මම කළුබෝවිලට යාම සඳහා ආමර් වීදියෙන් 176 කරගම්පිටිය ෆ්‍රයිවට් බස් රථයකට ගොඩවුණෙමි. ගොඩම තමයි, ලක්ස්රි මෙට්ට්‍රෝවක් සෙකන්ඩ් වෙන තරමට සුපිරි සීතල රස්නයකින් බසය සමීකරණය වී ඇත. කො. දොස්තර මහතාගේ මාස්ක් එක වරින් වර නිකටටත් බෙල්ලටත් සෞඛ්‍යාරක්ෂිතව මාරු වන්නේ ය. මං කළුබෝවිල ඉස්පිරිතාලය ළඟ බහිනවා. දීපු ගාස්තුවට මං එපාම කියද් දී කො. දොස්තර මයා ගාස්තුව සඳහන් කළ ටිකට් පතක් බලෙන් ම වගේ මට පිරිනැමී ය. මෙය බටහිර රටක් දැ යි සැක සිතෙන තරමට ම මා විශ්මයට පත්වුණි. ඊට පසුව කො. දොස්තර මයා ලොකු සීන් නැතිව වැක්සීන් වීසා පත තිබේදැ යි විමසා සුරක්ෂිත බස් මඟියෙක් බවට සනාථ කර ගැනීමෙන් පසුව මාව ගමනට සම්බන්ධ කරගත්තේ ය. සාරත්‍රත් මෙිනකා නන්දිනීත් තවත් නහුතයකුත් පටවා ගෙන වැල්ලම්පිටිය-මහරගම 131 වගේ සහ ත්රොකැදෙරෝවට යන 42 වගේ කොට කොට යන්නේ නැත මේ 176. එය පැරා ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබන ඇරිල්ලේ ය. සාරාත්‍රලා මීතොටමුල්ලේ සිට 131 එද්දී නාරාහේන්පිට පහුවෙනවාත් සමඟ ම ශාලිකාවට ආසන්නයෙන් තාජුඩීන් සිය කාරය තුළට වී අලුවීම පිණිස ගිණි තබාගෙන අහවරය. ජපන් බෝනිකියක් බඳු ආර්යාවතී පසෙකින් මෙත් මල් පිබිදේවා යැ යි ගයන්නී.


මම සුනන්දාරාම වීදියේ විදර්ශන එපාර්තමේන්තුවේ(ඉංග්‍රීසි ඩිපාර්ට්මන්ට් සිංහලෙන් දෙපාර්තමේන්තුව වී නම් ඉංග්‍රීසි එපාර්ට්මන්ට් සිංහලෙන් එපාර්තමේන්තුව වීම “තෙරක් නොමැති මේ සසරේ මහබඹු කවියා(වෙඩ්ඩා) විතරේ” සංස්කෘත ශ්ලෝක පදනම මත පිහිටමින් වෙඩිමය කැටයම් වචනය නිපදේ)
විදර්ශන ප්‍රකාශන මිල දී ගැනීම සඳහා පළවන මහළට යෑමට පෙර සිකියුරුටි අනින් සැනිටයිසර් පැනින් දෑත් දොවා පඩිපෙළ තරණය කිරීමට සූදානම් වූවා පමනි. කුර්තාවක් පැළඳි, තියණු උපැස් දෑසින් යුතු, මැචුවඩ් මහත්මයෙක් බර අඩි තබමින් හිසේ පොත් කරඬුවක් වඩම්මමිනි. එම අඩංගුවේ සාරාත්‍ර වර්ධනගේ ‘ශුද්ධ වූ ජුදාස්’ කෙටිකතා පොතේ ප්‍රංශ පරිවර්තනයත්, ප්‍රංශ බසින් ඉංග්‍රීසියට නැඟුණු ඔහුගේ ම ‘ෂේඩ්ස් ඔෆ් පැරිස් ක්ලවුඩ්ස්’ නවලයත් මගේ ඇස් මානයට දිස්වුණි. එක්ස් කියුස් මී, ඔහු සමඟ සංලාපයට පෙර මං පෙරවදන දැමීය. සුභ මද්දහනක්! ඔබතුමා මිස්‍යු ඇලෙම්බෙයා නේද? මං සාරාත්‍ර වර්ධනගේ පාඨකයෙක්, සාරාත්‍රගේ පාඨකයෙක් වුණා ම සාරාත්‍ර ව දැන හඳුනා ගැනීම වැරදි ද? අනෙක සාරාත්‍ර ම ඔහුගෙ උල්කාපාතයක් තරම් බර වලාකුළේ, දරාගත නොහෙන ඉතිහාසයේ බර 312 පිටුවේ කියලා තියෙනවා කෘතිය සේම කතුවරයා ද කවරාකාර දැ යි විඳ ගන්නට වීරිය කිරීම අගතියක් නොවන බව. ඉදින් ප්‍රිය මහත්මයාණෙනි ඔබ ඔහුව දැන හඳුනනවා නේද? උඹ මොනවද මේ කියන්නේ මං මිලාන් කුන්දේරා සම්මුඛ වුණෙත් සාරාත්‍රත් එක්ක. එතකොට ම කිසිවෙකු මගේ පිටට තට්ටුවක් දැමූ බැවින් මං තිගැස්සුණි. ඔය පුතා බහිනවා කිව්වෙ කළුබෝවිලනෙ. මේ කළුබෝවිල ඉස්පිරිතාලෙ ළඟ. මම ඔහුට කෘතඥ මදහසක් පෑවෙමි. දෑස් පිසදා බලන කළ කැස්ත්‍රෝගෙ ම අඹාපු පළුවක් වගේ රැවුලක් තියෙන රැකවල් දූතයා ය. සාරාත්‍රගේ පියා ය. මං හනික බසයෙන් බැස ඇවිදන් යද්දී වාසුලයා, පාස්කු බෝම්කරුවෙක් බඳුව පිටේ එල්ලාගෙන යනෙන කැමරා අඩුම කුඩුම අඩංගු කළු බෑගයෙන් යුක්තව දුටුවෙමි. එයට වාසුලයා දුන්නක් සේ නැවුණත් සාරාත්‍ර කියනායුරින් ඔහු ආත්මයෙන් එසේ නොනැමෙන ශක්තිමත් කශේරුකාකරුවෙකි. මම නිල්වලා හෝටලයට පිට දීගෙන හනික අන්තර් දැලේ පැටලුණෙමි. හිටපු පීතර රග්බි සහ ඇත්ලටිකයෙකි, පත්තරකාරයෙකි, කෙටි නාට්‍යකාරයෙකි. හිටින කවියෙක්, නවකතාකරුවෙක්, ඩිජිටල් මාධ්‍යකරුවෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක් වූ
සාරාත්‍ර වර්ධන නමින් ගූගල් සර්ච් පීරුවෙමි. පුදුමයක මහත එවිට හම්බ වුණේ මංජුල වෙඩිවර්ධන ම ය. මං නින්දට සමු දී ඇඳෙන් නැගිටින්න හදද් දී පපුව උඩ බෑවී තිබුණේ වෙඩ්ඩාගේ ‘පැරිස් වලාකුළු’ ය. කියවන්නා වූ මම, වලාකුළු දිගේ සවිඥානික ව ම පාවෙන්නට අදිටන් කරගනිමි. ඒ විශ්වීය අහසක කොළොම්බානු, පැරීසියානු, යාල්පානම් ප්‍රමුඛ නෝර්ත් ප්‍රොවින්සියානු වලාකුළු දිගේ ය.
සංහාරයකින් භූගත කළ ජාතික විමුක්ති අරගල ඉතිහාසයක හරස් පෙත්තක දේශපාලනිකව නාඩි අල්ලා බැලීමට මංජුල වෙඩිවර්ධන ශූර වී ඇති බව ‘පැරිස් වලාකුළු’ නම් වූ නවකතාත්ම ය පපුවෙන් සහ ඔළුවෙන් කියවා බැලූ විට පසක් විය. වෙඩිවර්ධනගේ කෘතිය පුරා ම වලාකුළු සේ විසිරී ඒකාත්මික වෙන දාර්ශනික සාහිත්‍ය ම ය අනෝරා වැස්සෙන් ලාංකේය පොළොවේ දේශපාලන උත්ප්‍රාසය බරපතල ලෙස තෙත බරිත වී ඇත.
කොටි අහසින් වැටුණේ නැත. 1956 සිට 1987 දක්වා වූ කාලවකාශයේත් ඉන් ඔබ්බටත් සිංහලාණ්ඩුවන්ගෙන් එල්ල කරන ලද දෙමළ මර්දන විකාශනය නිසාවෙනි. සිංහල බෞද්ධයෝත් සිංහල කතෝලිකයෝත් නිදහස ලැබුණේ 2009 යැ යි මිථ්‍යාදෘෂ්ටිකයක ඇලී ගැලී සිටිති.(ඉන් 1948 නිදහස ලැබුණේ යැ යි අවධාරණය නොකරමි.) ධනේශ්වර රෙජීමයක පැවත්ම උදෙසා
හේතුව නිරුපද්‍රිතව තබා ඵලයට වෙඩි තිබ්බ ලුණු මිරිස් පාටට දෙමළෙන් ලේ වැගිරෙද්දී සිංහලෙන් කිරිබත් චියර් දමා නරුම සංතුෂ්ටියක් අත් වින්ඳෝ ය.
එකී චියරයට හේතවූ මානුෂික මෙහෙයුම නම් දෙමළ ජන සංහාරයේ දී ඊට එරෙහිව දෙමළ හෘදය සාක්ෂිය ඇවිල වූ කොටි සංවිධානයේ දේශපාලන අංශයේ සටන් කාමිනියෙකු වූ මියගිය චන්දිකා සහ ඉපදුණු සාන්දිලන් ලෙස සාරාත්‍ර ලවා වෙඩිවර්ධන පරිකල්පනය කරන ප්‍රබන්ධිත පාත්‍රණී තමලිනී ය. ඇයව සිංහල ප්‍රකාශිත තියණු අසිපතකින් සහ කීර්තියානු ව්‍යාජ ලියන්නන් අතින් මොට්ට ආයුධයක් බවට පිරිහෙලූවද තියණු සත්‍යය පාදා ගැනීමට වෙඩිවර්ධනගේ දේශපාලනික මැදිහත්වීම ප්‍රශස්ත ය. ඇය කියවන්නාගේ ලෝකයට ඇතුලු වෙන්නේ,”…….මාස කිහිපයකට පෙර මහරගම දී මියගොස්, පරන්තන් හි දී අළු දූවිලි බවට පත් දෙමළ ස්ත්‍රියකි.”
ඈ තමලිනී නම් වන්නී.


එකිනෙකා තේරුම් ගැනීමේ අතිශය සංවේදී යතුර භාෂාව යි. මෙහිදී හිටපු සිංහල පත්තරකාරයෙකු වන සාරාත්‍රාවේෂයෙන් සිය හෘදය සාක්කිය වර නඟන වෙඩිවර්ධන ම ය සාහිත්‍ය ව්‍යායාමය අපූරු ය. අනෙකාට සාපේක්ෂ සත්‍ය සිදුවීම නම් වූ කසකරුවන්ගේ දර්ශනයෙන් පසුව අනිවාර්යෙන් එන්නේ පෙරහැර නම් වූ ප්‍රබන්ධය යි.
“චන්දිකාට සිංහල පොඩ්ඩක්වත් බැරිද?” මම ඉංග්‍රීසියෙන් ඇසුවෙමි.
“සාරාත්‍රට දෙමළ පුළුවන්ද?” ඇය ඉංග්‍රීසියෙන් ඇසුවා ය. දෙදෙනා ම හිනා වීමු.
ඇයට තිබුණේ ආත්මය පතුලෙන් ම නැඟැ එන නිරහංකාර දෙමළ හිනාවකි. ” මං සිංහල ඉගෙන ගන්නවා. කොඤ්ඤං කොඤ්ඤං පුළුවං.”
මට පිළිතුරක් තිබුණේ නැත. මොන තරම් අවදානම් ගනිමින් හෝ මුරණ්ඩුසහගත ලෙස වෘත්තීය කටයුතුවල යෙදෙන්නට මා තීරණය කර තිබුණ ද, ඒ විෂයට අත්‍යන්තයෙන් ම අදාළ ‘දෙමළ’ ඉගෙනගත යුතු යැ යි මා කවදාවත් සිතා තිබුණේ නැත. මහාවංශයේ කැතකම් මගේ හදවතේ ද පච්ච කොටා තිබුණා වන්නට පිළිවන.
ක්ෂුද්‍ර කොදෙව්වක වුව බහුතර මනස ව්‍යාධි උපද්දන සිතිවිලි යන්ත්‍රයකි.
වෘත්තීම ය කැටයම් ගැන සිතුවද, අවදානම සෙල්ලමක් ලෙස සැලකුව ද මා කෙරෙහි ද වන්නේ බහුතරයේ මහන්තත්වය නෙවේ ද?” (පිටුව 52)
වෙඩිවර්ධනගේ ස්වයං විවේචනාත්මක කනස්සල්ල අවධාරණය පිණිස කියවන්නා වූ මගේ කනස්සල්ලත් ප්‍රකාශ කිරීමට කියවන්නා ලියූ කවියකින් කොටසක් ලෙස උපුටමි.
“සිංහල අපි බොහෝ දෙනෙක්
දෙමළ අකුරු බදාගත්තෙ
භාෂා දීමනා ගෙවන චක්‍රලේඛනේ හින්දයි
ඒ වුණාට ඒ කවියේ පරම පැතුම වුණේ මෙය යි
භාෂා කැඩපත් ඉදිරියේ අපි විනිවිද දකින එකයි
නාඳුනනා හිත්වල ඇති බරාවි බිම තබන ලෙසයි”
කෘතියේ මුඛ්‍ය කතා ශරීරය වන තමලිනීගේ බයෝග්‍රැපියක් නොවන බයෝග්‍රැපිය ඉල්ලා සිටින විලාසිතා ව හැඩ කිරීම සඳහා පරිකතා ගොමුවකින් ඔක්සිජන් නිපදවන්නේ වේ. එකී පරිකතා අතිශයින් ම උත්ප්‍රාසාත්මක ය, දාර්ශනික ය, ධ්වනිතාර්ථ ය, රසාලිප්ත ය, දේශපාලනික ය. කොටින් ම ඇසූ පිරූ තැන් පිරුණු ය.
රාජපක්ෂ රෙජීමය බලයට ගෙන ඒම, බලයට විත් පැවත්ම රැකගැනීම කියන ක්‍රියාන්විතය පෝෂණය කිරීම සඳහා කුලියට තොවිල් නැටූ ජාතික චින්තන කට්ටඩියෝ නාථ දෙවියන් සහ රාවණා සිංහල බෞද්ධයන්ට ආරූඪ කළෝ ය. රාවණා වැසුණු සිංහල බෞද්ධයෝ රාවණාගේ දඬුමොණරය පාරභෞතික ව ගත්ත ද දෙමළ කොටියෝ අතීත සිංහල ළමයින්ගේ සෙල්ලම් බඩුවක් වූ කුරුම්බැට්ටි මැෂිමට රූපාන්තරනයක් දුන්නෝ ය. විමුක්ති කොටි දඬුමොණරයක් සේ එය වන වනා අතීතකාමී පෙට්ටගමේ නොතබා තාක්ෂණික ව වැඩි දියුණුකොට යතාරූපී කළෝ ය. කොටින්ගේ උස් නොඋස් අහස් ප්‍රහාරක යානයට දකුණේ සිංහල බෞද්ධයෝ සහ කතෝලිකයෝ කුරුම්බැට්ටි මැෂිම යැ යි වර නැඟුවෝ ය. මේ කුරුම්බැට්ටි මැෂිම ප්‍රබල සංකේත රූපකයක් ලෙස ගෙන සාරාත්‍ර සහ මේනකා නන්දිනීගේ කුරුම්බැට්ටි ඩයලොග් එක මංජුල වෙඩිවර්ධන ‘පැරිස් වලාකුළු’ අතරින් කියවන්නාගේ සිතීමය ක්ෂිතිජයට පතිත කරවයි.
ග්‍රීකාවපාතය නිසා පැරිස් වලාකුළක පාවී ආ මේනකා නන්දිනී සාරාත්‍රට කියන්නී, ” කෑ ගහන්න එපා සාරු, මැෂිම කැරකෙන්නෙ අපේ බිල්ඩිම උඩ. ඇහෙන්නැද්ද?”(පිටුව 2)
ඉදින් අපි මෙවන් බියකරු රෑ මැදියම් සමයේ ‘ලා ෂපෙල් අහසේ’ පියාසර කරන කුරුම්බැට්ටි මැෂිමෙන් ඇද හැලෙන සබන් බුබුළු මැද අතරමං වන්නේ වෙමු.”(පිටුව 8)
“කුරුම්බැට්ටි මැෂිමේ සෙල්ලක්කාරී හඬ කෙමෙන් තුනීව යත්ම අපි පොරෝනා බංකරයේ ගණාන්ධකාර විශ්වය තුළ හති හලමින් සිටිමු. දහදිය නොගලන මා පිට හෙමින් හෙමින් පහුරු ගාන්නී, විටින් විට පළින් පළ ධර්ම චක්‍රය අඳී. හතියෙහි යතිය තුනී වන්නට ඉඩදෙමිනි.
සාරාත්‍රගේ මොනලොගයට බැරියරයක් දමන මේනකා නන්දනී,
“සාරා………ඒක ගියා…..යමු එළියට”(පිටුව 9)
වෙඩි වැනි වෙඩිවර්ධනයානු උත්ප්‍රාසාත්මක භාෂාවෙන් කියන්නේ නම්”……..ඒත් අතරමඟ දී අත අතෑරී, මෙසේ පැරිස් වලාකුළක පාවී අවුත්, උල්කාපාතයක් තරම් බර සබන් බුබුලක් ව මා පපුව මත පතබෑවී බිඳී ගිය මේනකා නන්දිනී,…….(පිටුව 11)
ජනසංහාරක යුද්ධයේ දී දකුණේ ශිෂ්‍ය ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා වැඩමුරයට සිකියුරුටි කරපු බහුතරයක් දෙමව්පියෝ තේරුම් නොගත් සහ තේරුම් නොගැනීමට උත්සාහ නොකළ දෙයක් තිබුණි. එනම් පාර හරහා මාරුවීමේදී දකුණේ පාසල් දරුවන්(තමන්ගේ) බිම බලාගෙනත්, උතුරේ පාසල් දරුවන්(අනෙකාගේ) උඩ බලාගෙනත් යෑම ඊම, වෙඩිවර්ධන සිය පැරීසියානු වලාකුළේ චන්දිකාගේ මුවගට නංවයි. චන්දිකා කියන්නී මෙයාකාරයෙනි.
“හරියට ම කියනවා නම් අසූහයේ ජූනි මාසෙ හතරවෙනිදා – ඒක මෙතන ලියලත් තියෙනවා-එදා තමයි උඩින් ඒ බෝම්බෙ දැම්මෙ. දරුවො පස්දෙනෙක් මෙතනමයි.”(පිටුව 111)
මදක් හැඟීම්බරව එහෙත් තිර ලෙස නොනවත්වා කියන්නී චන්දිකා, “මේකයි වාසුල, කිසිම කෙනෙක් තමන්ගෙ මවුබිමට උඩින් බෝමිබ දාන්නෑ. තමන්ගෙ ඉස්කෝලවලට, තමන්ගෙ ඉස්පිරිතාලවලට, තමන්ගෙ කුඹුරුවලට, තමන්ගෙ දරුවන්ගෙ ඔළුගෙඩි උඩට උඩින් බෝමිබ දාන්නෑ.”ඇගේ ස්වරය වේදනාවෙන් තෙතබත් ව තිබිණ. “ඕගොල්ලො අපේ ගම්බිම්වලට, අපේ ඔළුගෙඩි උඩට, උඩින් බෝම්බ දානවා කියන්නෙම, ඕගොල්ලො වක්‍රාකාරව කියනවා මේ අපේ මවුබිමේ කොටසක් නෙමෙයි, මේ අපේ ජනතාව නෙමෙයි කියලා. ඒ බෙදුම් රේඛාව පැහදිලිව අඳින්නෙ ඕගොල්ලො. එහෙම කරල අපිට කියනවා අපි බෙදුම්වාදීන් කියලා.”(පිටුව 111)
මෙහිදී කියවන්නා වන මා තිබ්බත මිහිඳුගේ කවි පදයක් අවධාරණය කරන්නේ නම්,
“ඇස් ගෙඩිවලට හෙණ ගැහිල ද සිහලුන්ගේ?”
පෘථිවියේ කවර භූමියක සිදුවුවත් ජාතික විමුක්ති අරගල, වර්න භේදවාදයට එරෙහි අරගල , ස්ත්‍රී විමුක්ති අරගල ඈ සකලවිධ මනුෂ්‍ය වර්ගයාට එරෙහිව එල්ල කරන අධිකාරිවාදී ප්‍රචණ්ඩත්වයට විරුද්ධ වීමට සකල දේශවාසී ප්‍රාණපරිත්‍යාගිකයන්ට(වෙඩිමය වචන) දේශසීමා අදාල ම නොවේ. මේ වනාහී ඊට කදිම සාක්කියකි. “………..කොටින් ම ඔහු පවුලොස් ෆීසාස් මෙන් ලෙෆ්ට් විංග් රැපර් චරිතයක් බව අවබෝධ වන්නට මට ගත වූයේ එක ම එක දුම්වැටියක දුරක පා ගමනකි. ග්‍රීසිය පුරා නැඟැ ආ අන්ත දක්ෂිණාංශික ෆැසිස්ට්වාදී භීෂණයට එරෙහි ව නිර්භය ව සිය කටහඬ ළෙලවූ පවුලොස් ෆීසාස් නම් වූ නාසි විරෝධී හිපොප් ගායකයා ගැන මා දැන ගත්තේ එදා ය. මගේ සන්තානය තුළ කිසිදු අවකාශයක් නො තිබි හිපොප් හා රැප් ගායනවේදයන් මෙන් ම එකී වේග රිද්මීය සංගීත රටාවන් කෙරෙහි තරමක් දුරට හෝ ආශක්ත වන්නට මට සිදුවූයේ බබන්ගෝනි විසින් පවුලොස් ෆීසාස් මා ඉදිරියේ ගෙනැවිත් තැබුණු දවසේ සිට ය. සැබවින් ම නම් එදා මහ රෑ ඔහු මා ඉදිරියෙන් ගෙනැවිත් තැබුවේ කිල්ලා පීගේ මෘත කලේබරයයි…..(පිටුව 25)
පවුලොස් ෆීසාස් නෙහොත් කිල්ලා පී ඝාතනය කළ අයුරු සාරාත්‍රට පහදන්නී මේනකා නන්දනී, “එදා, කිල්ලා පී ඔය ‘කොරාල් කැෆේ’ එකට ගිහින් තියෙන්නෙ ෆුට්බෝල් මැච් එකක් බලන්න. එයාගෙ කෙල්ලයි, තවත් කොල්ලො සෙට් එකකුයි එක්ක. ඒ කැෆේ එකේ වැඩ කරලා තියෙනවා ඔය නියෝ-ෆැසිස්ට් පාටි එකේ මිනිහෙක්. මිනිහා තමයි ඔත්තුව දීලා තියෙන්නෙ කිල්ලා පී එතන ඉන්නවා කියලා. පොලු අතේ තියාගත්ත පනහක විතර කණ්ඩායමක් කොරාල් කැෆේ එක වටකරනවා කියලා පොලීසියට කෝල් එකක් ඇවිත්. පොලීසිය තියෙන්නෙ ඔය කැෆේ එක ළඟ ඉඳන් මීටර් දෙතුන් සීයක් විතර දුරින්. නමුත් පොලීසිය එද්දි වැඩේ සිද්ධ වෙලා. ආයෙ දෙකක් නෑ, පොලීසිය ඒ ගැන දැනන් හිටියා. මං හිතන්නෙ ඒ වෙද්දි පොලීසියත් උන්ට කොන්ට්‍රෝල්.”
“ප්‍රශ්නෙ උනේ සාරු, උන් ඒ වෙද්දි ග්‍රීසිය ඇතුළෙ නිල වශයෙන් දේශපාලනය කළා.”
“හ්ම් මතකයි. උං පාර්ලිමන්ට් එකටත් ආවනෙ දෙදාස් දොළහෙ?”(පිටුව 27)
ෆැසිස්ට් ඒකාධිපතියන් වේවා ඊනියා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදීන් වේවා ඔවුන් විසින් මුදාරින ප්‍රචණ්ඩත්වයට ග්‍රීසිය ද ශ්‍රී ලංකාව ද යන්න භූමිය අදාළ ම නැත. පොලීසිය, හමුදාව ඇතුලු නිල නොනිල සන්නද්ධ සංකීර්ණ බල සේනාවල බරපතල සමීප ඥාතීත්වය තේරුම් ගනීම ඉතා සරල ය.
තවද එහේ ග්‍රීසියේ එහෙම වුණාට මෙහේ ශ්‍රී ලංකාවේ ෆැසිස්ට් දේශපාලකයෝ 1956දී අහිංසක වේෂයෙන් ආවත් 1977 සිට 1994 දක්වාත් 1994 සිට 2005 දක්වාත් 2005 සිට මේ දක්වාත් සිංහලාණ්ඩුවෝ පාර්ලිමේන්තු බලය සාහසිකව ම හොබවති. වෙඩිවර්ධනමය ලිවීම තුළ ඇති කියවීම ඇතන්සියානු, පැරීසියානු සහ කොළොම්බානු දේශපාලනික උත්ප්‍රාසයයක් වන්නේ එබැවිනි.
පොලිස් බල්ලන්ගේ ක්‍රියාන්විතයන් ගැන හය හතර දැන සිටියත් වීදි දිගේ කැරලි ගැසූ සුනඛයෙක් ගැන අට පහ නොදන්නා කියවන්නාට වෙඩිවර්ධනගේ සාහිත්‍ය ම ය පහදා දී ම මෙලෙසිනි, වාසුල උක්වත්තගේ විමතිය ඔහු විසින් මේනකා නන්දිනීට ප්‍රශ්නයක් ලෙස ඉදිරිපත් කරයි.
චරිතයක්? බල්ලා?”
පෙරළා වාසුලට මේනකා නන්දිනී කියන්නී, “ඔව් බල්ලා තමයි. ඇයි බල්ලෙක්ට චරිතයක් වෙන්න බැරිද?” මේනකා නන්දිනී අසයි. “ඌට කිව්වෙ විප්ලවීය බල්ලා කියලා. ඌ සටන්වලදී හැමදාම හිටියෙ ෆ්‍රන්ට් ලයින් එකේ. ඕනිම මහජන උද්ඝෝෂණයක ඉස්සරහින් ම හිටපු චරිතයක්. කඳුළු ගෑස් ගහද්දිවත් ඌ හෙල්ලුන්නෑ. ඌ කඳුළු ගෑස් ඩප්පි කටින් අරන් ගිහින් දෙනවා සටන්කරුවන්ට අනිත් පැත්තට විසිකරන්න. ……………..ඌට ආදරේ කරපු නැති කිසිම සටන්කාමියෙක් ග්‍රීසියෙ හිටියෙ නෑ. ලෙව්කානිකොස් කියන්නෙ යෝධ ආත්මයක්.”
ලෙව්කානිකොස් නම් සුනඛ පෝතකයාගේ මරණයට හේතුව වාසුල දන්නවාදැ යි විමසන්නී මේනකා නන්දිනී වාසුලට පැහදිලි කරන්නී, “පෝස්ට් මෝටම් එකෙන් කියවුණ හේතුව දුක් සිද්ධියක්. අධික කඳුළු ගෑස් ප්‍රහාරයන්ට මුහුණ දීමෙන් ශ්වසන පද්ධතියේ හටගත් දුර්වලතා. ඔන්න හේතුව.”
බල්ලන්ගෙන් බල්ලන්ට කරදර වීමට ඇති සම්භාවිතාව ශ්‍රී ලංකාවේ පමනක් නොව ග්‍රීසියේ ද එක සමාන බව මේනකා නන්දිනී ලවා වෙඩිවර්ධන මතක් කරවයි.


1983 දී කුට්ටමනී ඇතුලු රැඳවියන් පිරිස වැලිකඩ බන්ධනාගාරයේ දී තිරශ්චීන ලෙස රාජ්‍ය අනුග්‍රයෙන් ඝාතනය කිරීමට පෙර කුට්ටමනී කියූ දෙය එනම් කොළඹ-ශ්‍රී ජයවර්දනපුර කේන්ද්‍ර කරගත් ධනේශ්වරයට එරෙහිව කැරලි ගැසිය යුත්තේ උතුර-දකුණ සිංහල දෙමළ එක්සත් සහෝදර බලකායක් විසිනි යන්න දකුණේ සිංහල සටන්කාමීන් නෑසූ කන්ව සිටියහ. සිංහලාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන් උතුරු නැගෙනහිර දෙමළ ප්‍රජාවට මර්දනය සහ ඝාතනය ලබා දෙද්දී දකුණේ තරුණ තරුණියෝ සෙත් පතා බෝධි පූජා පැවත්වූහ. පෙරළා ඒ හමුදාවෝ ම දෙමළ සටන්කාමීන්ට බෙදපු හැන්දෙන් ම රාජ්‍ය ත්‍රස්තවාදයේ අනුග්‍රහයෙන් තමන්ට බෝධි පූජා පැවත්වූ දකුණේ සටන්කාමීන්ට මෙන්ම නිරායුධ සියල්ලන්ට ද මර්දනය සහ ඝාතනය පමනක් ම 1988-89 දී නිර්ලෝභී ව ලබාදුණි.
අසූ අට අසූ නමය ගැන පාඩමක් ඉගෙන නොගත් දකුණේ රතු විප්ලවවාදියෝ දෙදාස් පහේ සිට දෙදාස් නමය දක්වා ම උතුරේ සටන්කාමීන්ගේ ජාතික විමුක්ති අරගලය බෙදුම්වාදී ත්‍රස්තවාදයක් ලෙස කුඩු පට්ටම් කිරීමට ධනේශ්වර සිංහලාණ්ඩුවට දර දිය ඇද්දෝ ය.
හැත්තෑ එකේ සිට දෙදාස් නමය දක්වා දිගු කාල පරාසය වෙඩිවර්ධන, මාංජි අන්නාගේ මුවඟින් සංක්ෂිප්ත කරන්නේ එකී නිර්ලජ්ජිත ලේ වැකි ඉතිහාසය යි. මාංජි අන්නා මේනකා නන්දිනී අමතන්නේ,
“දන්නවද දුව. හැත්තෑ එකේ කැරල්ල ගැන මුලින්ම කවියක් ලිව්වෙ පුතුවෛ. දෙමළව මරන්න රතු හමුදා හදපු කිසි කෙනෙක් දන්නෙ නෑ ඒක. ඒගොල්ලො ජයග්‍රහණයෙ අයිතිය ගන්න මොකද්ද කිව්වෙ. ‘අපි බල්ලො නාවන්න වගේ තමයි මේ ආණ්ඩුව යුද්ධෙට අරන් ගියේ’ කියලා. ඒගොල්ලො දන්නෑ ඒගොල්ලො ගත්තෙ සංහාරයක අයිතිය කියලා. පුතුවෛ හැත්තෑ එක ගැන ලියපු කවිය පටන් ගන්නෙ මෙහෙම අදහසකින්. හැත්තෑ එක කියන්නෙ ලංකාවට තීරණාත්මක අවුරුද්දක්, ඒ ඇයිද කියනවා නම්, ඒක තමයි ජනතා විප්ලවයකට තිලකය තිබ්බ අවුරුද්ද …”
තියුණු අසිපතක තිබුණු මොට්ටකම විසින් නුමුවහත් කළ චන්දිකාගේ ආපදානය සිංහල සමාජයට සිතැඟි පරිදි හැඩ ගැස්වීමේ අයුක්තියට යුක්තියක් කරනු පිණිස වෙඩිවර්ධන සාරාත්‍රටත් තමලිනී ව චන්දිකාටත් නිර්මාණාවේශයෙන් ආරූඪකොට ප්‍රබන්ධය යතාවට අර්තවත් කරන්නේ, සාරාත්‍රගේ මොනලොගය මෙසේය, “ඇය පැමිණ සිටින්නේ වැලිකඩ සිට නොව; ඇය පැමිණ සිටින්නේ අලුත්කඩේ සිට නොව: ඇය පැමිණ ඇත්තේ පූන්තෝට්ටම් සිට නොව; ඇය පැමිණ ඇත්තේ මහරගම සිට නොව; ඇය පැමිණ ඇත්තේ පරන්තන් සිට ද නොව; ඇය පැමිණ ඇත්තේ ඉන් පවා ඔබ්බෙහි වන සංකේත භූමියක සිට ය. අතිශය දුෂ්කර කොන්දේසි යටතේ; මිනිසුන් කොටු කළ ද, එකී කොටුවීම තුළ පවා මරණය හා අවසානය පෙනි පෙනී නිදහස පිළිබඳ මූලධාර්මික පක්ෂපාතීත්වය අත් නොහැර සිටි මිනිසුන් අතරිනි.(පිටුව 157)
චන්දිකා ගැන මාංජි අන්නා සංකීර්ණව පවසන්නේ, ” ඔය කෙල්ල ඇඩෙල්ගෙ මැවිල්ලක්. නැද්ද සාරාත්‍ර? ඉතින් අන්තිමේ? දරුණු ෆෙමිනිස්ට්” ඔහු කියයි, “ජනේලෙන් බලාගෙන ඉඳලා හූල්ල හූල්ල හිටියට කාන්තාවො වෙනස් වෙන්නෙ නෑ දුව. වැඩේ අතට ගන්න ඕනෙ. මැදිහත් වෙන්න ඕනෙ. කරන්න ඕනි. දේශපාලනය කියන්නේ අත පොවන එකට. අත පිච්චෙයි. ඒත් අත පොවන්නම වෙනවා.”(පිටුව 219)
ඒත් සිංහල වුවත් දෙමළ වුවත් ප්‍රායෝගික නොවන න්‍යායික පිරිමි පරාන ගැහැණුන් අරබයා දේශනා කරන පිරිමි පරස්පරය මෙබඳු ය. මාංජි අන්නා සිය බිරිඳ මාලදීව කීකරු ගතානුගතික බිරිඳක් බවට බෞව්තීස්ම කිරීමත් සිංහලයාට කීකරු දෙමළා තැනීමේ චිත්‍රපටි තනන සෝමරත්න දිසානායක මොඩලයකි. එවන් වූ දෙමළ සමාජයෙන් අධිපතිවාදී සිංහල පීඩනය පුපුරුවා හැරීමට ජාතික විමුක්ති සටනට එළඹෙන චන්දිකාවෝ වීරවරියක් නොවන්නේද? එවන් චන්දිකා කියන්නී මේනකා නන්දිනී අසන්නී,”……ඒ වුණාට ඉන්දාජාල සිංහල හමුදාවට ඕනම දෙමළ මිනිහෙක් කොටියෙක් කරන්න යන්නෙ එක මොහොතයි. අල්ල ගන්න හැම මිනිහම කොටියෙක්. මරලා දාන හැම මිනිහම කොටියෙක්. අතුරුදහන් කරන හැම මිනිහම කොටියෙක්…….”(පිටුව 276)
කියවන්නා වන මගේ එකතු කිරීමට අනුව එය වඩාත් උත්කර්ෂයට නංවා නිරායුධ සාමාන්‍ය සිංහල ජනතාවගේ ඔළුගෙඩිවලට ඔබන්නේ ද බේරේ වැවේ ගඳ පතුරන සිංහල, ඉංග්‍රීසි මුද්රිත හා විද්‍යුත් මාධ්‍ය දූපත් පඩංගු ය.
චන්දිකා නොහොත් තමලිනී නියෝජනය කරන දෙමළ හදවත් මැද උළුඳු වඩයක් සේ පළුදුකර හිඩැසක් තනා ඇති නිසා කනකපුරම් කෝපි කැෆේවෙන් කර්තකොළොම්බන් අඹ ජූස් එකක් බීම මැනවයි කියවන්නා වූ මා හට සිතුණි. මේ දැවන්ත ‘පැරිස් වලාකුළු’ යට සෘජුව සිට ගැනීමට ව්‍යයාම කරන නොපවතින මම නම් වූ කියවන්නා
මංජුල වෙඩිවර්ධන මනුෂ්‍යත්වයේ ඉරිදාව නම් වූ ‘පැරිස් වලාකුළු’ අවසාන චැප්ටරයේ දී
සාරාත්‍ර ලවා, නොමග ගිය වම්මුන්ට මනුෂ්‍යත්වයේ උළෙලට සහභාගි වීමට අපූරු ආරාධනාවක් කරවයි.
ඒ අතර ‘ෆෙත් ද ලි යූමැනිතේ’ පරිශ්‍රයෙන් පිටත සිට පීඩිත ජාතියකට නිදහස ලබාගන්න නම් ලිබරල් සමාජවාදයක් ස්ථාපිත වෙනකම් විප්ලවීය සංයමය පවත්වා ගත යුතු යැ යි දේශනා පැවත්වූ නන්දසිරිටත්, සිරීටත්, සිල්වාටත්, අකුදිටත්, හේරාටත්, කාන්තටත්, නෙත්තිටත්, කුමාටත්, දුමිනාගමුටත්, දුජාගොඩටත්, වෙඩිවර්ධන, ෆිලිප් ස්පැනෝ ලවා උච්චාරණය කරවූයේ මාක්ස්වාදියෝ නම්, වම්මුන් නම්, වංහුං නැතිව අරගලේ වෙනුවෙන් පෙනී සිටීනම් ‘ෆෙත් ද ලි යූමැනිතේ’ පරිශ්‍රයේ පැවත්වෙන මනුෂ්‍යත්වයේ උළෙලට ඇතුලු වීමට බාධාවක් නොමැති බවය.
මේනකා නන්දිනීත්, වාසුලත් යූත් කවුන්සිලයේ, නිස්කෝ වීඩියෝ රෝමානු අසපුවේ රෝම දාගත් නිසල සසල දෑස් හැදෑරීමෙන් පසුව අවදානම් භීම සමයත් සමඟ පැරිස් වලාකුළු සහ ඇතැන්ස් වලාකුළු මතින් ලා ෂපෙල් වීදියේ සාරාත්‍ර සොයා පියෑඹූහ.
මංජුල වෙඩිවර්ධන ‘පැරිස් වලාකුළු’ මතින් පතිත කරන දෘෂ්ටිවාදය පාඨකයන්ට බෙදාදීමේ දී ඔහු සිය පරිකල්පන භාෂාව කැටයම් කිරීම කදිම ය. ඊට මේනකා නන්දිනී ගැන සෑහීමට පමනක් පිටු අංක 14න් ඔත්තුවක් දෙමි. එනම්,
“මේනකා නන්දිනී දන්න හඳුනන අජටාකාශගාමීන් මැද ගීතා කාන්ති මෙන් මුගලන්වනින් බැබලෙමින් සිටියා ය.” ස්ත්‍රී වතක නිල්වනින් බැබලීම ගැන ඉහත උපුටනය තරම් සාක්කියක් තවත් වෙත්ද?
කියවන්නා කොරෝනාවට පෙර එනම් 2019 නවම් මාසේ පැවත්වූ යෞවන නාට්‍ය උළෙල නැරඹීම සඳහා බුහාරිය අසල ටවරයට වැදුණෙමි. අඩ අඳුරු ටවරය ඇතුලේ දී කියවන්නාට සාරාත්‍රගේ මිතුරකෙු වූ ද, නවාගේ ප්‍රීතිට දෙහි කැපුවා වූ ද, ආදරණීය බබාගේ ස්වාමි පුරුෂයා වූ ද, චන්දිකාගේ නීතිඥයා වූ ද මංජු පතීත්, වාරය විකල්ප පත්තරයේ සහ බීබීසී සංදේශයේ හිටපු වින්දන වීරරත්නත් හම්බවුණෙමු. යෞවන කෙටි නාට්‍ය දෙකක් අතර අන්තර් විරාමයේ දී ඒ ඒ නාට්‍ය ගැන ලෝයර් මංජුවා කිව්වේ මචං මේ හැම නාට්‍යක ම ටෙක්ස්ට් එක යට ගිහින් ටෙක්නික් විතරක් උඩ ඇවිත් බවය. ඊට කියවන්නා වන මමත්, වින්දනත් මංජු පතීට අලගු තැබීය. ජාතික චින්තනවාදය ප්‍රශ්න කෙරූ නාට්‍යමය පොහොසත් බවින් පිරුණු අපූරු කෙටි නාට්‍යයක් ගැන අපි අපේ ලාලසාව වඩවද්දී අපට තගේ දැම්මේ මහේශාක්‍ය පෙරුට්ටෙක් ඇතුළු යූත් නඩය යි. ඔවුන්ගේ ගෝරනාඩුවේ වූයේ “මුන් නාට්‍යය ගැන දන්න එවුන් ටිකක් නෙවෙයි. කොහෙද යන රස්තියාදුකාර අපතයෝ ටිකක්. අනෙක මුන් තුන්දෙනා ම බීල ද කොහෙද? මහේශාක්‍ය පෙරුට්ටා ඇතලු යූත් කෙලු කොලු කුරුට්ටෝ කුරුට්ටියෝ ටවර් සිකුරුට්ටන් කැඳවා අපිව අශිෂ්ට පිටරට්ටුන් සේ ටවරයෙන් පිටුවහල් කරන තුරු බකට් පෙරලූ නිසා අපි එළියට ආවෙමු. එළියට ඒමට පෙර වින්දන හඬ නඟා විවේචනය කළේ ඒ මොහොතේ රඟහල තුළ ක්‍රියාත්මක වූ සිංහල බෞද්ධ තලේබාන්කරණය යි.
මංජු පතී කීවේ විශ්ව නාට්‍ය සංස්කෘතියට වඩා ලංකාව ප්‍රමාණයෙනුත් සංස්කෘතික යාවත්කාලීනයෙනුත් ක්ෂුද්‍ර නිසා ‘ලිඛර් සමඟ නාට්‍ය කලා රසාස්වාදය’ නම් මොහොත කල්පයක් තරම් දුර බවය. තවමත් ‘බාලගිරි’ ඉදිකිරීම් තත්වයේ පවතින ජෝන් ද සිල්වා රඟහල පරිශ්‍රයේ ද මීවිත අවකාශයක් පිණිස වැඩි දියුණු සංස්කෘතික අප්ඩේටයක් සැලසුම්ගතය. එය ප්‍රගතිගාමී ය. සමහරක් යෞවන කුරුට්ටෝ කුරුට්ටියෝ ඒ බව නොදැනීම අනුකම්පා සහගතය. කෙසේ වෙතත් එදා බලහත්කාරයට බරපතල
ලෙස ම විරුද්ධව වී අපි එළියට බැස්සෙමු. එකල මම වෙඩ්ඩාගේ ‘පැරිස් වලාකුළු’ කියවා නොතිබුණෙමි. ඒත් කොරෝනා හතරවෙනි රැල්ලේ 2020 අගෝස්තු ලොක් ඩවුනයට පෙර දාර්ශනික දේශපාලනයක් ගැබ්වූ ඇසූ පිරූ තැන් ඇති පැරිස් වලාකුළු කියවීමේ බරපතල අභ්‍යාසයේ යෙදුණි. ඉදින් වෙඩ්ඩාගේ වචනයෙන් ම කිවහොත් උල්කාපාතයක් තරම් බර සබන් බුබුලක්ව මගේ හිස මතටත් පපුව මතටත් ‘පැරිස් වලාකුළු’ පතිත විය.
2019 යෞවන නාට්‍ය උළෙලේ දී සමහරක් යූත් කුරුට්ටෝ කුරුට්ටියෝ 2009 ඉතිහාසයයේ දෘෂ්ටිවාදයෙන් හැසිරීම අහඹුවක් ද? යන්න කියවන්නා වූ මට තව ම නොතේරේ.