

හා හා පුරා පිංකි සමග ගිය ගමනින් පසුව යලි ඇය හා කොහේ හෝ යනු තබා ඇයව දකින්නට හෝ ලැබුනේම නෑ..ඉද හිට මංචනායකගේ අන පරිදි විවිධ ගමන් බිමන් යෙදුනත් මා හට වැඩිපුරම සිදුවූයේ කාමරය තුලට වී හිදින්නට.. දැවැන්ත නිවස තුල වූ යන නිහැඩියාව දරන්නට අසීරුයි.. නිවසේ මෙහෙකරුවන් අතර පවා වැඩි සම්බන්ධතාවයක් පැවතියේ නැහැ…කා සමග හෝ හිතවත් වීමේ දැඩි අවශ්‍යතාවය පැවතුනත් කිසිවකුගේ මුහුනේ සුහදශීලී සිනාවක් හෝ දකින්නට ලැබුනේ නෑ..
මුරකුටියේ වූ මුරකරුවන් දිනෙන් දින මාරුවුනා...ඔවුන් යම් ආයතනයක සේවය කරන පිරිසක් බවත් පැය ගනන අනුව ඔවුන්ව සේවයේ යොදවනු ලබන බවත් පසුව වැටහුනා.. මුරකුටියේ නිතර දකින විල්සන් අයියා කලක පටන් මංචනායක බංගලාවේ සේවය කරන බවත් සෙසු අයව මෙහෙයවීම ඔහුගේ රාජකාරිය බවත් පසුව මට වැටහුනා....ආඩම්බරකාරී අයකු ලෙස පෙනුනත් ඔහු fදාඩමලු ගති ඇත්තකු බව වැටහුනු පසු මම බලෙන්ම විල්සන් අයියා සමග හිතවත් වුනා.....මුලදී මදක් ආඩම්බරකම් පෙන් වූ ඔහු හිතවත් වූ පසු ඕනෑවටත් වඩා කතා කරන අයකු බව මට වැටහුනා...ඔහුගේ ඇසුර විටෙක කරදරයක් සේ දැනුනත් මා හට කතා බහ කරන්නට සිටින එකම මිතුරා නිසාත් මංචනායක නිවස සහ පිංකි ගැන වැඩිදුර දැනගන්නට සිටින එකම පුද්ගලයා නිසාත් මම ඔහුට සමීප වුනා....
දින කිහිපයකින් රයාන් ලංකාවට පැමිනියා...බැලූ බැල්මට ඉහල මධ්‍යම පාංතික ධනවතකුගේ පෙනුම තිබුනත් සිහින් උස සිරුරක් ඇති රයාන් අඛිල හෝ නාදුනන තරුනයා තරම් කඩවසම් අයෙක් නොවන බවත් ඔහු පිංකිට වඩා මදක් වැඩිමහල් අයකු විය යුතු බවත් මුලින්ම දුටු දිනම මට වැටහුනා..එය සිතට යම් අස්වැසිල්ලක් ඇති කලා...පිංකි මේ තැනැත්තාට අකමැති බව ඇගේ සියුම් ඉරියව් තුලින් පවා මට හැගී ගියා....ඉහල පෙලේ ධනවතකු වුවත් රයාන් ඉතාම නිහතමානි සුහදශීලී අයකු බව වැටහුනේ ඔහු මා හා කතාබහ කල ආකාරයෙනුයි.. රයාන් සහ මා කතා බහ කරනු දකින්නට පිංකි තුල ඇති අකමැත්ත මට පැහැදිලි වුනා..ඊට හේතුව නාදුනන තරුනයා ගැන යමක් මගේ මුවින් පිටවෙතැයි හටගත් බිය විය යුතුකි කියා මා සිතුවා....රයාන් පැමින දින දෙකක් යද්දී මට නිවාඩුවක් ලැබුනා...දැන් පිංකි හා ගමන් බිමන් යන්නට ඇගේ අනාගත සැමියා සිටිනවා නොවේදැයි සිතෙද්දි දැනුනේ දරාගනු බැරි දුකක්...
මා නිවසට පැමිනි බව ආරංචි වූ සැනින් නිවසට ආ නෙතුකිගේ මුව පුරා පැතිර තිබුනේ අප්‍රමාන සතුටක්...වෙනදා නිවස තුල ගොලුවකු වී සිටි මා වට කරගෙන නෙතුකිත් අක්කාත් අම්මාත් මංචනායක නිවසේ තොරතුරු විමසනවා.. නිහඩව සිටියත් තාත්තාගේ අවධානයත් යොමු වී තිබුනේ අපිට...ඒ දැවැන්ත නිවසේ තොරතුරු මා කියද්දි සියල්ල ඊට සවන් දුන්නේ කිසිදා නොගිය සුර ලොවක තතු සවන් දෙන පරිද්දෙනුයි....
“…කොහොමද අර සුරංගනාවක් වගේ කිව්ව මහලොකු පිංකි බේබි….”
නෙතුකි විමසුවේ සිත සිරකරගෙන සිටි දෙයක්…පිංකි ගැන විමසද්දි සිතට දැනුනු හැගීම මුහුනින් මතුවේදැයි බියෙන් මා ඉවත බලා ගත්තා….
“..පිංකි බේබි එක්ක එකම එක ගමනයි ගියේ… සර් එක්ක දවස් කීපයක් ගියා…
අනිත් දවස්වල කරන්න වැඩක් නැති නිසා කාමරේට වෙලා හිටියා….”.
“එතකොට අර හිංදි නිලියක් වගේ කිව්ව සර්වන්ට් ගෑනි ….”
“මිනිස්සුන්ට වැදගත් විදියට කතා කරනව හලෝ….ඒ ගෙදර සර්වන්ට්ල කී දෙනෙක් ඉන්නවද කියන්න තවම මට බෑ…ඒ අය එලියට එන්නෙත් මොකක් හරි උවයමනාවක් තියනව නං විතරයි……”
පිංකි ගැනත් නිවසේ මෙහෙකාරියන් ගැනත් දැන ගන්නට පසුගිය දින කිහිපය පුරාම ඇය සැදී පැහැදී සිටියා විය යුතුයි. මා කී දෙයින් නෙතුකිගේ සිතින් විශාල බරක් ඉවත්ව ගිය අන්දම ඇගේ මුහුනින් මා දුටුවා.... .
දවස පුරා නිවැසියන් හා ගෙවූ මා නිසල රැයේ මේසය අද්දරට ආවා.. පැන්සල පින්සල මගෙ ඇගිලි තුඩු වල පහස අහිමිව හුදකලා වී සිටියා සේයි..මම දැඩි ස්නේහයෙන් යුතුව ජීවිතයේ කොටසක් වූ අචේතනික වස්තූන් අතරට එක් වුනා.. මගේ කාමරය පෙර සේමයි...කොල පැන්සල් පාට සියල්ල තිබූ තැන්වලම තියනවා..අම්මා විසින් කාමරය අස්පස් කර අතුගාන්නට ඇති...එහෙත් මේ සියල්ල මා ආදරයෙන් සුරකින වස්තූන් බව ඇය දන්නවා .
කලකට පසු සිතුවමක් ඇදිය යුතුයැයි සිතුනත් අදින සිතුවම සිතාගන්නට බෑ...පසුගිය කාලය පුරාම සිතට රිදුම් දුන් අපැහැදිලි සිතුවම දැන් ඉතා පැහැදිලියි....දෑස වසන ඇසිල්ලක් පාසා නෙතු ලග මැවෙන පිංකිගේ රුව සිතුවමට නැගීමේ කිසිදු අසීරුතාවයක් දැන් නැහැ....එහෙත් නිතර නිවසට යනෙන නෙතුකි මාගේ කාමරයට පැමින සියලු අහුමුලු අත පත ගා බලනවා.. පිංකිගේ රුව රැගත් සිතුවම ඇගේ සුරතට පත් වුවහොත් ඇය දැඩි සේ කලබල වන්නටත් සිතුවම අම්මාට තාත්තට සහ අක්කාට පෙන්වන්නටත් බැරි නෑ...යම් දිනක කවර හෝ හේතුවකට නිවැසියන්ට මගෙ රැකියා ස්තානයට යන්නට වුවහොත් සිතුවමේ රැදි යුවතිය ඔවුන්ගේ ඇස ගැටිය හැකියි...ලස්සන දෙයක් දුටු සැනින් ඒ සිතුවමට නැගීම මගේ සිරිතක් බව දැන සිටියත් මවිසන් මෙසේ රැකියා ස්තානයේ ප්‍රධානියාගේ දියනිය සිතුවමට නැගීම අනිසි ගැටලු ඇති කල හැකි සිදුවීමකැයි ඔවුන ්බියවිය හැකියි.....පිංකිගේ රුව සිතුවමට නගන්නේ නම් මා යනවිට එය රැගෙන යා යුතු වනවා...එහෙත් ඉන් කවරාකාරයේ ප්‍රතිඵලයක් අත්විය හැකිදැයි සිතන්නට පවා අසීරුයි..ඉද හිට නෙත් මානයේ ගැටුනත් නිතර මගේ සිත පුරා සිටින පිංකිව අමුතුවෙන් සිතුවමක තැවරිය යුතු නැති බව අවසානයේ මා තීරනය කලා..හෙට හෝ යලි මංචනායක නිවසට යන්නට වුවහොත් සිතුවමක් අදින්නට නිදහසක් ලැබෙන්නේ නෑ...කවර හෝ සිතුවමක් ඇදිය යුතුයි...එහෙත් කිසිවක් සිතට එන්නේ නෑ....සිත පුරා සිටින්නේ පිංකි පමනයි....මම සියල්ල පසෙක තබා කාමරයේ විදුලිය නිවා අදුරු හුදකලා යහනට වැදී පිංකි ගැන සුන්දර සිහිනයක වෙලුනා....
කන්fදාස්කිරියාවක් සේ දැනෙන මුරකුටියේ විල්සන් අයියාගේ fදාඩමලු කම නීරස අත්දැකීමක් වුවත් ඉදහිට මා ඔහු සමග ජංගම දුරකතනයෙන් එක් වුනා..මංචනායක බංගලාවේ නවතම තොරතුරු දැනගැනීමටත් වඩා මට අවශ්‍ය වූයේ පිංකිගේ තොරතුරු දැනගැනීම..ලද විවේකයක සුපුරුදු ලෙස මා ඔහු ඇමතුවා..
“..හොද වෙලාවට කතා කලේ.....මම තමුසෙට කතා කරන්න හිටියේ..මෙහෙ
ගිනි කෙලි...පිංකි බේබි බදින්න ඉන්න මහත්තයට පිංකි බේබි යාලු වෙලා
ඉන්න නිර්මාල් ගැන සේරම මාට්ටු වෙලා....තමුසෙටත් හෙට අනිද්ද එන්න
වෙයි..සාක්කි දෙන්න බලාගෙනම එනවා....පිංකි බේබිගෙයි රයාන්
මහත්තයගෙයි මංගල්ලෙ කැඩිල ගියොත් අපි කාගෙ කාගෙත් කටේ පස්.....”
විලසන් අයියා කියාගෙන කියාගෙන ගියා...
“..පිංකි බේබිගෙයි රයාන් මහත්තයගෙයි මංගල්ලෙ කැඩුනොත් අපේ කටවල්
වලත් පස්... ඒ මොකද ඒ......”
“තමුසේ හිතන් ඉන්නේ අපේ සර්ල සුපිරි කෝටිපතියො කියලද..ඔය උතුරන සල්ලි ගංගාවල උල්පත් බාගෙට බාගයක් තියෙන්නේ රයාන් මහත්තය ලග....සුරංගනාවක් වගේ දුවක් ඔය වගෙ මනුස්සයෙකුට දෙන්න හදන්නේ ඒකයි...හෙට අනිද්ද තමුසෙට ආපහු එන්න වෙයි..ඒ ආවම කියන්නංකෝ තව හොද හොද කතා ටිකක්...”..
ඇමතුම නිමා කල පසුත් විල්සන් අයියාගේ වදන් දෙසවනේ දෝංකාර දෙන්නා සේ මට දැනුනා..නිර්මාල් යනු මග තොටදී පිංකිව හමුවන තැනැත්තා විය යුතුයි..ඔහු පිලිබද මගෙන් විමසා සිටියහොත් මා කුමක් කියන්නද...මා කියන කොරතුරු අනුව ඔහු සහ පිංකි අතර ඇති ඇසුර තහවුරු වෙවි..රයාන් සහ පිංකි අතර සිදුවන්නට යන විවාහය බිද වැටීමට එය හේතුවනු ඇත..මංචනායකලා සිතූ තරම් පොහොසතුන් නොවේ නම් පිංකි සහ මා අතර වූ පවුර බලගතු එකක් නොවනු ඇත...එසේ නම් පිංකි ලබා ගන්නට ඇති එකම බාධාව නිර්මාල් පමනි.. දැන් ඉතින් පිංකි ලබාගැනීම සදහා ඕනෑම අබියෝගයකට මුහුන දීමේ හැකියාවක් ඇත..නිර්මාල් පිලිබද සියලු තතු පවසන්නට අවසානයේ මා තීරනය කලා..කොයි මොහොතේ හෝ මංචනායක නිවසින් කැදවුමක් ලැබෙන තුරු මා බලා සිටියා..
යලි රැකියාවට එන ලෙස මා ඇමතුමක් ලැබුනා..මම යලි මංචනායක බංගලාවට ගියේ මගේ ආදරිය දැක ගැනීමේ නොතත් ආහාවෙන් ..
අටවැනි කොටසින් මංචනායකලා සහ පිංකි ගැන රහස් රැසක් සංදේශ්ට
හෙලිවේ..