28.9 C
Colombo
Friday, July 11, 2025
spot_img

Subscribe

Date:

Share:

Joker 2: Folie à Deux චිත්‍රපටය ප්‍රතික්ෂේප කරන්නේ ඇයි  ?

Related Articles

Joaquin Phoenix සහ Lady Gaga රංගනයෙන් දායකවූ Joker 2: Folie à Deux චිත්‍රපටය  සිනමා ජයග්‍රණයක් වනු ඇතැයි  අපේක්ෂා කරන ලදී. නමුත් එය විචාරකයින්, ප්‍රේක්ෂකයින් පවසන ආකාරයට “බොක්ස් ඔෆිස් – පි – ඉන් – ද – ෆේස් ( a box – office  Pie – in – the – face )”  බවට පත්විය. චිත්‍රපටය තිරගතවීම ආරම්භ වුවාත සමගම ඇතිවූ උද්යෝගය කෙමෙන් කෙමෙන් පසුබීමට ලක්විය. නරබන්නන් චිත්‍රපට ශාලාවලින් අතර මැද  නගී සිට පිටව ගියේය. සමාජ මාධ්‍ය විවේචන වලින් පිරියන්නට විය. කෙසේවෙතත් මෙම ප්‍රතිචාර වැදගත් ප්‍රශ්නයක් මතු කරයි. බොහෝ නරබන්නන් ජෝකර් 2 ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?

මෙයට පිළිතුරක් ලෙස දැකිය හැක්කේ පිළිගැනීමට අපහසු සත්‍ය තුල ඇති බොරුව, අපට පිළිගැනීමට එසේත් නැත්නම් එයට මුහුණ දීමට බල කිරීමයි.

ජෝකර් 2 හි මානසික සෞඛය යන්න කතා තේමාව තුලදී අතුරු කතාවක් නොවන අතර එය ප්‍රධාන කතාව වේ. ආතර්  ෆ්ලෙක් ඔහුගේ ප්‍රතිමුර් තිය දුෂ්ඨ චරිතයෙන් ඉවත් කර ප්‍රේක්ෂකයා සදහා නිරුවත් කර මානසික රෝගයක් සමග සම්බන්ධ කිරීම තුලින් ඔහුගේ අභ්‍යන්තර අරගලය හෙළි කරයි. චිත්‍රපටය ආකර්ශනීය හෝ දුක්ඛිත බවක් පෙන්වන්නේ නැත. එය මගින් ජෝකර් පිටුපස සිටින මිනිසා ආතර් ට මානුෂික  මුහුණුවරක් ලබා දෙයි. ඔහුගේ වේදනාව, හුදකලාව හෝ ඔහුගේ සම්භවයට දායක වන සමාජය නොසලකා හරී . ජෝකර් 2 චිත්‍රපටය නරබන්නන්ට, ඔඋව්න් බොහෝවිට නොසලකා හරින ලද හෝ ඉවතට හැරවූ දෙය දෙස බැලීමට බල කරයි. ජෝකර් 2 චිත්‍රපටයේදී ප්‍රේක්ෂකයින් චිත්‍රපටයකින් බලාපොරොත්තුවන සුපුරුදු විකට ස්වරුපය, ප්‍රචන්ඩත්වය හෝ ව්‍යාකුලත්වය ට වඩා මෙම චිත්‍රපටය මානසික සෞඛය පිළිබඳ යථාර්තය සමග පොරබැදීමට  ආරාධනා කරයි.

ප්‍රේක්ෂකයින් බොහෝවිට ආකර්ෂණය වන්නේ කෝපය, පලිගැනීම හෝ අරාජිකත්වය වැනි අඛ්‍යනයන්  වෙතය. අප ජිවත් වන පොදු සමාජ තලයන් තුලද මෙය සාධාරණ කාරණයකි. මේ නිසා ජෝකර් චිත්‍රපටය තුල ඇති අවුල් සහගත තත්වය චිත්‍රපටය සමාජය විසින් ප්‍රතික්ෂේප කිරීමට පොලබවයි.

මෙතෙක් අප හඳුනාගෙන සිටින ජෝකර් සංකෙත්වත් කරන්නේ අසීමිත පලිගැනීමක් හා ඒ තුලින් තෘප්තිමත් වන පුද්ගලයෙකුගේ කතාවයි. නමුත් කාරණය නම් ජෝකර් 2 චිත්‍රපටය තුල අපට එවන්නෙකු මුණ නොගසෙයි. ප්‍රේක්ෂකයාව වෙනත්ම මානයකට රැගෙන යයි. කතාව තුල සිටින ජෝකර් රළු හෝ ගොරෝසු හෝ රුශිරය දැකීම ට ආශා කරන පුද්ගලයෙකු නොවෙයි. ඔහු මෙහි දී චිතවෙගිය හා මානසික වේදනාවෙන්/මානසික රෝගයකින් පෙලෙන පුද්ගලයෙකු සැබෑ ස්වරුපය පෙන්නම් කරන චරිතකි.

ජෝකර් 2 චිත්‍රපටය ප්‍රේක්ෂකයා ඉදිරියට පැමිණෙන්නේ වෙදංආකාරී යථාර්තයක් ලෙස මිස හුදෙක් විනදනාත්මක නාට්‍යමය ස්වරූපයකින් නොවේ. මෙය විනෝදයක් නොවේ, කාලයක් පැවැතී  අභ්‍යන්තර වේදනාවකි. මෙහිදී හමුවන් දේවල් නම් අපකීර්තිය, විඳදරා ගැනීම, අභ්‍යන්තර වේදනාව, වරදවා වටහාගැනීම් සහ යම්කිසි අරගලයක් කරන පුද්ගලයකුට සහයෝගයක් නොමැති කම. චිත්‍රපටය තුල තරයේ අසන ප්‍රශ්නය නම්, අපි මනසික සෞ ඛය ට දෙන අවධානයට එයින් උපදින ප්‍රචණ්ඩත්වය ටම දුන්නොත් කුමක් සිදුවේද යන්නයි.

නමුත් චිත්‍රපටයේ පිළිගනිම පෙන්නුම් කරන පරිදි නොහො දෙනෙක් එම ප්‍රශ්නයෙන් ඉවත් වීමට කැමැත්තක් දක්වයි. ජෝකර් ගේ කතාව තුල මේ තත්වයට සම්බධවිමට අකමැති ඔවුන් චිත්‍රපටයෙන් බැහැර යයි. සත්‍ය නම් ප්‍රේක්ෂකයින්ට බොහෝදුරට තවමත් මානසික සෞ ඛය පිලිබදව අපහසු සංවාද වලින් ඈත්වීමට අවශ්‍ය බවයි.

ජෝකර් 2 චිත්‍රපටය ප්‍රේක්ෂකයගි අඩු පිළිගනිම නිසා හෙළිවන තවත් කරුණක් නම් සමාජය විසින් කෝපය සහ පලිග්නිම පිළිබද ඇති අඛ්යන කොතෙක් දුරට ඉහලින් පිළිගන්නවද යන්නයි. නමුත් එවැනි කතන්දර පිටුපස සිටින පුද්ගලයින්ගේ පසු කතාව හෝ අභ්‍යන්තරය සමග සංවේදී වීම හෝ සංවේදනය කිරීම ප්‍රේක්ෂකයා විසින් නොසලකා හරි. මෙහිදී ප්‍රචණ්ඩත්වයේ බාහිර පිපිරීමට අපි ආශාකරන්නේ මානසික රෝගවල අභ්‍යන්තර නොපෙනෙන අරගල වලින් අපව ඈත්  කර තබන බැවිනි.

බොහෝවිට අවබෝධය වෙනුවට අප කරන්නේ වෙයිරය සහ පලිගැනීම හෝ ෆැන්ටසි වින්දනය කිරීමයි. සමාජයක් ලෙස ගත විට, අප කෝපයේ උත්ප්‍රේරක මුදා හැරීම  උත්කර්ෂවත් කරන නමුත් එය නිර්මනයකරන පද්ධතියම ගැටළු විසදීමට අසමත් වෙයි. ජෝකර් 2 චිත්‍රපටයෙහි හි සැබෑම විහිලුව ආතර් ගේ සම්භවය නොවෙඉ, එයට හිතු සමග ගැටීමට අපගේ අකමැත්තයි.

ජෝකර් 2 අපට මෙම අපහසු සත්‍යට මුහුණ දීමට බලකරයි. ජෝකර් මානුෂිය කිරීමෙන් හා වෙස් මුහුණ පිටුපස ඇති වේදනාකාරී යථාර්තය පෙන්වීමෙන් චිත්‍රපටය තුල මානසික සෞ ඛය අර්බුධයට නිර් භිතව  මුහුණ දීමට ප්ලබවයි. සමහර විට ජෝකර් පළමු චිත්‍රපටය තරම් ප්‍රභලව ප්‍රේක්ෂකයා අතරට නොගියේ මේ නිසාම විය හැකිය. එය ප්‍රේක්ෂකයාට නොදැකීමට අවශ්‍ය කතාවක් වන බැවිනි. නමුත් එය අප බැලිය යුතු කතාවකි.

ජෝකර් 2 චිත්‍රපටය ප්‍රතික්ෂේප කිරීමේදී ප්‍රේක්ෂකයන් චිත්‍රපටයක් ප්‍රතික්ෂේප කරන්නේ නිකම්ම නොවේ. එහි අර්ථය නම් ඔවුන් කැමති නැහැ මානසික සෞ ඛය ගැන අර්ථවත් සංවාදයක දීමට ඇති අකමැත්ත හා එම අවස්ථාව ප්‍රතික්ෂේප කිරීමයි. චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තාවලින් ගිලිහි යාම මගින් පෙන්නුම් කරන්නේ චිත්‍රපටය සමග කටයුතු කිරීමට සමාජය දක්වන පුළුල් අකමැත්තයි. නමුත් සංවාදයක් සිදුවිය යුතුය. අප දිගටම සංවාද නොකර වැලකි සිටි නම් විහිලුව සැබවින්ම අප මත පැත්ත වනු ඇත.

Dinesh Ekanayake
Dinesh Ekanayake
B-Tech of UoVT / DRTJ Colombo University. Sri Lanka Film Sound Designer/Music composer/Foley Artist/Video Editor/ Dubbing Directing / Screenplay Writer and Director.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles