
සමස්ථ ලෝකයා අතර පිළිගත් දෙයක් තමයි ගැහැණු දරුවෙකුගේ නැතිනම් දියණියකගේ පළමු ආදරවන්තයා තමන්ගේ තාත්තා කියන දේ. එයින් අදහස් වෙන්නේ දියණිය යන චරිතයට නොබියව ලෝකයට මූණ දෙන්න අභියෝග ජය ගන්න සහ නොබියව ලෝකය දිනන්න අවශ්‍ය වන මූලික අත්තිවාරම, සෙවනැල්ල සහ ශක්තිය, වගේම මගපෙන්වන්නා මෙන්ම එකම විශ්වාසවන්ත ආරක්ෂකයා තමන්ගේ තාත්තා බවයි. එහෙම නැතුව තමන්ගේ ලෙයින් වැදූ තමන්ගේම දියණියගේ ජීවිතය බිලි ගැනීමට තරම් සිත්පිත් නැති කුරිරු අසහනකාරී ආශාවන් තෘප්තිමත් කරගැනීමට තම දියණියව යොදාගැනීමට පියෙකුට හැකියාවක්, අයිතියක් හෝ අවසරයක් තිබෙන බව නොවේ. එවැනි නරුමයන් පිය පදවියේ තබා ඇමතිමටවත් සුදුසු නොවේ. තම ලෙයින් දරුවෙකු ජාතක කල පමණින් පිරිමියෙක් පියෙක් නොවන බවත් කාන්තාවක් මවක් නොවන බවත් පැහැදිළිය. එවැනි පිළිකුල් අන්දමේ සිදුවීම් අනන්ත අප්‍රමාණව අසන්නට දකින්නට ලැබීම අතිශයින්ම කණගාටුදායක තත්ත්වයක්.
පීතෘත්වය යන ගෞරවාන්විත පදවියට නිගාවක් කරන තිරිසනුන් වසන මෙවන් රටක හෙට උපදින මල් කැකුළු වන් දරුවන්ගේ ජිවිත වල ආරක්ෂාව පිළිබඳව සහතිකයක් දෙන්න පුලුවන්ද යන්න ඉතා ආන්දෝලනාත්මක ප්‍රශ්ණයකි. මාස හතරක පහක කිරිකැටියන් අමු අමුවේ අපයෝජනය කිරීමට දුෂණය කිරීමට තරම් තිරිසනුන්ගෙන් පිරි සමාජයක් මේ වන විට බිහිවී හමාරය.
“මත්ද්‍රාවණයක් පොවා දියණිය දූෂණය කළ පියා අත්අඩංගුවට”
“දැරියක දූෂණය කළ පියා සහ සහෝදරයා සොයා පොලිස් විමර්ශන”
“පියා තම මාස හතරේ දියණිය දුෂණය කරයි”
“දියණිය දූෂණය කළ නරුම පියා අත්අඩංගුවට”
“පාපතර පියා මිතුරා සමගින් දියණිය දූෂණය කරයි”
“14 හැවිරිදි දියණිය දුෂණය කළ 37 හැවිරිදි නරුම පියා පොලිසියට කොටු වෙයි”
මේ දිනවල ඉතා බහුලව අසන්නට ලැබෙන ඉතාමත් අමිහිරි පුවත් සිරස්තල පාඨ කිහිපයක් තමයි ඒ. දිනෙන් දින ලංකාව තුළ මෙවැනි සිදුවීම් වල වර්ධනයක් පෙන්නුම් කරනවා මිසක අඩුවක් නම් පෙනෙන්නට නොමැත. රටට කුමක් සිදුවී තිබේද යන්න අදහා ගැනීමට නොහැකිය. පවතින ආර්ථික අස්ථාවරත්වය හා දිළිඳුභාවය හමුවේ පවුලක් නඩත්තු කිරීම කියන කරුණ ලංකාව තුළ බරපතල ප්‍රශ්ණයක් වී තිබේ. එවැනි තත්ත්වයන් නිසා පවුලක මව පියා මෙන්ම දරුවන් පවා කුලී වැඩ කරමින් යම්කිසි අදායමක් උපයා ගැනීමට උත්සහ කරන කාල වකවානුවක් බිහි වී හමාරය.
ඇත්තෙන්ම වතුකරයේ ජනතාව මෙවැනි උද්ධමනකාරී වාතාවරණයන් හමුවේ බොහෝ පිඩාවට පත්වී සිටිති. වතුකරයේ පමණක් නොව මධ්‍යම පාංතික අදායමක් ලබන සේවකයෙකුගේ පවුලකට වුවද මෙය ඉතාමත් අසීරු කාලසිමාවකි. කෙසේවෙතත් මෙම තත්වය හමුවේ එවැනි පවුල් වල දරුවන්ගේ ජිවිත ආරක්ෂාව පිළිබඳව සිතා බැලීම දෙමව්පියන්ට මගහැරී යයි. මුදල් නිසා අසරණ වන පවුල් වල දරුවන්ට ඔවුන්ගේ ජිවිත වලින් වන්දි ගෙවීමට සිදුවී ඇත්තේ ඒ නිසාවෙනි. මෙය ඊට නිදසුනකි.
“දියණිය වසර හයකට ආසන්න කාලයක් තිස්සේ දුෂණයට ලක්කළ පියෙකු හා ඔහුගේ මිතුරෙකු කරුවලගස්වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම දැරිය 10 ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතුවල නිරත වන බවද, ඇයගේ වැඩිමහල් සොහොයුරිය ඥාති අයකුගේ නිවසක නතර වී අධ්‍යාපන කටයුතුවල නිරත වන බවද, සිද්ධියට මුහුණපෑ 16 හැවිරිදි දැරිය වසර පහයි මාස හයක කාලයක් සිට ඇයගේ පියා විසින් මව රැකියාවට යන අවස්ථාවලදී නිවසේදී විටින් විට මෙසේ දූෂණයට ලක්කර ඇති බව සිදුකළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
මව දෛනික කුලී රැකියාවක නිරත වන බවත්, ඇය මේ සම්බන්ධව කිසිත් නොදන්නා බවද පොලිසියට ප්‍රකාශ කර ඇත. පියා විසින් දැරිය දූෂණයට ලක් කරන බවට කරුවලගස්වැව පොලිසියට පුද්ගලයකු තොරතුරු ලබා දී තිබූ බවත් ඒ අනුව පොලිස් බුද්ධි නිලධාරීන් යොදවා අදාළ සිද්ධිය පිළිබඳව රහසිගත තොරතුරු රැස් කර ලබාගත් තොරතුරු මත පොලිස් භාරයට ගෙන ප්‍රකාශ ලබා ගැනීමේදී හෙළිව ඇත්තේ පියා විසින් දැරිය දූෂණය කරන බවට තොරතුරු ලබාදුන් තැනැත්තා විසින්ද දැරිය ලිංගික අපහරණයට යොදා ගෙන ඇති බවයි” (විජේසේකර, 2023).
ඈත අතීතයේ නම් අප දන්නා පරිදි මෙන්ම ඉතිහාස පාඩම් වලින් උගත් පරිදි පවුලක ස්වාමියා ආහාර සොයාගෙන එනතුරු ගෘහණියගේ වගකීම වූයේ දරුවන් රැකබලා ගැනීමයි. එය මෑතක් වන තුරුම එලෙසම පැවතුනත් අධ්‍යාපන රටාව, උගත් මට්ටම සහ තරඟකාරීත්වය හමුවේ කාන්තාවන්ගේ ඉහළ සාක්ෂරතාවක් පෙන්නුම් කිරීම නිසා සේවා නියුක්ති ජනගහනය තුළ කාන්තා නියෝජනය දිනෙන් දින ඉහළ යාමක් සිදුවිය. මෙවැනි පසුබිමක උගත් මට්ටම කෙසේවෙතත් රටේ පවතින අන්ත අසීරු දරිද්‍රතාවය හමුවේ බොහෝ පවුල් වල කාන්තාවන් කුමන හෝ අන්දමේ රැකියාවක් කිරීමට පෙළඹී තිබේ. ගොවිපළ, තේ වතු අශ්‍රිතව සහ ගෘහ සේවය වැනි දේශීය හෝ විදේශීයව රැකියාවල කාන්තාවන් බොහෝ සෙයින් නිරත වී කියක් හෝ උපයා ගැනීමට උත්සහ කරයි. එහිදී ඔවුන්ට තමන්ගේ දරුවන් වෙනුවෙන් කැප කිරීමට හෝ ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටීමට කාලයක් නොමැති නිසා දරුවන්ගේ ආරක්ෂාව නොසිතූ අන්දමින් සැණෙකින් මගහැරී යයි.
- “කුලියාපිටිය ප්‍රදේශයේ දී බාල වයස්කාර දැරියක් ඇයගේ පියා විසින් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධව වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.
උදෑසන කුලියාපිටිය පොලිස් වසමේ නන්දන කොහුමෝල ප්‍රදේශයේ දී වයස අවුරුදු 12 ක් වූ බාල වයස්කාර දැරියක් ඇයගේ පියා (වයස අවුරුදු 44) විසින් මෙලෙස දූෂණය කර ඇති බව පොලීසියට වාර්තා වූ බව කුලියාපිටිය පොලීසිය ප්‍රකාශ කරයි” (Adaderana, 2012).
- “තම දියණියට මත් ද්‍රාවණයක් පොවා ඇය දූෂණය කළ බවට සැකකරන 53 හැවිරිදි පියා අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලිසිය පවසයි.
ප්‍රදේශයේ පාසලක 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම ශිෂ්‍යාව ඉන්පසු කීපවතාවක්ම මෙලෙසින් දුෂණය කර ඇති අතර ඇයට වමනය ගතියක් ඇතිවීමෙන් පසු පාසලේ ගුරුවරිය කළ විමසීමේදී මෙම සිද්ධිය මුල්වරට අනාවරණය කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. මව මල්ගොවිපළක වැඩට ගිය අවස්ථාවේ කුලී වැඩ රැකියාව ලෙස කරන සැකකරු සිය නිවසේදීම මෙම දැරියට මෙම අපරාධය සිදුකර ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි” (ආරියවංශ, 2019).
- “වයස අවුරුදු 16ක දැරියක් වරින් වර දුෂණ කළ බව කියන ඇයගේ පියා සහ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව වනාතවිල්ලුව පොලීසිය සඳහන් කරයි. අතවරයට ලක්ව ඇත්තේ එළුවන්කුලම, අයිලිය ගම්මානයේ පදිංචි ව සිටි දැරියක් බව වාර්තා වේ.
අතවරයට පත්ව ඇති දැරියගේ මව ඇය කුඩා කාලයේ දීම මිය ගොස් ඇති අතර, පසුව ඇය පියා සහ සහෝදරයා සමඟ ජීවත් වී ඇත. 2023 අප්‍රේල් මාසයේ සිංහල අලුත් අවුරුද්දට පෙර දිනයක දී පියා සහ සහෝදරයා තමන්ව දුෂණය කළ බවත් එදින සිට ඔවුන් දෙදෙනා වරින් වර තමාව දුෂණය කළ බවත් අතවරයට පත්ව ඇති දැරිවිය පොලීසිය හමුවේ පවසා තිබේ” (News, 2023).
- “අමානුෂික ලෙස තම මාස හතරක් වයසැති දියණියට ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධව දියණියගේ පියා වන 31ක් හැවිරිදි පුද්ගලයා මොනරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
තමා දරුවා බලාගන්නා ලෙසට සැමියාට බාරදී නිවසෙන් පිටව ගියද ටික දුරක් යනවිට දරුවා නොනවත්වා හඬනු ඇසී නිවසට පැමිණි බලන විට තම සැමියා දරුවාට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කරනු දුටු කුඩා දැරියගේ මව අනතුරුව තම සැමියාට පහරදී තම දරුවාද රැගෙන මොනරාගල පොලීසියට පැමිණි බව දැරියගේ මව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු මොණරාගල, සිරිගල මොනරකැලේ වත්ත ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත” (Unusuma, 2023).
- “ලුණුවිල – මිරිස්සන් කොටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 06 ක් වන බාල වයස්කාර දැරියක් දුෂණය කළ බව කියන එම දැරිවියගේ පියා සහ පියාගේ මිතුරෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. ඇය ප්‍රදේශයේ පාසලක දෙවන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිටින්නීය. මෙම දැරිවියව තම පියා සහ පියාගේ මිතුරෙකු විසින් වරින් වර දුෂණය කරන බවට දංකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී මහතාට ලද තොරතුර සම්බන්ධයෙන් සොයා බලා ඇති එම නිලධාරියා විසින් මේ බව වෙන්නප්පුව පොලීසියට දන්වා ඇත.
අතවරයට පත්ව ඇති දැරිවියගේ මව රැකියාවක් සඳහා විදේශ ගතවී සිටින බවත්,ඇය පසුගිය ජනවාරි මස 30 වැනිදා සිට බෙරවාරි 06 වැනි දින දක්වා වරින් වර දුෂණය වී ඇති බවත් පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකාර පියා වයස අවුරුදු 38 ක අයෙකි. ඔහුගේ මිතුරා බව කියන අනෙක් සැකකරු වයස අවුරුදු 20 ක අයෙකි” (Hiru, 2023).
ඉහතින් උපුටා දැක්වුයේ මෑත කාලීනව මෙන්ම ඊට පෙර වසරවලදී පවා පුවත් මැවූ අපචාරයන් හා දූෂණයන් ට අදාළ වූ පුවත් වාර්තාවන් වේ. කෙතරම් නින්දිතද? කෙතරම් පහත්ද? තමන්ගේ සැමියා තමන්ගේ පියා මෙන්ම සහෝදරයා පවා විශ්වාස කරන්නට නොහැකි අමන සමාජයක් බිහිවී තිබෙන බව කාටත් පැහැදිලි ය. අම්මා අක්කා නංගි දුව හඳුනාගන්නට නොහැකි තරම් කමතුරයන්ගෙන් පිරි රටක්, සමාජයක් නිර්මාණය වී තිබේ.

ඇත්තෙන්ම කාන්තාව, බිරිඳ, මව මෙන්ම දියණිය කියන චරිත වලට ඉහල ගරුත්වයක් ලැබිය යුතුයි. ඔවුන්ව ආරක්ෂා කල යුතුයි. අතීතයේ සිට පිළිගත් මතයක් වන්නේ කාන්තාවන් පිරිමින්ට සාපේක්ෂව දුර්වල ජන කොට්ඨාශයක් නිසා පිරිමින් විසින් ඔවුන්ව ආරක්ෂා කළ යුතු බවයි. මෙය ලංකාවෙන් පිටත බොහෝ රටවල අකුරටම සිදුකරන වගකීමකි. කාන්තාවකට දිය යුතු නිසි වටිනාකම සහ රැකවරණය ලබාදීමට මෙන්ම ඒවා කඩ වුවහොත් නැවත එවැන්නක් සිදු නොවීමට වගබලා ගනිමින් ඒවාට දැඩි දඬුවම් පැනවීමටත් ජපානය සහ කොරියාව වැනි රටවල් කිසි විටකත් පසුබට නොවේ. එමෙන්ම ලෝකයේ බලවතුන් ලෙස පිළිගැනෙන රටවලින් පවා එවැනි සිදුවීම් අසන්නට හෝ දකින්නට නොලැබේ. ඉතින් අපේ ශ්‍රී ලංකාව මෙවැනි අපචාරයන්, අවිධිමත් ක්‍රියා, නීතිවිරෝධී කටයුතු, ඝාතන මිනීමැරුම්, හොර වංචා වැනි සහාසික ක්‍රියාවන්ගේ නිජබිමක් වී හමාරයි.
ලංකාව තුළ මේ වන විට කාන්තාවන්ට මෙන්ම ගැහැණු දරුවන්ට ඉතාමත් අනාරක්ෂිත පරිසරයක් නිර්මාණය වී තිබෙන බව ඉතාමත් පැහැදිලි කරුණකි. නමුත් බොහෝ රටවල කාන්තාවන්ට නිසි ගරුත්වයක් පිළිගැනීමක් හා ආරක්ෂාවක් මෙන්ම සමානාත්මතාවයෙන් සැළකීම යන කරුණු කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි. බාහිර සමාජයෙන් එල්ල වන තර්ජන වලට වඩා තම නිවස සහ පවුල තුළින්ම සිදුවන අකටයුතුකම් ඇත්තෙන්ම ඉතා නින්දිතය. මෙම සිදුවීම් දිනෙන් දින ඉහල යාම ඉතා භයානකය. ඔබ අප කවුරුත් දන්නා පරිදි සෑම දිනකම අපචාරයක් දුෂණයක් මෙන්ම මිනීමැරුමක් වාර්තා වීම සාමාන්‍ය සංසිද්ධියක් වී තිබේ. දෛනික කාලසටහනක් මෙන් එවැනි කෘර ක්‍රියා අඛණ්ඩව සිදුවීම තුළ රටේ නීතිය ක්‍රියාත්මක වන අන්දම පිලිබදවත් ප්‍රශ්නාර්ථයකි. නීතිය තදින් ක්‍රියාත්මක වූවා නම් මෙවැනි ක්‍රියාවන් වසංගත මෙන් පැතිරෙන්නේ නැත. අත්අඩංගුවට ගන්නා සහාසික අපරාදකරුවන්ට නිසි පරිදි දැඩි දඩුවම් ලැබෙන්නේ නම් ලංකාව මීට වඩා මනුසත්කමින් පිරි සුරක්ෂිත රාජ්‍යක් වනු නොඅනුමානය.
මූලාශ්‍ර
Adaderana. (2012). දියණිය දූෂණය කළ පියා අත්අඩංගුවට. Sinhala.Adaderana.Lk. https://sinhala.adaderana.lk/news.php?nid=24319
Hiru. (2023). පාපතර පියා මිතුරා සමගින් දියණිය දූෂණය කරයි. Gossip.Hirufm.Lk. https://gossip.hirufm.lk/3288/2015/02/father-his-friend-rape-daughter.html
News, I. (2023). දැරියක දූෂණය කළ පියා සහ සහෝදරයා සොයා පොලිස් විමර්ශන. Ikman.News. http://www.ikman.news/NewsMain.php?san=41875
Unusuma. (2023). මාස හතරේ කුඩා දියණිය පියා විසින් අමානුෂික ලෙස දුෂණය කරයි. Unusuma.Lk. https://unusuma.lk/the-girl-is-rape/
ආරියවංශපාලිත. (2019). මත්ද්‍රාවණයක් පොවා දියණිය දූෂණය කළ පියා අත්අඩංගුවට. Lankadeepa.Lk. https://www.lankadeepa.lk/provincial_news/මත්ද්‍රාවණයක්–පොවා-දියණිය-දූෂණය-කළ-පියා-අත්අඩංගුවට/59-546547
විජේසේකරඅමරනන්ද. (2023). දියණිය දූෂණය කළ නරුම පියා අත්අඩංගුවට, තොරතුරු පොලිසියට දුන් මිතුරාත් දැරියට අතවර කරලා. Divaina.Lk. https://divaina.lk/දියණිය-දූෂණය-කළ-නරුම-පියා/