රොබින් හුඩ් නරඹන ගමන් තව දෙයක් නොදැනුවත්වම කරලා තියෙනවා. ඒ මොකක්ද?
එදා මෙදා තුර ප්‍රේක්ෂක අවදානය දිනාගත් රොබින්හුඩ් ටෙලිමාලා නාට්‍ය මෙරට ප්‍රේක්ෂකයන්ගේ සිත් ගත් නිර්මාණයක්
රොබින් හුඩ් ජනතාවගේ වීරයෙක් ඒ වගේම රජු ප්‍රමුඛ ෂෙරිෆ් ඇතුලු පාලකයන්ගේ හතුරෙක්. ඒ ෆැන්ටසීය කතාන්දරය අපි මේ තරම් වැළඳ ගන්නේ ඇයි. ඉතින් අපි රොබින්හුඩ් නරඹන ගමන් තව දෙයක් නොදැනුවත්වම කරලා තියෙනවා. ඒ මොකක්ද ?
පසුගිය දවස් වල රූපවාහිනී තිරය තුලින් කාලයකට ඉහත ප්‍රේක්ෂක රසවින්දනය නැංවූ පැරණි වැඩසටහන් ටිකක ආශ්වාදය නැවත වරක් විඳගන්නට අවස්තාවක් උදා කර දුන්නා. ඒ අතර කොයිතරම් වාරයක් නැරඹුවත් ආයෙත් ආයෙත් නැරඹීමට උනන්දු වෙන ටෙලිනාට්‍ය කිහිපයක්ම තිබුණා. ඒ වගේම විදෙස් ටෙලිනාට්‍ය මාලාවක් වන රොබින්හූඩ් ඒ අතර විශේෂයෙන්ම කැපීපෙනෙනවා. මේ කතාන්දර මේ තරම් අපේ හද බැඳ ගන්නෙත් ඒවා අපේම වන්නේත් ඇයි කියන කාරණය පිලිබඳ විමසීමක් කරන්න වෙනවා. බොහෝ නිර්මාණවල අඩංගු සන්දර්භීය කාරනා ඒ යුගයට මෙන්ම වර්තමාන කාලයටද ඒ ආකාරයෙන්ම වලංගු වීම එහි නොපෙනෙන සත්‍යයි. කොහොම උනත් මෙරට ජන මාද්‍ය බොහෝ දුරට දැනුවත්ව කරන දේවල් ප්‍රේක්ෂකයාට හෝ සමාජයට යහපතක් වෙන අවස්ථා ඉතාම විරලයි. බොහෝ වෙලාවට දැනුවත්ව කෙරෙන බොහෝ වැඩසටහන් සහ නිර්මාණ සිදු කරන්නේ මෙරට ජන මනස අවුලට පත් කරන දේවල් තමයි. එමගින් ඇති කෙරෙන බලපෑම සමාජයට ඉතාම අහිතකර වෙනවා. ඒක අපි ප්‍රයෝගිකව අත් දකිනවා. කෙසේ හෝ මෙරට මාද්‍ය නොදැනුවත්ව කෙරෙන සමහර දේවල් වලින් ඉතාම හොඳ අධ්‍යන පසුබිමක් සහ දැනුමක්, සංවාදයක් ගොඩනගා ගන්න පුළුවන්. එවැනි එක් අවස්තාවක් රොබින් හූඩ් වැනි යාවත්කාලීන නිර්මාණ තුලින් හඳුනා ගන්න පුළුවන්.
රොබින් හූඩ් යනු ජනතාවගේ පැත්ත නියෝජනය කරන දුප්පතුන්ගේ සහ ගොවි,කම්කරු මිනිසුන්ගේ හඬ නියෝජනය කරන වීරයා. ඒ වගේම රජු ප්‍රමුක පාලකයන්ගේ හතුරෙක්. ඒ තමයි අපි දකින සරල රූපකය. කෙසේ හෝ එය නරඹන සියලුම ප්‍රේක්ෂකයන් ඉන්නේ රොබින්හුඩ් ගේ පැත්තේ. කිසිම ප්‍රේක්ෂකයෙක් රජ් හෝ ෂෙරිෆ් හෝ ගිස්බන් වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ. සියල්ලොම අපේක්ෂා කරන්නේ රොබින්හුඩ් ගේ ජයග්‍රහණය. ඇයි එහෙම වෙන්නේ. ඒ තමයි ඉතිහාසය පුරා දුක්විඳින පොදුජනතා වගේ ප්‍රාර්ථනාව. රජු ප්‍රමුඛ රාජාණ්ඩු මගින් එහි වැසියන් වෙත හෙලන ලද පීඩනය ඔවුන් දරාගන්න බැරුව අසරණ වෙනවා. ඒ නිසා නිර්මාණය වෙන චරිතය තමයි රොබින්හුඩ් කියන්නේ. ඒ ඔවුන්ට කරන්න බැරි දේ වෙනුවෙන් පෙනී ඉන්න චරිතය. ඒ වගේම රොබින් හුඩ් රජු ප්‍රමුඛ පාලකයන්ගේ හතුරෙක් වෙන්නෙත් ඒ නිසා. ජනතාව මත පැටවෙන බර සහ ඔවුන් සූරා කන පාලනය කෙරෙහි ජනතා නැගිටීම වෙන්නේ රොබින්හුඩ් හරහා. එය ඉතිහාසයේ සිට වර්තමානය තුලත් ඊට වෙනස් විදිහට ක්‍රියාත්මක වෙන යතාර්ථය වෙනවා. කෙසේ හෝ මේ මොහොතේ වුවද රොබින් හුඩ් අපිට මේ තරම් සිතට කාවදින්නේ අපි තවමත් නොදන්නා නමුත් අපි සිටින්නේද එවැනි තත්වයකම නිසා.
ඉතින් අපි රොබින් හුඩ් නරඹන ගමන් තව දෙයක් නොදැනුවත්වම කරලා තියෙනවා. ඒ මොකක්ද? අපි ඒ තරම් කල්පනා නොකරත් අපි රොබින්ට ආදරය කරන ගමන් ෂෙරිෆ්ට , ගිස්බන්ට, සහ ඒ කෲර පාලකයන්ට එරෙහි වෙලා තියෙනවා. එකයි අපි රොබින්හුඩ් දිනන කම් ආසාවෙන් බලන්නේ. ඒ කියන්නේ අපි ඒ වැඩවසම් ක්‍රමය කෙරෙහි අප්‍රසාදය නිහඬවම ප්‍රකාශ කරලා. ඉතින් ලෝකය දියුණු වෙන්න වෙන්න ඒ පොදු සාමාන්‍ය ජනතාව වෙනුවෙන් රොබින්හුඩ් ලා නැති වුනාට පොදු සම්මුතීන්, ආයතන සහ පාලන ක්‍රමවේද මිනිසුන් සටන් කරලා දිනා ගත්තා. ඒ තමයි වැඩවසම් රාජාණ්ඩු වෙනුවට දියුණු ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, මානව හිමිකම් සංවිධාන, මහජන සුව සංවිධාන, කොමිසම්, නීතීය, පොදු අරමුදල් ආයතන, ජාතීන් සහ රටවල් අතර ඇතිකර ගන්න පොදු මහජන ආරක්ෂණ සම්මුතීන් වැනි දේවල්. මේ තමයි අර ඉතිහාසයේ රොබින් හුඩ් වැනි වීරයන් මගින් ජනතාව ඉටුකරගන්න බලාගෙන හිටිය දේවල් වෙනුවෙන් මානවයාගේ දියුණුව සමග මිනිසා විසින්ම කල අරගල සහ ඉල්ලීම් වල ප්‍රතිඵල විදිහට දිනා ගත් දේවල්. මේ හැම දෙයක්ම නිර්මාණය උනේ එදවස පීඩනයට ලක්ව සිටි රොබින්හුඩ් ගේ පිහිට පමණක් තිබු සාමාන්‍ය පුරවැසියන් වෙනුවෙන්. ඒවා තව තවත් සවිමත් කර ගන්නට ලෝකයේ මිනිසුන් උත්සහා කරනවා. පසුගිය දවසක ඇමරිකාවේ සිදු වුනු කළුජාතික මිනිසාගේ ඝාතනය තුලින් මතු වෙන්නෙත් එවැනි අරගල තමයි.
රොබින් හුඩ් යුගයේද අපි දකින සමහර තැන්වලදී ඔහුගේ සහය ලැබෙන මිනිසුන්ම ඔහු පාවා දෙන්නටද පෙලඹෙනවා. ඒ බොහෝ වෙලාවලදී අපි දකින දර්ශනය තමයි ඒ පාවාදෙන්න මිනිසුන් පෙළඹෙන්නේ යක්ෂයාගේ ඇල්ම බැල්ම සහ යක්ෂයා ආරූඩ වීම නිසා කියන එක. ඒ වගේම සමහර ආගමික චරිත විසින් කරන වැරදි ආගමික පෙළඹවීම් සහ ඇදහිලි නිසා සිදුවෙන බව.එය ඉතාම ලස්සනට නිර්මාණකරුවා පෙන්වා දෙනවා . ඒ හැම වෙලාවකම අපි දකිනවා සාමාන්‍ය මිනිසුන් මෙන්ම ඔවුන් වෙනුවෙන් පෙනී සිටින රොබින් හුඩ් ඇතුලු කණ්ඩායම නොයෙක් දඬුවම් සහ අපහසුතාවයන් වලට ලක් වෙනවා. කෙසේ හෝ මේ සිදුවීම් මේ මොහොතේද වලංගු වෙනවා. අපි දැන හෝ නොදැන නරඹන නාට්‍ය තුල එය ඉතාම ලස්සනට ගේනවා.
මේ නිවසට වී සිටි කොරෝනා සමයේද අපි මේ රොබින් හුඩ් තුල අත් දකින යතාර්ථය ලෝකය හමුවේ නැද්ද? අපි අද සමාජය තුල සරල ලෙස මතු කෙරෙන කාරණාවක් තුලින් උනත් එය පහදා ගන්න පුළුවන්. අද අපි සමාජයක් විදිහට එවැනි පොදු සම්මුතීන් වලට එරෙහි මතයන් ගොඩ නගමින් ඒවා අවශ්‍ය නැහැ කියන දෘෂ්ටිවාදයක් ගොඩනගාගෙන තියෙනවා. ගොඩනගලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය, කොමිසම්, මානව හිමිකම් අවශ්‍ය නැහැ කියල හිතවන්න සමාජය හුරු කරනවා. එහෙත් අපි නොදකිනම දේ අපි දැකලත් නොදැක ඉන්නවා. ඉතින් මම කිව්වේ එකයි මෙරට මාධ්‍ය දැනගෙන හොඳ දේවල් කරන්නේ නැහැ. ඔවුන් රොබින් හුඩ් වගේ දේවල් පෙන්වන්නේ නොදැන කරන දේවල් විදිහට. දැන ගෙන කරන්නේ රොබින්හුඩ් බලන අපි ආසාවෙන් ඉල්ලන සමාජ සාධාරනත්ව ක්‍රමවේදය අවශ්‍ය නැහැ කියන මතවාදය හදන එක. මෙරට මාධ්‍ය ඉන්නේ අර රොබින් හුඩ් කාලයේ ජනතාව යක්ෂයාට අවනත සහ ආරුඩ කරන අවස්තාව නියෝජනයට. ඒ වගේම එදා වගේම සමහර ආගමික සංස්ථා පෙනී ඉන්නෙත් ඒ විදිහටම මිනිසුන් යක්ෂයාගේ ග්‍රහණයට රැගෙන යමින් ඔවුන්ගේ සැබෑ වීරයන් තුලින් විතැන් කරමින් සහ ඒ වීරයන් නියෝජනය කරන දියුණු මානව ක්‍රමයන් ප්‍රතික්ෂේප කරවමින්. ජනතාව වෙනුවෙන් ගොඩනගන සමාජ දේශපාලනික සම්මුතීන් සහ සංවිධාන වලින් ජනතාව විතැන් කරමින්. ඉතින් ඒ නිසා රොබින් හුඩ් වැනි නිර්මාණයක හුදු ජනප්‍රිය සිහින ටෙලිනාට්‍ය විදිහට නරඹන්න බැහැ. එහි කියවෙන සමාජ සංස්කෘතික දේශපාලනික කතාන්දරයක් තියෙනවා. කියන්න හදන සමාජ පණිවුඩයක් තියෙනවා. ඒ නිසා නැවතත් අවස්තාවක් ලැබුනොත් එහෙම නරඹන්න කියාලා යෝජනාකරන්න කැමතියි. කොහොම උනත් අපි සමාජයක් හැටියට මේ මොහොතේ එපා කියන දේවල් මිනිසුන්ට අවශ්‍ය වුනේ ඇයි සහ ඒවා මගින් මිනිසුන් තමන්ගේ නිදහස, පැවැත්ම වෙනුවෙන් යොදාගන්නේ කොහොමද කියන දේ මෙවැනි නිර්මාණ නරඹා රසවිඳින ගමන් හිතන්න වෙනවා. ගෙදරට වෙලා ඉන්න වෙලාවේ zoom එකට data වලට කල කැපකළ වියඳම, සහ කාලයට වඩා වැඩි දැනුමක් අධ්‍යාපනයක් අවශ්‍යනම් මේ විදිහේ නිර්මාණයක් රස විඳින ගමන් මෙරට ප්‍රේක්‍ෂකයන්ට ලබාදෙන්න පුළුවන් කියන එකත් කියන්න වෙනවා,
මීට වසරකට පෙර පාර්ලිමේන්තුව ගෙදර යවා ජනාධිපති සහ හමුදාවට තනිව රට කරගෙන යෑමට දීම සුදුසුයැයි රටේ බහුතර ජනතාවක් සිහින ලෝකයක සිට පැවසූ වකවානුවක දෛවෝපගත ලෙස නැවත විකාශනය වුණා robin hood කතා මාලාව ජනතා පරමාධිපත්‍යය රජාතන්ත්‍රවාදයේ වශ්‍යතාව අපිට එකල නැවත හොඳින් මතක් කර දුන්නා. වර්තමානය වන විට නැවත රාජාණ්ඩුවක් ඉල්ලන කිසිවකුත් සොයාගැනීමට අපහසුයි.
Richard the lion heart රජතුමා දක්ෂ යුද සෙනෙවියෙක් වූ අතර තුමාගේ පියාගේ කාලයේ දී ප්‍රංශ යුද පෙරමුණේ ද තමාගේ රාජ්‍ය කාලයේ දී වැඩි වශයෙන්ම කුරුස යුද්ධයේ ද සහභාගිවී රටෙන් පිට කල් ගත කළා. රටවැසියා පෙළමින් එකතු කළ බදු මුදල් මුළුමනින්ම පාහේ කුරුස යුද්ධය ට වැය වුණා. එතුමාවත් කුරුස යුද්ධයට පටලයේ එකල පැවති ආගමික නායකයින් විසින්. රජු හා පැවිද්දන් පමණක් තීරණ ගන්නා රාජ්‍ය ක්‍රමයක් තිබූ කල ඔවුන්ගේ එම පටු අවශ්‍යතා සඳහා ජනතාව ජීවිතයෙන් ජීවන තත්වයෙනුත් යන දෙකෙන්ම වන්දි ගෙවීමට සිදු වුණා. ාමාන්‍ය ජනතාව ලබාගත් ඉහළම ජයග්‍රහණය වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නැවතත් පූජකයන් ටත් ආඥා දායකයින්ට යටත් වීම වර්තමාන ලෝකයේ රටවල් කීපයක දැකිය හැකි තත්ත්වයක්. නඩු ඇසීම කින් තොරව වෙඩි තැබීම, සියලුම රටවැසියන්ට හමුදා පුහුණුවක් ලබා දිය යුතු බවත් පැවසීම සමාජය නැවත ආපස්සට යාවිදෝ යි සිතේ බිය ඇති කරන තත්ත්වයක්.
ගොවිපල හිමිකරුවෙකු දුර්වල සතුන් මසට විකුණන්නා සේ දුර්වල ශරීර ඇති අයවලුන් තෝරාබේරා මරා දමනු ලබන වෛරසයක් ලෝකය පුරා පැතිරී යාම ලෝකය පාලනය කරන ව්‍යාපාරිකයින්ගේ පාලකයින්ගේ යම් වැඩ පිළිවෙලක් ද යන්න තවත් ගැටලුවක්