25 C
Colombo
Thursday, December 7, 2023
spot_img

Subscribe

Date:

Share:

අමරණිය මාධ්‍යවේදියෙක්

Related Articles

කෙවින් කාටර්

මහා මිලේච්ජත්වය සහ වාර්ගික වෙනස්කම් ඇති අවස්ථාවක ජිවිතයේ සැබෑ යථාර්ථය නිරුපණය කිරීම සඳහා මිනිසෙක් තම සියළු දුෂ්කරතාවන්ට එරෙහිව නැඟී සිටියේය. ඔහු කෙවින් කාටර් නම් විය. දකුණු අප්‍රිකාවේ සම්මානලාභී ජායරූප ශිල්පියෙකු හා මාධ්‍යවේදියෙකු වන කෙවින් කාටර් උපත ලබන්නේ 1960 සැප්තැම්බර් 13 වන දින ය. ඔහු දකුණු අප්‍රිකාවේ Bang Bang Club හී සාමාජිකයෙකු වේ. ඔහුට 1993 දී සුඩාන සාගතය නිරුපණය කරන ජායාරූපයක් සඳහා පුලිස්ටර් ත්‍යාගය (Pulitzer Prize) හිමිවිය. කෙවින් කාටර් ඔහුගේ වයස අවුරුදු 33 දී සියදිවි නසාගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ ජීවන කතාව නිරූපණය කරමින් The Bang Bang Club නමින් චිත්‍රපටයක් ද 2010 වසරේදී නිෂ්පාදනය විය.

කෙවින් කාටර් උපත ලබන්නේ ජොහැන්නස්බර්ග් (Johannesburg) හී වන අතර ඔහු හැදී වැඩුනේ සුදු ජාතික ප්‍රදේශයක මධ්‍යම පාන්තික පවුලක ය. තම ප්‍රදේශයේ නීති විරෝධීව වාසය කරන කළු ජාතිකයන්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ආකාරය ඔහු නිතර නිතර දුටුවේය. මේ ප්‍රශ්ණය සම්බන්ධයෙන් කතෝලිකයන් වන ඔහුගේ පවුලේ අයගේ පසුගාමී ආකල්ප නිසා කාටර්ට අපහසුතාවයක් දැනුණේය. උසස්පෙළ හැදෑරීමෙන් පසුව ඔහු ඖෂධවේදියෙකු වීමට වැඩිදුර අධ්‍යාපනය අතහැර ගුවන් හමුදාවට බැඳුණේය. වසර හතරකට පසුව ඔහු මෙස් හෝල් (Mess-hall) වේටර්වරයෙකු අපයෝජනයට ලක්වීමෙන් ආරක්ෂා කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කාටර්ට හමුදා භටයන් විසින් පහරදෙනු ලැබීය. එම සිදුවීමෙන් පසු ඔහු කිසිවෙකුටත් නොදන්වා පිටව ගියේ “ඩේවිඩ්” නම් RJ (රේඩියෝ ජොකී) ලෙස තම ජීවිතය නැවත ආරම්භ කිරීමටය. 

පසුව ඔහු 1983 දී ප්‍රිටෝරියා (Pretoria) හී පල්ලියේදී බෝම්බ ප්‍රහාරය දුටු අතර ප්‍රවෘත්ති ජායාරූපකරණය වෘත්තියක් ලෙස කිරීමට තීරණය කළේය. මුලදී ඔහු ක්‍රීඩා ජායාරූප ශිල්පියෙකු ලෙස සේවය කළ අතර වසරකට පසු ඔහු ජොහැන්නස්බර්ග් ස්ටාර් (Johannesburg Star) හී වැඩ කිරීමට පටන් ගත්තේය. ඔහු වර්ණභේදවාදය පිලිබඳ ගැටලුව හෙළිකළේ මේ කාලයේදීය. 1948 සිට 1994 කාලය දක්වා ජාතික පක්ෂය විසින් වාර්ගික වෙනස්කම් කිරීම පිළිබඳව සමාජයට කාවැදී ඇතිබව හෙළි කළේය. ඔහු ජිවත් වූ පරිසරය හා සමාජය වටපිටාව ඉතා දුක්ඛිත තත්වයක පැවතුණ අතර කාටර් ට අවශ්‍ය වුයේ මෙම දුක්ඛිතභාවය ඔහුගේ ජායාරූප මඟින් පෙන්වීමටය.  1980 ගණන් වල දකුණු අප්‍රිකාවේ අප්‍රිකානු ජාතිකයන් විසින් පොලිස් නිලධාරියෙකු සමඟ සම්බන්ධතාවය පැවැත්වූ බව‍ට චෝදනා ලැබූ නාකි ස්කොසානා (Naki Skosana) නම් වින්දිතයාට ප්‍රසිද්ධියේ වෙඩිතබා ඝාතනය කළ අවස්ථාව ජායාරූපණය කළ ප්‍රථම ජායාරූප ශිල්පියා කෙවින් කාටර් විය. ඔහු විසින් වෙඩිතැබීම් ඇතුළුව එකල සිදුවූ මරණ දණ්ඩන ජායාරූප ගත කළේය. බොහෝ විට මියගිය පුද්ගලයන්, කුසගින්නේ පෙලෙන දරුවන් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වැනි විෂයන් ජායාරූපගත කිරීම පිළිබඳව ප්‍රකාශ ලබා දී ඇත. මුලදී ඔහුට චකිතයක් දැනුණ බවත් පසුව එය කාටර් ගේ කාර්යයක් බවට පත් වූ බවත් ඔහු ප්‍රකාශ කර ඇත.  

වසර දහතුනකට පසු සුඩානයේදී හද කම්පා කරවන ජායාරූපයක් රූගත කළේය. ඔහු ඒ සඳහා ත්‍යාග ලාභියෙකු විය. එම ජායාරූපය නම් කුසගින්නේ පෙළෙන දරුවෙකු ලඟට ගිජු ලිහිණියෙකු ගොඩ බසින අවස්ථාවයි. මෙම ජායාරූපය නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) විසින් මිලදී ගෙන 1993 මාර්තු මාසයේදී පළ කළේය. මෙම ජායාරූපයේ සිටින දරුවා පිලිබඳ ප්‍රශ්ණ මාලාවක් ඇති කළේය. ඔවුනට සිදුවුයේ කුමක්දැයි දැනගැනීමට අවශ්‍ය විය. පසුව එය ලොව පුරා තවත් බොහෝ පුවත් මඟින් ප්‍රකාශයට පත් කරන ලදී.

අවාසනාවකට මෙන් කෙවින් කාටර් 1994 දී කාබන් මොනොක්සයිඩ් ආශ්වාස කිරීමෙන් සියදිවි නසාගත්තේය. ඒ ඔහුට අවුරුදු 33 දී ය. කෙවින් කාටර් තරමක් කෙටිකාලීන ජායාරූප ශිල්පියෙකු වූ අතර ඒ සඳහා ඔහු නිර්භීත විය. ඔහු දිගුකාලයක් මිනිසුන්ගේ දුක් වේදනාවල් නිරාවරණය කළේය. ඔහුට එය තවදුරටත් හැසිරවිය නොහැකි දෙයක් බවට පත් වීය. ඔහුගේ සියදිවි නසාගැනීමේ සටහනේ මතක තබා ගත යුතු කරුණ නම්, “ජිවිතයේ වේදනාව ප්‍රීතිය නොපවතින තරමට ප්‍රීතිය අභිබවා යන බවයි”. මෙම අවසන් සිතුවිල්ලත් සමඟ කෙවින් කාටර් මිනිසුන්ට සැබෑම සංවේදී පණිවිඩයක් ලබා දුන්නේය.    

ඔහුගේ මරණයෙන් පසු බොහෝ දෙනෙක් කාටර් ට විවිධාකාරයෙන් උපහාර දැක්වුහ. “වේල්ස්” සංගීත කණ්ඩායම 1996 දී කාටර් සම්බන්ධව  ගීතයක් එලී දැක්විය. Jessica Ruby Simpson සහ Martin  Simpson කෙවින් කාටර් ගැන ගීතයක් ගායනා කළේය. මාෂා හැමිල්ටන් 2004 දී නවකතාවක් ලියූ අතර එහි කාටර් සහ අනෙකුත් ධෛර්ය සම්පන්න මාධ්‍යවේදීන් ගැන සඳහන් කළාය. ඇල්ෆර්දෝර් ජාර් (Alfredo Jaar) 2008 දී දකුණු ලන්ඩන් ගැලරිගේ විඩියෝ ස්ථානයකදී කෙවින් කාටර් ගේ කතාව හෙළි කළේය. කෙවින් කාටර් නම් මාධ්‍යවේදියා මෙලෙස ලෝකයේ අමරණිය වන්නට විය.

Dinesh Ekanayake
Dinesh Ekanayake
B-Tech of UoVT / DRTJ Colombo University. Sri Lanka Film Sound Designer/Music composer/Foley Artist/Video Editor/ Dubbing Directing / Screenplay Writer and Director.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles