් වැඩ ගැනීමට දක්ෂයින් වේ. කතාබහට ප්‍රිය ගතියක් දක්වන අතර හේ රහිතව සිතට දැනෙන දේ ප්‍රකාශ කිරීමට ඇල්මක් දක්වයි. ධෛර්යමත් වීමත්, අධෛර්ය වීමත් යන දෙකම කිසි විටෙකත් භාහිරට පෙන්වන්නේ නැත. ආගමක් වශයෙන් උත්සව වලට ප්‍රිය වුවත් ප්‍රතිපත්ති වලට එතරම් ප්‍රිය නැත


නිතර නිතර වෙනස් වන සිත, තරහ ඇතිවූ විට ඉවසීමට නොහැකි වීම, වැඩිපුර අනුකම්පා කිරීම හා ආත්මාර්තකාමිත්වය අඩුපාඩුකම් ලෙස පෙන්වා දිය හැක. සෙංගමාලය, උදරයේ ආබාධ, ආමාශයේ අසනීප රෝග ලෙස පෙන්වා දිය හැකිය.


ලබන කලාපයෙන් තවත් රාශි කිහිපයක් පිළිබඳව විමසා බලමු.