30.6 C
Colombo
Sunday, July 13, 2025
spot_img

Subscribe

Date:

Share:

ගෝලීය උණුසුම නිසා ලෝක සිතියමෙන් රටවල් මැකෙයිද?

Related Articles

මේ වන විට පෘථිවිවාසීන් විදිහට එහෙම නැත්නම් මුළු මහත් මිනිස් සංහතිය ලෙස
අප මුහුණ දෙන ප්‍රධාන ගැටලුව කුමක්ද? දරිද්‍රතාවද, කුසගින්නද, ත්‍රස්තවාදය ද එහෙම
නැත්නම් බලශක්ති ප්‍රභව අවසන් වීම වැනි අර්බුද යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන්.
ඇත්තෙන් ම වත්මන් මිනිසා මුහුණ දෙන ප්‍රධාන ම ප්‍රශ්නය වෙන්නේ ගෝලීය උණුසුම
ඉහළ යාම යි. මිනිසා මේ අර්බුදය යහපත් ආකාරයෙන් කළමනාකරණය නොකළහොත්
නුදුරු දිනෙක ගෝලීය උණුසුම, මිනිසා ඇතුළු පෘථිවිවාසීන් මේ ලෝකයෙන් ඉවත් කරන
බව ඉතාමත් පැහැදිලි කරුණක්. දරාගත නොහැකි අන්දමට මේ වන විට මිහිතලය
උණුසුම් වී තිබේ. කෙතරම් ජලය පානය කළත් සිසිල් අහාර පාන ගත්තත් පිපාසය පවා
නොසංසිදෙන තරම්ය. මේ සෑම ජීවි කොට්ඨාශයක්ම ඉතා අපහසුතාවයට පත්වී සිටින
කාල වකවානුවකි. ආහාර නොමැතිව සිටිනවාට වඩා දැඩි අසීරුතාවයකට පත්ව
සිටින්නේ දැනට පවතින අධික උණුසුම දරාගැනීමට නොහැකිවයි.

ගෝලීය උෂ්ණත්වය
විවිධ වායූන්, කාබන් මොනොක්සයිඩ් (CO), කාබන් ඩයොක්සයිඩ් (CO2), ඕසෝන් (O3), CFC
(ක්ලෝරෝෆ්ලෝරොකාබන්), මීතේන් (CH4), ඩයසොටොක්සයිඩ් (N2O) යනාදියෙන් සමන්විත
පෘථිවිය සියළුම ජෛව විශේෂ සඳහා වාසයට සුදුසු උෂ්ණත්වයක පවතින බව සහතික
කරයි. කාර්මික හා තාක්‍ෂණික වර්ධනයන් නිසා, පොසිල ඉන්ධන අධික ලෙස
පරිභෝජනය කිරීම, දැඩි ජනගහනය වැඩිවීම, ජීවන තත්වයන් සහ මානව ක්‍රියාකාරකම්,
හරිතාගාර වායූන් අධික ලෙස ගොඩනැගීම හා සමුච්චය වීම නිසා නිවර්තන කලාපයේ
ආසන්න කොටසෙහි උෂ්ණත්වය ඉහළ යයි. එමෙන්ම බලශක්ති භාවිතය, කර්මාන්ත,
වනාන්තර දහනය හා විනාශය, කෘෂිකාර්මික කටයුතු සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ
යාම සඳහා ඍජුව බලපාන සාධක වේ. මෙය ස්වාභාවික ක්‍රියාවලියක් නොවන අතර එය
මුළුමනින්ම මිනිස් ක්‍රියාකාරකම් මත පදනම්ව වර්ධනය වේ.
මෙම තත්වය ජීවිතයට තර්ජනයක් වන බොහෝ ගැටලු සඳහා පදනම සපයයි. ගෝලීය
උණුසුම යනු ලැව් ගින්න, කාන්තාරීකරණය, ග්ලැසියර දියවීම, ජල අන්තර්ගතය වැඩි
කිරීම, අධික වර්ෂාපතනය සහ අඛණ්ඩ ගංවතුර ඇතිවීම සහ පෘථිවියේ උෂ්ණත්වය
ඉහළ යාම හේතුවෙන් අධික ලෙස ඛාදනය වීම වැනි ව්‍යසන දාමයකි. ගෝලීය
උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් සිදුවන ස්වාභාවික විපත් දේශගුණික පද්ධතියේ
වෙනස්වීමට හේතු වේ (Ecomark, 2019) . මෙලෙස අසාමාන්‍ය ලෙස ගෝලීය උණුසුම ඉහළ
යාම හේතුවෙන් ඇතිවෙන ප්‍රධාන ම ගැටලුව වන්නේ ධ්‍රැවාසන්න ප්‍රදේශවල ඇති අයිස්
තට්ටු හා ග්ලැසියර දිය වී සාගරයේ ජල මට්ටම ඉහළ ගොස් වෙරළාසන්න පහත බිම්
ජලයෙන් යට වීම යි. මේ ආකාරයට දිගින් දිගට ම ගෝලීය උණුසුම ඉහළ ගියහොත්

තෙත් බිම්, වියළි බිම් බවටත්, වියළි බිම් කාන්තාර බවටත් පත්වීම, සමහර ප්‍රදේශවලට
වර්ෂාව නොමැතිවීම හා තවත් ප්‍රදේශවලට අධික ව වර්ෂාව ලැබීම, සුළි සුළං හා
ටොනෑඩෝ තත්ත්ව ඇතිවීම හා වසංගත රෝග බහුල ලෙස වේගයෙන් පැතිර යන අතර
අනාගතයේ දී මාලදිවයින වැනි රටවල් ලෝක සිතියමෙන් ඉවත් ව යනු ඇති බවට
විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ. එමෙන්ම ලවණ සහිත ජලය ගොඩබිමට පැමිණීමෙන්
වගා හානි වීම හා පස නිසරු වීම, කඩොලාන වැනි වෙරළ ආශ්‍රිත පද්ධති විනාශ වීම
හා හිතකර ජීවින් විනාශ වීමට අමතර ව තවත් විනාශකාරී ප්‍රතිඵල රැසක් ඇතිවේ
(Kularatna, 2022)


ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා සිදුවන දේශගුණික විපර්යාස;
 ගංවතුර, ඛාදනය, නායයාම නිසා එවැනි ස්වාභාවික විපත් වැඩිවීම.
 පෘථිවිය උණුසුම් වීම සාගර හා මුහුද උණුසුම් වීමට සහ ජෛව විවිධත්වය අඩු
කිරීමට දායක වන්නේ ද්‍රාවිත කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට මුදා හැරීමට
දායක වීමෙන් ජල ද්‍රෝණිවල සංචිත හා ධාරිතාව අඩුවීමට හේතු වන අතර
වැඩිවන අවශ්‍යතාවය සපුරාලීම හේතුවෙන් පාරිසරික දූෂණය ඉහළ යාම.
 පානීය ජලය, පුද්ගලික පිරිසිදු කිරීම සහ නිවාස පිරිසිදු කිරීම වැනි අත්‍යවශ්‍ය
ක්‍රියාකාරකම් හා අවශ්‍යතා නිරවුල් වන අතර පාරිසරික දූෂණය කරා ළඟාවීම.
 අධික උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් පෘථිවියෙන් කාන්තාරකරණය පුළුල් වනු
වීම.
 වියළි දේශගුණය හේතුවෙන් ලැව් ගිනි අවධානම වැඩි වීම සහ වසංගත
තත්ත්වයන් ඇති වීම.
 ධ්‍රැවීය කලාපවල ශීත කළ පාංශු ස්කන්ධය දිය කිරීමෙන් වායුගෝලයේ එකතු
වන හරිතාගාර වායු වායුගෝලයට මුදා හැරීමට පටන් ගනී.
 දිවා රෑ අතර උෂ්ණත්ව වෙනස්කම් ක්‍රමයෙන් අඩු වීම.
 වායුගෝලීය විපත් (අකුණු, සුළි සුළං, සුළි කුණාටු ආදිය) සහ අම්ල වැසි උත්සන්න
වීම.
 හදිසි දේශගුණික විපර්යාස නිසා මිනිස් සිරුරේ හෝමියස්ටැසිස් ලබා ගැනීම
දුෂ්කර වන අතර මිනිසා මානසික අර්බුදවලට ගොදුරු වීමේ ඉඩකඩ ද ඉහළ යනු
ඇත.
ග්‍රීන්ලන්තයේ පමණක් ගෝලීය උණුසුම ඉහළයාම හේතුවෙන් වසරකට ඝන කිලෝමීටර්
150-250 ත් අතර ග්ලැසියර ප්‍රමාණයක් දියවේ. ඇන්ටාක්ටිකාවේ වසරකට ඝන
කිලෝමීටර 152 ක් පමණ ග්ලැසියර දියවේ. මෙම සියලුම දියවන අයිස් කුට්ටි ජලය
ලෙස මුහුදට එක්වේ. එපමණක් නොව උත්තරද්‍රව සහ දක්ෂිනද්‍රව ග්ලැසියර දියවීමෙන්ද
ජලය සාගරයට එක්වෙන අතරම, සාගර උෂ්ණත්වයද ඉහළයාම සිදුවේ. මිට අමතරව
සාගරයේද තිබෙන ග්ලැසියර දියවීමෙන් සහ ගොඩබිම්හි තිබෙන අයිස් කඳු දියවිමෙන්ද

සාගර ජල මට්ටම ඉහල යාම සිදුවේ. පසුගිය ශතවර්ෂය තුල මුහුදු මට්ටම
සෙන්ටිමීටර් 17 කින් පමණ ඉහල ගොස් ඇති අතර විද්‍යාඥයන්ගේ අදහස වන්නේ ඉදිරි
ශත වර්ෂය තුළ මෙම තත්වය දෙගුණයක් වියහැකි බවත් මීලග වර්ෂ සියය තුල මේම
මුහුදු මට්ටම සෙන්ටිමීටර 120 කින් පමණ ඉහල යාහැකි බවත්ය. මෙවැනි තත්වයක්
හමුවේ මාලදිවයින් වැනි රටවල් මුළුමනින්ම මුහුදින් යටවීමේ අවධානය ඇති අතරම ශ්‍රී
ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වර්තමානයේ පවා ඉතා විශාල වශයෙන් ඛාදනයකට ලක්ව
තිබෙන්නේ මෙම ගොලිය උණුසුම ඉහළයාමේ ප්‍රතිඵලයක් ලෙසිනි (කුමාර, 2017) .
පර්යේෂකයන් පවසන ආකාරයට 2023 වසරේ සිට 2027 වසර දක්වා කාලය තුළ
සෙල්සියස් අංශක 1.5 ක් ලෙස පවතින ගෝලීය උෂ්ණත්ව මට්ටම පසු කර යෑමට 66%ක
සම්භාවිතාවක් පවතී. එයට හේතුව මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන වායු
විමෝචනය, වසර අගදී ඇතිවිය හැකි එල්නිනෝ (El Nino) කාලගුණ රටාව හේතුවෙන් ඊට
ඇති ඉඩකඩ ඉහළ යමින් පවතී. එල්නිනෝ යනු පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ
උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් ඇතිවන ක්‍රියාවලියකි. එමෙන්ම 2024 වර්ෂය තුළ
ගෝලීය වශයෙන් මුහුදු මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය පෙබරවාරි මාසයේදී සෙල්සියස්
අංශක 21.06 ක් ලෙස දැක්වුණු අතර එය වසර 2000කට පසු ගෝලීය මුහුදු මතුපිට
වාර්තා වූ වැඩිම උෂ්ණත්වය බව ජාත්‍යන්තර විශේෂඥයන් පෙන්වා දෙයි (ගුණසේකර &
ලියනගේ, 2024) .

ගෝලීය උණුසුම පාලනය කරගමු
කෙසේවෙතත් අධික ගෝලීය උෂ්ණත්වය හමුවේ මිනිසුන් මෙන්ම සතුන් පවා ඉතා
අසරණ තත්වයට පත්ව සිටිති. දෛනිකව සමාජ මාධ්‍ය මෙන්ම විවිධ රුපවාහිනී මාධ්‍ය
සහ පුවත් මඟින් වෛද්‍යවරුන්, පරිසරවේදීන් හැකි උපරිම අයුරින් මහජනතාවට දැනුවත්
කිරීම් සිදු කලද ඔවුන් ඒවා කනකට ගන්නේ නැති තරම්ය. හිතුමතේට ක්‍රියා කිරීමෙන්
ඔවුන් ඉතා ඉක්මනින්ම විවිධ රෝගාබාධ වලට ගොදුරුවේ. හිරු එළියට නිරාවරණය
වීමෙන් විවිධ චර්ම රෝග, සමේ අසාධන තත්වයන් මෙන්ම විජලනය පවා ඇතිවන අතර
හැකි සෑම විටම ශරීරය සිසිල්ව පවත්වා ගැනීමට අවශ්‍ය උපදෙස් මහජනතාවට ලබා
දේ. නමුත් අවාසනාවට බොහෝ පිරිස් ඒවා නොතකමින් තම කටයුතු වල නියැලේ.
පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීම තහනම් කළද බොහෝ පාසල් වල ක්‍රීඩා උත්සව පවා
සංවිධානය කර තිබූ අයුරු අපට දැක ගැනීමට හැකිවිය. අහිතකර ලෙස සිදුවන මේ
ගෝලීය උණුසුම ඉහළ යාමට ප්‍රධාන වගකිව යුත්තා වනුයේද අපමය. අනවශ්‍ය පරිසර
විරෝධී ක්‍රියාකාරකම් වල ඉහළ යාම නිසා පරිසරය විසින් මිනිසාට පන්න පන්නා දඬුවම්
ලබාදේ. මේ නිසා කිසිදු වයස් භේදයකින් තොරව සියලුම දෙනාට එයට වන්දි ගෙවීමට
සිදුවී තිබේ.
වර්තමාන ලෝකය 19 වැනි සියවසේ දී තිබුණාට වඩා සෙල්සියස් අංශක 1.2කින් පමණ
උණුසුම් ය. එසේම වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය එදාට සාපේක්ෂව

50%කින් ඉහළ ගොස් ඇත. විද්‍යාඥයින් පවසන්නේ දේශගුණික විපර්යාසවල නරකම
ප්‍රතිවිපාක වළක්වා ගන්නට අවශ්‍ය නම් ගෝලීය උෂ්ණත්වය ඉහළ යන වේගය අඩුකළ
යුතුබව යි. වර්ෂ 2100 වන තෙක් උණුසුම ඉහළ යන අගය සෙල්සියස් අංශක 1.5 ලෙස
තබාගත යුතුයැ යි ඔවුන් පවසයි. කෙසේ නමුත්, ඒ සඳහා වැඩිදුර පියවර නොගතහොත්
මේ ශතවර්ෂය අවසන් වන විට පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කටත්
වැඩියෙන් ඉහළ යනවා ඇති. විද්‍යාඥයන් සිතන්නේ මීට පිළියම් කිසිවක් නොයෙදුවහොත්
ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 4 ඉක්මවීම ඉඩ ඇති අතර, එය හදිසියෙන් ඇතිවන
විනාශකාරී ග්‍රීෂ්මයන්ට, මිලියන ගණනකට නිවාස අහිමි කරමින් මුහුදු මට්ටම ඉහළ
යාමට, සහ ශාක හා සත්ත්ව විශේෂයන් නැවත වෙනස් කළ නොහෙන අන්දමට විනාශ
වී යාමට තුඩුදෙනු ඇතිබව යි.
ලෝකය තවත් උණුසුම් වුවහොත් වගාබිම් කාන්තාරබවට පත්විය හැකි නිසා, ඇතැම්
ප්‍රදේශයන් මිනිස් වාසයට නුසුදුසු වීමට හැකි ය. ගොවිබිම් කාන්තාර බවට පත්වීමත්
තවත් ප්‍රදේශයන්හි දී මෙහි විලෝමය සිදුවෙමින් පවතියි. මෑතක දී චීනයේ, ජර්මනියේ,
බෙල්ජියමේ, සහ නෙදර්ලන්තයේ සිදුවූ පරිදි, අධික වර්ෂාපතනය හේතුවෙන් ඓතිහාසික
ජලගැල්ම ඇතිවීම දැකගත හැකි ය. දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීමට
අවශ්‍ය මුදල් නොමැතිවීම නිසා වඩාත් දුක් විඳිනු ඇත්තේ අප වැනි දුප්පත් රටවල
ජනතාව ය. සංවර්ධනය වෙමින් පවතින රටවල බොහෝ ගොවිබිම් දැනටත් අධික
උෂ්ණත්වයකට මුහුණපාමින් සිටින අතර, මෙය හැරෙනු ඇත්තේ වඩාත් නරක අතට
පමණි. අපගේ සාගර ද, ඒවායේ පිහිටි බොහෝ සාගර ජීවීන්ගේ වාසස්ථාන ද තර්ජනයට
ලක්වී ඇත. නිදසුනක් වශයෙන් ගතහොත්, දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුද
උණුසුම් වීම නිසා ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරයට 1995 සිට මේ වන තෙක් සිය
කොරල්පරවලින් අඩක්ම අහිමි වී තිබේ. දේශගුණික විපර්යාසයන් උණුසුම්, වියළි
කාලගුණයක් ඇතිවීමේ අවදානම ඉහළ දමන බැවින් ලැව්ගිනි ඇතිවීම ද දැන් දැන් බහුල
සිදුවීමකි (BBC, 2021) .


ගෝලීය උණුසුම ඉහළ යාමට වර්තමාන කාර්මීකරණ කටයුතු ඉතා ප්‍රභල ලෙස බලපා
තිබේ. කාර්මීකරණය සහ නව තාක්ෂනය රටකට ලෝකයට අත්‍යවශ්‍ය දෙයක් වුවත් ඒ
අනුව හැඩගැසිය යුතු වුවත් කර්මිකරණයේ අහිතකර ප්‍රතිපල වලට මුහුණ දීමට අපට
සිදුවී තිබේ. වනාන්තර එළි කරමින් ජල මුලාශ්‍ර වලට හානි කරමින් මිනිසාට සිතූ සිතූ
පරිදි කොන්ක්‍රීට් වැපිරීම නිසා අද වන විට සමස්ත පෘතුවිවාසි ජිවියෙකුටම සහ හෙට
උපදින දරුවන්ට පවා ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවී තිබේ. වනාන්තර සහ ජල
මුලාශ්‍ර රැක ගනිමින් ගෝලීය වශයෙන් සියලුම රාජ්‍යන් වල පරිසර සංවිධාන සමඟ
එක්ව කටයුතු කරමින් කාර්මීකරණය අවම කරමින් හෝ පාරිසරික හානි අවම කරමින්
අප සංවර්ධන කටයුතු වල නියැලීමට කටයුතු කරන්නේ නම් මෙවැනි ගෝලීය හානි
උපද්‍රව අවම කරගැනීමට අපට හැකියාව තිබේ. ඉතින් මෙය තනි පුද්ගලයෙකුගේ
වගකීමක් නොව සියලු දෙනාගේම වගකීමකි. හැකි පමණින් ගෝලීය පරිසරය රැක ගැනීමට කටයුතු කිරීම තුළින් ගෝලීය වශයෙන් අපට මුහුණ දීමට සිදුවන අහිතකර
ප්‍රතිවිපාක අවම කර ගැනීමට හැකිවෙතැයි මාගේ විශ්වාසයයි.

මුලාශ්‍ර
BBC. (2021). දේශගුණික විපර්යාසය යනු කුමක් ද? ඉතා සරල නියමුවක්. BBC NEWS
Sinhala. https://www.bbc.com/sinhala/world-59138449
Ecomark. (2019). ගෝලීය උණුසුම යනු කුමක්ද? Ecomark/Ecoloji.Com.
https://www.ekoloji.com/si/ekoloji/kuresel-isinma-nedir/
Kularatna, L. (2022). ගෝලීය උණුසුම ඉහළ ගියොත් මොකද වෙන්නේ? Roarmedia.
https://archive.roar.media/sinhala/main/geography/global-warming-seen-as-a-major-problem
කුමාරසුමනජිත්. (2017). ගෝලීය උණුසුම ඉහළයාම සහ එහි ප්‍රතිඵල. Faculty of
Humanities and Social Sciences, University of Sri Jayewardenepura. http://fhss.sjp.ac.lk/news-
si/news/ගෝලීය-උණුසුම-ඉහළයාම-සහ-එහ/
ගුණසේකරශිවන්තිකා මධුෂානි, & ලියනගේවසන්ත. (2024). අඛණ්ඩව ඉහළ යන
ගෝලීය උණුසුම. දිවයින. https://divaina.lk/අඛණ්ඩව-ඉහළ-යන-ගෝලීය-උණුසු/

Diluka Bandara
Diluka Bandara
senior student, Rajarata university of Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles