අපි ලබන සමාජීය අත්දැකීම් කුමන හෝ නිර්මාණයක් හරහා සමාජගත කරන්න හිතන මොහොතක සමාජීයව අත්දකින අත් දැකීම් ඒ තුලට එකතුවෙනවා. මේ වචන ටික ලියවෙන්නෙත් එවැනි ආකාරයටයි. යම් දිනයක අපි කණ්ඩායමක් ප්රසිද්ධ උද්යානයක රූපගත කිරීමක යෙදිලා හිටියා.
ඒ වෙලාවේ යම් සිරිපොද වැස්සක් අද හැලෙන්නට වීම නිසා අපි රූපගත කිරීම නවතා සෙවනක් සොයා ගියා. ඒ මොහොතේ අපේ දෙසවනට අහන්න ලැබුණු නිවේදනයක් මේ වචන පෙළ සටහන් කරන්න යම් පෙළඹවීමක් ඇති කළා.
එම ස්ථානය පෙම්වතුන් නිරන්තරයෙන් පැමිණෙන ස්ථානයක් වගේම බොහෝ පෙම් යුවලවල් එම ස්ථානයේ රුක් සෙවණ තුල රැඳී සිටීම සුලබ දර්ශනයක්. එදා එම වැසි පොද වැටෙන මොහොතේ එම ස්ථානයේ කුඩා ශබ්ධ විකාශන යන්ත්රයක් උපයෝගී කරගෙන එහි ආරක්ෂක නිලදාරියෙක් යම් සාහිත්යමය අනතුරු හැඟවීමක් වගේම විදානයක් නිකුත් කරනවා අපේ දෙසවනට වැටුනා.
එහි කියවුනේ මෙහෙම. ” මේ වැහි පොද වැටෙන වෙලාවේ පෙම්වතුන්ට ගස් යට නින්ද යා හැකි බැවින් වහාම එම ස්ථාන වලින් බැහැර වන ලෙසයි”.
එම වාඛ්ය ඛණ්ඩය තුල පැවති වචන වල තිබුණු කාව්ය භාවය සහ එහි සඟවා එන ප්රේමයේ ආරක්ෂක රැකවරණයේ අනතුර නිසා ඒ ගැන යම් අවදානයක් අපි සියලු දෙනා තුලම ඇති කරා.
ඒ සමගම ප්රේමය තුල සැඟව එන ආරක්ෂාවේ අනතුරින් ප්රේමය ගලවා ගන්න එක තමයි ප්රේමයේ ලොකුම අර්බුදය කියල අපට සිතන්න වෙනවා.
ඒ හැගීම නිදහස් කාව්ය වචන පෙළකට පෙරලුනා. ඒ වචන පෙළ දිනේෂ් සහෝදරයාගේ ඇස ගැටීම සහ එය ඔහු අතට පත්වීමේ ප්රතිඵලය තමයි මේ ගීතය.
කොහොම උනත් අපිට හිතන්න දෙයක් තියෙනවා. ඒ තමයි ප්රේමය සහ ප්රේමයේ රැකවරණයේ ආරක්ෂිත මානය පිලිබඳ පවතින ගැටුම සහ ප්රේමය මේ කියන රැකවරණයේ ආරක්ෂිත ප්රේමයේ මානයෙන් ගලවා නැවත ප්රේමයක පිහිටවන්නේ කොහොමද කියලා.
මොකද මේ මොහොතේ අපිට මුණ ගැහෙන්නේ ප්රේමය වෙනුවට ආරක්ෂාවේ ප්රේමය මානය තුල ගොඩනැගෙන ප්රේමයක් නිසා.