30 C
Colombo
Sunday, May 28, 2023
spot_img

Subscribe

Date:

Share:

ලංකාවේ අම්බලම් – 05

Related Articles

                                                          මේ වන විට ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉදිකරන ලද අම්බලම් පිළිබඳව ඔබට ඉදිරිපත් කළා. ඒ ගැන නැවත විපරමක් කළහොත් සිතීමට කරුණු කිහිපයක් පොදුවේ ගත හැකියි.

                             මහාචාර්ය රෝහිත දසනායකයන්ගේ කෘතියට අනුව බලන විට වැඩිපුරම අම්බලම් පිහිටා තිබී ඇත්තේ, උඩරට රාජධානිය ආශ්‍රිතවයි. එයට හේතුවන්නට ඇත්තේ, එම රාජධානිය පාලනය පහසු කිරීම සඳහා විවිධ දිසාවන් නම්කර තිබීම විය හැකියි. එම දිසාවන් යා කරමින් ගොඩ නැගුනු දුෂ්කර මාවත් දිගේ ගමන් කරන්නන්හට  ගිමන් හැරීමට හෝ නවාතැන් ගැනීම සඳහා මෙම අම්බලම් ගොඩනංවා තිබීඇත. මෙම ප්‍රදේශ වල වගාකරන භෝග හා ද්‍රව්‍ය රැගෙන යාමට පැමිණෙන වෙළෙන්දන් සේම, විවිධ උත්සව හා පෙරහැරවල් නැරඹීම සඳහා ගමන් කළ අයද, මෙම අමබලම්වල ගිමන් හැර ඇත. මහනුවර ඇසළ පෙරහැර, හඟුරන්කෙත හා මහියංගන පෙරහැර නරඹීමට මෙන්ම මෙම ස්ථාන හා කතරගම වැනි පුදබිම් වන්දනා මාන කිරීම සඳහා ගමන් කළ අයද අම්බලම්වල නැවතී සිටි බවට දක්වා ඇත.

                             සමහර දුෂ්කර ගම්මාන වල, විශේෂයෙන්ම හේවාහැට, හඟුරන්කෙත ආදී ප්‍රදේශ වල අම්බලම්වල දැකිය හැකි වූ විශේෂ කරුණක්ඇත. එනම්, ඒවායෙහි ගිමන් හරින පුද්ගල ස්ථරයන් අනුව ආසන පිහිටා තිබීමයි. විශේෂයෙන්ම, එකළ ඉතා දරුණු ලෙස පැවති කුළ ක්‍රමය අනුව, ඒ, ඒ, කුළ වල පුද්ගලයින්ට උස් හා පහත් ආසන අම්බලම් තුල පිහිටුවා තිබී ඇති බව අනාවරණය වී ඇත.

                             මෙවර අප කතා කිරීමට සූදානම් වන්නේ, මහනුවර දිස්ත්‍රික්කයේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති අම්බලම් කිහිපයක් පිළිබඳවයි.

මහනුවර දිස්ත්‍රික්කය

සිරිමල්වත්ත අම්බලම

                        මහනුවර, ලේවැල්ල නගරයෙන් දකුණු දෙසට විහිදුන මාර්ගයේ ගමන් කරන විට මෙම අම්බලම දැකගත හැකිවේ. මහනුවර රාජධානි සමයේ, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ප්‍රාදේශීය නායකයෙක් විසින් මෙය ගොඩනංවන ලද බව ජනප්‍රවාදයේ පවතී. පසුකාලීනව කළ ප්‍රතිසංස්කරණ හේතුවෙන් මේ වන විට මෙහි පෞරාණික බවට හානි සිදුවී ඇත. තවමත් ඉදිරිවී ඇති දැව කුළුණු මත කැටයම්, පේකඩ සහ සිංහ රූප දැකිය හැකි වේ.  ග්‍රාමයේ අවමංගල්‍යයක් සිදුවූ විට, ඒ බව දැනුම් දීම සඳහා මෙහි වහලය මත, සුදු කොඩියක් සවි කිරීම සිරිතක් වශයෙන් වර්ථමානයේ ද සිදුකෙරේ.

දොලපිහිල්ල අම්බලම

අකුරණ මල්ගමන්දෙණිය අම්බලම

කෙන්ගල්ල අම්බලම

                             මහනුවර සිට මහියංගනයට යන මාර්ගයේ, දිගන නගරයට ආසන්න කෙන්ගල්ලේ මෙම අම්බලම පිහිටා තිබේ. මෙහි ඉදිරිපස ඇති කුළුනු දෙකෙහි සෙල්ලිපියක් දක්නට ලැබෙන අතර, එහි සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සටහන් කර තිබීම විශේෂත්වයක්. එහි සටහන් කර ඇත්තේ, ” මේ අම්බලම කරවන්නට යෙදුනේ කේ. වයිතිලිංගන් පුල්ලේ වර්ෂ 1907″ යනුවෙනි. අවට ජනතාව ප්‍රකාශ කරන ආකාරයට වයිතිලිංගන් යනු, දකුණු ඉංදියාවේ සිට පැමිණි ධනවත් වෙළෙන්දෙක් වනවා.

                             මෙම අම්බලම සමිපූර්ණයෙන්ම, කළු ගලින් නිමවා ඇති අතර ගල් කණු ඉතා විශාල වේ. හිඳගැනීම සඳහාද කළු ගලින් නිමවන ලද ආසන ඇති අතර, මුලින් සඳහන් කළ ආකාරයට උසස් යයි සම්මත කුළ වල අයට වෙනම ආසන පිහිටුවා ඇත.

                             මෙම අම්බලම පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වී තිබී ඇත්තේ, ප්‍රදේශයට පැමිණෙන වෙළෙන්දන්ගේ ප්‍රයෝජනය සඳහාය. එමෙන්ම ග්‍රාමයේ පැවති විවිධ ආගමික හා සමාජ රැස්වීම් සඳහාද මෙය භාවිතයට ගෙන තිබේ. මේ වනතුරුත් කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොවුනු මෙය, වර්ථමානයේ දී සුරක්ෂිතව පවතින කළා නිර්මාණයකි. අද වන විට මෙම අම්බලම මගීන් විසින්, බස්නැවතුම්පලක්  ලෙස භාවිතයට ගනු ලැබේ.

කටුගස්තොට උඩුවාවල අම්බලම

නාරම්පනාව අම්බලම

තෙල්දෙණිය පුටුහපුව අම්බලම

මාතලේ දිස්ත්‍රික්කය

කොනකලගල අම්බලම

                        මහනුවර සිට කටුගස්තොට හරහා මාතලේ මාර්ගයේ දී හමුවන කොනකලගල ග්‍රාමයේ, දර්ශනීය වෙල්යායක් මධ්‍යයේ මෙය පිහිටා ඇත. පළමුවන විමලධර්මසූරිය රජු විසින් මෙය කරවන ලද්දක් බව ජනප්‍රවාදයේ පවතී. මහනුවර රාජධානියේ සිට ත්‍රීකුණාමලය දක්වා වැටී තිබූ පුරාණ මාර්ගයේ දී හමුවන පළමු අම්බලම මෙය වේ. මෙහි පේකඩ හා කුළුණු ආදිය, මහනුවර මගුල්මඩුවෙහි කැටයම් වලට බෙහෙවින් සමාන වේ. අඩි 7ක පමණ විශ්කම්භයකින් යුතු පෝරු කඳන් 4ක් අට්ටාලය සඳහා යොදාගෙන ඇත. ඒ මත අළංකාර කුළුණු සතරක් මත වහලය නිමවා තිබේ.

අරඹේපොල අම්බලම

පඬිවිට අම්බලම

                             ලබන කළාපය තුලින් දිවයිනේ තවත් විවිධ ප්‍රදේශ පුරා පැතිරුණු අම්බලම් කීපයක් ගැන කතාකරන්නට බලාපොරොත්තු වෙමි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ඉතිහාසය අධ්‍යනඅංශයේ, අංශ ප්‍රධානී, මහාචාර්ය රෝහිත දසනායක බී.ඒ.(පේරාදෙණිය), එම්.එස්.එස්.සී. (කැළණිය), පී.එච්.ඩී. (මැඩ්ඩ්‍රාස්)

Pradeep Senadeera
Pradeep Senadeera
Dip. in Media Newspaper writer, Radio News editor & reporter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles