

පැරණි බණ කතාවක්.දවසක් උපාසකයෙකුට තමන්ගේ විහාරස්ථානයේ වැඩ වාසය කරන හාමුදුරුවන් වහන්සේට දානයක් දෙන්න හිතෙනවා. ඉතින් මේ සැදහැති මිනිසා හාමුදුරුවනේ අහවල් දවසේ අපේ ගෙදර දානයක් තියේ එයට වඩින්න කියා ආරධනා කොට ගෞරව පෙරදැරි සතුටු හිතැතිව පිටත් වෙනවා .අදාළ දවසේ හාමුදුරුවෝ දානයට වඩමවන්න පංසලට එනවා. හාමුදුරුවෝ වඩමවා යන්නට ඇත්තේ මඩ සහිත පටු මාර්ගයකින්.. මෙහෙම යනකොට පුංචි මඩවලක් හම්බවෙනවා. දායකයා මඩ වලෙන් පැනල ගිහින් හාමුදුරුවෝ එන්නේ කොහොමද කියලා බලං ඉන්නවා( අදත් එහෙම උන් ඉන්නවා) පන්සලේ හාමුදුරුවෝ අදනය ටිකක් ඔසවා වලෙන් එගොඩට පැන එනවා. මේ වෙලාවේ දායකයාගේ හිතේ දෝෂ සහිතව මුන්දෑ හවන්සේ ලඟ කිසිම සීලයක් නැත යැයි සිතා දානයට තියෙන පිරිකර ටික පූජා කරන්නෙ නැහැ කියල හිතාගන්නවා. මෙහෙම පටු මාර්ගයේ ඉදිරියට යනකොට තවත් පුංචි මඩ වලක් හමුවෙනවා දායකයා පැනල ගිහින් බලං ඉන්නවා හාමුදුරුවෝ කොහොමද එන්නේ කියලා.ඒ වෙලාවේ හාමුදුරුවෝ මඩ වලෙන් බැහැල එනවා.මේ අවස්ථාවේ දෝෂ රහිතව හාමුදුරුවෝ සමඟ ඉදිරියට ඇදෙන දායකයාට කුතුහලයක් පැන නගිනවා.
හාමුදුරුවෝ පළවෙනි මඩ වලෙන් පැන ආවා .දෙවෙනි මඩ වලෙන් බැස ආවා යනුවෙන්.
ඉදිරියට ඇදෙන දායකයා හාමුදුරුවන්ගෙන් අසා සිටිනවා .හාමුදුරුවනේ ඔබ වහන්සේ අපි ආපු පාරේ හමු වුණ පළවෙනි මඩ වලෙන් පැන ඒමටත් දෙවැනි මඩ වලෙන් බැස ඒමටත් හේතුව මොකක් ද කියලා. ඒ අවස්ථාවේ හාමුදුරුවෝ කියනවා මම පළවෙනි මඩ වලෙන් පනින කොට උපාසක තෙමේ හිතා ගත්තා දානයට පූජා කරන පිරිකර ටික පූජා කරන්නේ නැහැ කියලා. දෙවෙනි මඩ වලෙන් පැන්නා නම් ඔබ තෙමේ මට දානය පූජා කරන්නෙත් නැතිව අකුශලයට නැඹුරු වන නිසා බැස ආවා යැයි පවසනවා.ටික දුරක් යන දායකයාට නැවත කල්පනා වෙනවා හාමුදුරුවෝ කොහොමද පළවෙනි මඩ වලෙන් පනින කොට පිරිකර පූජා කරන්නේ නෑ යැයි මවිසින් සිතූ දෑ දැන ගත්තේ කෙසේද කියා… විපරම් කොට ප්‍රඥා ගෝචරව සිතන විට උන්වහන්සේ පරචිත්ත විජාන ඥාණය සහිත රහතන් වහන්සේ නමක් යැයි දැන එදින සගාරව සහිතව දන් පූජා කරනවා.