
Joker: Folie à Deux චිත්‍රපටය ජෝකර් පළමු චිත්‍රපටය මෙන් එතරම් උද්යෝගිමත් ලෙස ප්‍රේක්ෂකයා වලද ගත්තේ නැති බවක් දැක ගනීමට හැකිය. කෙසේ නමුත් චිත්‍රපට අධ්‍යක්ෂ ටොඩ් පිලිප් ජෝකර් පළමු චිත්‍රපටයෙන් පසු ජෝකර් 2 වන චිත්‍රපටයෙන් කතා කරන්නේ ජෝකර් එසේත් නැත්නම් ආතර් ෆ්ලෙක් ගේ කතාන්දරයේ දිගුවයි.
ජෝකෙර් හෙවත් ආතර් ෆ්ලෙක් ගේ චරිතය නිර්මාණය වන්නේ ඇමරිකානු විකට කතා (comic ) පොත් මාලාවක් වන ” Detective Comic ” විකට රහ්ස්ප්රික්ෂක කතා තුලයි.මෙමපොත් මාලාවේ ප්‍රකාශකයා වන්නේ DC Comic.Ine වන අතර එය DC Entertainment හි ප්‍රධාන ඒකකය වේ.මෙම විකට කතා මාලාව ප්‍රථමයෙන්ම ප්‍රකාශයට පත් කරන්නේ 1937 වසරේ දිය. DC Entertainment යනු ලොව ප්‍රකට චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන වෝනර් බ්‍රදස් ( Warner Bros ) හි අනුබද්ධිත ආයතනයකි.
චිත්‍රපට අධ්‍යක්ෂ ටොඩ් පිලිප් විසින් චිත්‍රපටය තුල සිදු කරන දෙයක් තමයි ආතර් ෆ්ලෙක්ස් සහ හාලින් කුයින් එකට ගෙන එම. මේ දෙදෙනාව සම්බන්ධ කිරීමට උද්යෝගිමත් සංගීතයක් භාවිතා කරන අතර එය මායාව සහ යථාර්තය වෙන් කර හදුනා ගැනීම සදහා යොදාගනී. ( Fantacy and Reality ). මෙය චිත්‍රපටය තුල පරිස්සමට තේරුම් ගතයුතු දෙයක් වේ.
ජෝකර් 2 චිත්‍රපටය ආරම්භවන්නේ ද්විමාන සජීවිකරණ දර්ශන පෙළක් සමගිනි. එම ද්විමාන සජිවිකරණය තුලින් චිත්‍රපටයේ තේමාව කුමක් ද යන්න පුරෝකථනය කරයි. සෙවනැලි එකබද්ධකිරිම (Shadow Intergration ).
ජෝකර් පළමු චිත්‍රපටයේදී ආතර් මුනිසුන් 6 දෙනෙකු මරා දැමීමෙන් පසුව මනසික් රෝහලක (Loonie Bin ) සිටින බව සොයා ගන්නා අතර ඔහු, ඔහුගේ නඩු විභාගය එන තුර බලා සිටි. ඔඋහේ අනන්‍යතාවය කුමක් ද ? ඔහු ජෝකර් ද? එසේනම් කොතෙක් දුරටද යන්නයි.
මේ සාකච්චාව ඉදිරියට කරගෙන යාමට පෙර ජුන්ගියානු මනොවිශ්ලේෂණය (Jungian Psychoanlysis ) තුල එන සෙවනැලි ඒකාබද්ධ කිරීම යනු කුමක්දැයි කෙටියෙන් පැහැදිලි කලයුතු වෙයි.
20 වන සියවසයේදී කාල් ගුස්ටාව් ජුංග් ( Carl Gustav Jung ) නම් මනෝ වෛද්‍යවරයෙක් සිටියේය. ඔහු මනෝ විශ්ලේෂණයේ පියා වන සිග්මන් ෆ්‍රොයිඩ් ගේ ශිෂයෙක් විය. ෆ්‍රොයිඩ් අදේව වාදියෙකු වූ අතර අපගේ ජීව විද්‍යාත්මක සහජ බුද්ධිය සහ පරිනමිය ලෙස පරිණාමය වූ ආරම්භයන් සමග මිනිස් හැසිරීම පැහැදිලි කිරීමට උත්සහ කල අතර ජුන්ග් ට වඩාත් හොඳ ගුප්ත ප්‍රවේශයක් තිබුනේය. මෙම න්‍යයවෙදින්ට අනුව අපගේ අදුරු ආවේගයන් (ආක්රමනශිලිත්වය/ලිංගිකත්වය) අපගේ සවින්නානික පෞරුශය තුලට ඒකාබද්ධ කල යුතු උවද මෙම ආවේග සනජය විසින් ලජ්ජාවට හා අපකීර් තියට පත්කිරීමට සිදු කරන බැවින් පුද්ගලයන් තුල ඒකාබද්ධ කිරීම විශාල අභියෝගයක් විය.
සෙවනැලි පෞරුශය, සෙවනැලි අංග, සරලව සෙවනැල්ල යන්න පුද්ගලයා දැකීමට, පිළිගැනීමට අකමැති සහ එබැවින් තමා ලෙස පිළිගෙන නැති මානව මනොභාවයේ කොටසකි. සෙවනැල්ල යනු “වින්නානයේ ආලෝකයෙන් සැගවී ඇති” යන්නයි. එය බොහෝ විට අදුරු උවද, එය අනිවාර්යයෙන්ම අදුරුවිය යුතු නැත. ඇත්ත වශයෙන්න්ම පුද්ගලයකුගේ සෙවනැල්ල සබැ අදුරු දේවල් සගවයි. එබැවින් චිත්‍රපටය පුරාවට ආතර් තම සෙවනැල්ල ඒකාබද්ධ කිරීමට අරගල කරයි. එයින් අදහස් කරන්නේ ඔහු කල දේ පිළිබද, කලදේ සමග එකඟ වීමට අරගල කරන බවයි. වඩාත් වැදගත් වන්නේ ඔහු කවුද යන්නයි. අවසාන නඩු විභාගයේදී ඔහු කෙටියෙන් පවසන පරිදි ඔහු මුනිසුන් 6 දෙනෙක් මරා දමා ඇත.” මම කිසි විටෙක කිසිවෙක් ඝාතනය කර නැතත්, මරා දැමීම සමග එකඟ වීම බොහෝ විට අභියෝගයක් බව උගත් අනුමානයක් යය මම සිතමි.’ ආතර් ගේ අභ්‍යන්තර අරගලය බාහිර ගැටුමක් ලෙස සංකේතවත් කෙරේ. එක් අතකින් හාලි ක්වින් සහ සමුහයා ඔහුව පිළිගත් අතර ඇතැමුන්ට ඔහු සිරගෙදර මුරකරුවන් හෝ ඔහුගේ කුරු මිත්‍රය වැනි පිඩිත පරාජිතයෙකු ලෙස දැකීමට අවශ්‍ය විය.
හාලි කවීන්ගේ දෘෂ්ටිකෝණයෙන් බලු විට, ඇය ආතර් ගේ අදුරු පැතිකඩට ආදරය කරයි. එම නිසා ඇය ජෝකර් ලෙස මුව පාට කරගැනී. තවද ඇය පවසන දෙයක් නම් ” මට ඔයාගේ සැබෑව දකින්න ඕනි” යන්නයි. මෙය ගැහැණු ළමුන් නරක පිරිමි ළමුන් වෙත නැබුරු වීම දක්වන අකාරය පෙන්නුම් කරයි. මනොවිද්යාවෙන් බැහැරව කතා කලත් කිසිම කාන්තාවක් කම්මැලියෙකු සමග සිටීමට කැමති නැති බවත් තම ප් පිරිමියා ප්‍රචණ්ඩ කාරයෙකු එවිට ඇයට ආරක්ෂාව ඇතිබවත් , දැනෙන බවත් ඔවුන් සිතයි.
මැර කල්ලි දෘෂ්ඨිකෝනයෙන් ගත්විට ඔවුන් ජෝකර් ගේ අවුල්සහගත සහ කැරලිකාර අංගයන් දේවත්වයෙන් සලකන අතර ඔවුන් ජෝකර් ව දකින්නේ සමාජයේ කුහක කමට හා මවා පෑමට එරෙහි සටන් කරන චරිතයක් ලෙසයි. ඒ නිසා ඔවුන් ජෝකර් ලෙස විකාර සහගතව සරසි සිටි.
ආතර් ගේ නඩු විභාගයේදී ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා ආතර් ලමවියේදී විදි සියලුම අපයෝජන නිසා ඔහුට බහු පෞරුශ අබාධය ඇති බව ඔප්පු කිරීමට තර් ක කරයි. (Dissociative Personality Disorder ). ඔහු කොතරම් පහර කෑමට ලක්වූ, හුදකලාවූ, පරාජිත පුද්ගලයෙක් දැයි ඇය විස්තර කරයි. මේ නිසා ආතර් ගේ මානසික තත්වය කඩා වැටීමකට ලක් වෙයි. ඔහුගේ මානසික තත්වය කඩාවැටීම උත්සන්න වන්නේ ඔහුගේ නීතිඥයා සහ අහුගේ අසල්වැසියා ප්‍රකාශ කරන පරිදි ඔහු තවමත් කන්‍යාවක් බව පවසන විටයි. මේ නිසා ඔහුගේ සෙවනැලි පෞරුශය ඔහු ජෝකර් බවට පත් වීමට පොළඹවයි.
එයට හේතුව නම් ඔහුට නඩුව ජය ගැනීමට අවශ්‍ය වන අතර ඔවුන් ඔහුව අපයෝජනයට ලක් වූ ගොදුරු වූ අසරණ ගොදුරක් ලෙස ගොඩනගන අකාරය ඔහුගේ මමත්වය හා ආඩම්බරය අවුස්සන බැවිනි. ඔහු තම නීතිඥයා සේවයෙන් පහ කිරීමටත්, ඇයව සිප ගැනීමටත් තමා වෙනුවෙන් තමා පෙනී සිටීමටත් තීරණය කිරීම මෙයට හේතු වේ. එය අභිලාෂ්කාමි ක්‍රියාවකි.
ඉන් පසු තුන්වන නඩු වාරයේදී ඔහු ජෝකර් ලෙස හැද පැළඳ සිටි. ඔහු වඩාත් ආත්ම විශ්වාසයකින් හැසිරෙයි. ඔහුට වේදිකාවේ පැවැත්මක් ඇතිබව ජෝකර් ලෙස වෙස් මාරු කිරීම තුලින් දැකිය හැකිය. මෙම දර්ශනයෙන් ප්‍රධාන කරුණු දෙකක් සිදුවේ. පළමුවැන්න නම් බන්ධනාගාර ආරක්ෂකයින් කුපිත කරවයි. දෙවැන්න ඔහුගේ අසල්වැසි (සාක්ෂියට පැමිණෙන) කුරු පුද්ගලයා ව කුපිත කරයි. එසේම නඩු විභාගය අතර තුර කුරු පුද්ගලයා ප්‍රකාශ කර සිටින්නේ ” ඔබව නැති කරගැනීම මට කොතරම් දුෂ්කර දැයි ඔබ දන්නවාද? ඒ වගේම කුරු වාමනයෙකු වන මට විහිලු නොකළ එකම පුද්ගලයා ඔබ නිසා බවයි”. එම ප්‍රකාශය ජෝකර් හි ආතර් ගේ හැඟීම් අවුස්සයි. කුරු පුද්ගලයෙකුට විහිලු නොකිරීමෙන්, ජෝකර් ට නැති, ආතර් ට ඇති දයානුකම්පාව, කරුණාව හා සංවේදනය, පෞරුශ ලක්ෂණ පෙන්නුම් කරයි.
මම ජෝකර් 2 චිත්‍රපටය පුරාවටම ආතර් තුල පැවතින අරගලය අපට දැකිය හැකිය. ඔහුගේ පෙම්වතියට සහ මැර පිරිසට ඔහුව පරාජය කිරීමට, ඔහුගේ අවුල් සහගත, කැරලිකාර, මිනීමරු පතිකඩ් වැළඳ ගැනීමට අවශ්‍ය වන අතර මුර කරුවන්ට, කුරු පුද්ගලයාට සහ නීතිඥයා ට ඔහුව අවශ්‍ය වේ.
චිත්‍රපටය තුල ගායනය ඇත්තේ එහි පමණක් වන බැවින් ඔවුන් ආදරයෙන් බැදෙන රෝස පැහැති කන්නාඩි ස්වභාවය ඔවුන්ගේ මධු සාමය අවධිය පෙන්නුම් කරයි. ” නිදහි වී අලුත් ලෝකයක් තමන්ටම ගොඩනැගීම” පිලිබඳ ඔවුන්ගේ ෆැන්ටසිය කිසිවිටෙක බැරෑරුම් ලෙස සැලකීමට අදහස් නොකළ අතර එය බොහෝවිට ප්‍රයෝගිකවාදයෙන් තොර සහ යථාර්තය පිලිබඳ දැඩි ග්‍රහණයක් නොමැති ආදර සම්බන්ධයක් වේ.
චිත්‍රපටයේ අවසන් කොටස පැහැදිලි කිරීමට පෙර සාර්ථක සෙවනැලි ඒකාබද්ධ කිරීමක් නොපෙන්නේනේ කෙසේදැයි පැහැදිලි කල යුතුය. එයට හේතුව බහුතරයක් නරඹන්නන් හට මෙය සරලව තේරෙන්නේ නැති නිසාය. ඇත්ත වශයෙන්ම මිනිසෙකු තුල සම්පුර්ණයෙන්ම හොඳ හෝ නරක නැත. අපට ඇත්තේ දෙබිඩි ස්වරූපයකි. උදාහරණයක් ලෙස Game of Thron හි චරිත ගැන හිතන්න. එය Star Wars හි එන චරිත වලට වැඩ වඩාත් සංකීර්ණ චිත්‍රයක් නිර්මාණය කරයි.
සෙවනැලි ඒකාබද්ධ කිරීම යන්න මෙවැනි දෙයක් හරහා සිදුවිය හැකිය. උදාහරණයක් මෙවැනි දෙයක් හරහා සිදුවිය හැකිය. උදාහරණයක් ලෙස කිසිවිටෙක තවකෙකු සමඟ කිසිම ආරවුලක් හෝ රණ්ඩුවක් ඇතිකර නොගත් ශිෂයෙක් සිටිනවා යයි සිතන්න. ඔහු කිසිවිටෙකත් කිසිවෙකුට පහර දී නොමැත. ඔහුගේ ප්‍රචණ්ඩකාරී ප්‍රවනතාවය සම්භන්ධයෙන් ඔහු අහිංසකය. දිනක් ඔහු පන්තියේදී ආරවුලකට මැදිවී පහර කෑමකට ලක්වේ. ඉන් පසු ඔහු සටන් කළා පාසලකට ගොස් සටන් ක්‍රම අධ්‍යනය කරයි. ඔහු සටන් පුහුණු වීමෙන් පසු පැමිණ ඔහුගේ ප්‍රතිවාදියාට පහර දෙයි. ඔහු ප්‍රතිවාදියාගේ මුහුණට පහර දී නාසය කඩා දමයි.එයින් ඔහු ප්‍රීතියට පත්වන අතර අහඹු ලෙස මිනිසුන්නට පහර දෙන්නට පටන් ගනී. ඒ හේතුව නිසාම ඔහු අමරරුවේ වැටෙයි. ඔහුගේ පියා ඔහුට කරුණු පැහැදිලි කරදීමෙන් පසු ඔහු අහඹු ලෙස මිනිසුන්ට පහර දීම සුදුසු නැති බව තේරුම් ගනී. නමුත් ඔහු පරිනත් මිනිසෙකු ලෙස හැදී වැඩෙන්නේ ප්‍රචන්දත්වයත් සමගය. නමුත් එම ප්‍රචණ්ඩත්වය තමාට පාලනය කරගත හැකිය. මෙහිදී දැකිය හැකි කරුණක් නම් පරමාදර් ශි ලෙස පුද්ගලයෙකුගේ සෙවනැල්ල ඒකාබද්ධ වී ඇත. එවැනි ඒකාග්‍රතාවය ඇතිවීමට බොහෝ කාලයක් ගතවේ. පුද්ගලයින් බොහෝ විට අනෙක් පුද්ගලයකුගේ අදුරු පැතිකඩකින් තර් ජනයට ලක්වේ. එබැවින් සැබෑ ලෝකයේ මිනිසුන් අන් අයගේ සෙවනැල්ල යටපත් කර තබාගැනීමට උඅනාන්දු වෙති. මෙහිදී සිදුවිය හැකි කාරනා තුනක් දැකිය හැකිය.
1. සෙවනැල්ල මර්ධනය කිරීම
2. සෙවනැල්ල ලෙස අධික ලෙස හදුනා ගැනීම
3. සෙවනැල්ල සාර්ථක ලෙස ඒකාබද්ධ කිරීම
සෙවනැල්ල සාර්ථක ඒකාබද්ධ කිරීම යන්නෙහි අදහස වන්නේ ” මම මෙය…, නමුත් මම …., මෙය…පමණක්-නොවේ” යන්නය. ආක්‍රමනශිලිත්වය එක උදාහරණයකි. ලිංගිකත්වය, වංචාව, සොරකම් කිරීම යනාදිය උදාහරණ ලෙස භාවිතා කල හැකිය.
ආතර් විසින් ජෝකර් චරිතය ව දියුණු කලේ මිනිසුන් ඔහුව බැරෑරුම් ලෙස නොසලකන නිසාත් ඔව්න් ඔහුව අපයෝජනය කරන නිසාත් ඔහුගේ මව ඔහු නිතරම සතුටින් සිටිය යුතු යයි විශ්වාස කල නිසාත් ය. ඇය ඔහුව “සතුට” (Happy ) ලෙස හැඳින්වුයේ ඒ නිසාය. එයට හේතුව නම් ජිවිත කාලය තුලදී මිනිසා සම්පුර්ණයෙන්ම සතුටු නොවන නිසා සමහර අවස්ථාවලදී එය දුක්ඛිත විය හැකි නිසාත්ය. ක්‍රෝධය, වයිරය, ඉර් ෂයව, ඉතා මානුෂික හා පරි පුරණ ස්වභාවික හැගීම් වන අතර කුඩා කාලයේ සිට ඔහුට මෙම හැගීම් ප්‍රකාශ කිරීමට ඒකාබද්ධ කිරීමට ඉඩක් නොලැබුනේය. නමුත් ඔහුගේ පෙම්වතිය හා මැර පිරිස ඔහුගේ ජෝකර් පෞරුශය පිළිබිඹු කරන විට ඔහුට එය ශක්තියක් වන්නට විය. ජෝකර් තුල ව්‍යකුලත්වය හා මිනි මරු චේතනාව ඇති අතරම දයාව කරුණාව ද ඇත.
අවසාන නඩු වාරයේදී ආතර් යනු ජෝකර නොවන බවත් ඔහු ආතර් බවත් පාපොච්චාරණය කරන විට අප ඔහුව අත්හැරිය යුතු නැත. බොහෝ ප්‍රේක්ෂකයින් එම අවස්ථාවේදී ඔහුව අතහරි. හාලි ඔහුව හැරගොස් ඔහුගේ හදවත් බිඳ දමා ඔහුව පරාජය ට පත්කරතයි බොහෝ ප්‍රේක්ෂකයින් සිතයි. හාලි කුවින් ඔහුගේ ආදරයෙන් මිදෙයි. ඔහුව දේවත්වයෙන් සලකන මැර පිරිසද ඔහුව අත්හරී. ඔහු උසාවියෙන් පැනගිය පසු හාලි ව පඩිපෙළ අසලදී මුණ ගැසෙන අතර ඇය පවසන්නේ ඇය ඔවුන්ගේ ෆැන්ටසිය අත්හැර දමා ඇති බව යි. ඇත්ත වශයෙන්ම සිදුවන්නේ ඇයට තවදුරටත් ඇයගේ ෆැන්ටසිය ඔහුවෙත ප්‍රක්ෂේපනය කල නොහැකි වීමයි. එය බොහෝ විට සිදුවන්නේ මිනිසුන් සැබෑ ලෙස ආදරයෙන් බැඳුනු විටයි. ඔවුන් අනෙකා කවුරුන්දැයි සැබවින්ම නොදනී. ඔවුන් ඔවුන්ව දකින්නේ ඔවුන්ගේම ආදරය/ලිංගිකත්ව ෆැන්ටසි මතයි.
නමුත් අවසාන දර්ශනයේදී ආතර් වෙවුලමින් තිරය මැද මිය යන අතර, ග්ලාසාගෝ හි (Glasagow Smail) ලාක්ෂණික සිනහවක් පාමින් සිටි. අනෙක් සියලුම බැට් මෑන් චිත්‍රපටවල නිරූපණය කරන ජෝකර් තම බව ප්රෙක්ෂයකයාට හඟවයි.
පුද්ගලයෙකුගේ වඩාත්ම ආදරණිය කොටස ඔවුන්ගේ අඳුරු පැත්ත බව අපට හැඟී යයි. බැට් මෑන් ගේ පරම සතුරා වන අවුල් සහගත විකටය්ගේ මුලාරම්භය අප දකිනවා යයි විශ්වාස කරනතාක්කල් අප ආතර් ගේ ජීවිතය ගැන පමණක් සැලකිලිමත් වේ. ඔහු එසේ නොවන බව හෙළි වූ විට අපගේ හැඟීම් නතර වනු ඇත. එනම් හාලි ක්වින් විනිශ්චය කලදේ දැනෙන්නට පටන් ගනී. චිත්‍රපටයේ තේමාව වුයේ සෙවනැලි ඒකාබද්ධ කිරීමයි.
