
ගාලු මුවදොර ඇවිදීමට යන ව්‍යාපාරික මහතෙක්, එහි සිටින යාචකයකුට දිනපතාම
රුපියල් සීයක් දීමට පුරුදුව සිටියේය. ටික කලකින් එය රුපියල් 75ක් දක්වා අඩු විය.
ඉන් ටික කලකට පසු රුපියල් 50 විය. තවත් කලකට පසු රුපියල් 25 දක්වා පහළ
බැස්සේය. කෝපයට පත් යාචකයා මෙසේ ඇසීය.
”මහත්තයා… පටන් ගත්තෙ සීයෙන්. දැන් විසිපහට බැහැලා… මොකක්ද මේකට
හේතුව?”
”මගේ ළමයින්ගෙන් දෙන්නෙක් පිටරට විශ්වවිද්‍යාලවල. දෙන්නෙක් ලංකාවේ පුද්ගලික
විශ්වවිද්‍යාලවල. දැන් මගේ වියදම් සැරයි.” ව්‍යාපාරිකයා කීය.
”ඒක හරි වැඩක්නෙ මහත්තයා. ළමයින්ගෙ අධ්‍යාපනේ හින්ද මගේ දෛනික
ආදායමටනෙ කෙළවුණේ!” යාචකයා කීවේ කෝපයෙනි.
කුසගින්නේ පසුවන්නකුට, මාළුවකු දීමට වඩා බිලීපිත්තක් දීම මැනවැයි පිරුළක් ඇත.
සිරි ලංකාවේදී බිලී පිත්ත වෙනුවට දිය යුත්තේ ”අස්වැසුම”ය. අපේ මිනිසුන්ට හෙට
ලැබෙන ඇතාට වඩා අද ලැබෙන වටුවා වටී (කාලිංග, 2023) .
යාචකත්වය යනු නිහඬ කෝටිපතියන් බිහිකරන කර්මාන්තයක් බවත්, බොහෝවිට
සිදුවන්නේ සංවිධානාත්මක කණ්ඩායම් වල ක්‍රියාවලියක් බවත් අද වන විට ජනතාව
හොඳින්ම දනී. එමෙන්ම ජනතාව රවටා බොරු මවාපෑම් සිදුකොට එදිනෙදා තමන්ගේ
ආදායම උපයාගැනීම මොවුන්ගේ වෑයම බවද ඔවුහූ දනිති. විශේෂයෙන්ම යාචකත්වය
වෘත්තියක් බවට පත්වූයේ එහි ශීඝ්‍ර වර්ධනයත් සමගයි. ශ්‍රී ලංකාවේ යාචකයන් යනු
කලින් කලට විවිධ ප්‍රවෘත්ති මවන කොටසකි. ඔවුන්ගේ දිනක ආදායම්, යාචකයන්
යොදාගෙන සිදු කරන ජාවාරම් වැනි දෑ සම්බන්ධයෙන් නිරන්තරයෙන් තොරතුරු
හෙළිදරවු වේ (BBC, 2024) .
යාචකයා පිළිබඳව කතාකිරීමේදී දුගී – මගී – යාචක යන වචන තුනම ඉතිහාසයේ සිට
අපට හමුවේ. ඒ අනුව යාචකයා යනු දුගියෙකි. එසේම මගතොටදී මගීන්ගෙන් යැපෙනා
බැවින් මගියෙකි. ඉල්ලාගෙන කන, එම ඉල්ලාගෙන කෑම සිය ජීවනෝපාය බවට
පත්කරගත් තැනැත්තා හෝ තැනැත්තිය යාචකයා ලෙස සරලවම හැඳින්විය හැකිය.
නමුත් අද වන විට යාචකයෙකු දුටු සැනින් මගී ජනතාව කණස්සල්ලට පත්වේ. සැකය,
බිය හා කළකිරීම වැනි මානසික පීඩනය හේතුවෙන් හැකිතරම් දුරට යාචකයන් මගහැර
සිටීමට උත්සහ කරති. තමන් විසින් ලබාදෙන මුදල සත්‍යවශයෙන්ම ලබාදෙන්නේ
යාචකයෙකුටමද? ඔහු හෝ ඇය සැබැවින්ම අසරණකම හේතුවෙන් යාචකත්වයේ
යෙදෙන අයෙක්ද? ඒ ලබාදුන් මුදලින් මත්ද්‍රව්‍ය භාවිත කරාවිද? නොඑසේනම් ඔවුන් විසින්
අනුකම්පාව දිනාගනු පිණිස දිගහරින ලද වට්ටෝරුව සැබැවින්ම සත්‍යයක්ද? යනාදී
බොහෝ ප්‍රශ්න ඉදිරියේ මගීහු මංමුලාව සිටිති (Thilakarathna, 2018) .

ඇතැම් යාචකයන් සැබැවින්ම යාචකයෝ නොවෙති. ඔවුන් නගරය ආසන්නයේ ගම්වල
පදිංචි වී සිටින දූ දරුවන් මෙන්ම පවුලේ සාමාජිකයන්ද සිටින ගේ දොර හිමි අයවලුන්
වෙති. ඔවුන් දෛනිකව තම අතට ලැබෙන විශාල මුදල්වලට කෑදරකමින් නගරයේ පදික
වේදිකාවන්හි රැඳී සිට නගරයට පැමිණෙන විවිධ පිරිස් වෙත අතපාමින් මුදල් ඉල්ලා
ගනිති. මෙලෙස දෛනිකව ඇතැම් පුද්ගලයන්, යාචකයන් නොවන පිරිස් උපයාගන්නා
මුදල් රුපියල් 3000 ක් – 5000 ක් මෙන්ම ඇතැම්විට දසදහස දක්වා වන බව සමීක්ෂණ
මඟින් සොයාගෙන ඇත.
තවත් පිරිසක් (වියපත් පිරිමින් හා කාන්තාවන්) පුරුද්දක් ලෙස නගරයට පැමිණ විවිධ
බෙහෙත් තුණ්ඩු, බෙහෙත් බෝතල් ප්‍රදර්ශනය කරමින් මහමග රැඳී සිට මහජනතාවට
විවිධ බොරු කියමින් මුදල් එකතු කරති. මෙම අයවලුන් යාචකයන් නොවුණත්
දෛනිකව ඇතැමුන් රුපියල් 2000 – 3000 ක් එකතු කරගෙන තම නිවෙස් කරා යති.
ආබාධිත තත්ත්වයෙන් ඇතැම් යාචකයන් සේ පෙනී සිටින කාන්තාවන්, තරුණයන් හා
වැඩිහිටියන් කිසිදු කතාබහක් නොමැතිව දුර ගමන් සේවා බස් රථවලට නැග මුදල්
ගෙවා ප්‍රවේශ පත්‍රද ලබා නොගෙන විවිධ වදන් සහිත විස්තර ඇතුළත් පත්‍රිකා බස් රියේ
මගීන්ට බෙදා දෙමින් ඔවුන්ගෙන් රුපියල් 20/- රුපියල් 50/- වැනි මුදල් ලබා ගනිති.
මෙලෙස බස් රථ රැසකට ගොඩවෙන මෙම පුද්ගලයෝ දිනකට රුපියල් හත් අට දහසක්
උපයා ගනිති. මොවුන් දෛනිකව එතරම් ආදායමක් ලබා ගත්තත් දිනපතාම මෙම පිරිස්
බස් රථවලට නැග මගීන්ට කරදර කරති. මේවා නවත්වන්නට ලංගම මාර්ග
පරීක්ෂකවරුන් හෝ වගකිවයුතු නිලධාරීන් පියවර ගන්නේ නැත. ව්‍යාජ වෛද්‍ය ලේඛන
(වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන් හා වෙනත් රෝගීන්ගේ) රැගෙන තවත් සංවිධානාත්මක
වූ පිරිසක් ද (කාන්තාවන්) නගරයේ සියලු වීදිවල රැඳී මහජනයාගෙන් මුදල් එකතු
කරති. ඔවුන් සියලු දෙනා දෛනිකව උපයන මුදල රුපියල්වලින්නම් දසදහස ඉක්මවයි
(ජයසිංහ, 2020) .
විටෙක හඳුන්කූරු පෙට්ටි හතරක් පහක් එක අතකින්ද අනෙක් අතින් නිදා සිටින
දරුවෙක්ද වඩාගත් ගර්භණී කාන්තාවෝ පෙට්‍රල් ෂෙඩ් සහ සුපර් මාර්කට් අසල හිඟා
කති. මේ මිනිසුන්ගෙන් හඳුන්කූරු ගන්නා කෙනෙක් නැත. ඒ වෙනුවට ජනයා ඔවුන්ට
මුදලින් ආධාර කරති. මෙබඳු ඇතැම් යාචක කාන්තාවක් එකම හඳුන්කූරු පෙට්ටියක්වත්
නොවිකුණා දිනකට රුපියල් 4000 ක පමණ ආදායමක් ලබති. මෙලෙස ගැහැණුන් සමඟ
සිටින දරුවන් බොහෝවිට කුඩු ගැහීමට පුරුදු වූ අම්මා කෙනකුගෙන් දවස් කුලියට ලබා
ගත් අයෙක් හෝ තමාගේම දරුවා වියහැක. ඇතැම්විට එලෙස ලබා ගන්නා කුඩා
දරුවන්ට නිද්‍රාජනක ඖෂධයක් පොවනු ලැබේ. එවිට එම දරුවා යාචක ස්ත්‍රියට වධ
නොදී මුළු දවසම නිදාගනී. මෙවැනි කුඩා දරුවන් සිඟා කෑම පිණිස කුලියට දෙන
ජාලයක් යාචකයන් අතර තිබේ. එසේම යාචකයන්ට අවශ්‍ය ආහාර, ඇඳුම් පැළඳුම්,
බෙහෙත් හේත් වාසස්ථානය සහ ප්‍රවාහනය යන සියල්ලම ලබා දී යාචකයන්ව නඩත්තු
කරන යාචක හිමියෝ දිවයිනේ ප්‍රධාන නගරවල වෙසෙති. ඔවුන් යටතේ යාචකයෝ
විශාල ප්‍රමාණයක් සිටිති. උදේ සිට හිඟා කා එකතු කරන ආදායම යාචක හිමියාට දීම
යාචකයා විසින් කළ යුතු අතර එයින් සියයට ගණනක මුදලක් යාචකයාට දෙනු ලැබේ.

වකුගඩු නරක්වූ අය, පෙනහළු නරක් වූ අය, හදවත නරක් වූ අය, කකුල් අත පය පණ
නැති අය වශයෙන් විවිධ ශ්‍රේණිවලට අයත් යාචකයෝ රට පුරා සිටිති (කතුවැකිය, 2023) .
අතපය හතර බොහොම හොඳින් තිබෙන මිනිසුන් පවා සිඟන්නන් ලෙස තවකෙකුට
අතපාමින් යාචක කර්මාන්තයේ නියැලෙමින් ජිවත් වීමට පෙළඹෙන්නේ මන්දැයි සිතාගත
නොහැක. තම මහන්සියෙන් යම්කිසි ස්වයං රැකියාවක් කරමින් ගොවිතැනින් වගේම
විවිධ බෝග වගාකරමින් ඒවාගෙන් ලැබෙන අදායමෙන් කාටවත් අත නොපා
ස්වෝත්සාහයෙන් ජීවිකාව ගෙනයන ධෛර්යවන්ත මිනිසුන් සිටින සමාජයක මෙවැනි
යාචක කර්මාන්තයක් බිහි වී තිබීම සහ එය දිනෙන් දින උග්‍ර අතට පත් වීම අතිශයින්ම
කණගාටුදායක තත්වයකි.
කෙසේවෙතත් වර්තමානයේ රටේ පවතින තත්ත්වය හමුවේ යාචකයන් පමණක් නොව
රැකියාවක් කරමින් හරි හම්බ කරන උදවියට පවා තමන් උපයන අදායම එදාවේල
පිරිමහගන්නවත් කොහෙත්ම ප්‍රමාණවත් නොවේ. නමුත් මේ දිනවල රාජ්‍ය සේවයේ
නියැලෙන්න ඇත්තන් නම් විවිධාකාරයේ අරගල කරමින් තම අයිතීන් යැයි කියමින්
නානාප්‍රකාර හේතු කාරණා ඉදිරිපත් කරමින් ඔවුන්ගේ වැටුප්තල ඉහළ නංවා ගැනීමට
උත්සහ ගන්නා බව ඔබ අප කවුරුත් හොදාකාරවම දනී. එක් රාජ්‍ය අංශයකට යම්
දීමනාවක් ලබා දෙන බව නිවේදනය කළහොත් අනෙකුත් රාජ්‍ය අංශද කුලප්පු වෙමින්
එම දීමනා තමන්ටත් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ වැඩවර්ජන වල නියැලෙන්නේ
හයක් හතරක් නොතේරෙන ළදරුවන් මෙනි. මෙවැනි ආර්ථිකමය වශයෙන් බංකොලොත්
වූ රජයක් යටතේ පාලනය වන රටක මෙවන් අනුවණකාරී ක්‍රියාවන් නිසා කබලෙන්
ලිපට වැටී ඇත්තේ අසරණ ජනතාවය. කුලියක් මලියක් කරගෙන එදාවේල හම්බ
කරගන්න වෙර දරන අහිංසකයන්ය.
මෙවැනි කරුණු කාරණා නිසා බොහෝ විට මගී ජනතාව සිඟමන් යදින්නන්ටත් වඩා
අසරණයෝය. හිඟා කන්න බැරිකමට විනා ආසාවකට දුක් විඳගෙන බස්, දුම්රිය ගානේ
එල්ලී රස්තියාදුවී රැකියාවලට දුවන්නේ නැත. දරුවන්ට කන්න බොන්න, පාසල් යවන්නට
ආදී දහසකුත් බලාපොරොත්තු ජීවත්කරවිය හැක්කේ ඔවුන් රැකියාවක් කොට කීයක්
හෝ හරිහම්බ කරතොත් පමණි. මාස් පඩිය ණය ගෙවන්නටත් ප්‍රමාණවත් නැත.
කාර්යාලවල රැකියාව ප්‍රශ්ණ ගෙදර දහසකුත් ප්‍රශ්න මදිවට නිදහසේ යන ගමන පාරේ
බැහැලා යන්නට නොහැකිය. කොහේ සිට හෝ අසලට පැමිණ කුමක් හෝ යමක් කියා
සල්ලි ඉල්ලති. යාචකයන්ගේ ශීඝ්‍ර වර්ධනයක් සිදුවී තිබීම මෙම තත්ත්වයට ප්‍රධානතම
හේතුවයි. සියල්ලෝම මිනිසුන් වන වග දන්නා අතර අපට මෙන්ම ඔවුන්ටද කැමති
දෙයක් ආහාරයට ගැනීමේ, කුසගින්න නිවාගැනීමේ, සිනහවී සතුටින් සිටීමේ නිදහස
තිබිය යුතු බවද අපි පිළිගනිමු. නමුත් එය එසේයැයි කියා අපි සියල්ලෝම ජීවිතය
විඳවිය යුතු නැත.
බොහෝවිට මෙම අති බහුතර යාචක ප්‍රජාව තුළ සිටිනුයේ යාචක වේශධාරීන්ය. නීතියේ
රැහැනින් ගැලවීමට සිඟන වෙස් ගත් අපරාධකරුවෝය. නොඑසේනම් මත්ද්‍රව්‍ය
ජාවාරම්කරුවෝය. එබැවින් අන්ත අසරණ වූ ශාරීරික ආබාධ සහිත අහිංසක යාචක
ප්‍රජාවට පවා සිදුවන්නේ බරපතල අසාධාරණයකි. සැබෑ යාචකයින් අභිභවා සිඟන
වේශගත් විවිධාකාර තරාතිරම්වල යාචකයෝ බහුල වශයෙන් වර්ධනය වී තිබේ. එසේ
හෙයින් යාචක අර්බුදය උදෙසා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පෙර මෙම සැබෑ
යාචකයින් හා සාවද්‍ය යාචකයින් කවරහුද යන්න නිසි අයුරින් හඳුනාගැනීමට විධිමත්
වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුමය. එසේ නොවෙතොත් සිදුවනුයේ සැබෑම යාචක
ප්‍රජාව සියදිවි නසාගැනීමට හෝ හොර මැරකම් කල්ලි දක්වා වර්ධනය වී බරපතල
සමාජ, ආර්ථික අර්බුදයක් විසින් වෙනත් අයුරකින් සමාජය වෙලා ගැනීමයි (Thilakarathna,
2018) .

මෙම කර්මාන්තය සැබවින්ම සමාජයට මහත් හිසරදයක් වෙමින් පවතී. රැකියාවක්
කරන පුද්ගලයෙකුට වඩා ඉහළ අදායමක් සිඟන වෙසින් පැමිණ මොවුන් දෛනිකව
උපයනු ලැබේ. නමුත් මෙය සමාජෙන් තුරන් කිරීමට නොහැකි වසංගතයක් වී හමාරය.
නැතිබැරිකම නිසාම මොවුන් සිඟමන් යදිනවා නොවේ. බොහෝ මිනිසුන් පිනට වෙහෙස
මහන්සි නොවී හම්බ කරන්නට පුරුදු වී සිටින නිසා තවකෙකුට අතපාන්නට නිතරම
පුරුදු වී සිටිති. රාජ්‍ය මට්ටමෙන් වත් මේ සඳහා කිසිදු පිළියමක් නොගන්නා අතර එම
කර්මාන්තය රටෙන් තුරන් කිරීමටවත් ඔවුන්ට කිසිදු වගක් නැත. එසේත් නොමැති නම්
මෙම කර්මාන්තය පාලනය කිරීමක් සිදුකළ යුතුය. වයස් සීමාවකින් තොරව අලුත් උපන්
බිලිඳුන් පවා යොදා ගනිමින් මෙම අනීතික ක්‍රියාවේ යෙදෙන්නන්ට විරුද්ධව දැඩි නිතියමය
පියවර අනුගමනය කිරීමට අදාළ බලධාරීන් කටයුතු නොකරන්නේ මන්දැයි බරපතළ
ප්‍රශ්නාර්ථයකි!
මූලාශ්‍ර
BBC. (2024). ශ්‍රී ලංකාවේ යාචකයෝ: දැන් ක්‍රියාත්මක වන්නේ යාචක ව්‍යාපාරයක් ද? BBC NEWS
Sinhala. https://www.bbc.com/sinhala/articles/cv2ykggrme4o
Thilakarathna, K. C. (2018). යාචක අඳෝනාවේ සමාජ දෝංකාරය (ශ්‍රී ලංකාවේ යාචක අර්බුදය පිළිබඳව
සමාජ විමසුමක්). පියාසලන සිතුවිලි. https://piyasalanasithuwili.blogspot.com/2018/03/blog-
post.html
කතුවැකිය. (2023). නෝනාවරුනි මහතුනි මට වෙන්න සමා කියනවා මගේ දුක ඔහෙලට සිරස
නමා. Divaina.Lk. https://divaina.lk/නෝනාවරුනි-මහතුනි-මට-වෙන්/
කාලිංගකපිල කුමාර. (2023). යාචක ප්‍රශ්නය. Deshaya.Lk.
https://www.deshaya.lk/article/51/හරබර/23696/යාචක-ප්‍රශ්නය
ජයසිංහජේ. ඒ. එල්. (2020). මාසෙකට ලක්ෂ ගණන් හොයන පොහොසත් හිඟන්නෝ. Deshaya.Lk.
https://www.deshaya.lk/article/43/features/16361/මාසෙකට-ලක්ෂ-ගණන්-හොයන-පොහොසත්-
හිඟන්නෝ