

අතීය, වර්ථමානය හා අනාගතය එකට ගැටගැසුනු මාතෘකාවක් ඔස්සේ නවමු ලිපි පෙළක් ගෙන එන්නට සූදානම්. එකින් එකට, කාහටත් අවබෝධ වන ආකාරයට මෙය ගෙන හැර දක්වන්නටයි බලාපොරොත්තුව.
ලංකාවේ සිටි දක්ෂතම දෛවඥ මහතෙකු ළඟින් ඇසුරු කිරීමට මට වාසනාව ලැබුණා. එතුමා ජීවත් සිටි කාළයේ බොහෝ දේ කියා දී තිබෙනවා. ඒ ලැබූ අත්දැකීම හා ලබාගත් තොරතුරු හා ලියා තිබූ බොහෝ කරුණු අනුව, අද පටන් සූදානම්, “ග්‍රහ තාරුකා සහ ඔබ” නම් වන මෙම ලිපි පෙළ ඉදිරිපත් කරන්නට.
හිරු, සඳු, තාරකා සමග අතීතයේ පටන් මිනිසා ඇසුරු කළා. ඒ ළඟින් සිට නොව බොහෝ දුර සිටයි. නමුත් බොහෝ තාරකා සමග සමීපව සිටිනවා. 80 දශකයට පෙර කාළයේ, නිවැසියන් රාත්‍රියේ සෑහෙන වෙලාවක් ගත කළේ එළිමහනේ සිටයි. අද මෙන් විදුලි බලය සෑම නිවසකටම නොතිබුණ බැවින්, කුප්පි ලාම්පුව, චිමිනි ලාම්පුව හෝ පෙට්‍රල්මැක්ස් (පෙට්‍රල් ලාම්පුව) නිවෙස් වලට ආලෝකය ගෙන දුන්නා. රාත්‍රී ආහාරයෙන් පසු, ගුවන් විදුලිය ඇති ඇත්තන් එයට සවන් දෙමින්, මිදුලට වී කතාබහේ යෙදුනා. අද මෙන් රූපවාහිනිය, ජංගම දුරකථනය නොතිබුණ නිසා සෑම නිවසකම වාසය කරන්නන් පොදු කතා බහකට එකතු වුනා. අහස දිහා බලාගෙන, සඳ හා තරු ගැන කතා කළා. විවිධ තරු පංති ගැන වැඩිහිටියන් තේරුම්කර දුන්නා. පොඩි හිටියන්, හරි ආසාවෙන් සවන් දුන්නා. අත්තම්මලා, සීයලා වගේම අම්මා, තාත්තා ඒ ගැන විවිධ කතා කියා දුන්නා. පොඩිහිටියන්ගේ හිත් වල ඒ සියල්ල ධාරනය කරගත්තා.
කාළයාගේ ඇවෑමෙන් මේ තොරතුරු සියල්ල ම අද වන විට, ජංගම දුරකථනය හා පරිඝණකය හරහා අන්තර්ජාලයෙන් ඇඟිලිතුඩු අතරට පැමිණ තිබෙනවා. ඒත් එදා තිබුණු සුන්දර අවධිය, වර්ථමාන ළමා පරපුරට විඳගන්නට වරම් නැහැ. නමුත් වැඩිහිටියන්, අදත් හිරු, සඳු, තාරකා සමග සමීප ඇසුරක් පවත් වනවා. අළුතින් වැඩක් පටන්ගන්නා විට, අසනීප වූ විට, විවිධ කරදර-භාධක පැමිණි විට, තරු පංති සමග ගණුදෙනු කරන පුද්ගලයින් සොයාගෙන යනවා. ඔවුන්ගෙන් උපදෙස් පතනවා. කේන්දරයේ තත්වය විමසනවා.
මිනිසාට, දඩයම් යුගයේ දී හේතු යුක්ති සෙවීමට අවශ්‍ය නොවීය. නමුත් ගොවිකම් යුගයේ දී, නොයෙකුත් දේ පිළිබඳව හේතු යුක්ති සෙවීමට අවස්ථාව ලැබුණා. මිනිසා ශිෂ්ටාචාර වී තිබෙන්නේ, හේතු යුක්ති සොයා බලා ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමට පටන්ගැනීමත් සමගය. දැනීමක් නොමැතිව ඉවසීමක් ලබාගැනීම අපහසු කරුණකි. මේ කුමක්ද? කුමන හේතුවක් නිසා මෙවැන්නක් සිදුවුනාද? යන්න දැනගත් විට, හොඳ සහ නරක වගේම ඉවසීමත් පහසු වේ. මිනිසා ඇතිවී තිබෙන්නේ පංචස්කන්ධයෙන් බවත්, සෑම දෙයක්ම පාහේ කර්මය අනුව සිදුවන බවත් බුද්ධ ධර්මය තුලින් ඉගැන් වේ. දෙවියන් විසින් මිනිසා මැවූ බවත්, දෙවියන්ගේ කැමැත්ත අනුව සියළු දේම සිදුවන බව ක්‍රිස්තියානි දහම තුල සඳහන් වේ. හින්දු දහම මගින් අර්ථකතනයන් ලබා දී ඇත. ජ්‍යොතිෂ්ශාස්ත්‍රය කිසිම ආගමකට සම්බන්ධ නොමැති දෙයක් ලෙස බැලූ විට, ග්‍රහයන් නිසා මිනිසා සෑදී තිබෙන බවත්, ග්‍රහයන් නිසා මිනිසා නැතිවන බවත්, මිනිසාට සිදුවන සෑම දෙයක්ම ග්‍රහයන් නිසා වන බව දැක්විය හැකියි.
සෑම ආගමක් තුලින්ම, මිනිසාට සත්‍ය අවබෝධ කරදීමට උත්සාහ ගනී. සත්‍ය නොදන්නා විට දී විවිධ රැවටිලි වලට හසුවේ. ජ්‍යොතිෂ්ශාස්ත්‍රය තුලින්, නිවනට හෝ ස්වර්ගයට යා නොහැකිය. නමුත් ජීවිත කාළය තුල මිනිසා දැනගත යුතු කරුණු රැසක් දැනගැනීමට පුළුවන.කිසිම ආගමකට විරුද්ධ නොවී මෙයින් ප්‍රයෝජන ගත හැකි වේ. කර්මය අනුව හෝ දේව කැමැත්ත අනුව මිනිසාට නොයෙකුත් දෑ සිදුවනවා යයි සිතුවත්, ජ්‍යොතිෂ්ශාස්ත්‍රය නොසැලී සිටියි. මේ දෙකමනිසා මිනිසාට සිදුවන දේ කළින්ම දැනගැනීමට ජ්‍යොතිෂ්ශාස්ත්‍රයෙන් පුළුවන. ජ්‍යොතිෂ්ශාස්ත්‍රයෙන්, ධනය නැති අයෙකුට ධනය ලබාදිය නොහැකිය. මැරෙන අයෙකුගේ මරණය කල්දැමිය නොහැකිය. නමුත් කල්වේලා ඇතිව, මිනිසාගේ සිතට සහනයක් ලබාදිය හැකිය.
ජීවිතය ගැන පමණක් නොව, ලෝකය ගැන, විවිධ රටවල් පිළිබඳව, අප්‍රාණික – සප්‍රාණික සියළු දේ ගැනම තොරතුරු ලබාගත හැක්කේ ජ්‍යොතිෂ් ශාස්ත්‍රය මගිනි. ජ්‍යොතිෂ් ශාස්ත්‍රය යන්නෙහි තේරුම “බබළන” යන්නයි. බබළන ශාස්ත්‍රය හෙවත්, බබළන දේ පිළිබඳ ශාස්ත්‍රය, ජ්‍යොතිෂ් ශාස්ත්‍රය ලෙසින් හඳුන්වන්නට පුළුවන.
ජ්‍යොතිෂ්ශාස්ත්‍ර ක්‍රමය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. ඒ පෙරදිග ක්‍රමයහා අපරදිග ක්‍රමය ලෙසයි. අපරදිග ක්‍රමයේ දී, දශා අන්තර දශා හා ග්‍රහ යෝග ගණන් නොගනී. පෙරදිග ක්‍රමය අනුව, මේවාට ප්‍රමුඛත්වක් ලැබේ.
ජ්‍යොතිෂ්ශාස්ත්‍රයේ ආරම්භය ගොවිකම් යුගයත් සමග සිදුවී ඇත. එම යුගයේ දී මිනිසාට, ඉර මගින් කාළ විපර්යාසයක් සිදුවන බව වැටහී ඇත. කාළ විර්යාසය සමග ගොවිතැන් කළත්, තවත් කුමක් හෝ දෙයක් හේතුවෙන්, සාර්ථක ප්‍රතිඵල නොලැබී යන බව පසුව අවබෝධකරගෙන තිබේ. එය සඳ නිසා ඇතිවන බව හා ගොවිතැනට පමණක් නොව, ඒ සඳහා යොදාගන්නා සතුන්ට හා මිනිසාට ද ඉර හා සඳ යන දෙකෙහි බලපෑමක් ඇති වන බව, මුලින්ම ශිෂ්ටාචාර වූ රටවල වාසය කළ අය අවබෝධ කරගෙන තිබේ. ඉර හා සඳ යන දෙදෙනාගෙන් ප්‍රධාන වශයෙන් වෙනස්කම් සිදුවන බව අවබෝධ කරගනු ලැබුවත්, තවත් වෙනස්කම් සිදුවන්නේ මන්දැයි සොයා බැලීමේ දී, තවත් ග්‍රහතරු පහක්(05) එයට හේතුව බව හඳුනාගනී. ඉර, සඳ සමග ග්‍රහයන් සත් දෙනා(07) යොදාගෙන කටයුතු කිරීමේ දී, සිදුවන දේ කල්ඇතිව දැනගැනීමට බොහෝදුරට හැකිවිය. බලාපොරොත්තු නොවූ දේ විටින් විට සිදුවන විට චින්තන ග්‍රහයින් දෙදෙනෙක් ද සොයාගෙන කටයුතු කිරීම මගින්, පෙරටත් වඩා හොඳින්, මිනිසාට වන වෙනස්කම් කලින් දැනගන්නට හැකි විය. කාළයාගේ ඇවෑමෙන්, මේ සියල්ල උපයෝගී කරගෙන අනාගත විස්තර හෙවත් පලාපල කීමේ දී, සමහර දේ වෙනස් වන බවත්, සමහර අවස්ථා වල දී, සම්පූර්ණයෙන්ම වැරදී යන බවත් වටහාගෙන තිබේ. එයට හේතුව සොයා බැලීමේ දී, ග්‍රහයෝග සොයාගෙන තිබේ. ග්‍රහයෝග ලෙසින් හඳුන්වන්නේ, ග්‍රහයින් කිහිප දෙනෙක් එකට සිටීම ප්‍රධාන කොටගත් තවත් කරුණු රැසකටයි. එම කරුණු ජ්‍යොතිෂ්ශාස්ත්‍රය ට අනුව දැක්වීමේ දී, ලග්නාධිපතියාව සිටි නවාංශකාධිපතියා කේන්ද්‍ර ගතව, එකොලොස් වැන්නාධිපතියා සමග උච්චවසිටීම ආදී ලෙසින් නොයෙක් හුවමාරු වීම් දැක්විය හැක.
ජ්‍යොතිෂ්ශාස්ත්‍රය, ඉතා සියුම් ශාස්ත්‍රයක් ලෙසින් හඳුන්වන්නේ, පෘථිවියේ සිට සැතපුම් කෝටි ගණනක් දුරින් ගමන් කරන ග්‍රහ තාරකා අනුව, සිදුවීමට ඇති දේ කලින් කීම නිසාය.
පෙර දිග අප උපදින වේලාවට අනුව පිහිටි ග්‍රහ තත්වයන් අනුව, අපට කේන්දරයක් හිමි වනවා. ඒ අනුව අප ලග්නයකට හිර වෙනවා. පාරම්පරික දෛවඥයින් පෙරදිග වගේම, ජාත්‍යන්තර ලිත් වලින් ලබා ගන්නා තොරතුරු පදනම් කරගෙන අපගේ කේන්දරය නිර්මාණය කරනවා. ඇතමුන් පරිඝණකයට දත්ත යොමු කර කේන්දරය සාදා ගන්නවා. මේ කොයි ආකාරයෙන් අපේ හඳහන සැදුවත්, ඒ, ඒ, ග්‍රහ පිහිටීම අනුව විස්තර කරන්නට ඉහතින් සඳහන් කළ ලිත්, භාවිතා කළ යුතුම වනවා. සිංහලයෙන් මුද්‍රණය කර ඇති ලිත් අතර ඈපා පංචාංග ලිත හා ලංකා පඤ්චාංඬග ග්‍රහස්ඵුට ලිත ප්‍රධාන තැනක් ගනු ලබනවා. පරිනත දෛවඥයින් විසින් එංගලන්තයේ මුද්‍රණය කරන RAPHAEL’S ASTRONOMICAL EP.HEMERIS ලිත හා ඉංදියාවේ LAHIRI’S INDIAN EPHEMERIS ලිත භාවිතා කරනවා. එහි දත්ත ඉතාමත් නිවැරදියි. එමගින් අපගේ වර්ථමාන තත්වය, අනාගතය සේම අධ්‍යාපනය, රැකියාව, විවාහය, දරුවන් ගැන විස්තර කළ හැකියි. අපගේ ජීවිතය ගොඩනගා ගැනීමේ දී ඇතිවන භාධක, අවහිරතා සහ ඒවා මැඩපවත්වා ගැනීමට කළ යුතු දෑ පිළිබඳව ද විස්තර ලබාගත හැකි වනවා.








කේන්දරයක විස්තරයක් හෙවත් පලාපලයක් කියන්න සෑම කෙනෙකුටම අපහසුයි. ඒ සඳහා නක්ශාස්ත්‍රය පිළිබඳව හොඳින් අධ්‍යනය කල යුතු වනවා. නැකැත් කරුවෙකු ට, පුද්ගලයෙක් තමන් හමුවට පැමිණි වේලාව අනුව සාදන කේන්දරයට අනුව, විවිධ පොත පත හා තමන් ගේ දැනුම උපයෝගී කරගනිමින්, එහි ඇති ග්‍රහ පිහිටීමට අනුව විස්තරයක් කළ හැකි වනවා. එයයි පලාපල කීම ලෙස හඳුන් වන්නේ.


ජ්‍යොතිෂයේ දී, විශ්වය තුල පවතින වස්තූන්, පෘතුවියට සාපේක්ෂව කොටස් දෙකකට වෙන්කර තිබේ. ඒ, නිශ්චල වස්තූන් සහ චලනය වන වස්තූන් ලෙසයි. විශ්වය හෙවත් අවකාශය තුල පවතින නිශ්චල වස්තූන් “තාරකා” ලෙස හඳුන්වනවා. මෙම තාරකා කණ්ඩායමක් ලෙස එකතුවීම නිසා, නැකත් තරු හෙවත්, “නක්ෂත්‍ර” සෑදී තිබෙනවා. නක්ෂත්‍ර කීපයක් එකතුවීමෙන් “රාශි” නිර්මාණය වී ඇත. චලනය වන වස්තූන්, “ග්‍රහ” ලෙසින් දක්වා තිබේ.
සෞරග්‍රහ මණ්ඩලය ලෙසින් හඳුන්වනු ලබන්නේ, හිරු සහ එයට ගුරුත්වය මගින් බැඳුනු අභ්‍යාවකාශ පද්ධතියකි. අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානිය වන්නේ ද හිරුය. හිරු වටා ඉලිප්සාකාරයෙන් ග්‍රහලෝක 08 ක් ගමන් කරනු ලැබේ. පෘථිවියට හිරුගෙන් දහවල් කාළය ආලෝකමත් වන අතර, රාත්‍රිය ආළෝක වන්නේ සඳ මගිනි. සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහ වස්තූන් නම් කළ විට හිරු (Sun), සඳු (Moon), බුධ (Mercury), සිකුරු (Venus), පෘථිවිය (Earth), අඟහරු (Mars), බ්‍රහස්පති (Jupiter), සෙනසුරු (Saturn), යුරේනස් (Uranus), නැප්චූන් (Neptune) ලෙස දැක්විය හැකියි.


ජ්‍යොතිෂයේ දී, මෙම ග්‍රහලෝක හඳුන්වනු ලබන්නේ, රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු, යුරේනස්, නැප්චූන් ලෙසිනි. රාහු සහ කේතු ලෙසින් ග්‍රහලෝක දෙකක් නොමැති වුවත්, ජ්‍යොතිෂ්ශාස්ත්‍රයේදී මෙම දෙදෙනා ගණන් ගනී. හඳ හෙවත් චන්ද්‍රයා පෘථිවිය වටා යන ගමනේදී, පෘථිවිය හිරු වටා යන ගමන් මාර්ගය, සඳෙහි දික්කළ නිරක්ෂයෙන් කැපෙන සන්ධිස්ථානය රාහු හා කේතු ලෙසින් හඳුවන් ලබයි.
ලබන කලාපයෙන් රාශි සහ ග්‍රහයන් පිළිබඳව දැනගනිමු.