25 C
Colombo
Saturday, December 2, 2023
spot_img

Subscribe

Date:

Share:

“කොහේ හෝ නුඹ නතර වී”

Related Articles

මගෙන් ඔබව උදුරාගත්තේ මට මාවත් අහිමිකල ලෝකයමයි..

පද රචනය – ශාමිලා හුසේන්

සංගීතය – දර්ශන වික්‍රමතුංග

ගායනය – කරුණාරත්න දිවුල්ගනේ

ආදරය කියන්නේ ජීවිතය උඩු යටිකුරු කරවන්නට තරම් ප්‍රබල බලවේගයක්.. මිනිසකු විනාශ කරන්නටත් මිනිසකු ගොඩ නගන්නටත් මේ බලවේගයට පුලුවනි.. ආදරයක් හිතක මෝදු උනාම හිත උපදින නැවුම් හැගුම් අනන්තයි.. අප්‍රමානයි.. ඊට පස්සේ ලෝකයම දකින්නේ ඒ සොදුරු හැගීම් තුලින්.. ජීවිතයේ හැම හීනයක්ම දළුලන්නේ ඒ වටා.. ඒ උපදින බලාපොරොත්තු හැම එකක්ම ඒ විදියටම ඉටුවන බවට හිතේ ඇතිවන විශ්වාසයත් ආදරය තරම්ම සුවිශාලයි.....

 හීන අයිති දේදුනු වර්ණ අහසට..ඒත් සැබෑ ජීවිතය අයිති මහ පොලවට..දුක වේදනාව පැරදුම සියල්ල කර්කෂ පොලව පුරා විසිරිල තියනවා..සොදුරු හීනත් එක්ක අහසේ සරන හිත ඒ හීන අතරින් මිදිල රළු පොලවට කඩා වැටුනොත් ඒ සිත කැබලිති වී යනවාමයි..ඉන් පසු වියරු වැටෙන්නට පුලුවනි...පරාජිත ප්‍රේමය නිසා පෙම්කල කෙනාගේ ජීවිතයෙන්...ඇතැම් විට තමන්ගේ ජීවිතයෙන් පලිගත් ප්‍රේමාතුරයින්ගේ කතා පිලිබද විවිධ පුවත් අප අනන්නතවත් අසා තිබෙනවා.. එවැනි වියරු පරාජිත පෙම්වතුන් පෙම්වතියන් දිහා බලල  අපි උපහාසයෙන් හිනැහුන අවස්ථාත් නැත්තේ නෑ...ඒත්  ආදරයේ කදුල නෙත් අග මෝදුවන දවසක් ආවොත් එදාට ඒ කදුලේ සීතල ඒ කදුලේ බර වටහා අපිටත් වැටහේවි.......

 සැබෑ ආදරය මේ විදියට විනාශකාරී නිමාවක් ඇති කරනවාද...එසේ වී නම් ඇත්තටම එතැන ආදරය පැවතියේද...ආදරයේ අහිමිවීම දිහා උපේක්ෂාවෙන් බලනු බැරිද...සියළු මතකයන් අතීතයට හිමි කොට ජීවිතය අලුතින් පටන් ගනු නොහැකිද...මෙන්න මේ විදියේ අදහස් තුලින් පරාජිත ප්‍රේමය දිහා බලන කලා නිර්මාන ආනන්දයෙන් ප්‍රඥ්ඤාව කරා අපව ගෙන යන නිර්මාන විදියට හදුන් වන්නට පුලුවනි...

අද “ හිතින් අහන සිංදු..” තුලින් හා හා පුරා ඔබ වෙත ගෙන එන්නෙත් එවැනි ගීතයක්..සියල්ල අතීතයට පවරා උරුම වර්තමානයත් එක්ක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගනු දෙනු කරන..ඒ අතර හුදකලා විරාමයන්හි අතීත මතකයන් හිතින් ස්පර්ශ කරන පැරදුනු පෙම් සිතක සිතිවිලි මතුකල අපූරු ගීතයක් තමයි මේ..ශාමිලා හුසේන් රචනා කල දර්ශන වික්‍රමතුංග සංගීතවත් කල මේ ගීතය ගායනා කරන්නේ කරුනාරත්න දිවුල්ගනේ..

“..කොහේ හෝ නුඹ නතර වී කාට හෝ ජීවිතය දී
තුටින් නම් මට ඒ ඇතී මගේ නූනට කම් නැතී

 අහිමිව දුරක ගිය ඔබ අද කොතැනක හෝ කාගේ හෝ වී සතුටින් සිටියි නම් ඒ මට ඇති කියා කරන්නාවූ අහිංසක පැතුමකින් රචිකාවිය ගීතයට පිවිසෙනවා.. ආදරය යනු ආත්මාර්ථයද....හිමි කරගැනීමකින් තොර ප්‍රේමයක් පැවතිය නොහැකිද...පෙම් කල සිත සැනහේනම් දුර සිට හෝ ඒ සැනසුම දෙස බලා සැනසිය හැකිනම් ඒ පරිත්‍යාගය තුල නොවේද සැබෑ ප්‍රේමය පවතින්නේ.....අහිමිව ගිය ආදරයෙන් කඩාවැටුනු සිත් වලට අලුතින් හිතන්නට යමක් ගීතය තුල සැගව පවතිනවා.....ගීතයේ සදහන් වන්නේ “ කොහේ හෝ නුඹ නතර වී...කාට හෝ ජීවිතය දී...”ලෙසිනුයි....කලකට පෙර ජීවිතය හා බැදී උන් ඔබ අද කොතැන කා සමග සිටීදැයි නොදන්නා බවක් මින් කියැවෙනවා..“..කෙනෙකු දර්ශන පථයෙන් ඈත්වේද...හේ මතකයෙන්ද ඈත්වේ..”යන අදහස පොදු නොවන බවයි මින් කියැවෙන්නේ...දසුනින් දුරක ගියත්...කාලය ගෙවී ගියත්...සිත පතුලට කිදා බැසගෙන ජීවිතයම හා වෙලීහුන් අයෙක් කිසිදා මතකයෙන් දුර නොයන බවක් මින් කියැවෙනවා...මෙය කියවන ඔබගේ ජීවිතේ අහුමුළු අතරත් එවන් සදාතනික ප්‍රේමයන් නිධන්ගතව වැලලී තිබිය හැකියි......සිතන්න... එසේ දුර ගිය කෙනෙකු පිලිබදව පරාර්ථයෙන් සිතිය හැකි නම්...“ කාට හෝ ජීවිතය දි තුටින් නම් මට ඒ ඇතී... මගේ නූනට කම්නැතී..” ලෙසින් බැලිය හැකිනම් එය කෙතරම් සුවිසල් ප්‍රේමයක්ද කියා......

“... උන්නු දා අප අපේ වී....
    නුඹ දුන්න සෙනෙහස අරුමැතී...”

    සිතක ප්‍රේමයක බිජුවට වපුරන්නට සොදුරු රුවකට හැකියි.....ලස්සන රුවක් ලග නෙත් නැවතීම අරුමයක් නොවේ.....ඒත් ඒ හටගන්නා ප්‍රේමය එතැනින් එහා යා හැක්කේ  අන්‍යාන්‍යය ගැලපීම....වටහා ගැනීම....පරිත්‍යාගය මතයි...ඒ වගේම සසර හුරුවත් මීට බලපානවා....සසර පුරා එකට ආ දෙදෙනෙකු අහම්බෙන් හමුවුවත් සසර බැදීම සැනින් මතුවිය හැකියි...මේ ලෙසින් ආත්මගත බැදීමකින් එක මග යන දෙදෙනෙකුට අනෙකාගේ සෙනෙහස අරුමයක්....

 ලෝබ නෑ සිත අහිමි දා අද
 මමත් දැන් මට හිමි නැතී

 ආදරයට සීමා මායිම් නැති වුවත් විවාහයට බොහෝ දේ බලපානවා..විවාහය දෙදෙනෙකුගේ පෞද්ගලික දෙයක් වුවත් ඔවුන් වටා වූ සමාජයටත් එය අදාලයි.. මෙහි දී විවිධාකාර ගැලපීම් බලපානවා...බොහෝ විට මේ ගැලපීම් නොගැලපීම් තීරනය කරන්නේ බාහිර සමාජය..කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අප කොයි කාටත් ” සමාජයට ඕනෑ විදියට..” ජීවත් වෙන්නට සිදුවී තිබෙනවා.. අපි අපේම ජීවිත වලට එබී බැළුවොත් පෙනේවී කොයි තරම් නම් හිතට විරුද්ද තීරන ගන්න අවස්ථා අපේ ජීවිතවල ඇද්ද... සමාජය වෙනුවෙන් අපේ සතුට කැපකල අවස්ථා කොයි තරම්ද කියන එක.. ආදරය අත්පත් කරගැනීමේදී මේ තත්වය වඩාත් ප්‍රබලයි...සමාජ තහංචි නිසා ආත්මගත ආදරය ආයාසයෙන් ගලවා විසිකර නාදුනන කෙනෙකු සමග කිසිසේත්ම අපේක්ෂා නොකල ජීවීතයක් ගෙවන්නට වුව හොත් එය කෙතරම් කර්කෂ ජීවිතයක් වේදැයි කිවයුතු නැහැ....එය අපිට අපවත් අහිමිව යාමක්...මහරු ප්‍රේමයක් අහිමිව යන්නට ඉඩදීම සිතට ලෝබ කමක් ඇතිකලත් කාලයත් සමග නොපැතූ ජීවිතයක් තුල කරන ගනුදෙනුව තමන්ට තමන්වත් අහිමිව යාමක් ලෙස දැනෙද්දි “.. ඔබෙන් ලද අරුමැති ප්‍රේමය අහිමිව යාම කවර දෙයක්ද.....මටත් මාව හිමි නැති කොට..” යයි සිතා උපේක්ෂාවෙන් ප්‍රේම වියෝගය දරා ගන්නා අවස්තාවක් තමයි මින් කියැවෙන්නේ....... 

සිතට හොරා ජීවිත්විය හැකි අයෙක් ලොව කොතැනවත් නැහැ....නොපැතූ දිවියක රළු පරළු ගනුදෙනු සමග රිදුම් දෙන සිත සොදුරු මතක පහුරු ගාමින් මිහිරක් සොයන්නට පුලුවනි.. මම මෙන්ම ඔබත් මතක අතර සැරිසරනවාද ඔබටත් එය මට තරම්ම දුකක්දැයි එවිට සිතෙන්නටත් පිලිවන්.....

 ඔබ ලගත් මතකය ඇතී
 නමුදු අප වෙන් වී ඇතී

 අප ආදරය කරන කෙනෙකු අප ගැන සිතනවා නම් එය අපට දැනේනම් එය සිතට එක් කරන්නේ පුදුමාකාර සතුටක්.....එහෙත් මෙහි දී පවසන්නේ ඉන් එහා දෙයක්..“..මට සේම නුඹටත් අද තමන්ට හිමි ජීවිතයක් ඇති නිසා පරන මතකයන් අතර සැරි සරමින් සිත පාරවාගන්නට එපා..” කියා මෙහිදී පවසනවා......

 එපා රිදවුම් ගන්න දිවියට
 අපට හිමි ජීවිත ඇතී......

 ගීතය පුරා කියැවෙන පරිත්‍යාගශීළි ප්‍රේමය අවසන් පද තුලින් තවත් තීව්‍ර වනවා..දුර සිටින ඔබට මාව අදත් සිහිවේ නම් එය මට සතුටක් කියා කියනු වෙනුවට මෙහිදී පවසන්නේ දුර සිටින ඔබ ඔබේ ජීවිතය තුලින් සතුට විදින්න.. මතකයන් අතර රුදී නොතැවෙන්න යන කරුනයි..රළු දිවියක් තුල අතීත ස්මරණය මට කෙබදු දුකක් ගෙන දේදැයි මා දන්නා නිසා ඔබට එවැනි දුකක් අත් නොවේවා කියන පැතුමයි මෙහි රැදී ඇත්තේ....

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles