

අශ්වයන්ගේ ස්වාභාවික හැසිරීම් රටාව ඔවුන් ඔවුන්ගේ පරිණාමීය ස්ථානයේ මුහුණ දෙන අභියෝගවලට අනුව වර්ධනය විය. මෙම අභියෝග බොහොමයක් ගොවිපල පරිසරය තුළ දී ඉවත් වනු ලැබේ. ගොවිපල පරිසරයක දී අශ්වයන් හොඳින් කළමනාකරණය කෙරේ. ඔවුන් විලෝපිකයන්ගෙන් ආරක්ෂා කර, ප්‍රමාණවත් ආහාර ලබා දී ආන්තික දේශගුණික තත්ත්වයන්ගෙන් ද ආරක්ෂා කෙරේ. නමුත් ගොවිපල හෝ ගෘහාශ්‍රිත පසුබිමක් යටතේ, අශ්වයන්ට ඉතා අභිප්‍රේරිත ක්‍රියාකාරකම් ප්‍රකාශ කිරීමට ඉඩ දිය හැකි අතර මෙම පාරිසරික අභියෝග පාලනය කර ඇත. එනම්, පාරිසරික සාධකවලට ප්‍රතිචාර දැක්වීමේ මනෝවිද්‍යාත්මක අවශ්‍යතාව තවමත් පැවතිය හැකිය. එබැවින්, උදාසීනත්වය සහ ප්‍රතිචාර නොදැක්වීම, අධි ප්‍රතිචාර දැක්වීම සහ ඒකාකෘති හැසිරීම ඇතුළු ස්වභාවික පරිසරයේ දක්නට නොලැබෙන චර්යාත්මක ප්‍රතිචාර වලට එය හේතු විය හැක.
ඒකාකෘති හැසිරීම යනු ස්ථායී අශ්වයන් තුළ බහුලව දක්නට ලැබෙන පුනරාවර්තන, ක්‍රියාකාරී නොවන හැසිරීමයි. ඒකාකෘති හැසිරීම් බොහෝ විට සිදු වන්නේ ඔවුන්ගේ ජීවිතයේ ආතතියට ප්‍රතිචාරයක් ලෙස ය, උදාහරණයක් ලෙස ආමාශයික වණ (වේදනාව සම්බන්ධ) වැනි ශාරීරික ආතතියක් හෝ වෙනත් අශ්වයන් දැකීමට නොහැකි වීම (සාංකාව) වැනි පාරිසරික ආතතියක් හේතු විය හැක. බිය, කලකිරීම, ජාන විද්‍යාව හෝ ස්නායු පද්ධතියේ ආබාධයක් හේතුවෙන් අශ්වයන්ට ඒකාකෘති වර්ධනය විය හැක. ශක්තිමත් කරන ලද සහ ඉලක්ක වෙත යොමු කරන ලද හැසිරීම් ඒකාකෘති හැසිරීම් යටතට අයත් නොවේ. නිදසුනක් වශයෙන්, අශ්වයෙකු ආහාර වේලාවේදී ස්ථාවර දොරට නැවත නැවතත් පයින් ගැසීම, ඔවුන් තම ආහාර පැමිණීම ඉක්මන් කරවීමට උත්සාහ කරන, ඉලක්කය මෙහෙයවන උගත් හැසිරීමක් පෙන්නුම් කරයි.
සමාජ හුදකලාව සහ ඉහළ තන්තු සහිත ආහාර සඳහා ප්‍රවේශයක් නොමැතිව සාන්ද්‍ර ආහාර ලැබීම වැනි සාධක දෙකක්, අශ්වයන්ගේ මෙම ඒකාකෘති හැසිරීම් වර්ධනය සමඟ සම්බන්ධ වේ.
ඒකාකෘති හැසිරීම් මත සමාජ හුදකලාවේ බලපෑම
සමහර පෙර සොයාගැනීම් මඟින්, අශ්වයන් වෙනත් අශ්වයන් විශාල සංඛ්‍යාවක් සමඟ දෘශ්‍ය සම්බන්ධතා ඇතිව විශාල අංගනවල සිටින විට ඒකාකෘතිකරණය අඩුවෙන් සිදුවන බව පෙන්වා ඇත. මක්නිසාද යත් කුඩා මිදුල හා සසඳන විට විශාල මිදුලේ අංගන ක්‍රියාකාරකම් වැඩි වන අතර හුදකලා අශ්වයන්ට වඩා, අසල අසල්වැසි අශ්වයන් සමඟ සමාජ අන්තර් ක්‍රියා සඳහා හොඳ අවස්ථාවක් තිබේ.
ඒකාකෘති හැසිරීම් මත පෝෂණ පිළිවෙත්වල බලපෑම
ගොවිපල හෝ ගෘහාශ්‍රිත පසුබිමක් යටතේ ඇති කරන අශ්වයන් බොහෝ විට ඉහළ ශක්ති, අඩු තන්තු සාන්ද්‍රණයකින් යුත් ආහාර වලින් පෝෂණය වේ. නමුත් විස්තීර්ණ පාලනයක් යටතේ සහ ස්වභාවිකව තෘණ උලා කෑමට අවස්ථාවක් ලබා දෙමින් ඇති කරන අශ්වයන් හට බොහෝ විට ඔවුන්ට අවශ්‍ය තන්තුමය ආහාර ලබා ගැනීමට සහ අධි ශක්ති (සාන්ද්‍ර) ආහාර ජීර්ණය සඳහා දවසේ යම් කොටසක් වැය කිරීමට අවස්ථාවක් ලැබේ. ඉහළ තන්තු සහිත ආහාර සඳහා ප්‍රවේශයක් නොමැතිව, ඉහළ ශක්ති අඩු තන්තු සාන්ද්‍රිත ආහාර ලබා දීම ඒකාකෘති ක්‍රියාකාරකම්වල වර්ධනය සැලකිය යුතු මට්ටමින් ඉහළ දමයි. එමනිසා ගොවිපල අශ්වයන්ගේ ආහාරවේල සමඟ තන්තුමය ආහාරද එක්කිරීම මගින් ඒකාකෘති හැසිරීම් වල සිදුවීම් සැලකිය යුතු ලෙස අඩු කරයි.
පොදු ඒකාකෘති හැසිරීම්
වාචික
• දඬු වැට/ දඬු කොටුව සපා කෑම


මෙහිදී සිදු වන්නේ අශ්වයෙකු තම දත්වලින් ස්ථාවර වස්තුවක් (සාමාන්‍යයෙන් ස්ථායී දොරක් හෝ බොහෝ විට ඔවුන් වට කර ඇති වැට) අල්ලාගෙන පසුපසට ඇදීමයි. එවිට මෙහිදී ඔවුන් වාතය ගිල ගන්නා විට ගොරවන ශබ්දයක් වනි හඬක්ද නිකුත් කරයි.
• සුළං බීම


මෙහිදී අශ්වයා උගේ ගෙල ආරුක්කු කර, ඔවුන්ගේ මුඛය විවෘත කර වාතය ගිල දැමීම සිදු කරයි. එය දඬු වැට සපා කෑමට සමාන නමුත් අශ්වයා තම දත්වලින් වස්තුවක් අල්ලාගෙන සිටීම සම්බන්ධ නොවේ.
• ස්වයං විකෘති කිරීම


ශරීරයේ විවිධ ප්‍රදේශවලට නැවත නැවතත් ඇනීමෙන්, පාගා දැමීමෙන් හෝ වස්තුවකට පයින් ගැසීම මගින් ප්‍රකාශිත හැසිරීම් රටා.
ලොකොමෝටිව්/ සතුන්ගේ චලනයන් සම්බන්ධ හැසිරීම්
• රිද්මයානුකූල හිස හා පා චලන


නිශ්චලව සිටින විට, අශ්වයා තම හිස සහ බෙල්ල දෙපැත්තට පැද්දෙන අතරම ඔහුගේ බර එක් කකුලක සිට අනෙක් කකුලට ගෙන යයි. සමහර අශ්වයන් ඕනෑම පරිසරයක මෙම හැසිරීම පෙන්වන නමුත්, සාමාන්‍යයෙන් ස්ථාවර දොරකට (අශ්වයා ගාල් කර ඇති ස්ථානයේ දොර) උඩින් බෙල්ල දමා ගෙන සිටීමෙන් මෙය දක්නට ලැබේ.
• පරිපථ ඇවිදීම


ස්ථායීව නැවත නැවත පරිපථ ඇවිදීම හෝ එහා මෙහා ගමන් කිරීමයි. සාමාන්‍යයෙන්, අශ්වයන් ස්ථායීව එක් ස්ථානයකට සීමා කිරීම හෝ අනිත් අශ්වයන්ගෙන් වෙන්කිරීම හේතුවෙන් ඇතිවන සාංකාවේ ප්‍රතිඵලයක් ලෙස මෙය සිදු වේ.
• හිස විසි කිරීම


අශ්වයා නැවත නැවතත් තම හිස ඉහළට/ ඉහළ අතට චලනය කිරීම. සාමාන්‍යයෙන් අපේක්ෂා භංගත්වයේ/ කලකිරීමේ සලකුණක් ලෙස සැලකේ.
අශ්වයාට ඒකාකෘති හැසිරීම් වල බලපෑම
ඒකාකෘති හැසිරීම් වර්ධනය කිරීම අශ්වයාගේ ශාරීරික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑ හැකිය, උදාහරණ ලෙස: උදරාබාධ ඇතිවීමේ අවදානම වැඩි වීම (විශේෂයෙන් දඬු වැට සපාකෑම සහ සුළඟ උරා බොන විට), විශේෂිත මාංශ පේශිවල අධික ලෙස වර්ධනය වීම, බර අඩු වීම (එයට හේතුවක් ලෙස, සමහර අශ්වයන් ආහාර ගැනීමටත් වඩා ඔවුන්ගේ ඒකාකෘතික ක්‍රියා සිදු කිරීම), දත් ගැලවී යාම (දඬු වැට සපාකෑම නිසා), ස්නායු වලට සහ අස්ථිබන්ධ වලට ආතතිය වැඩි වීම (රිද්මයානුකූල හිස හා පා චලන).
ඒකාකෘති හැසිරීම් කළමනාකරණය කිරීම
අශ්වයන්ගේ නූතන කළමනාකරණය ඔවුන් ජීවත් වීමට පරිණාමය වූ ආකාරයට වඩා බෙහෙවින් වෙනස් වන අතර, ආහාර සෙවීම, නිදහස් ව්‍යායාම, අන්‍යෝන්‍ය පිරිමැදීම හෝ අශ්ව රංචුවක් තුල ඔවුන්ගේ අන්‍යෝන්‍ය ඇසුරේ පවතින එනම් ඔවුන්ගේ මිත්‍රත්වයේ අත්දැකීම් වැනි ස්වාභාවික හැසිරීම් ප්‍රකාශ කිරීමට අශ්වයාට ඇති හැකියාව සීමා වී එමඟින් අශ්වයන් ආතතියකට පත්වීම සිදුවේ. අශ්වයා මෙම ආතතිය සමඟ කටයුතු කරන ආකාරය, ඒකාකෘති හැසිරීම වර්ධනය වීමේ සම්භාවිතාව තීරණය කරනු ඇත.
ඒකාකෘති සෑම විටම අශ්වයාගේ වර්තමාන ජීවන තත්ත්වය පිළිබිඹු නොකරන බව පිළිගැනීම වැදගත්ය. මෙම හැසිරීම් මුලින් අශ්වයා අශ්වයාගේ අවශ්‍යතා සපුරාලන්නේ නැති පරිසරයක තැබූ විට, එම පරිසරයට සාර්ථකව මුහුණ දීමේ යාන්ත්‍රණයක් ලෙස වර්ධනය විය හැකි නමුත් කාලයත් සමඟ එම හැසිරීම පුරුද්දක් දක්වා වර්ධනය විය හැකි අතර සුදුසු පරිසරයකට ගෙන ගියද ඒවා දිගටම ප්‍රදර්ශනය වේ.
ජීවිතයේ මුල් මාස නවය තුළ බොහෝ ඒකාකෘති ස්ථාපිත වන බැවින්, පැටවෙකු ලෙස කළමනාකරණය සහ කිරි වැරීමේ ක්‍රියාවලිය හරහා ඒකාකෘති හැසිරීම් වර්ධනය විශාල වශයෙන් සිදු වේ. නිදසුනක් වශයෙන්, කිරි වැරීමේ ක්‍රියාවලිය පුරාම ස්ථාවර වී සමාන වයසේ අනෙකුත් අශ්වයන්ගෙන් හුදකලා වූ පැටවුන් ඒකාකෘති හැසිරීමක් වර්ධනය කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර පසුව ඒවා ඔවුන්ගේ රංචු පරිසරයේ සාමාන්‍ය හැසිරීමක් බවට හැරේ. කිරි වැරීමෙන් පසු ආහාර ගැනීම සීමා කර ඇති අශ්වයන්ට දඬු වැට සපා කෑමේ වැඩි අවදානමක් ඇත.
කලින් පැවති ඒකාකෘති කළමණාකරණ ක්‍රම ලෙස, ක්‍රිබිං කරපටි හෝ anti-weave ග්‍රිල් වැනි උපාංග හරහා භෞතිකව එම හැසිරීම නැවැත්වීම, සමහර අවස්ථාවල අශ්වයා සම්පූර්ණයෙන් හුදකලා කිරීම මඟින් එම හැසිරීම නැවැත්වීම වැනි ක්‍රම වෙත අවධානය යොමු කළේය. මෙම උපක්‍රම මගින්, අශ්වයාගේ සාංකාවේ මූල හේතුව ආමන්ත්‍රණය නොකරන අතර ආතතිය ඇති කිරීමට හෝ උග්‍ර කිරීමටත්, ඔවුන්ගේ ඒකාකෘති හැසිරීමට අනුවර්තනය වීමට හෝ සමහර අවස්ථාවල නව ඒවා වර්ධනය කිරීමටත් හේතු විය හැක.
එමනිසා අශ්වයාගේ මානසික යහපැවැත්ම සහ සුභසාධනය වැඩිදියුණු කරමින්, ඒකාකෘති හැසිරීම් කළමනාකරණය කිරීමේ වඩාත් ඵලදායී ක්‍රමය වන්නේ, අශ්වයන් ඔවුන්ගේ කළමනාකරණයන්ට අනුවර්තනය කිරීමයි, සහ ස්වාභාවික හැසිරීම් දිරිමත් කිරීම සහ සාංකාව, ආතතිය සහ කලකිරීම් මට්ටම් අඩු කිරීමේ අරමුණින් අශ්වයාගේ දෛනික චර්යාව කෙරෙහි අවධානය යොමු කිරීම මෙහිදී ඉතාමත් වැදගත් වේ.
References
Carroll, S, L. et al (2020) An online survey investigating perceived prevalence and treatment options for stereotypic behaviours in horses and undesirable behaviours associated with handling and riding. Equine Veterinary Education. 32(11), pp.71-81.
Dosi, MCM., et al (2020) Inducing weight loss in native ponies: is straw a viable alternative to hay? Veterinary Record 187, e60.
Hothersall, et al (2011). Undesired behaviour in horses: A review of their development, prevention, management and association with welfare. Equine Veterinary Education. 24(9). pp.479-485.
McBride, S. D. et al (2001) Management of horses showing stereotypic behaviour, owner perception and the implications for welfare
Roberts, K., et al. (2017). Causal factors of oral versus locomotor stereotypy in the horse. Journal of Veterinary Behaviour. 20, pp.37-43.
Rørvang, M, V et al (2018). Social Learning in Horses—Fact or Fiction? Frontiers Veterinary Science. 5, pp 212.
Waters, A, J. et al (2002) Factors influencing the development of stereotypic and redirected behaviours in young horses: findings of a four year prospective epidemiological study. Equine Veterinary Journal. 34(6), pp.572-9.