28 C
Colombo
Saturday, December 2, 2023
spot_img

Subscribe

Date:

Share:

පෙරදිග දිග දැනුම් සම්භාරය නොදත් කවුද මේ  ඊනියා නිරාගමිකයෝ / Non-Religious / மதம் சாராதோர்?

Related Articles

ආගම් ඇදහීම නොඇදහීම පුද්ගලයාගේ චින්තන නිදහස අනුව සිදුවන්නකි.බලෙන් අදහවන ආගම් වලින් ද පලක් නැත. ආගම් අදහන්නා වැළක්වීමට ද අයිතියක් නැත. නොඅදහන්නා බලෙන් අදහන්නවන්ටද ඕනි ද නැත. සිද්ධාර්ථ දහම අනුව නම් බුදු දහම පිළිපැදිය යුත්තේ සිතා විමසා පසක් කිරීමෙනි.නමුත් අපට ස්මතු වන ගැටලුව වන්නේ කෙනෙකුගේ ආගම හෝ නිරාගම නොවේය.අපිට ඇවැසි ඔවුනගේ දෘෂ්ටි ප්‍රවණතාවයය. එය ගැටලුව විසඳීම සඳහ උපකාරි වේ.

බුදු හාමුදුරුවෝ බ්‍රහ්මජාල සූත්‍රයේ ආගමියෝ යන වචනයට වඩා ඔවුනට දී ඇත්තේ දෘෂ්ටි සම්පන්නයො යන්නයි.එවැනි දෘෂ්ටිවාද  62 ක් ක්‍රි.පු .6.  වන සිය වසෙහි පැවත ඇත.මෙය දැනගනු රිසි අය බ්‍රහ්මජාල සූත්‍රය ( දී.නි. 1.1 )  කියවිය යුතු ය. එහි තාර්කික වාද 9ක් ද අතීන්ද්‍රිය  අනුභූතිවාද 49ක් ද අඥෙයවාද 4ක් ද  පූරාවන්ත හා අපරාන්ත වශයෙන් ඇති බව දකිනු ඇත.ඒම දෘෂ්ඨි මතවාදයන්ට අනුව,අකිරියවාද,කිරියවාද,සබ්බෙ පුබ්බ කතහෙතුවාද,අමරා වික්ඛේපවාද,අඥෙයවාද,ශාස්වතවාද,උච්ඡේදවාද,අධිච්චසමුප්පන්නවාද ,අමරාවික්ඛෙපවාද ආදිය   දැක ඇත. මේ සියලු දෘෂ්ඨි ප්‍රවණතා ඇත නැත යන උභයකොටිකය හා චතුෂ්කෝටිය මත පදනම්ව ඇත .අදද එවැන්නෝ සිටිති. ඒ සඳහා සත්ත්ව පැවැත්ම ,ලෝක චින්තා විෂය හේතු වී ඇත.ඒ අනුව විවිධ ගුරු කුල ,සම්ප්‍රදා, ආගමික කුලයන් ක්‍රි.පු 6 ශත වර්ෂයේ ජටිල ,නිඝණ්ඨ,පරිබ්‍රාජක ,බ්‍රාහ්මණ, චාර්වක,ශ්‍රමණයෝ, ෂඩ් ශාස්තෘ ආදිය  බිහිව ඇත.

නූතන ලෝකයේ ඉස්සර නිම්මාණවාදය අනුව සියල්ල පාලනය කරන එක් දෙවියෙකු හෝ දෙවියන් කිහිප දෙනෙකු යටතේ බව දක්වන ක්‍රිස්තියානි,මුස්ලිම් , හින්දු, …. ආදි ප්‍රබල ආගම් ද , කිරියවාදය,සබ්බෙ පුබ්බ කත හේතුවාදය මත නිඝණ්ඨ වැනි ආගම් ද දැක ඇත. මේවායෙහි පදනම පුද්ගලයා තුළ ද පවතිනුයේ බ්‍රහ්මජාල සූත්‍රයේ ඇති  දෘෂ්ඨීන්ය.( ඉස්සර නිම්මාණවාදය = සර්වබලධාරියා)

තවද  චාර්වක ,පායාසි , අජිත කේශකම්බල හා  පූර්ණ කස්සප වැන්නවුන් දැරූ අකිරියවාද,උච්ඡේදවාද ,අධිච්චසමුප්පන්නවාද දරන පිරිස් අද සමාජයේ ද සිටිති. නූතන ලෝකයේ සිටින නිරාගමික (None religion ),හේතුවාදි, පිරිසද එසේය. මොකද ඒ අය ආගම් නොඅදහනවා යැයි කියමින් ද,අප නිදහස් අයය, අනෙක් අය වැරදිය යනුවෙන් සිය දෘෂ්ඨිය අනුව ස්ව මතය ඉදිරිපත් කරති.ඒ සඳහා මරණය(death ) ,පුනර්භවය(rebirth ) ,පාරභෞතික පැතිකඩ( Metaphysical), අධිමානසිකත්වය (Para psychology )පින(merits),පව(sin) ( කර්මය,අපාය(Hell ) දිව්‍යය ලෝක (heavens )ආදිය පිළිබඳ විමසති. ඒ පිළිබඳ ඇති සියලු දෑ නාස්කවාදිව ප්‍රතික්ෂේප කරති. අපණ්ණක දහමක් ඔවුහු තුළ නැත.

බුදු දහම අනුව නිරාගම ද යනු එක් ආගමකි.දෘෂ්ටියකි. අර උඩ කියපු දෘෂ්ටි 62 න් එකකි. ඒ කියන්නේ නිරාගම යනු ද එක්තරා ආගමික කෝණයකි.ආගමක් නෑ කියා සිටින දැඩි ආගමිකයේාය.

0.0003 % පමණ නිරාගමියෝ සිටින පිරිස ලංකාවේ ආගමික රාමුවට ප්‍රබල පහරක් වී හමාරය.අවුරුදු හයක පමණ අධ්‍යයනයකින් එතැන බහුතරය අන්තගාමි පිරිස් ද( extremes), මධ්‍යස්ථ මතධාරින් ද( Moderate holders opinion ) , ශාස්ත්‍රීය අධ්‍යයනයේ නියැලෙන්නෝ  ( those who are engaged in academic studdies ) වශයෙන් ද, තව විවිධ පටු අරමුණු ඇත්තවුන් ලෙසද, ආගමික වෛරය වපුරවන පිරිස් වශයෙන් ද,බෙදුම්වාදය ඇති කරන්නන් ලෙසද,ආගමික ගැටුම් වලට මුල පුරණ  අන්‍යාගමික පිරිස් වශයෙන් ද , ආගම අබිං යන කාල්මාක්ස්ගේ තේමාව මුල් කරගත් ඇතම් දේශපාළණික වහලුන් ලෙස ද දුටිමු.වැඩිපුර රැල්ලට නිරාගමික උච්ඡේදවාදින් වී ඇති අන්දම දුටිමු(කිසිදු ආගමික හෝ නිරාගමික යතාර්ථය නොදත්).විද්‍යාව ආගම කරගනිමින් සියලූම ආගමික ඉගැන්වීම් සර්ව  අසුබයක් යැයි කියති.

සැබවින්ම අද පමණක් නොව මෙබන්දෝ අතීතයේ ද සිට ඇත. බුදුන් වහන්සේට පෙරද සිට ඇත.චාර්වක නමින් වූ භෞතික චින්තන සම්ප්‍රදාය අයත් වූ මොවුහු අකිරියවාදය,උච්ඡේදවාදය, හා භෞතිකවාදය ඉදිරිපත් කොට ඇත. බුදු රදුන් ධරමාන අවධියෙහි මෙම චින්තන සම්ප්‍රදාය නියෝජනය කොට ඇත්තේ අජිත කේශකම්බලය.ඔවුන්ගේ දෘෂ්ඨි සම්පන්න ඉගැන්වීම් විමසන කල නූතන භෞතිකවාදින් තුළ තිබෙන දෘෂ්ටි මතවාද බවම පසක් කොටගත හැකිය.

1ලෝකය මැවූ දෙවියෙකු නැත.

2-ආත්මයක් නැත.

3-නැවත ඉපදීමක් නැත.

4-පරලොවක් නැත.

5-කර්මයක් නැත.

6-හොදින් හෝ නරකින් කම්සැප විඳීම ජීවිතයේ ඒකායන පරමාර්ථයයි.

7-මරණය නිර්වාණයයි.

8-මරණයෙන් සියල්ල කෙලවර වේ.

09-පොළොව , ජලය , ගින්න , වායුව යන සතර මහා භූතයෝ මූලද්‍රව්‍ය වේ.

10-ලෝකය සතර මහා භූතයන් ගෙන් සෑදුනකි.

11-බීජයක ඇති පිටිවලින් මදය , ශක්තිය   හටගන්නා මෙන් භූතයන්ගේ එක්වීමෙන් සිත පහළ වේ.

දස වස්තුක මිථ්‍යා දෘෂ්ටිකයෝ වූ මොවුහු සත්තත්ව පැවැත්මෙහි ඇති සියලු දෑ ප්‍රතික්ෂේප කොට ඇත. සාමඤ්ඤඵල සූත්‍රය විමසීමේදි ,මෙම චාර්වක භෞතිකවාදි චින්තන සම්ප්‍රදායිකයන් ඉදිරිපත් කළ දෘෂ්ටි සම්පන්නභාවය කෙසේද යන්න පසක් කරගත හැක.සතරමහා භූතයන්ගෙන් සැදුම් ලත් පුරුෂයා යම් කලක මිය යත්ද පඨවි ,ආපො තෙජො,වායො කොටස් ඒ ඒ කොටස් වලට එක්වේ.ඉදුරන් අහසට ගමන් කරත්,වැද හොත් පස් වැදෑරුම් පුරුෂයො මරණය රැගෙන යත්,සොහොන තෙක් නෑ මිතුරන්ගේ ගුණාගුණ පදයො වෙත්,ඇට පරෙවිවන් වේ.අලු පමණක් ඉතිරි වේ.දන් දීමට පැනවීම ,දන්දීම් ඔවුන්ගේ බොරු ප්‍රලාපයකි.යමෙක් අස්තීත්වය ප්‍රකාශ කරත්ද බාල වූත්,පණ්ඩිතවූත් සියල්ලෝම කයෙහි බිඳුමෙන් උචේඡේදයට විනාශයට පත් වන්නේය  මරණින මතු නොවන්නේය.බ්‍රහ්මජාල සූත්‍රයෙහි මෙවැනි උච්ඡේදවාදින් ගැන මෙසේ දක්වති.

මහණෙනි මෙහි ඇතම් මහණෙක්  හෝ  බමුණෙක්  මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වේ.පින්වත යම් හෙයකින් මේ ආත්ම භාවය රූපවත්ය ද සතරමහා භූතයන්ගෙන් සැදුම් ලද්දේවේද මාපියන්ගේ ශුක්‍ර ශ්‍රෝණිතයෙන් නිපන්නේද කරජ කය බිඳීමෙන් උච්ඡේදයටද මරණින් මතු නොවන්නේද වේ.මෙසේ සමහරු සත්ත්වයාගේ උච්ඡේදවාදය විනාශය භව විගමය පනවත්.මෙලෙස නූතන භෞතිකවාදින්ද සියල්ල ප්‍රතික්ෂේප කරමින් ශුක්‍රාණුවෙන් හා ඩිම්බානුවෙන් නිපන් සත්ත්වයා මරණින් මතු  නොවන බව දක්වත්.නූතන නිරාගමික යනුද චාර්වක පරපුරෙහි බහුතරය මෙබදු අගතිගාමිහුය.

බුද්ධ කාලයේ පැවති අනෙක් භෞතිකවාදි ශාස්තෘවරු පිළිබඳ පසු ලිපියකින් සාකච්ඡා කරමු.

Ven. Paranagama Sarada Kashyapalankara
Ven. Paranagama Sarada Kashyapalankara
MA, University of Kelaniya Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles